ටයිටැනික් නැවේ සිට දෙකේ ඇලේ අත් ට‍්‍රැක්ටරය දක්වා හදිසි අනතුරු ගැන සමාජවාදී විශ්ලේෂණයක්
මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වී වැඩි කලක් යන්නට පෙර තවත් ඛෙදවාචකයක් වාර්තා විය. පෙරළී ගිලී ගිය සෙවොල් නම් දකුණු කොරියානු නෞකාවේ ගමන් කරමින් සිටි මගීහු සිය ගණනක් මිය ගිය හ. මරණ සංඛ්‍යාව තවමත් අවිනිශ්චිත ය. මිය ගිය අයගෙන් වැඩි දෙනෙක් විනෝද චාරිකාවක් යමින් සිටි පාසල් සිසු පිරිසකි. නැවේ සිටි මගීන් 476දෙනා අතරින් 339දෙනෙක් ම පාසල් සිසුවෝ වූ හ. බේරා ගත හැකි වී තිබෙන්නේ 174දෙනෙකු පමණි.
නැව පැදවූ 69 හැවිරිදි කපිතාන්වරයා නොසැලකිලිමත් ලෙස වේගය අඩු නොකර නැව හැරවීම මෙසේ පෙරළී ගිලී යාමට හේතුව ලෙස සැක කරනු ලැබේ. අවසන් මගියා ද පිට වීමට පෙර නැවෙන් පිට වී තිබෙන කපිතාන්වරයා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. නැවේ කාර්ය මණ්ඩලයේ 29දෙනෙකුගෙන් 22දෙනෙක් දිවි ගලවා ගන්නට සමත් වූ හ. ඔවුහු වැඩි දෙනෙක් උදව් අවශ්‍යව සිටි මගීන් නො තකා හැර තමන්ගේ දිවි ගලවා ගත් අය වෙති.
මෙම නැව යාත්‍රා කරමින් තිබුණේ පසුගිය දිනවල ලංකාවේ විකාශය වූ ජනප්‍රිය කොරියානු ටෙලි නාට්‍යයක් වන චංගුමී චරිතය අඩංගු සුජාත දියණි මාලා නාටකයේ ද සඳහන් වූ ජේජු දිවයින වෙත යාත්‍රා කරමින් තිබියදී ය.
කිමිදුම්කරුවෝ සීතල අඳුරු දියේ මළ සිරුරු සොයමින් සිටින්නේ අතපත ගාමිනි. තමන් මෙවැනි අසීරු කාර්යයන් කිරීමට පුහුණුව ලබා සිටියත්, උඩු යටිකුරු වූ නැවේ කැබින්, ශාලා වැනි අවකාශ අතර අඳුරේ මළමිනියක් අත ගැටුණු විට දැනෙන හැඟීම අතිශය සංවේදී බව එක් කිමිදුම්කරුවෙක් මාධ්‍යවලට පවසා තිබිණි.
අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව ද තවමත් හරි හැටි තොරතුරක් සොයා ගැනීමට ලෝකය අසමත් වී තිබේ.
ලංකාවේ ද පසුගිය අලුත් අවුරුදු සමයේ ඛෙදජනක මාර්ග අනතුරු කීපයක් වාර්තා විය. ඒ අතර මගී ප්‍රවාහනය සඳහා යෝග්‍ය නොවන ඉඩම් වාහනයක් මගීන් සමග ඇලට වැටුණු සිද්ධියක් ද තිබිණි. අධිවේගයෙන් වාහන පැදවීම නිසා සිදු වන අනතුරු, රියදුරුට නින්ද යාම නිසා සිදු වන අනතුරු, මත්පැන් පානය කර රිය පැදවීම නිසා සිදු වන අනතුරු ආදිය ලංකාවේ සුලබ ය.
ගමන් බිමන් යාමේදී සිදු වන හදිසි අනතුරුවලින් ලෝකයේ මිනිසුන් මෙතරම් මිය යන්නේ ඇයි?
පිළිතුර මිනිසුන්ගේ ගමන් බිමන් යාම වැඩි වීම මෙයට හේතුවයි. ලොව පුරා මිනිස්සු මෙතරම් ගමන් බිමන් යන්නේ ඇයි? ඒ ගමන් බිමන් ඇත්තෙන් ම අත්‍යාවශ්‍ය ඒවා ද?
ධනවාදය තුළ අවශ්‍යතාවට භාණ්ඩ හා සේවා සම්පාදනය වනවාට වඩා නව නිපැයුම් වෙනුවෙන් අවශ්‍යතාවන් නිර්මානය වීම සිදු වන බව නිරීක්ෂණය කළ හැකි ය. හේතුව ධනවාදී ලාභාපේක්ෂා හා පාරිභෝජනවාදය අතර තිබෙන අන්තර් සම්බන්ධයයි.
පාරිභෝජන ධනවාදය පිළිබඳ අදහස පැන නගින්නේ 1850 දශකයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි වෙළඳසල් හෙවත් ඩිපාට්මන්ට් ස්ටෝස් ආශ්‍රිතව ය. ෆිලඩෙල්පියාහි එවැනි පළමු වෙළඳසලට යොදන ලද නම වූයේ වොනමේකර්ස් ය. නමේ තේරුම අවශ්‍යතා නිර්මානය කිරීම යන්නයි.
මෙම යුගයෙහිදී ඇමරිකාවේ ධනවාදී කර්මාන්ත පුරෝගාමීන් විසින් සැලසුම්සහගත ලෙස පාරිභෝගික ඉල්ලීම අවශ්‍යතාවල (needs) සිට අපේක්ෂා (wants) දක්වා වෙනස් කරන ලදී. අවශ්‍යතා තෘප්තිමත් කළ හැකි ය. එහෙත් අපේක්ෂාවල ලක්ෂණයක් වන්නේ ඒවා තෘප්තිමත් නොවී පැවතීමයි.
මුලින් මෙම විපර්යාසය සිදු කෙරුණේ වෙළඳ ප්‍රචාරණය හරහා ය. අද වන විට එය හුදෙක් වෙළඳ ප්‍රචාරණය ඔස්සේ පමණක් සිදු වන්නක් නො වේ. අද එය ධනේශ්වර සමාජයේ ජන විඥානය තුළට කා වැදී තිබේ. මිනිස් ජීවිතය තෘප්තිමත් නොවී පවතින අපේක්ෂා හඹා යන එකක් බවට පත් වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
පරිභෝජනයත්, පාරිභෝජනවාදයත් අතර වෙනස මේ අන්දමින් හඳුනාගත හැකිය. අවශ්‍යතා අනුව කරනු ලබන පරිභෝජනය පාරිභෝජනවාදයක් නොවේ. අප පාරිභෝජනවාදී වන්නේ අපේක්ෂා නිසා ය.
මෙය කෙතරම් සාමාන්‍ය තත්වයක් බවට පත් වී තිබේ ද යත්, අද වන විට මිනිසා මෙය ජීවිතයේ මූලික ලක්ෂණයක් ලෙස වරදවා වටහා ගනියි. මෙය ජීවිතයේ විවිධ පැතිකඩ ඔස්සේ විමසා බැලිය හැකි ය. ජංගම දුරකථනය සාමාන්‍ය භාණ්ඩයක් ඉක්මවා යන සංස්කෘතික මෙවලමක් බවට පත් වන්නේ මෙම සංදර්භය තුළ ය. සරළව කිවහොත්, "කාපල්ලා - බීපල්ලා - ජොලි කරපල්ලා" සංස්කෘතිය බිහි වන්නේ එම සංදර්භය තුළයි.
මෙම ලිපියේ ප්‍රස්තුතයට අදාළව ප්‍රවාහන කර්මාන්තය ආශ්‍රිතව අපට මෙය වඩා හොඳින් විමසා බැලිය හැකි ය. එයිනුත්, සංචාරක කර්මාන්තය සුවිශේෂ ලෙස ගෙන මෙම තත්වය විමසා බලන්නට අපි අදහස් කරන්නෙමු.
මිනිස් සමාජයට මෙතරම් සුවිසල් ප්‍රවාහන පද්ධතියක් අවශ්‍ය ඇයි? මෙතරම් නැව්, ගුවන් යානා, මාර්ග පද්ධති ආදිය අවශ්‍ය ඇයි? එතරම් දියුණු ප්‍රවාහන පද්ධතියක් නො තිබුණු අතීත සමාජයේ මිනිස් ජීවිතයට වඩා දියුුණු ප්‍රවාහන පද්ධතියක් තිබෙන වත්මන් ලෝකයේ ජීවිතය පහසු ද?
සමුදුර, අහස හා ගොඩබිම දූෂණය කරමින් මිහිතලය උණුසුම් කරමින්, මිනිස් පැවැත්මට තර්ජනකාරී වූ පාරිසරික තත්වයක් නිර්මානය කරමින් මේ තරම් නැව්, ගුවන් යානා, ගොඩබිම් වාහන සංඛ්‍යාවක් දුවන්නේ කුමක් සඳහා ද? එමගින් ප්‍රවාහනය කරන භාණ්ඩ හැම එකක් ම ගමනාන්තයේ මිනිසුන්ගේ පාරිභෝජනය සඳහා නැතිවම බැරි ඒවා ද? නැත. ඒ බොහොමයක් දේ මිනිසුන්ගේ අවශ්‍යතා නොව අපේක්ෂා ය. ඒවා කවදාවත් තෘප්ත නොවන බැවින් මිනිස්සු කිසි කලෙක තමන් අත පත් වන භාණ්ඩයෙන් හෝ සේවාවෙන් තෘප්තිමත් නොවෙති. ඔවුහු තවත් මාදිලියක් ඉල්ලා සිටිති. දැන් ඉල්ලුම තිබෙන්නේ අවශ්‍යතාව මත නොව අපේක්ෂාව මතයි. ලාංකිකයකුට මයික්‍රෝ කාරයකින් සිය අවශ්‍යතාව සපුරා ගන්නට හැකි වුණත්, ඔහු මෙහෙයවනු ලබන්නේ ජපන් කාරයක් මිළ දී ගැනීමේ අපේක්ෂාව විසිනි. මහ පොළව දෙවනත් කරමින් ප්‍රවාහනය කරන්‍ු ලබන භාණ්ඩ හා අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් පිටුපස තිබෙන්නේ මෙවැනි අපේක්ෂා ය.
එසේම, මිනිසුන් මෙතරම් ගමන් බිමන් යන්නේ ඇයි ද යන්න ද මේ අන්දමින් ම විමසා බැලිය හැකි ය. ඉස්සර කාලේත් මිනිස්සු සංචලනයේ යෙදුණ හ. ඇතැම් විට එය පරම්පරා ගණනාවක් තිස්සේ සිදු වන මහා ජන සංචලනයකි. ආර්යයන්උතුරු ඉන්දියාව වෙත සංක්‍රමණය වීම නිදසුනකි. ලෝක භූගෝලය අධ්‍යයනය කළ දේශ ගවේශකයෝ ද, දේශපාලනික ආක්‍රමණ සිදු කළ යුද සෙබලු ද, රටින් රට අරුමෝසම් වෙළඳාම් කළ වෙළන්දෝ ද, රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද, විවිධ වෘත්තීන්හි නියැලෙන්නෝ ද, ආගමික සත්‍යයන් පසුපස ගිය වන්දනාකරුවෝ ද දිගු ගමන් බිමන් ගිය හ.
අතීතයේ මිනිස් ගමන් බිමන් ද අවශ්‍යතා මත සිදු වූ ඒවා ය. එහෙත්, පාරිභෝජන ධනවාදයේ සංවර්ධනයත් සමග මිනිස් සංචලනයන් ද අවශ්‍යතා මත පමණක් නොව කිසිදා තෘප්ත නොවන අපේක්ෂා මත පදනම් වීම ආරම්භ විය. සංචාරක කර්මාන්තය ම මෙවැනි කිසිදා තෘප්තිමත් නොවන අපේක්ෂා මත රඳා පවතින්නකි.
අද වන විට සංචාරක කර්මාන්තය ලෝක ආර්ථිකය තුළ උසුලන වැදගත්කම පිළිබඳ පහත සඳහන් සාධක දෙස් දෙයි.
මෙය අතිශය සංකීර්ණ තත්වයකි. එහෙත්, එය සරළව තේරුම් ගන්නට බැරි නැත. පීත්ත පටි කැපීම, පිරිසක් ඇමතීම වැනි නො වටිනා දේවලට ජනාධිපතිවරයකු රට වටා යන්නේ කුමට ද? ලංකාවේ ඇමතිවරු නිතිපතා කරන පිටරට සංචාරවල ඇති ප්‍රයෝජනය කුමක් ද? කාටවත් වැදගත්කමක් නැති ඉතා ම සුළු දේවලට නිතිපතා රටින් රට යන කාර්ය බහුල රාජ්‍ය නොවන සංවිධාන වෘත්තිකයන්ගේ ගමන් බිමන්වල තේරුම කුමක් ද?
අද වන විට ලංකාවේ අපගේ ජීවිතයට ධනේශ්වර පාරිභෝජනවාදයේ ගමන් බිමන් යාමේ පිපාසය ඇතුළු වී තිබෙන්නේ අපටත් නො තේරෙන තරම් සියුම් අන්දමිනි. සති අන්තයේ නිවාඩුවක් යෙදෙන විට සංචාරක ස්ථාන සෙනගින් උතුරා යයි. කතරගම වැනි වන්දනා ස්ථානවලට මිනිස්සු නිතර ම යති. මිනිස්සු ගමන් බිමන් යන්නේ තැන් බලන්නට යයි කියනු ලැබේ. එසේ බලන්නේ ඇයි? ඒවා තමන්ට වටිනා නිසා නම්, ඒ මිනිස්සු ම ඒ ස්ථාන විනාශ වන පරිදි කටයුතු කරන්නේ ඇයි? සමහරු ගමන් බිමන් යන්නේ ගමන් බිමන් යාම වෙනුවෙන් මිස කිසිදු තැනක් බලන්නට නො වේ. ඔවුන් විඳින්නේ ගමන් බිමන් යාම නම් සංකල්පයයි. අලුත්ම ප්‍රවණතාව පිටරට සංචාරය කිරීමයි. දඹදිව, සිංගප්පූරුව, හොංකොං, බැංකොක් ආදී ස්ථාන ලාංකිකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්ත බවට පත් වෙමින් තිබේ.
අපි කලක් ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ලබා ගන්නා අග්‍රය පමණක් වී සිටිමු. දැන් ලංකාවේ සංචාරකයෝ ද විශාල වශයෙන් පිටරට යති. සංචාරක කර්මාන්තයේ මෑත කාලීනව සිදු වූ සුසමාදර්ශීය වෙනස මේ ඔස්සේ හඳුනාගත හැකි ය.
කොස්ටාරිකාහි එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලද සාම විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්යවරයකු වන රොබට් ෆ්ලෙචර් විසින් සම්පාදනය කරන ලද Sustaining Tourism, Sustaining Capitalism? The Tourism Industry's Role in Global Capitalist Expansion නම් පත්‍රිකාවක ඔහු තර්ක කරන්නේ සංචාරක ව්‍යාපාරය චිරස්ථායී කිරීම යනු ධනවාදය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමයක් බවයි. ධනවාදයේ නිෂ්පාදනය හා පාරිභෝජනය හා සම්බන්ධව පවතින ගැටලුව ගැන මාක්ස්ගේ විශ්ලේෂණ කෙරෙහි මෙම පත්‍රිකාව අවධානය යොමු කරයි. ධනවාදයේ කේන්ද්‍රයේ ගොඩගැසෙන ප්‍රාග්ධනය විසින් ඇති කරනු ලබන අර්බුදය තුලනය කිරීම සඳහා එකී අතිරික්ත ප්‍රාග්ධනය අවකාශමය වශයෙන් පරිවාරය වෙත චලනය කිරීම සඳහා යොදා ගත හැකි ක්‍රමවේදයක් ලෙස සංචාරක ව්‍යාපාරය විග්‍රහ කර තිබේ. වැඩිදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන හේ සංචාරක ව්‍යාපාරයේ නව ප්‍රවණතාව වන පාරිසරික හිතකාමී සංචාරක ව්‍යාපාරය ධනේශ්වරයේ අර්බුදය සමනය කර ගැනීම සඳහා සංචාරක කර්මාන්තය යොදා ගැනීමේ තවත් අදියරක් බව පෙන්වා දෙයි. ෆ්ලෙචර් තර්ක කරන්නේ චිරස්ථායී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම යනු ධනවාදය චිරස්ථායී කිරීමේ ක්‍රමවේදයක් ම බවයි.
පාරිභෝජන ධනවාදයේ ප්‍රධාන කොටසක් වන ප්‍රවාහන හා සංචාරක කර්මාන්තයන්ගේ යථාර්ථය කැටි කොට දැක්විය හැකි ප්‍රස්ථාව පිරුළක් සිංහල ජනවහරේ තිබේ. ඒ වනාහි 'බල්ලට ඇති වැඩකුත් නැහැ. හෙමින් ගමනකුත් නැහැ' යන්නයි.
ඉතින් දැන් දැන් අපට නිරතුරු අසන්නට ලැබෙන දැවැන්ත ප්‍රවාහන අනතුරු පැන නගින සංදර්භය වන්නේ මෙයයි. ටයිටැනික් නැවේ සිට සෙවොල්නැව දක්වා නැව්, ගුවන් යානා, ගොඩබිම් වාහන හා ලංකාවේ නම් අත්ට්‍රැක්ටර් දක්වා වාහනවල ගමන් බිමන් යන මිනිස්සු හදිසි අනතුරුවලට මුහුණ දෙති. මිය යනවුන් ජීවත් වන අයට ශෝකයක් ඉතිරි කරති.
අපි හඬමු. වැළපෙමු. එහෙත් අප මේ යන්නේ කොහිදැයි අපි ම නො දනිමු.
- ජනරළ 2014 - 04 - 27
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

- 2012 දී, ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%ක්, මුළු ආයෝජනයන්ගෙන් 5%ක් සහ ලෝක අපනයනයන්ගෙන් 5%ක් උත්පාදනය කර ඇත්තේ සංචාර සහ සංචාරක කර්මාන්තය බවට ගණන් බලා ඇත.
- ලෝක වාණිජ සේවා අපනයනයන්ගෙන් 30%ක් (මුළු භාණ්ඩ සහ සේවා අපනයනයන්ගෙන් 6%ක්) නියෝජනය කරන්නේ සංචාරක කර්මාන්තය ආශ‍්‍රිත අපනයනයන්ය.
- 2005 සහ 2010 අතරතුරදී, ජාත්‍යන්තර සංචාරක පැමිණීම් 4.3%ක වාර්ෂික සාමාන්‍යයකින් වැඩිවී ඇත. (ILO News)
මෙය අතිශය සංකීර්ණ තත්වයකි. එහෙත්, එය සරළව තේරුම් ගන්නට බැරි නැත. පීත්ත පටි කැපීම, පිරිසක් ඇමතීම වැනි නො වටිනා දේවලට ජනාධිපතිවරයකු රට වටා යන්නේ කුමට ද? ලංකාවේ ඇමතිවරු නිතිපතා කරන පිටරට සංචාරවල ඇති ප්‍රයෝජනය කුමක් ද? කාටවත් වැදගත්කමක් නැති ඉතා ම සුළු දේවලට නිතිපතා රටින් රට යන කාර්ය බහුල රාජ්‍ය නොවන සංවිධාන වෘත්තිකයන්ගේ ගමන් බිමන්වල තේරුම කුමක් ද?
අද වන විට ලංකාවේ අපගේ ජීවිතයට ධනේශ්වර පාරිභෝජනවාදයේ ගමන් බිමන් යාමේ පිපාසය ඇතුළු වී තිබෙන්නේ අපටත් නො තේරෙන තරම් සියුම් අන්දමිනි. සති අන්තයේ නිවාඩුවක් යෙදෙන විට සංචාරක ස්ථාන සෙනගින් උතුරා යයි. කතරගම වැනි වන්දනා ස්ථානවලට මිනිස්සු නිතර ම යති. මිනිස්සු ගමන් බිමන් යන්නේ තැන් බලන්නට යයි කියනු ලැබේ. එසේ බලන්නේ ඇයි? ඒවා තමන්ට වටිනා නිසා නම්, ඒ මිනිස්සු ම ඒ ස්ථාන විනාශ වන පරිදි කටයුතු කරන්නේ ඇයි? සමහරු ගමන් බිමන් යන්නේ ගමන් බිමන් යාම වෙනුවෙන් මිස කිසිදු තැනක් බලන්නට නො වේ. ඔවුන් විඳින්නේ ගමන් බිමන් යාම නම් සංකල්පයයි. අලුත්ම ප්‍රවණතාව පිටරට සංචාරය කිරීමයි. දඹදිව, සිංගප්පූරුව, හොංකොං, බැංකොක් ආදී ස්ථාන ලාංකිකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්ත බවට පත් වෙමින් තිබේ.
අපි කලක් ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ලබා ගන්නා අග්‍රය පමණක් වී සිටිමු. දැන් ලංකාවේ සංචාරකයෝ ද විශාල වශයෙන් පිටරට යති. සංචාරක කර්මාන්තයේ මෑත කාලීනව සිදු වූ සුසමාදර්ශීය වෙනස මේ ඔස්සේ හඳුනාගත හැකි ය.
කොස්ටාරිකාහි එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලද සාම විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්යවරයකු වන රොබට් ෆ්ලෙචර් විසින් සම්පාදනය කරන ලද Sustaining Tourism, Sustaining Capitalism? The Tourism Industry's Role in Global Capitalist Expansion නම් පත්‍රිකාවක ඔහු තර්ක කරන්නේ සංචාරක ව්‍යාපාරය චිරස්ථායී කිරීම යනු ධනවාදය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමයක් බවයි. ධනවාදයේ නිෂ්පාදනය හා පාරිභෝජනය හා සම්බන්ධව පවතින ගැටලුව ගැන මාක්ස්ගේ විශ්ලේෂණ කෙරෙහි මෙම පත්‍රිකාව අවධානය යොමු කරයි. ධනවාදයේ කේන්ද්‍රයේ ගොඩගැසෙන ප්‍රාග්ධනය විසින් ඇති කරනු ලබන අර්බුදය තුලනය කිරීම සඳහා එකී අතිරික්ත ප්‍රාග්ධනය අවකාශමය වශයෙන් පරිවාරය වෙත චලනය කිරීම සඳහා යොදා ගත හැකි ක්‍රමවේදයක් ලෙස සංචාරක ව්‍යාපාරය විග්‍රහ කර තිබේ. වැඩිදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන හේ සංචාරක ව්‍යාපාරයේ නව ප්‍රවණතාව වන පාරිසරික හිතකාමී සංචාරක ව්‍යාපාරය ධනේශ්වරයේ අර්බුදය සමනය කර ගැනීම සඳහා සංචාරක කර්මාන්තය යොදා ගැනීමේ තවත් අදියරක් බව පෙන්වා දෙයි. ෆ්ලෙචර් තර්ක කරන්නේ චිරස්ථායී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම යනු ධනවාදය චිරස්ථායී කිරීමේ ක්‍රමවේදයක් ම බවයි.
පාරිභෝජන ධනවාදයේ ප්‍රධාන කොටසක් වන ප්‍රවාහන හා සංචාරක කර්මාන්තයන්ගේ යථාර්ථය කැටි කොට දැක්විය හැකි ප්‍රස්ථාව පිරුළක් සිංහල ජනවහරේ තිබේ. ඒ වනාහි 'බල්ලට ඇති වැඩකුත් නැහැ. හෙමින් ගමනකුත් නැහැ' යන්නයි.
ඉතින් දැන් දැන් අපට නිරතුරු අසන්නට ලැබෙන දැවැන්ත ප්‍රවාහන අනතුරු පැන නගින සංදර්භය වන්නේ මෙයයි. ටයිටැනික් නැවේ සිට සෙවොල්නැව දක්වා නැව්, ගුවන් යානා, ගොඩබිම් වාහන හා ලංකාවේ නම් අත්ට්‍රැක්ටර් දක්වා වාහනවල ගමන් බිමන් යන මිනිස්සු හදිසි අනතුරුවලට මුහුණ දෙති. මිය යනවුන් ජීවත් වන අයට ශෝකයක් ඉතිරි කරති.
අපි හඬමු. වැළපෙමු. එහෙත් අප මේ යන්නේ කොහිදැයි අපි ම නො දනිමු.
- ජනරළ 2014 - 04 - 27
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com
පැරා ඇයි බයික් එකයි මරුතියයි පාවිච්චි කරන්නෙ ?
ReplyDeleteමරුටී , ඉන්දීය අධීරාජ්‍යයේ නිශ්පාදනයකී. (88-89)
Deleteපැරා, මරුටියෙ ඉදගෙන යන්නේ පුකෙන්ද ? ( 2014)
88-89 දී,
Deleteඉන්දීයාවෙ නිශ්පාදිිත පාපැදි අමතර කොටස් වින්කල් වල තබාගත් කිි දෙනෙක්.......
2014 දී,
පැරා වගේ මරුටී ,බජාජ්,ටාටා ලේලන්ඩ්,හීරෝ,මහේන්අ්‍රා පාවිච්චි කරන ගමන් සනීපාරක්ෂක සමාජවාදී බයිලා ගහන සුකිරිබටිල්ලන් කිි දෙනෙක්.....
පොදු ප්‍රවාහන සේවාවන් අතිශය දුර්වල නිසා
ReplyDeleteපැරා දැන් හැම තැනම කියන්නේ මේ සමාජය සාමුහිකව නැගිටින්නේ නැතිව තනි තනියෙන් ආත්මාර්ථකාමීව කටයුතු කරන්න හොද නෑ කියලා. කලින් දවසක පැරා දැම්මා පොස්ට් දෙකක්. එව්වයේ සදහන් කරලා තිබුනේ ලංකාවේ ඉපදිලා, දියුණු රටවලට සංක්‍රමණය වෙන අය ගැන සදහන් කරලා. එහිත් ඔය උඩින් මම කියන කාරණය ගැන සදහන් කරලා තිබුනා.
Deleteරටට එහෙම බණ කියන පැරා, පොදු ප්‍රවාහන සේවාවන් දුර්වලයි කියලා, මරුතියක් සහ බයික් එකක් තියන් ඉන්නවා. එතකොට එව්වා ගන්න වත්කමක් නැති කම්කරු සහෝදරයන්,අර කියනා දුර්වල පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කරන්න ඕනි?
ආ පැරා, හැබැටම පැරා ලියනා දේවල්,පැරාගේ භාවිතයේත් නැත්තේ ඇයි? එහෙම නැත්තන් පැරා ලියන දේවල් ප්‍රයෝගික නැති දේවල්ද?
ඒක තමයි අපි මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න සටන් කරන්න ඕනැ
DeleteNot having a proper law enforcement system, not having discipline, lack of civilization are the main reasons in Sri Lankan context.
ReplyDeleteසංචාරය කරපු උන් තමා ලෝකෙ දිනුවේ. නැතුව තමන් ඉන්න ළිඳ මුළු ලෝකෙම කියලා හිතන් හිටපු උන් නෙමේ..
ReplyDelete++++++
DeleteMaru kathawa, agree
Deleteඒත් දැන් වැඩි දෙනෙක් සංචාරය කරන්නේ ලෝකේ දිනන්න තියා බලන්නවත් නෙමෙයි. ලෝකෙට පේන්න.
Delete//ඒත් දැන් වැඩි දෙනෙක් සංචාරය කරන්නේ ලෝකේ දිනන්න තියා බලන්නවත් නෙමෙයි. ලෝකෙට පේන්න//
Deleteඑහෙම කොහොමද කියන්නෙ... ඔප්පු කරන්න බැරිනං මේ වගේ තර්ක ගේන්න එපා. මේක හිතලුවක් විතරයි...ලෝකෙට පේන්න නෙවේ ලෝකෙ බලන්නයි මිනිස්සු සංචාරය කරන්නෙ.
ආ... පැරාත් මරූටියේ පොලොන්නරුවේ ගිහින් වගේ. ඒ ගියෙත් එක එක අයට පේන්න වෙන්න ඇති.
ReplyDeleteපැරාට යන්න හොඳයි, අනික් උන් යන එක වැරදියි. පැරාලගේ නිළධාරිවාදය කියන්නේ මේකයි.
මරූටී, මයික්‍රෝ ගන්නේ නම් වාහන මාකට් එක ගැන නොදන්න මිනිස්සු. දැන් ඔය පැරාගේ මරූටිය ගත්ත ගානට වඩා හෙන අඩු ගානකට දේන්න වෙන්නේ. අනික ලෑල්ලට පෑගුවත් යන්නේ නෑ. එකම ආතල් එක බ්‍රෑන්ඩ් නිව් කියන මාන්නය විතරයි. ඊළඟ පාර ගන්න කොට ජපන් එකක් ගන්න පැරා. අවුරුදු දෙක තුනක් පැදලා. ගත්ත ගානටම දෙන්න පුළුවන්. මරූටියකට ඇක්සිඩන්ට් එකක් හෙම උනොත් පැරාට තේරේවී මරූටියේ ආතල් එක. ඒක නිසා ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාගෙන දුවන්න.
පැරාට ඇර ඇනෝ හරකුන්ට රිප්ලයි කරන්නේ නැත. අන්තීමෙදි මම පැරා කියලා උන්ට රැවටිලා. පැරාට තව පෝස්ට් එකක් ලියන්න වෙයි.
මාතලන්, මරුති වලට බැනපු නිසා කියන්නෙ, උන්ගෙ හැම දේම නරක නෑ. උඹ මරුටි ඇල්ටෝ 1.1 මොඩ්ල් එක ගැන අහල තීනවද දන්නෙ නෑ. ඕක ලිමිටඩ් එඩිෂන් එකක්. ලන්කාවෙම තීන්නෙ කාර් බොහොම සුළු ප්‍රමාණයයි ( ඔක්කොම HM නම්බර් - මගෙ ගාවත් එකක් තිබ්බ). පොඩි කාර් එක උනාට 1.08ලීටර්, 63 හෝස්පවර් එන්ජිම නිසා යනව විදල ( ඇල්ටො 800 එකේ තියෙන්නෙ 45 හෝස්පවර් එන්ජින් එකක් ). අනික ඒ කාලෙ අනික් ඇල්ටො වල නැති පවර් ෂටර්ස්, ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින් වගේ ගොඩක් ෆීචර්ස් තිබ්බ. කරුමෙට ඒ ගොබ්බොයො ඉන් පස්සෙ ආයි කවදාවත් ඒ කාර් හැදුවෙ නෑ.
Deletelive a life para
ReplyDeletewe are humans, this is just a temporary station
just enjoy life & if u don't, not to jeolus on others.
fuck u!!!!!!!!!!!!!
// ධනවාදය තුළ අවශ්‍යතාවට භාණ්ඩ හා සේවා සම්පාදනය වනවාට වඩා නව නිපැයුම් වෙනුවෙන් අවශ්‍යතාවන් නිර්මානය වීම සිදු වන බව නිරීක්ෂණය කළ හැකි ය. //
ReplyDeleteඉස්සර මිනිස්සු සිරීපාදෙ ගියේ අන්තිම කැමැත්ත ලියල තියලා සති ගානක් තිස්සෙ ලු. දැන් වාහනේක ගිහින් (හැප්පුනේ නැතොත්) පැය ගානෙන් පහසුවට ලේසියට යන්න පුලුවන්. මග දිගට උයාගෙන කන්න බඩු ගෙනියන්න දෙයක් නෑ ඕන තරම් කන්න තැන් තියනවා. ගමනක් යන්න කලින් විතර හිතන්න දෙයක් නැති නිසා වැඩියෙන් මිනිස්සු ගමන් යනවා ඇති.
ඉස්සර ගමක කාර එකක් තිබුනෙ ලොකුම පොහොසතෙක් ට. අද ගුරුවරයෙක් වුනු පැරාත් කාර් එකක සැප පහසුවෙන් යනවා, අපිටත් සන්තෝසයි.
ධනවාදය කෑදර කම වැඩි කරන එක ඇත්ත. ඒ වගෙම, මිනිස්සුන්ගෙ ජීවිත පහසු කරන්නත් පුද්ගලික මරා ගැනීම අඩු කරන්නත් පුලුවන්. උදාහරණයක් හැටියට සිංගප්පූරුවෙ වගේ ධනවාදී සංවර්දනයක් ලංකාවෙ තිබුන නම් පැරාට කාර් එකක් ඕන වෙන්නෙ නෑ ඕන තරම් ටොප් කොලිටි පොදු ප්‍රවාහන පහසුකම් තියෙනවා පාරට බැස්සම. එංගලන්තෙ දොස්තර ඉංජිනේරු විශේෂඥ ජොබ් වලට පිට රැටියො ගන්න වෙලා තියෙන්නෙ "සාමාන්‍ය" ජීවිතෙත් සතුටුදායක නිසා මැරිල ඉගෙන ගන්න මිනිස්සුන්ට ඕන කමක් නැති නිසා. ලංකාවෙ බොහොමයක් දෙනාට ඒක ගොඩ යන්න තියන එකම චාන්ස් එක, රස්සාවට ඇත්තට ආදරේ උන් අතරෙ ලෙඩ්ඩුන්ට .වයිර කරන දොස්තරලා, හොරගෙඩියන්ට රැවටෙන ඉංජිනේරුවො එහෙමත් හැදෙන්නෙ ඒකයි.
මම හිතන්නෙ ගොඩක් අයට පැරා කියන්න යන දේ තේරිලා නෑ වගෙ. ඔහු කියන්න උත්සහ කරන්නෙ අත්‍යවශ්‍ය නොවන ප්‍රවාහනය අවම කරගත යුතුයි යන්න. අද අවශ්‍යතාව වෙනුවට අපේක්ෂාව මුල්වෙලා නිසා අවශ්‍ය මොකද්ද කියල හොයගන්න අමාරුයි කිය්න එක. හැබැයි පැරා මයික්‍රො වාහන ගැන නම් කතා කරලා වැඩක් නෑ. මම කියන්නෙ සුව පහසුව හෝ එහි ඇති අංග ගැන නොවෙයි. කල්පැවත්ම සහ ඔරොත්තු දීමෙ හැකියාව ගැන. පරන මිට්සුබිශි "4DR5" ජීප් එකක් ඊටවඩා හොඳට පවිච්චි කරන්න පුලුවන්. අනිත් එක ලංකාවෙ හදනව කියල කිසිම බදු සහනයක් වත් නෑ. පොදු ප්‍රවහන සේවය මීට වඩා දියුණු වුනා නම් අපි ඔක්කොටම සල්ලි සහ කාලය ඉතුරු වෙනව. හිතන්න අද කොළඹ වාහනයක් නවත්වන්න තැනක් හොයන්න කොච්චර වෙලාවක් යනවද කියල. කොහොමටත් අත්‍යවශ්‍ය නොවන ගමන් අඩු කරොත් සක්කුවටත් හොඳයි, විවේක්යත් වැඩියි.
ReplyDeleteපැරා කියපු දේ තේරිලා නෑ නේන්නං. මේකත් අර රාමචන්ද්‍ර අජන්ත මෙන්ඩිස් ගැන ලිව්වම ඒක ඉරිසියාවට ලිව්ව කියනව වගේ සීන් එකක් තමයි.
Deleteලියියේ තියන කරුණු එක්ක මහලොකු එකඟතාවයක් නැතත් හොඳ ලිපියක් කියල නං කියන්න පුළුවන්. මයික්‍රො උදාහරණයත් අවුල් තමයි
රාජ්, තේරිල නැත්තෙ කාටද කියන එක හොන්ද ප්‍රශ්නයක්.
Deleteදැන් පැරා තර්කයක් ගේනව පසුගිය සියවස තුල මිනිසා විසින් ඇති කරපු අධිපරිභෝහනවාදය නිසා තමයි මිනිස්සු නැව් වලින් යන්න ගත්තෙ විනෝද වෙන්න, ඒත් එක අනවශ්‍ය දෙයක් කියල. ඒ එක්කම ගුවන් ගමන් යන්නෙ සංචාරය කරනව කියන්නෙ අනවශ්‍ය වියදමක්, සම්පත් නාස්තියක්. ඒ නිසා තමයි මේ විදියට අනතුරු වෙන්නෙ. ඉතින් ඔහොම නොගියනම් අනතුරු නෑ, ලෝකෙත් දූෂනය වෙන්නෙ නෑ කියල.
උඩ ප්‍රොෆ් ඇනෝ කියල තීනව වගේ ඒ කලෙත් ඉඩකඩං ලියල සිරීපාදෙ ගියා, කරත්තවල පරගොඩ වඳින්න ගියා. නමුත් සාපේක්ෂව අඩුයි. හේතුව යාමට තිබිච්චි අපහසුව සහ ජීවන අරගලය වැඩි නිසා වෙලාවක් නැති වීම. කොටිම්ම බැරි කම නිසා. එහෙම නැතිව එදා උන් අදට වඩා වෙනස්ව හිතුව නිසා නෙමෙයි.
එහෙම වෙනස්ව හිතුවනම් සීගිරී ගිහින් දයාල් බතීලට කුරුටු ගී ලියන්න වෙන්නෙ නෑ.
මිනිස්සුන්ගෙ අපේක්ශා සහ අවශ්‍යතා සමාජවාදියො හැමදාම පටලගෙනයි තියෙන්නෙ. ඒකයි ඕක ප්‍රායෝගික නොවෙන්නෙ.
මයික්‍රො කාර් එකක් සහ ජපන් කාර් එකක් තෝරාගැනීමෙ වෙනසෙ ප්‍රායෝගික තත්වය නොදැන සමාජය විශ්ලේෂනය කරනව "අපරාදෙ මයික්‍රෝ නොගෙන මුන් ජපන් වාහන ගන්නව" කියල. ඇත්තම සීන් එක තේරිල නැත්තෙ පැරාටමයි බැලුවම!
අනෙක ආර්‍යයො ඉන්දියාවට ආවෙ හීනෙන් ඇවිදගෙන නෙමෙයිනෙ. ඒකත් වඩා හොඳ අවස්ථාව සොයා යාමක්. ඕක සාමාන්‍ය මිනිස් ස්වාභාවය. ඒකට එරෙහිව කරන්න හදන මොන අරගලයත් ෆේල්.
උඹ කියන කතාව මට තේරෙනව. මාත් මේ කාරණා එක්ක එච්චර එකඟ නෑ කිව්‍වෙ ඒකයි. නමුත් පැරා තමන්‍ගෙ අදහසට ලිපියෙන් ඉටුකරපු සාධාරණය ඔහුට ප්‍රති කමෙන්ට් වලින් මතුවෙලා නෑ.
Deleteරාජ් උඹට කමෙන්ට් එක්ක තියන අවුල මට තේරෙන්නෙ නෑ. මෙන්න පැරා ගේ premise එක:
DeleteQ: ගමන් බිමන් යාමේදී සිදු වන හදිසි අනතුරුවලින් ලෝකයේ මිනිසුන් මෙතරම් මිය යන්නේ ඇයි?
A: මිනිසුන්ගේ ගමන් බිමන් යාම වැඩි වීම මෙයට හේතුවයි.
Q: ලොව පුරා මිනිස්සු මෙතරම් ගමන් බිමන් යන්නේ ඇයි? ඒ ගමන් බිමන් ඇත්තෙන් ම අත්‍යාවශ්‍ය ඒවා ද?
A: ධනවාදය තුළ අවශ්‍යතාවට භාණ්ඩ හා සේවා සම්පාදනය වනවාට වඩා නව නිපැයුම් වෙනුවෙන් අවශ්‍යතාවන් නිර්මානය වීම සිදු වන බව නිරීක්ෂණය කළ හැකි ය.
පැරා කියන්නෙ, මේ මිනිස්සු ගමන් ගිහින් මැරෙන්න ප්‍රධාන හේතුව ධනවාදය විසින් අවශ්‍යතාවන් නිර්මානය කිරීම කියලා. ඉතින් මම කිව්වා එහෙම ම නෙවෙයි, ඉස්සරට වඩා මිනිස්සුන්ට ඕන දේවල් කරන්න දැන් ධනවාදය නිසා පහසුකම් තියනව කියල. ධනවාදය එහෙම බැලුවොත් කරන්නෙ inciting නෙවෙයි enabling රෝල් එකක්. එහෙම බැලුවොත් ඒකට විරුද්ධ වීම පොලිස් ඇටිටියුඩ් එකක්.
අනික් පැත්තට මම කිව්වා ධනවාදයෙන් ඔය පැරා කියන "අවශ්‍යයතා rat race" එක වැඩි කරනවා විතරක් නෙවෙයි අඩු කරන්නත් පුලුවන් කියලා. ඒකත් මේ කාරනේට කෙලින්ම අදාලයි, මොකද පැරා කියන විදියට මේකෙ වැරැද්ද ධනවාදය නම් එහෙම වෙන්න බැරි නිසා.
පැරාගෙ සැහැල්ලු ජීවිත අයිඩියල් එකට මමත් sympathetic. ඕකට සමාජවාදයක් ගාවන එක වැරදි තැනින් අල්ලා ගැනීමක් කියලයි මම හිතන්නෙ. මම හිතන්නෙ ලංකාවෙ දේශපාලන පක්ෂ ටිකෙන් වාමාංශික ඒවට වඩා ඔය අයිඩියල්ස් වලට ගැලපෙන ලයින් එකක් පට්ට ධනවාදී හෙළ උරුමෙටත් තියනවා.
පැරා මේකට මහා ළිපියක් ලියන්න ඕන නෑ. රාජ්ට මේක තේරුම් ගන්න බැරි ළිපිය දිග නිසා වෙන්න ඇති. පැරා බොහෝම සුළු දෙයක් කියන්නේ. ළෝකෙට පේන්න චාරිකා යන්න එපා. ගෙදරටම වෙලා ඉන්න. හැබයි මම මගේ මරූටි එකේ යනවා. මොකෝ මගේ පරමාර්තය ට්‍රිප් එකක් යන එක මිසක්, ළෝකෙට පේන්න යන්නේ නෑ. ඕන ඕකනේ මෙයා මේ කියන්නේ. ළෝකෙට පේන්න ගියාම අනතුරු වෙන්න පුළුවන්. අනතුරු වෙන්නේ ධනවාදය තුල පමණයි. සමාජවාදී රටවල කිසිම ඇක්සිඩන්ට් එකක් වෙන්නේ නෑ..
Delete@මාතලන්
Deleteහිතේ දුකට කෙටෙන කොමෙන්ට්
me mathalan kiyanne pissekne
Deleteමාර සොයා ගැනීමක්නෙ පැරා කරල තියෙන්නෙ. ප්‍රවාහනයේදී අනතුරු වැඩි වීමට හේතුව ප්‍රවාහනය වැඩිවීමයි. ඒක හරියට දික්කසාද වැඩි වීමට හේතුව කසාද බැඳීම වැඩිවීමයි කියනවා වගේ. ඇත්තනෙ. රජ කාලෙ දිකසාද සංඛ්‍යාව බින්දුවයිනෙ. කියල වැඩක් නෑ පැරා පැරාගෙ මොළේ ගැන. වහින කොට එළියට හෙම යන්න එපා. ඔය ඔරිජිනල් භාණ්ඩෙ තෙමිලා විනාස වෙයි. පැරාට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා මේ සොයා ගැනීම ගැන.
ReplyDeleteමේක මෙතනට අදාල නැහැ. ඒත් සමාවෙලා අහන්න.
ReplyDelete