Posts

Showing posts with the label ජන අරගල ව්‍යාපාරය

පැහැර ගත්තේ නිල හා නිල නො වන මර්දන අංශ එකතුවකින් බව දිමුතු ආටිගල කියයි

Image
දිමුතු ආටිගල පැහැරගෙන ගොස් තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන නිල හා නිල නො වන මර්දන යන්ත්‍රවල ක්‍රියාකාරිත්වයේ පියවරක් ලෙස බව දිමුතු ආටිගල අද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විශේෂ පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසුවා ය. ඇය පවසන්නේ පැහැර ගත් අැය රඳවාගෙන සිටි ස්ථාන හමුදා හෝ පොලිස් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව ඇයට වැටහුණු බවයි. පැහැර ගැනීම සිදු වුණ අවස්ථාවේ නිල් පාට නිල ඇඳුම් ඇඳ සිටි දෙදෙනෙකු දුටු බව ද ඇය පවසයි. ඇය කියන පරිදි අකරමගදී දෙදෙනෙකු එම වාහනයෙන් බැස ගොස් ඇත. ඔවුන් ජවිපෙට පක්ෂව කතා කර ඇති අතර, ‘උඹට මෙ‍හෙම වෙන්නෙ ජවිපෙන් වෙන් වුණ පවට යැයි ‘ඔවුන් පවසා ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සන්නද්ධ අංශයක් ඇද්ද, දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් ලැබෙනවාද ආදී කරුණු පිළිබඳව ඔවුහු දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත. ඇගේ ප්‍රකාශයේ ඉංග්‍රීසි පරිවර්තනය මෙතැනින් කියවන්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ජවිපෙ බෙදීම ඇතුළේ ම වැඩක්දැයි ආණ්ඩුවට සැකලු

මේ වන විට ආණ්ඩුව සිය අංක එකේ සතුරා ලෙස ජවිපෙ වාම පාර්ශ්වය පත් කරගෙන තිබේ. ආණ්ඩුවට සිය පැවැත්ම සඳහා ශක්තිමත් සතුරකු අවශ්‍ය ය. ඒ එකී සතුරාට එරෙහිව මාධ්‍ය මෙහෙයවීමට ය. එකී සතුරා කොටි සංවිධානය සමග ගැට ගසා, කොටි ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැට ගසා, මුළු ලෝකය ම ලංකාවට එරෙහි යයි කියා ඒ සතුරන්ගේ තුමන්ත්‍රණවලින් රට බේරා ගැනීමට පෙරට එන්නැයි ඉල්ලා සිටින්නට ආණ්ඩුවට පුළුවන. රටේ බඩු මිළ ඉහළ යාම, මූර්ත වැටුප් අඩු වීම, බදු බර ඉහළ යාම, අනාගතය අනාරක්ෂිත වීම වැනි හේතු මත ඇති වන ජනතා අසහනය යටපත් කිරීමට එමගින් පුළුවන. අදත්, සමාජයේ දේශපාලනික වශයෙන් ක්‍රියාකාරී‍ කොටස් සරසවි සිසුන්ගේ සටන් දෙස සුබවාදී ඇසකින් බලන මුත්, අදේශපාලනික කොටස් සිසුන් දෙස වෛරයෙන් බලති. රටේ බහුතරයක් දිළින්දන්ට සේ ම තමන්ට ද පෞද්ගලික විශ්ව විද්‍යාලයකට දරුවකු ඇතුළත් කර ගන්නට වත්කමක් නැති වුණත් ඒවා හොඳ යයි කියති. මේ වන විට විශ්ව විද්‍යාලවල රැඩිකල් බලවේග සිය අණසක පැතිරවීමට සමත් වී ඇති අතර උසස්පෙළ ප්‍රතිඵල ගැටලුවට, පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට හා සරසවි පරිපාලනය සඳහා පත් කර ඇති බත්බැලයන්ටත්, උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායකටත් එරෙහිව ශක්ති...

ප්‍රේමකුමාර් ගුනරත්නම් සැගවී ඉන්නේ ඇයි?

