බාප්පා ඔබ දෙස බලාගෙන / Big Bappa is looking

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇති කරුණක් වන්නේ යුද හමුදා බුද්ධි බලකාය බලඇණි හයක් දක්වා වැඩි කළ යුතු බවයි.


ලංකාවේ බුද්ධි අංශය යයි කියන්නේ intelligence wingsවලට ය. මෙතැන ඇති intelligence බුද්ධිය හා සම්බන්ධ දෙයක් නො ව ඔත්තු බැලී‍මට සම්බන්ධ දෙයකි. 


හේතුව පැහැදිලි ය. ප්‍රචණ්ඩත්වය ඇති වීමට හේතු නැති කර සාමය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර රජය ගෙන නැති හෙයින් රජයට අංක එකට දෙමළ ජනයා ද, ඊළඟට රටේ අනෙකුත් ජනතාවන් ද, විශේෂයෙන් ම දේශපාලනික වශයෙන් සක්‍රිය ප්‍රජාව ද, මොළේ තිබෙන මිනිස්සු ද, සරසවි ශිෂ්‍යයෝ ද, විපක්ෂය ද, තමන්ගේ පක්ෂයේ අය ද, තම තමන්ගේ ම අය ද, තමන් ම ද සැක ය.


ඒ නිසා ඔත්තු බැලිය යුතු ය. සරසවිවලට වැඩි වියදමක් වැය කර රක්නා ලංකා නම් රජයේ ආරක්ෂක සේවය යොදවන්නේ ඒ නිසා යයි සරසවි ප්‍රජාව සැක කරයි.


රුසියාවේ සමාජවාදී නමින් ක්‍රියාත්මක වූ ඒකාධිපති රෙජිම බලයේ සිටි සමයේ කේ.ජී.බී. රහස් ඔත්තු සේවය ගැන අපූරු කතාවක් තිබිණි.


එක් පුද්ගලයෙක් නිකමට මෙන් දුරකථන කුටියකට ගොස් කේ.ජී.බී.යේ දුරකථන අංකයට කතා කර 'ඔය කේ.ජී.බී. ද?' යි අසයි.


'ඔව්, මොකක්ද උවමනාව?' යන පිළිතුර ලැබෙනවාත් සමගම දුරකථනය ආපසු තබන හේ ඈතින් පිහිටි වෙනත් දුරකථන කුටියකට ගොස් එය ම කරයි.


තුන්වන දුරකථන කුටියට ගොස් කේ.ජී.බී.යේ දුරකථන අංකයට කතා කර 'ඔය කේ.ජී.බී. ද?' යි අසන විට 'ඔව්, මොකක්ද උවමනාව?' යි පිළිතුර එන්නේ ඔහුගේ පිටුපසිනි. හැරී බලන විට ඔහු පිටුපසින් කේ.ජී.බී. නිලධාරියෙක් සිටගෙන සිටියි.


නැගෙනහිර ජර්මනියේ එරික් හොනෙකර් යුගයේ ඒකාධිපති රෙජිම රටේ මිනිසුන්ගේ ජීවිත ගැන ඔත්තු බැලූ අන්දම ගැන අපූරු නාට්‍යමය චිත්‍රපටයක් නිර්මානය කර තිබේ. එහි නම Lives of Others ය. එහි ජර්මානු නම Das Leben der Anderen ය. Florian Henckel von Donnersmarck නම් සිනමාකරුවකු විසින් නිර්මානය කරන ලද මෙම චිත්‍රපටය 2006දී හොඳම විදෙස් භාෂා චිත්‍රපටය ලෙස සම්මාන ලැබී ය. සොයාගෙන බලන්න.


සැකය බිය උපදවයි. බිය ප්‍රචණ්ඩත්වය උපදවයි. රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ප්‍රජාතන්ත්‍රවාදී මහජන අයිතිවාසිකම් පැහැර ගනියි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හරියටම හරිය. මේ වගේ ලියන අයට විරුද්ඪව කතා කරපු කාලෙකුත් තිබුනා. දැන්නම් ඉතින් ..................

    ReplyDelete
  2. http://thepiratebay.org/torrent/6158096

    ReplyDelete
  3. "සැකය බිය උපදවයි. බිය ප්‍රචණ්ඩත්වය උපදවයි. රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ප්‍රජාතන්ත්‍රවාදී මහජන අයිතිවාසිකම් පැහැර ගනියි."

    I would like to add a few sentences...
    ...මහජන අයිතිවාසිකම් හිමි අය...යටත් වැසියන් ලෙස ජීවත් වන්නේ නම්...කට පියාගෙන...දෙන දෙයක් කාල...එහෙයි හාමුදුරුවනේ කියල ජීවත් වී මැරී යයි...අවසානයට ප්‍රචන්ඩත්වය පාවිචිචි කරමින් අරාජිකත්වයට සමාජය ගෙන යයි...
    ...මහජනයා සිවිල් පුරවැසියන් ලෙස සිතන්නේ නම්...හිතට එකඟව ජීවත්වීම සියල්ලට වඩා ඉහලින් තබන්නේ නම්...හඬක් නගයි...සිය අයිතිවාසිකම් රැක ගැනීමට පෙරට එයි...අවසානයට ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදී...සාමකාමී ලෙස වඩා යහපත් වෙනසක් සඳහා දායකවීම සිදුවෙයි.

    ReplyDelete
  4. Intelligence Wing = බුද්ධි අංශය......හෙහ්, හෙහ්....අපේ මිනිස්සුංගෙ බුද්ධිය තමයි මේකෙන් පෙනෙන්නෙ. ඔය වගෙ තව තියනව.......ඉංග්‍රීසි භාෂාවෙ ද්විත්ව අර්ථ ගැන අවබෝධයකින් තොරව තමන් දන්න අර්ථය ගැන විතරක් සලකල අමු අමුවෙ කරපු පරිවර්තන.

    General Manager = සාමාන්‍යාධිකාරී....මේ තව බක පණ්ඩිතයෙක්ගෙ පරිවර්තනයක්,

    මෙතන අපූරුම වැඩේ ත්‍රස්තවාදය උපරිම කාලයේ තිබූ ප්‍රමාණයටත් වඩා බුඩ්ඩි අංස පුලුල් කරන්ට යන එකයි. ආයෙ වැඩිදුර හිතන්ට දෙයක් නෑ......උදෑසන ඉර එළිය වගෙ පැහැදිලියි නෙව කාරණේ.....

    ReplyDelete
  5. යමකට ඔබට ස්තූති කිරීමට අවශ්‍යයි.
    මම සමේරියා බැලුවේ ඔබ නිසා.
    මේ ෆිල්ම් එකත් බැලුවා මේ දැං.
    ස්තූතියි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා