ජනාධිපතිවරයා: (සිනාසෙමින්)

අධිකරණයට බලපෑම් එල්ල වන බවට අධිකරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශක් නිකුත් කළේය.

දිවි නැගුම පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර පළාත්සභාවල සම්මත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවටද ආණ්ඩුව ඉන්නේ නැගලාය.

ඊයේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු ජනාධිපතිට කලින් සැලසුම් කළ ෆුල්ටොස් පන්දුවක් යැව්වේ මෙසේය.

දිවයින පුවත්පතේ පළවූ පරිදි මෙහිදී කතුවරයකු විසින් ප්‍රශ්නයක්‌ නගමින් විමසා සිටියේ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට අපචාර චෝදනා තිබේද යන්නයි.

ජනාධිපතිවරයා: (සිනාසෙමින්) ඔබ සඳහන් කරන චෝදනාව කුමක්‌ද?

ලේකම්වරයා ඇතැම් කාන්තා විනිසුරුවරියන්ට අයථා යෝජනා කළ බවට චෝදනා තිබෙනවා.

ජනාධිපති: ඔව්. මම ඒවා මෙහිදී විස්‌තර කිරීම උචිත නෑ. එහෙත් ඔබ කියන ආකාරයේ චෝදනා මා වෙත ලිඛිතව ලැබී තිබෙන බව පමණක්‌ මා කියන්නම්. (සිනාසෙයි)

අධිකරණය ා ආණ්ඩුව අතර ඇති වී තිබෙන ඝර්ෂණය ගැන රාජපක්ෂ පවුල කලබලයට පත් වී තිබෙන බවට මේ නිදසුනකි.

මේ නාට්‍යය දැන් ඇරඹුණා පමණි. හොඳ හොඳ සෙල්ලම් එළි වන ජාමෙටය. 

බයවේවා!

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. /* බයවේවා! */

    නියම කෑල්ල!

    එහෙනම්, ඔබටත් එසේම වේවා.

    ReplyDelete
    Replies
    1. නියම කෑල්ල තමයි. කකාටත් බයවේවා !

      Delete
  2. උපදේශකයෝ කෝටියක් උන්නත් ලොක්කා හෙලුවෙන් බව කීමට එකෙක්වත් නැත.

    ReplyDelete
  3. අපේ රටේ ජනමාද්‍ය සහ මාද්‍යවේදීන් ගේ තත්වය පිලිබඳ හොඳ උදාහරණයක් ඔතනින් ගන්න පුළුවන්.රටේ අධිකරණයට හෙන වැදුනොත් එහි විපාක තමන්ටත් විදින්න වෙන බව අදාල මුග්ධ බෝතල් පත්තර කරුවාට නොවැටහෙන අන්දම.

    ReplyDelete
  4. දැන් අධිකරණයට කරන්න තියෙන්නේ එක දෙයක් විතරයි. නඩු අහල වැරදි කාරයෝ කරපු ඕන අවලමෙක්ට මහින්ද සමාව දීල තවත් ඌට අපරාද කරන්න උදවු කරන නිසා අධිකරණයට අපහස කරපු හඩ්සන් සමරසින්හවයි, රෙදි අපුල්ලන මහින්ද අබේසුන්දරවයි, ඕනෙම කුණු ගොඩක් ගිලින ගාමිණී සුමනසේකරවයි (සුනඛසේකර ද?), අර සී ඒ චන්ද්‍රපේම කියන ජඩයටයි විරුද්දව නීතී සංගමේට කියන්න නඩු දාන්න කියල. අපහස කිරීම ඇප දෙන්න බැරි වරදක් නිසා, සරලවම ඇප නොදී රිමාන්ඩ් කරන්න තියෙන්නේ. නඩුව කල් දාන්න මාස ගානකට තීන්දුව නොදී. එතකොට මහින්ද නෙමේ උගේ තාත්ත ආවත් කරන්න දෙයක් නෑ. කාලකන්නි ටික වැඩිම උනොත් ඉස්පිරිතාලවලට වෙලා ඉඳීවි බොරු ලෙඩ පෙන්නලා. අඩුම ගානේ දවසතිස්සේ මින්ස්සුන්ගේ ඔලුවලට අසුචි පුරවන්න හදන එක හරි එතකොට නවතිවිනේ.

    මහින්ද වියවස්තාව වැරදි විදියට පාවිචිචි කරනවානම්, ඒ ව්‍යවස්ථාවේම තියෙනවා කරන්න පුළුවන් දේවල්. එකම වැඩේ කියන්නේ අධිකරණය තාම ඒවා පාවිච්චි කරන්නේ නැති එක.

    ReplyDelete
  5. සිටියා ජනපති හක හක ගාමින්
    ආවා එස්බී බඩ අත ගාමින්
    මැදුරේ සිටියේ සිනාසෙමින්
    යකඩ හොරා සුධර්මන්

    ReplyDelete
  6. බරාණි ශිණ්ඩාරනායකSeptember 30, 2012 at 12:56 PM

    ගඩාපියගෙ කරට අත දමා ඉන්න
    ලිබියාවක් කොට රට වනසා කන්න
    ස්වාසිලන්තෙ කුපාඩිකම් පෙන්නන්න
    රටක් ඇතේ ''මරා'' ට මීමුන් දුන්න

    අගවිනිසුරු නැන්දත් දූෂනය කොට
    සරත් තාබෲ බලු ගඳ නැගෙන කොට
    අහෝ මොනතරම් සැපතක්දැයි මෙමට
    කියා අන්න නීතියෙ දුව රවපි මට

    පුදුම වල් සතෙකි ඌ විය රජානෝ
    පාතාලෙන් ගෙනා මුහුණැ'ති වලානෝ
    අනේ මූට හෙන හත දෙන වෙදානෝ
    කැන්ඳන සටන අරඹවු පිං කඳානෝ

    බරාණි ශිණ්ඩාරනායක.....

    ReplyDelete
  7. රටකට පහල වෙන්නේ මේ මරාලා
    ඉන්න නිසයි අපේ ලක්දිව වල් මීමලා
    බිස්කට් කා දිවි රැකගත් අපේ විමලා
    පත්කර ගත්තේ අපේ ගොන් වාහෙලා

    මේ වගේ හරක් නම් ලොවේ කොහෙ වත්ම නැතී
    මුන් හට තලන්නට කපපන් පොල් පිතී
    ඊළඟ චන්දයේදී වත් වෙයි වෙනසක් කියතී
    නොවුනොත් එහෙම තණකොළ කන හරක් වෙති!
    Anaatha

    ReplyDelete
  8. බරාණි ශිණ්ඩාරනායක.....September 30, 2012 at 6:34 PM

    අනාත නොවී අනාත වුනු රටක සිට
    අනාත උඹ ඉන්න එක ගැන සතුට මට
    ලියපන් තවත් දාහක් වස් කවි රහට
    කෙළවිල යන්න මරා ගෙ වල් හඹුරු රට

    නොදකිං මතක් නොකරන් අර බලු විමලා
    නම ඇහුවමත් මට වමනය දෙන හිවලා
    ඕකගෙ ඇති දෙයක් නැහැ ගන්නට වනලා
    ඕනෙම ''මරා'' මයි කුදලන්නට ඇනලා

    බරාණි ශිණ්ඩාරනායක.....

    ReplyDelete
  9. ලංකා පුරේ පාසල් ගිය පොඩි කෙල්ල
    ගිහින් ඇමෙරිකාවට දැන් නැහැ මෙල්ල
    කියුවත් රිපබ්ලිකන් බණ අප හට ඔය ගොල්ල
    මෝඩ කමට නැහෙනේ බෙහෙත් මගේ මල්ල

    නිදහස් අධ්‍යාපනේ දැන් නම් හොඳ නැතිලු
    වැඩිපුර අරන් නැති අයහට දෙනවාලු
    මේවගේ කතා අහනා අයත් ඉන්නවලු
    පුන්නක්කුද කෑවේ පොඩි කල දන් නැතිලු!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා