ටයිටැනික් නැවේ සිට දෙකේ ඇලේ අත් ට‍්‍රැක්ටරය දක්වා හදිසි අනතුරු ගැන සමාජවාදී විශ්ලේෂණයක්
මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වී වැඩි කලක් යන්නට පෙර තවත් ඛෙදවාචකයක් වාර්තා විය. පෙරළී ගිලී ගිය සෙවොල් නම් දකුණු කොරියානු නෞකාවේ ගමන් කරමින් සිටි මගීහු සිය ගණනක් මිය ගිය හ. මරණ සංඛ්‍යාව තවමත් අවිනිශ්චිත ය. මිය ගිය අයගෙන් වැඩි දෙනෙක් විනෝද චාරිකාවක් යමින් සිටි පාසල් සිසු පිරිසකි. නැවේ සිටි මගීන් 476දෙනා අතරින් 339දෙනෙක් ම පාසල් සිසුවෝ වූ හ. බේරා ගත හැකි වී තිබෙන්නේ 174දෙනෙකු පමණි. නැව පැදවූ 69 හැවිරිදි කපිතාන්වරයා නොසැලකිලිමත් ලෙස වේගය අඩු නොකර නැව හැරවීම මෙසේ පෙරළී ගිලී යාමට හේතුව ලෙස සැක කරනු ලැබේ. අවසන් මගියා ද පිට වීමට පෙර නැවෙන් පිට වී තිබෙන කපිතාන්වරයා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. නැවේ කාර්ය මණ්ඩලයේ 29දෙනෙකුගෙන් 22දෙනෙක් දිවි ගලවා ගන්නට සමත් වූ හ. ඔවුහු වැඩි දෙනෙක් උදව් අවශ්‍යව සිටි මගීන් නො තකා හැර තමන්ගේ දිවි ගලවා ගත් අය වෙති. මෙම නැව යාත්‍රා කරමින් තිබුණේ පසුගිය දිනවල ලංකාවේ විකාශය වූ ජනප්‍රිය කොරියානු ටෙලි නාට්‍යයක් වන චංගුමී චරිතය අඩංගු සුජාත දියණි මාලා නාටකයේ ද සඳහන් වූ ජේජු දිවයින වෙත යාත්‍රා කරමින් තිබියදී ය. කිමිදුම්කරුවෝ සීතල අඳුරු දියේ මළ සිරුරු සොයමින් සි...