නදීෂා හේමමාලිටත් බිය පිරිමි හමුවේ ස්ත්‍රී බලය

නදීෂා හේමමාලි එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලන එක ගැන සෑහෙන කට්ටියකට‍ ඩෝං ගිහින් තිබේ. ඔවුන් උත්සාහ කරන්නේ නදීකා හේමමාලි ගනිකාවක් ලෙස හඳුන්වන්නට ය.

මට නම් නදීෂ‍ා හේමමාලි රඟපෑ කිසියම් චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් ගැන මතකයක් නැත. මම සාමාන්‍යයෙන් ‍ටෙලිනාට්‍ය නො බලමි. ඇය කුමන අන්දමේ කාන්තාවක් ද යන්න මම නො දනිමි.

පළාත් සභාවලට තරග කරන අනෙක් එවුන්ගෙන් බහුතරය වන්නේ මැති අැමතිවරුන්ගේ ලේ ඥාතීහු, මැරවරයෝ, පාදඩයෝ, හොරු ආදීහු ය. ඔවුන් සමග සාපේක්ෂව ගත් කල නදීෂා, අනර්කලී, ගීතා ආදී ගැහැනුන් සමාජයට කිසියම් සේවාවක් කළ අයයි. ඔවුහු සිය රූ සපුවෙන් හෝ අප සනසා තිබේ.

ඔවුන් දේශපාලනයට පැමිණීමත්, දැන් ඉන්න එවුන් දේශපාලනයේ සිටීමත් අතර වෙනසක් නැත. මෙතැන තිබෙන්නේ පිරිමින් තුළ ස්ත්‍රීන් කෙරෙහි සාමාන්‍යයෙන් පවතින භීතියයි.

පහත පළ වන්නේ අප 2010දී මෙම ප්‍රශ්නය හා අදාළව ලියූ ලිපියකි.

‛ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය | 'Burning Times' and the power of Sri Lankan woman

රියර්ගේට් බ්ලොගයේ ද ‍මේ පිළිබඳව 'නදීෂාගේ කකුල් වලට ඇති බය' මැයෙන් අගනා ලිපියක් පළ වී තිබේ.

මේ අතර එචිලන් සඟරාව විසින් නම් කර තිබුණු ලංකා‍වේ බලවත් ම ගැහැනු 50දෙනා ගැන කියැවූයෙමි. ඒ බොහෝ කාන්තාවන් ගැන මා ඇසුවේ පළමු වතාවටයි. නදීෂාට බය මහත්වරුනි මෙම පිටු කියවා තව බියපත් වන්න.
The 50 Most Powerful Women
The 50 Most Powerful Women

The 50 Most Powerful Women

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. වටිනා ලිපියක් , ඒවගේම ලින්ක් වලින් ගිහින් ගොඩක් දේවල් හොයාගත්තා

    ReplyDelete
  2. නදීෂා හේමමාලි ඔච්චර බය ඇයි?

    මේ ලිපිය මම දැක්කේ ගොසිප් සයිට් එකක තිබිලා. ගොසිප් කාරයෙක් මේ වගේ ලිපියක් දාපු එක ගැන සතුටු වෙනවා.

    ReplyDelete
  3. ලෝකෙ ලොකුම "පිම්පිගහණය" වර්තවෙන්නෙ ලංකාවෙන්. ගෙදර ගෑනිව අරාබියට යවල උන්ගේ සියලු ඕන එපාකම් පිරිමහල එවන තුට්ටු දෙකෙන් හවසට දෙකක් දාගෙන ලාංකීය අභිමානය ගැන බාර් වල දේශන පවතවනවා.අන්ර්කලීගේ ඇඟ දිහා බලල ඇහැට සැපක් අරගෙන චන්දෙදි ඒකිට කතිරෙකුත් ගහල මහින්ද ලොක්කගේ ඉඳන් සුදර්මන් රදලියගොඩ දක්වා එකී මෙකී ලොක්කො සොක්කො කෙල කෝටියක් අපේ බඩට කෙලිද්දී එව්වා නොදැක්ක වගේ අනර්කලී වේදිකාවේ තොදොල් වෙන එක ගැන දුක් වෙනව.

    ReplyDelete
  4. " ඔවුන් සමග සාපේක්ෂව ගත් කල නදීෂා, අනර්කලී, ගීතා ආදී ගැහැනුන් සමාජයට කිසියම් සේවාවක් කළ අයයි. ඔවුහු සිය රූ සපුවෙන් හෝ අප සනසා තිබේ."

    පැරා යහ පාලනයක් සහ සධාරණ සමාජයක් පිනිස කතිකාවක් ගොඩ නැගීමට උත්සුක වන ඔබත් මෙසේ පවසයි නම් ???
    සුදු චරිතයක් නිරූපණය කල උපේක්ශා ට පෝලිමේ ගොස් කතිරය ගැසූ නූතන චන්ද දායකයා කෙසේ හැසිරේවිද ??

    ReplyDelete
    Replies
    1. මෙතන පරස්පරයක් නැහැ පත්තර මල්ලි. මම ගනිකා වෘත්තිය ප්‍රවර්ධනය නො කරන, එහෙත්, එයට විරුද්ධ නැති කෙනෙක්. මම එය සලකන්නේ තවත් එක් රැකියාවක් ලෙසයි. ඉතින් වෙනත් ඕනෑම රැකියාවක් කරන කෙනෙකුට වගේ ම ගනිකාවක‍ට වුණත් ඡන්දෙට එන්න අයිතිය තිබෙනවා. දැන් මෙහෙම කිව්වා ම මම මේ කාන්තාවන් ගනිකාවන් ය කියනවා ය කියා වරදවා වටහා ගන්න එපා. මම එහෙම කිව්වේ ඔවුන් එසේ යයි ඇතැමුන් චෝදනා කරන නිසායි.

      Delete
    2. නෑ පැරා
      මම අදහස් කලේ මෙවන් පතෝල කරල් පාර්ලිමේන්තුවට හෝ පලාත් පාලන ආයතන‍යකට යවා සිදුවන හොඳක් ඇද්ද යන්නයි !

      ඉඟුරු දීල මිරිස් නොගෙන සුදුලුනු ගත්ත වගේ වැඩක්නේ වෙන්නේ !!

      Delete
    3. @ පත්තර මල්ලි

      ඔයාට වැරදිලා පත්තර මල්ලි. ඔවුන් ඔබ අපට වඩා ජීවීතය ජයගත්ත මිනිසුන්.. පුරුෂාධිපත්‍යයෙන් තොරව. මනුෂ්‍යයන් ලෙස ඔවුන් අපට වඩා බොහෝ ඉදිරියෙන් ජිවීතය ජයගෙන ඇත. ඒ ගමන් මග රෝස මල් යහනාවක ගමන් මගක් නොවන බවත් තරයේ මතක තබා ගන්න.

      Delete
    4. මේකයි මාතලන් අයියේ
      ජීවිතය ජයගත්තා වෙන්න පුලුවන් නැත්තන් ඔවුන් එතනට ආ ක්‍රමය විශම වෙන්නත් පුලුවන්.

      නමුත් මගේ ප්‍රශ්නය ඔවුන් ගේ සුදුසුකම් හෝ අත්දැකීම මොනවද කියන එක.

      ඒ වගේම දැන් ඉන්න ගොං රැලට තව එල වැස්සියො එකතු කරන එකේ තේරුම?

      සුදුසුකම් ඇති ගැහැනුන් එමටයි මාතලන් . !!

      Delete
  5. I wonder why Dr Nimalka Fernando is not in the top 50 !!!

    ReplyDelete
    Replies
    1. මං හිතන විදියට මේ ලයිස්තුව හදන සිලෙක්ෂන් ක්‍රයිටීරියාව සීමාවී තියෙන්නේ ව්‍යාපර හෝ රාජ්‍ය පරිපාලන අංශවලට පමණයි.

      කලා, අධ්‍යාපන අංශ නියෝජනය වී නෑ.

      Delete
  6. පැරා කියා ඇති සේ, මාත් මෙය දකින්නේ පුරුෂෝත්කර්ෂවාදෙය් ප්‍රථිපලයක් ලෙසයි. මෙය All men are equal කියා ලියා පසුව එය යැයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුදෙව්-බටහිර චින්තයේ ප්‍රතිඵලයක් ලෙස නලින්ද බාප්පා හෝ ප්‍රඥ්ඥාංකුර මහප්පා කිව්වොත් මා විරුද්ධ වෙන්නේ නෑ.

    පෙරදිග බමුණු මතයද ඟෙයට නොදෙවෙනියි. බුදුන් පවා භික්‍ෂුණීකම දුන්නේ කුඩම්මා කොච්චර ඇඬුවායින් පසුවද?


    ReplyDelete
    Replies
    1. Katandara ,
      Ela katawa ban!!
      This is a kind of √-1 answer where all the opponents may go off!!
      Clement Peris

      Delete
  7. ඊශ්‍රායල් පාර්ලිමේන්තුවේ භාගයක් ඉන්නේ ගැහැණු අය .. ඒ රටේ සංවර්ධනය,අධ්‍යාපනය ,ගමනාගමනය ,ස්වුක්‍ය ආදී හැම අංශයක්ම දියුණුයි ,,දුෂණ අඩුයි ,,, පාර්ලිමේන්තුවේ නීති රීති හරිම ලස්සනයි ,, ගැහැණුන් කතා කරද්දී කොච්චි කරල් වගේ අහන් ඉන්න ආසයි ,,

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් එහෙම විය යුතුයි.

      Delete
    2. ඇයි ඊශ්‍රායල්, ළෝකයේ පලවන අගමැතිවරිය ලංකාවෙන්. එයාගේ කනිටු දුවනිය ජනාධිපතිනි.. ඒත් මෙළෝ රහක් නෑ. ඔතන තියෙන්නේ ගෑණු පිරිමි ප්‍රශ්නයක් නෙමෙයි.. ටැලන්ට් එක ගැන ප්‍රශ්ණයක්.. මොකෝ ජනාධිපති උනත්.. එයා පිරිමින්ට සෙකන්ඩ්.. ඉතින් කොහෙමෙයි එයයිලගෙන් වැඩක් වෙන්නේ..

      Delete
    3. ඔව් ඒක තමයි අන්තිමට ඒ ගැහැණුන්ගේ චරිත ගාතනය කරනවා

      Delete
    4. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ චරිත ඝාතනය සාමාන්‍ය දෙයක්. නමුත් අපි බලන්න ඕන ඔවුන් රටට යම් දෙයක් කලාද කියන දේ..

      Delete
  8. ගණිකාවන්ටත් දේශපාලනය කරන්න ඉඩ තිබිය යුතුයි.ඉන්දියාවෙ ගණිකා සංගම් දේශපාලනයට බලපෑම් කණ්ඩායම් ලෙස බලපෑම් කරනවා.

    ReplyDelete
    Replies
    1. ගැහැණුන් පිරිමින් කියලා වර්ග කරන්න ඕනේ නැහැ තමයි නමුත් මෝඩ ගැහැණුන් දේශපාලනයට එකතු උනාම රටේ දේශපාලනේ තියෙන තැනින් තවත් පහලට යනවා .

      Delete
    2. parliment 1e enna, desapalanaya kerana pirimi okkomalla Buddtmathunda?

      Delete
    3. නැහැ මොඩයෝන්ට තවත් මෝඩයෝ එකතු වෙන නිසයි කීවේ :)

      Delete
  9. නිළි දේශපාලකවරියන්ට බණින අයගෙන් අහන්න තිබෙන්නෙ නදීශලට පබාලට තිබෙන දැන් දේශපාලනය කරන අයට නැති නරක මොකක්ද කියලයි.බ්‍රෝතල් හවුස් එකේ ඉදන් එළියට ආපු වෙලේ ඉදන් ඔය ඊනියා සුචරිත මහත්තුරු ගෑනුන්ගෙ කකුල් වලට බය වෙනවා.සදාචාර මහත්තුරුනේ උඹල හීනෙන් දකින අතේ ගහන කකුල් වලට චන්දෙ දෙන්නත් අවස්ථාවක් ඇවිල්ල.උඹලගෙ අත් වලට වඩා මේ ගෑනුන්ගෙ කකුල් පිරිසිදුයි.බඩුකාරයන්ට දොස් නොකියන සමාජය ගොන්නුන්ට දොස් කියන්නෙ ඇයි කියන එකයි මට තිබෙන ප්‍රශ්නෙ.රං බන්ඩ කිව්වට ගොන්නු අහිංසකයි කියල මම කියන්නෙ නෑ.බඩුකාරයන්ට වගේම ගොන්නුන්ටත් සිවිල් බලයක් තිබෙනවා.

    ReplyDelete
  10. නදීශා රඟපාපු එක ටෙලියක් බැලුව ඒත් නම අමතකයි. ඒක නිෂ්පාදනයත් එයාමයි. ඒක හොඳ නාට්‍යක්.

    මගේ අදහස නදීෂා තෝරාගැනීම ඉතාම අගනා ප්‍රචාරක උප්ක්‍රමයක් මෙන්ම විරුද්ධවාදියා නන්නත්තාරකල තුරුම්පුවකි. මොකද ගීත ඇතුලෙ වලි දා ගත්දි අලි නියම ගේම් ගහනව. අහන්න දෙයක් නෑ. කරු ඉන්නවනෙ උපදේශක මන්ඩලේ. ඒ නිසා ගම්පහ ගේම ආයි ගහනව වගේ. බලමු!

    ReplyDelete
    Replies
    1. apahu 18 anduwata puja karala thama karuwa apahu nawathinne :P

      Delete
  11. නදීශාගේ දේශපාලන ආගමනය යහ පාලනයක් ගොඩ නගන්න හරි නැත්තම් ඔය කෑ ගහන උන් කියන විදිහට පාර්ලිමේන්තුවේ පාරිශුද්ධත්වය කෙලෙසෙන්න හරි දක්වන දායකත්වයක් නෑ.එකී ආවයි නාවයි කියලා දැන් යන දේශපාලන ක්‍රමේ දශමයකින්වත් වෙනස් වෙන් නෑ.
    හැබැයි යුඇන්පීය පැත්තෙන් සැබෑ වෙනසක්. පහුගිය පස් හය අවුරුද්දටම යුඇන්පීයේ නිවුස් වැදුනේ ගෙදර ගොරියි.අන්න තව එකෙක්ව දෑත් හයිය කරන්න පැටේව්වා කියලා විතරයි,
    මෙකෙන් යන්තං හරි යුඇන්පීය කියලා පක්ෂටක් තියෙනවා දැනුනා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා