මෙන්න අඩෝ ගඩ්ඩෙක්! (මාලක සිල්වා හා සංජීව බංඩාර)

ඔන්න අපේ යාලුවෙක් ඉන්නවා ගාමිනී චන්ද්‍රදාස කියලා. මිනිහා දැන් ගුරුවරයෙක්. පොල්ගොල්ල ගුරු විද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ එක දවසක් හොස්ටල් එකේදි එක ගුරු සිසුවෙක් කොරිඩෝවේ සිට කෑගැහුවාලු 'මෙන්න අඩෝ ගඩ්ඩෙක්' කියලා. ඉතින් අනෙක් ගුරු සිසුවෝ කට්ටිය දඩ-බඩ ගාලා ඇඳ පොලු, කොහු එහෙම අරගෙන එළියට පැනලා හොයනවලු ගඩ්ඩාව. කෝ මොකෙක්වත් නැහැ. මේ අය සෙව්වේ සර්පයෙකුව. ඒත් බළලෙකුනම් ඉඳලා තියෙනවා, කකුල්වල එහෙමත් හැපි හැපී. කවුරුවත් ගණන්ගත්තෙ නැහැලු. බලනකොට අර කෑගහපු ගුරු සිසුවාගේ ගම් පැත්තේ බළලාට කියන්නේ ගඩ්ඩා කියලලු. 

පොලිසිය මාලක සිල්වාව, දුමින්ද සිල්වාව, රදලියගොඩ යකඩ හොරාව එහෙම හොයන්නෙත් අර ගඩ්ඩා හෙව්වා වගේ. වෙනසකට තියෙන්නේ උන් දන්නවා ගඩ්ඩා කියන්නේ බළලාට බව. ඒ වුණාට නොදන්නවා වගේ පඳුරු පල්ලේ අහරකුක්කන්ව හොයනවා. 

දැන් අපි හිතමුකෝ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලේ කැඳවුම්කාර සංජීව බංඩාර ළමයා මාලක සිල්වා වගේ කෙනෙකු වුණානම් කොහොමද? එහෙනම් මිනිහා ඩැමේජ් කරපු ජීප් එක හෙට උසාවිය‍ට ඇවිත් කියනවා, මට මෙයා ගැහුවෙ නැහැ, තාප්පයක් මගේ ඇ‍ඟේ හැපුණා කියලා. බිඳුනයි කියපු වින්ඩ්ස්ක්‍රීන් එක ගෙදර තිබිලා හම්බවුණා කියලාත් කියන්න ඉඩ තියෙනවා. වාහනේ යතුර සංජීව බංඩාර අරගෙන ගියෙ නැහැ. ඒක එතන වැටුණා කියලාත් කියයි. සමහරවිට යතුර කියයි, මම තනියම පයින් පොලිසියට ගියා කියලාත්.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

Comments

  1. දැන් ලංකාවට තවදුරටත් විකට චිත්‍රපට උවමනා නැත.....
    මේ හොදටෝම ඇතිය....

    ReplyDelete
  2. මහත්මයගේ කතාව සහතික ඇත්තක්. මමත් බ්ලොග් අඩවියක් අටව ගත්තා. මෙතනින් බලා සහයෝගයක් දෙන්න.
    http://ithihaasaya.blogspot.com/

    ReplyDelete
  3. හනේ මන්දා ඉතින්.කාට කියන්නද කවුරු දකින්නද..:/

    ReplyDelete
  4. බලය සහ ජීවිතය සදාකාලික නැහැනේ.බලාගෙන ඉමු. දැනටම කොට්ටෝරුවා කෙසෙල් ගස් වලට කොටමින් යන්නේ.හොට පැටලෙන්න ආසන්නයි.

    ReplyDelete
  5. ඇයි සංජීව බංඩාර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලේ කැඳවුම්කරු කියල ලොකු මිනිහෙක්ද ? වැරැද්ද කලානම් අත්අඩංගුවට ගන්න ඕනේ.

    ReplyDelete
  6. සංජීව බංඩාර කැම්පස් කොල්ලෝ කෙල්ලෝ පාරට දක්කල අනාථ කරනවා. මලක අනාථ වෙච්ච කොල්ලෝ කෙල්ලන්ට කුඩු විකුනනවා.

    ReplyDelete
  7. ගොං වහන්ගතේSeptember 20, 2012 at 10:16 PM

    මේ ගොං හැතිකරේට මේක තේරෙන්නෙ නැති හැටි අම්මප. යකෝ මේ ඔක්කෝටමත් එක්කනෙ අර නැගෙනහිරයි, උතුරද, මැදද මොකක්ද බඩ කඩුත්තුවයි තවත් එකකුයි යස රඟේට අමුණල දුන්නෙ. අනේ ඉතිං මුන්ගෙ වගා පාළු වෙන එක අහන්න දෙයක්යැ....? තූ නොදකිං:(

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා