ඉහළ තනතුරකට පත් වන්න කැමති නම් කියවන්න
( 2010 දෙසැම්බර් 16, W3Lanka ) මේ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා අද දිනමිණ පුවත්පත සමග කරන සම්මුඛ සාකච්ඡාවක කොටසකි. අප මෙය පළ කරන්නේ ඉහළ තනතුරුවලට පත් වන්නට කැමති අපේ පාඨකයන්ට ඒ සඳහා ඇති මාර්ග පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. * කොහොමද සභාපති පුටුවට ආවේ ? මම පුතාව ඩී. එස්. සේනානායක විද්‍යාලයට දාගන්න ගිහින් එහි ආදි ශිෂ්‍ය සංගමයට කිව්වා මොකක් හරි උදව්වක් ඕනෙ නම් කරල දෙන්නත් කැමැතියි කියලා. එතන දී මට ව්‍යාපෘතියක් කරන්න ලැබුණා. පස්සෙ ඒක මට ප්‍රමාණවත් මදි වගේ හිතුන නිසා මම ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිගෙන් ඇහුවා තව මොනවද කෙරෙන්න ඕනෑ කියලා. එතකොට ඔහු කිව්වා නාමල් රාජපක්ෂ මහත්තයට හම්බන්තොට ව්‍යාපෘතියක් ඇඳල දෙන්න පුළුවන්ද කියලා (මෙම තැනැත්තා වරලත් වාස්තු විද්‍යාඥයෙකි). මම ඒකත් කළා. ඒක ජනාධිපතිතුමාගේත් සතුටට හේතු වුණා. දවසක් නාමල් මන්ත්‍රීතුමා මගේ ජීව දත්ත තොරතුරු පත්‍රයක් ඉල්ල ගත්තා. කිසිම දෙයක් කියන් නැතුව මට කිව්වා ආරක්ෂක අමාත්‍යාංශයට සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා. පස්සෙයි මම දන්නෙ මේ තනතුරට මාව තෝරගෙන කියලා. මම මුලින් කැමති වුණ...