Image
ජවිපෙ කැරැලිකාර කණ්ඩායමේ සැඟවුණු නායක ප්‍රේමකුමාර් ගුනරත්නම්ගේ බිරිඳ වන ඔස්ට්‍රේලියාවේ පදිංචි චම්පා සෝමරත්න නිවාඩුවකට පැමිණ රටින් පිටව යද්දී ගුවන් තොටුපළේදී ප්‍රශ්න කිරීමට භාජනය වීම පුවත්පත්වල වාර්තා විය. ගුනරත්නම් කොටි සංවිධානයේ කේ.පී. වැනි ජාත්‍යන්තර ත්‍රස්ත නායකයෙක් නො වේ. ඔහු කර ඇති වරද ලෙස පෙනෙන්නේ ව්‍යාජ හැඳුනුම්පත් හා ගමන් පලපත්‍ර භාවිතා කිරීමයි. එහෙත්, ඒවා ව්‍යාජ ද යන්න ද පැහැදිලි නැත. මිනිසකුට සිය නම වෙනස් කර ගැනීමට හිමිකමක් ඇත. සාමාන්‍ය මධ්‍යම පංතික සිහින සහිත පවුලක් හිමි මේ පුද්ගලයා අනවශ්‍ය ලෙස සැඟවී සිටින්නේ මන් ද? ඔහු පිළිබඳ තොරතුරු බුද්ධි අංශවලට දුන්නේ ඔහු රහසිගත ජීවිතයකට තල්ලු කළ අය විසින් ම බවට චෝදනා ඇත. ජවිපෙ මෙවැනි රහසිගත නායකයන් පවත්වාගෙන ගියේ පක්ෂය වෙනුවෙන් සිය දිවි කැප කර සිටි පහළ සාමාජිකයන් තුළ සමාජවාදය පිළිබඳ බලාපොරොත්තුව හා විශ්වාසය පවත්වාගෙන යන්නට ය. අද දවසේ ධනේශ්වර දේශපාලනය සමග සන්ධානගතව නායකයන් විවිධ වැරදි දේශපාලන ක්‍රියාකාරිත්වයන්හි යෙදී සිටියත් පක්ෂයේ සමාජවාදය කෙරෙහි ‍කැපවීම නො නැසී ඇති බව සාමාජිකයන්ට මාකට් කළේ ප්‍රේමකුමාර් ගුනරත්නම් වැනි අය විසින...

සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක් (edited)

ජවිපෙන් බිඳුණු ජන අරගල ව්‍යාපාරය අලුත් බලාපොරොත්තුවත් සමාජය තුළ ඇති කරන්නට සමත් වූ නමුත් දැන්, දැන් ඒ බලාපොරොත්තුව සේදී යමින් ඔවුන් යල් පැන ගිය අන්තයක් වෙත ගමන් කරමින් සිටියිදෝ යන සැකය ජනිත වෙමින් තිබේ. 'සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක්' යන ඔවුන්ගේ තේමාව පුළුල් අරුත් සහිත සංවාද මාතෘකාවකි. ජන අරගල ව්‍යාපාරය දියත් වන්නටත් පෙර ම එහි ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ඇතුළු යාපනයේ දෙමළ තරුණයන් දෙදෙනෙකු පැහැර‍ ගෙන යන ලදී. ඒ ජන අරගල ව්‍යාපාරයට ඇති බිය නිසා නො ව, ජන අරගල ව්‍යාපාරය පිටුපස කොටි සංවිධානය සිටිනවාද යන්න සොයා දැන ගැනීමට විය හැකි යයි අපි අනුමාන කරමු. කෙසේ වෙතත්, උතුරේ සාමාන්‍ය තත්වය අනුව මෙම තරුණයන් දෙදෙනා අතුරුදහන් වීමට ඇති ඉඩ වැඩි ය. ජවිපෙ දේශපාලනය විසින් මෙතෙක් යටපත් කර දමා තිබුණු වාම හෘදය සාක්ෂිය අවදි වීම මෙම තරුණයන් මුදා ගැනීම සඳහා සිදු වන උද්‍ඝෝෂණවල පදනම විය හැකි ය. එහෙත් ජවිපෙ පූර්ණ අනුග්‍රහය යටතේ පසුගිය සමයේ උතුරේ ගොඩනැඟුණු දේශපාලන පසුබිම තුළ දෙමළ තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වීම තවත් එක් සුලබ, සාමාන්‍ය සිද්ධියක් විනා කොළඹ තබා යාපනය සමාජයවත් කම්පනය කරන්නට සමත් සිද්ධියක් ...

සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක්

Image
සාධාරණ සමාජයක් - වෙනස් මිනිසෙක් මේ ජන අරගල ව්‍යාපාරයේ තේමා පාඨයයි. ජන අරගල ව්‍යාපාරය දියත් වන්නටත් පෙර ම එහි ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ඇතුළු යාපනයේ දෙමළ තරුණයන් දෙදෙනෙකු පැහැර‍ ගෙන යන ලදී. ඒ ජන අරගල ව්‍යාපාරයට ඇති බිය නිසා නො ව, ජන අරගල ව්‍යාපාරය පිටුපස කොටි සංවිධානය සිටිනවාද යන්න සොයා දැන ගැනීමට විය හැකි යයි අපි අනුමාන කරමු. කෙසේ වෙතත්, උතුරේ සාමාන්‍ය තත්වය අනුව මෙම තරුණයන් දෙදෙනා අතුරුදහන් වීමට ඇති ඉඩ වැඩි ය. ජවිපෙ දේශපාලනය විසින් මෙතෙක් යටපත් කර දමා තිබුණු වාම හෘදය සාක්ෂිය අවදි වීම මෙම තරුණයන් මුදා ගැනීම සඳහා සිදු වන උද්‍ඝෝෂණවල පදනම විය හැකි ය.  උතුරේ දෙමළ තරුණයන් දෙදෙනෙකු අතුරුදහන් වීම තවත් එක් සුලබ, සාමාන්‍ය සිද්ධියක් විනා කොළඹ තබා යාපනය සමාජයවත් කම්පනය කරන්නට සමත් සිද්ධියක් නො වේ.  ජවිපෙ සාමාජිකයන් වෙතින් පිළිබිඹු වන මෙකී හෘදය සාක්ෂියේ කිසියම් නො ගැලපෙන ස්වරූපයක් දක්නට ලැබෙන්නේ ඒ නිසා වන්නට හැකි ය.  කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂණත් සමග ම ජන අරගල ව්‍යාපාරය ද දකුණෙන් උතුර දෙසට තල්ලු වෙමින් ඇති බවක් ද පෙනේ.  වෙනස් මිනිසෙක් නිර්මානය කිරීම පහසු කාර්යයක...

ජන අරගල ව්‍යාපාරයක්? හ්ම්හ්, නරක නැහැ අදහස

Image
ජවිපෙ ඛන්ඩනය මේ වන විට ආයතනගත හෙවත් පෙරටුගාමී පක්ෂවාදී ජවිපෙ කණ්ඩායම හා ඒ රාමුවෙන් පිටතට පැමිණි කණ්ඩායම ලෙස සලකුණු වෙමින් ඇතැයි අපට සිතේ. පීඩිත පංතියේ විමුක්තිදායකයා යයි කියන පෙරටුගාමී පක්ෂය රැක ගැනීම උදෙසා ය යි කියමින් ජවිපෙ නායකයෝ හෘදය සාක්ෂිය, සහෝදරත්වය හා මනුස්සකම පවා දෙවන තැනට දමමින් පක්ෂය ආරක්ෂා කර ගත් හ. ආරක්ෂා කර ගත්තේ ද වෙන කාගෙන්වත් නොව පක්ෂයෙන් ම ය.  පක්ෂයත් හරියට කවිය වැනි දෙයකි. කවිය කවිය සඳහා යි කියන්නා සේ පක්ෂය ද පක්ෂය සඳහා ය. මිනිසුන් සඳහා නො වේ. කොටස් වෙළඳපල ප්‍රජාතන්ත්‍රවාදය තුළ ක්‍රියාත්මක වන සමාගම් ද මෙවැනි ය. ප්‍රාග්ධනය එක් රැස් කරමින් වැඩෙන මේ සමාගම්වලින් ඒවායේ කොටස් හිමියන්ට එතරම් ඍජු ප්‍රතිලාභයක් නැත. සමාගම් ද සමාගම් සඳහා වැනි ය. ජවිපෙන් කැඩුණු පසු කැඩුණු අය පක්ෂය හඳුන්වන්නේ කොම්පැනිය කියා ය. පක්ෂයෙන් කැඩුණු අය මොන මොනවා කතා කරනවාදැයි අපි දන්නේ නැත. එහෙත්, ඔවුන් සිය සංවිධානයට දමන්නට යන නම ජන අරගල ව්‍යාපාරය යි කියනු ලැබේ. පක්ෂය කියන වදන වෙනුවට ව්‍යාපාරය යන වදන පාවිච්චි කරන්නට ඔවුන් අදහස් කළේ ඇයි? පක්ෂයක් සහ ව්‍යාපාරයක් අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ...