Posts

Showing posts with the label ශාන්ත විජේසූරිය

විදෙස්ගත අනතුරට පත් සැබෑ මාධ්‍යකරුවන් වෙනුවෙන් කුමක් කරමු ද?

Image
මේ වන විට සරණාගතයන් ලෙස නේපාලය හා තවත් රටවල ජීවත් වන ශාන්ත විජේසූරිය, ජයම්පතී බුුලත්සිංහල වැනි මාධ්‍යකරුවන්ට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටීමෙන් පසු ලංකාවට පැමිණීමට අවශ්‍යතාව තිබුණත් ආපසු පැමිණීමට නො හැකි වී තිබේ. එයට හේතුව වී තිබෙන්නේ ඔවුන් ආපසු එන්නට නම් නේපාලයේ වීසා නොමැතිව සරණාගතයන් ලෙස රැඳී සිටි කාලය වෙනුවෙන් දඩ ගෙවීමට ඔවුන්ට සිදු වී තිබීමයි. මේ අනුව, වසර තුනකට ආසන්න කාලයක් නේපාලයේ සරණාගතයකු ලෙස රැඳී සිටින ශාන්ත විජේසූරිය ආපසු එන්නට නම් නේපාල රජයට රුපියල් ලක්ෂ හතක දඩ මුදලක් ගෙවීමට සිදු වී ඇති බව ඔහු විවර ඊ නිව්ස් වෙබ් අඩවියට පැවසුවේ ය. මෙවැනි මුදලක් ගෙවීමේ හැකියාවක් දීර්ඝකාලීන දේශපාලන ක්‍රියාධරයකු හා මාධ්‍යකරුවකු වන ශාන්ත විජේසූරියට නැත. ශාන්ත විජේසූරියට ලංකාවට එන්නට ඇත්තෙන් ම උවමනාවක් තිබේ ද නැද්ද යන්න මම නො දනිමි. එහෙත්, ජයම්පතී බුලත්සිංහලට නම් එවැනි උවමනාවක් ඇති බව ඔහු ප්‍රසිද්ධියේ පැවසුවේ ය. ‍ශාන්ත ජයසූරිය එඩිතර මාධ්‍යකරුවෙකි. ප්‍රභාකරන් මරා දැමීමෙන් පසු රජය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී එම ඝාතන සිදු කළ ආකාරයේ නෛතිකභාවය පිළිබඳ ප්‍රශ්න කරන්නට ඔහුට ධෛර්යය තිබිණි. ඒ ව...

ලංකා ඊ නිව්ස් හා ශාන්ත විජේසූරිය පිළිබඳ ප්‍රශ්නය අවසාන නැත

Image
(2011 ජුනි 09,   W3Lanka )  මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට රිමාන්ඩ් බන්ධනාගාරගත වී සිට අධිකරණයෙන් සමාව ගැනීමට සිදු වූයේ ඔහු පූගොඩ මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා පිළිබඳ ලියූ වාර්තාවකින් අධිකරණයට අපහාසයක් කළ බවට ඔහුට එල්ල කරන ලද චෝදනාවක් හේතුවෙනි. ශාන්ත විජේසූරිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කළ පුවතට හේතු වූයේ බීමතින් වැරදි ලෙස හැසිරෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන යමින් සිටියදී ජීප් රියෙන් පැන තුවාල ලබා 2010 අගෝස්තු 13දා මිය ගිය සැකකරුවකුගේ මරණය පිළිබඳ අත්අඩංගුවේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යුක්තිය ඉටු නො වීම පිළිබඳ කාරණයකි. මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව සාක්කි නැති නිසා ඔවුන් නිදහස් කරන ලෙස නීතිපතිවරයා නියෝග කර තිබියදීත් මහේස්ත්‍රාත්වරයා ඔවුන් සම්බන්ධ නඩු කටයුත්ත ඉදිරියට ගෙන යමින් ඔවුන් දිගට ම රිමාන්ඩ් භාරයේ තැබීම ඔහු විසින් විවේචනයට ලක් කර තිබිණි. එයින් අධිකරණයට අපහාසයක් වී යයි පිළිගෙන ලංකා ඊ නිව්ස් පරිපාලනය සමාව ගෙන තිබියදීත්, මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර අධිකරණයේදී අවමන් සහගත ලෙස ඔහුට සමාව ගන්නට සලස්වා අවවාද කර ඔහු නිදහස් කිරීමට...

ලංකා හා ඊ නිව්ස් එක රූප රාමුවක

Image
(2011 පෙබරවාරි 03,  W3Lanka )   ඩේලි මිරර් පුවත්පතින් උපුටා ගනු ලැබූ පසුගියදා ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එල්ල කරන ලද ප්‍රහාරයට එරෙහිව පැවති උද්ඝෝෂණයේදී ප්‍රදීප් දිල්රුක්ෂණ විසින් ගන්නා ලද මෙම ඡායාරූපය අප පළ කරන්නේ එහි ඇති සුවිශේෂීභාවය නිසා ය. මෙහි ඉදිරියෙන් සිටින්නේ නිරන්තරයෙන් තර්ජනයට මුහුණ දෙන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ ප්‍රමුඛ මාධ්‍යවේදී ශාන්ත විජේසූරියයි. පසුබිමින් සිටින්නේ පසුගිය සමයේ දැඩි මර්දනයකට මුහුණ දුන් තවත් මාධ්‍යවේදියකු වන ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්තයි. 

ශාන්ත විජේසූරිය: අපේ කාලයේ සජීවී වීරත්වය

Image
( 2010 දෙසැම්බර් 09,  W3Lanka )  ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සේවය කරන ශාන්ත විජේසූරිය සහෝදරයාට ගුවන් තොටුපලේ මැරවරයෝ පහර දුන් හ. ඒ ඔහු වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා ඇතුළු පිරිස ලංකාවට පැමිණීම වාර්තා කිරීමට ගොස් ඔවුන් සමග සිටියදී ය.  මා මෙහිදී වාර්තා කිරීම යන යෙදුම භාවිතා කළ ද ශාන්තට වාර්තා කිරීම යනු වැදගත් ම දෙය නො වේ. මන්ද, ශාන්ත යනු ජනමාධ්‍යකරුවකුට වඩා වාමාංශික ක්‍රියාකාරිකයකු වන නිසා ය.  මම ශාන්ත මගේ මිතුරකු ලෙස සලකමි. කිසිදු කොළඹ වාම කල්ලියක සාමාජිකයකු නො වන, කිසිවකුගේ ටිං එකක පදිංචිව නැති හුදකලා ක්‍රියාකාරිකයකු වන මෙම ලේඛකයා මිතුරකු ලෙස සැලකීමට බොහෝ වාමාංශිකයෝ කැමති නැත. එහෙත්, මා දන්නා ශාන්ත වාමාංශිකයන්ගේ මෙම පටු සීමාව ඉක්මවා ගිය අයෙකි. මා දන්නා තරමින් ඔහු ද කිසිදු වාම කල්ලියක සාමාජිකයෙක් නො වේ.  ජවිපෙන් ඉවත් වූ පූර්ණකාලිකයකු වන හේ කලක් නව සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු ව සිට පසුව එයින් ද ඉවත් වූයේ ය. ශාන්ත කොළඹ බොහෝ දේශපාලන කණ්ඩායම් සමග ක්‍රියාකාරීව හිඳ, පසුව බරපතල ගැටුම් ඇති කර ගත් අයෙකි. ගැටුම්වලදී ඔහු රළු ය. එහෙත්, ඔහුගේ...