ඩොලර් කෝටි හතළිස්පහකම සල්ලි - ගිල්ලා චීන මකරා ගල'ඟුරු මෝලෙන්


චීනෙන් ආපු බහිරවයෙක් කොළඹ රටේ
මැණිකක් ගිල්ලාලු දහඅටලක්ෂයක
ඒ මිනිහා අරන් යනවිට හිරගෙදර
කවියක් ලියන්නට හිතුණා මට මෙහෙම

ඩොලර් කෝටි හතළිස්පහකම සල්ලි
ගිල්ලා චීන මකරා ගල'ඟුරු මෝලෙන්
පරම්පරා ගණනාවක් අඳුරෙ ඉඳන් 
ඒණය ගෙවමු ජනතාවනි සන්තෝසෙන්

චීනයෙ වීර ජනතාවට ජය වේවා
චීනේ කොමියුනිස්ට්වාදෙට ජයවේවා
ගව්වෙන් ගව්ව දිවමාළිග සෑදේවා
දුප්පත් ලංකාව නිවනින් සැ‍නසේවා

W3Lanka

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ගිල්ලත් මුදල් මකරුන් හැට කෝටියක්
    ස්විස් පොතේ දැමුවා ඉන් භාගයක්
    මා ඉන්නේ එනකන් තව සුනාමියක්
    බල්ලට මොන ගඳද කෑ ගූ කප්පරක්!

    ReplyDelete
  2. අතටම මාට්ටුලු ගල ගිලු ඒ චීනා
    ඒ ගල නම් ඌ රෙනකොට පිටවෙනවා
    ගිලපූ කෝටී ගනනක් ගල් අඟුරු කැට
    එන්නේ මොන එකා රෙනදාටද රාලේ

    ReplyDelete
    Replies
    1. පරා ගේ කවියට වඩා මාතලන්ගෙ කවිය එලනෙ බොල

      Delete
  3. අදිරද විරෝදී කොමියුනිස්ට් රතු චීනේ'
    හූරන් කනවා අප්‍රිකා ආසියාකරේ
    මාක්ස්වාදී අපේ ජවිපේ අය්යාලා
    සද්දේ නොමැත මක් වී දැයි බැලුවාම
    බීජිං ගොහිනි විප්පලවාදි වැඩට

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා