නලිනි, මුරුගන්, කේ.පී. සරත් ෆොන්සේකා සම්බන්ධ සිද්ධි තුනක්
(2010 ජුලි 30, W3Lanka ) ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්ව සිටින නලිනි, මුරුගන්, සාන්තන් සහ අරිවු නිදහස් කරන්නැයි ඉල්ලමින් ඊ. වේලුසාමි නම් අයෙකු විසින් මදුරාසි මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් එම අධිකරණය විසින් දෙන ලද තීන්දුව වෙනස් කිරීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙම ඝාතනය පිළිබඳ පරීක්ෂා කිරීම පිණිස පත් කරන ලද ජයින් කොමිෂම විසින් නම් කරන ලද ප්‍රධාන සැකරුවන් තිදෙනෙකු පිළිබඳ අධිකරණය පරීක්ෂණ පවත්වා නැත යන පදනම මත ඉහත කී පුද්ගලයන්‍ට දෙන ලද තීන්දුව වැරදි බව පෙත්සම්කරුගේ තර්කය විය. චන්ද්‍රසාමි නම් තන්ත්‍රික්වරයා, ඇමරිකානු සී.අයි.ඒත සංවිධානය හා ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය පිළීබඳවත් තවත් පුද්ගලයන් 21ක් පිළිබඳවත් පරීක්ෂණ පැවැත්විය යුතු බව ජයින් කොමිෂම පවසයි. මේ අතර, රජීව් ගාන්ධි ඝාතනය පිළිබඳ පරීක්ෂණ සඳහා අවශ්‍ය පුද්ගලයකු වන කොටි සංවිධානයේ නායකයකු වන කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී ගැන ලංකාවේ ආණ්ඩුවේ ස්ථාවරය මෙසේ ය. 29 වැනිදා පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබින...