ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අපි නැවත් අවධාරණය කරමු / Fight for an international investigation on Sri Lanka's drug deals

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අප කීවේ දෙසතියකට පමණ ඉහතදී ය. කාගේවත් සීරියස් අවධානයක් එයට යොමු වූ බවක් අපට දක්නට නො ලැබිණි.


අද වන විට, රනිල්ගේ අයියා වන, ටී.එන්.එල්. හා ඉසිර ගුවන් විදුලි සේවාවන්හි අයිතිකරු හා මාධ්‍යකරුවකු වන ශාන් වික්‍රමසිංහට මේ කුඩු ප්‍රශ්නය නිසා මරණ තර්ජන එල්ල වී තිබේ. ඒ පිළිබඳ ඔහු පොලිසියට හා තානාපත් කාර්යාලවලට පැමිණිලි කර තිබේ.


සිද්ධිය ඔහුගේ ම වදන්වලින් මෙසේ ය: "භාරත ලක්ෂ්මන්තුමා මැරුණට පස්සේ දුමින්ද සිල්වා කියන එක්කෙනා ඉස්පිරිතාලේ හිටියා.කුඩු මාකට් එක වැටිලා කියල පත්තර වල තිබුනා දැන් කුඩු නෑ කියල මාකට් එකේ.ඒ වගේම ස්ටොක් එක්ස්චේන්ජ් එක වැටිලා කියල චෙක් කරන් යනකොටඅපි දැක්ක රිලේෂන් එකක් තියෙනවා කියල කුඩු මාකට එකටයි ස්ටොක් එක්ස්චේන්ජ් එකටයි.


මේ කුඩු ගෙන අය තමයි බ්ලැක් මනි ගෙනත් ස්ටොක් එක්ස්චේන්ජ් එක වටේ දුවන්නේ. මොකද රජය කියනවා ස්ටොක් එක්ස්චේජ් එක තමයි ආසියාවේ හොඳම එක කියල. ඉතින් අපි බැලුව ස්ටොක් එක්ස්චේන්ජ් එක බහින්නේ කොහමද එකපාරට කුඩු මාකට් එක හින්දා.


ගිය සිකුරාදා උදේ අපිට ආරංචි උනා හොඳ මාධ්‍යයකින් දැන් මේ දිලිත් ජයවීර මහතත්යත් දුමින්ද සිල්වා මහත්තයත් එයාගේ අයිය රෙනොර් සිල්වාත්, වරුණි අමුනුගම අමුණුගම අමාත්‍යවරයාගේ දියණියටත් තියෙනවා කියල ඉන්ටර්කෝන් එකේ ලොකු කාමරයක්.එකේ ඉදන් ගොඩක් ඒවා කියල තියෙනවා..එකේ කියපු එක කාතාවක් මම කිව්වේ..ඒ ගොල්ලෝ බය වුනා මම කොහමද මේක දැනගත්තේ කියල.


මේ අතර දිලිත් ජයවීර මහත්තයගේ දෙරණ නාලිකාවේ මාධව මහත්තය මගෙන් කතා කරලා ඇහුවා ඇයි අපේ බොස්ට කුඩු කාරය කිව්වේ හොරා කිව්වනම් කමක් නෑ කියල.


වරුණි අමුණුගමත් මේකේ පාර්ට්නර් කෙනෙක්.ඊයේ ෆෝන් කරලා තියෙනවා මගේ දුවට.කතාකරලා ඉස්සෙරලා හොඳට කියල..ඔයාගේ තාත්තටමේ වගේ දේවල් කියන්න එපා කියලා.ඊට පස්සේ කියල හිතන්නෙපා ඔයාගේ තාත්තට ජිවතුන් අතර ඉන්න දෙනවා කියල තර්ජනය කරලා"


ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ යයි චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් හා ඉහළ ම දේශපාලන හා රාජ්‍ය අධිකාරීන් අතර ඉතා ළඟ සම්බන්ධයක් තිබේ.


මොවුන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදීමෙන් ඉපයූ මුදල් මෙරට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ද, විවිධ පුද්ගලයන්ට වරප්‍රසාද ලබා දී තමන් වෙත නතු කර ගැනීම සඳහා ද යොදා ගන්නට ඇති බවට සැක කිරීම සාධාරණ ය. එසේ කර තිබේ නම්, ඒ වනාහි පැහැදිලිව ම අයථා අන්දමින් ජනමතය හැඩගස්වා ගැනීමකි. 


එසේ වී නම්, එය ලෝක පරිමාණයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදයට, යහපාලනයට හා මානව හිමිකම්වලට එල්ල කළ අභියෝගයකි.


මේ පිළිබඳ දේශීයව අපක්ෂපාතී පරීක්ෂණ කළ නො හැකි ය.


ලජකාවේ රාජ්‍ය අධිකාරිය හා මත්ද්‍රව්‍ය ජාවාරම් අතර සම්බන්ධයක් ඇතැයි එල්ල වන චෝදනා සත්‍ය ද යන්න පිළිබඳ අපක්ෂපාතී, ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ඒ නිසා ය.


පාලකයන් නිදොස් නම් සිය නම පිරිසිදු කර ගැනීම සඳහා ද එය හොඳ දෙයකි.


ලංකාවේ පුරවැසියන් මේ පිළිබඳ උනන්දු විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු. විපක්ෂ දේශපාලන පක්ෂවලට දැන් මේවා පිළිබඳ සොයන්නට වෙලාවක් නැත. 


රනිල්ට, සෝමවංශට දැන් තිබෙන ලොකු ම ප්‍රශ්න වී ඇත්තේ තමන්ගේ ම පක්ෂයේ අයගෙන් බේරීමයි. මෙවැනි වැඩකට අත ගසනවා නම් ඒ ප්‍රශ්න වුව යටපත් කර ගත හැකි වනු ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. [[කාගේවත් සීරියස් අවධානයක් එයට]]

    කාගේවත් කියා කියන්නේ අපි වගේ ඔටුවෝ ගැනද? නැතිනම් මේ රටේ ලෝකේ කරුණු බලා වදාරන 1% උත්තමයින් ඔබේ මේ බ්ලොග් පඩන්ගුව බලනවා කියන උන්මාදයකින් ද?

    "කාගේවත්" කිව්වේ අපි ගැන නම, 100% එකඟ වෙන කොටත් මිනිස්සු මොකුත් නොකියා ඉන්න බව ඔබ දන්නේ නැද්ද?

    ඔබතුමා අවදියෙන් ඉන්න විචාරකයෙක් කියා හිතෙන හින්දයි මෙහෙම කියන්නේ. අපි මොහොතකට මේ විවේචකයින් විචාරකයින් විපස්සයින්, එන්ජිඕ කාරයින් යන සියලු දෙනාගේ [ඔබද ඇතුළුව] කොටි සංරචකය පැත්තකින් තියමු [මොකද මේ කතාවට එක බාධාවක්]. මේ කට්ටිය ආණ්ඩුවට කීයක්‌ එව්වා කියලා බනිනවද? ඒ කතා වලින් කොච්චර හරියක් පට්ටපල් බොරුද? ඒ බව තේරීමෙන් ජනතාව කොයි තරම් ඔවුන්ගෙන් ඈත් වෙනවද? එකට ඔවුන් කරන්නේ ජනතාවටත් බනින එක නේද?

    එහෙව් අල්ල පනල්ලේ නාකි ශාන් කාරයා නොඉන්න මේ සාධාරණ විවේචනය කරන්න හැකි එකෙක් නැත්තේ ඇයි? කතා කල යුතු හා නොයුතු දේ ගැන මුන්ට මෙලෝ හසරක තේරුමක් නැති හැටි නේද?

    දැන් ගන්න අර පසෙක ලු කොටි සංරචකය. කොටියා මරපු එක හරි හෝ වැරදි කියමු [අපි එක වෙනම කතා කරමු]. ඒත් ඒක කියලා මේ සාධාරණ විවේචනය චොර කර ගන්නේ ඇයි? මේ ගැන විවේචනය කරන බොහෝ "විද්වතුන්" බාගයක් වෙලාවට කියවන්නේ කොටි මරපු එකේ වැරදි. හිතනවද මේ රටේ මිනිස්සු ඔය වගේ කට්ටියට එකතු වෙයි කියලා ශාන් මහත්තයා කියන සාධාරණ විවේචන වලට වත්.

    ආණ්ඩුවකට විරුද්ධ වෙන්නත් මොලයක් තියෙන්න ඕනේ. මේකයි අපේ රටේ ඉන්න වත්මන් පාලකයින්ට රජ මගුල්. ජනතාවට බනින එකේ තේරුමක් නැහැ, බුරුවන්ට වඩා හොරුන්ට මිනිසුන් චන්දෙ දෙන චාන්ස් එක වැඩියි.

    උදාහරණ අවශ්‍ය නම් ජස්මින් සිට ඔකියුපයි දක්වා විප්ලවකාරයින් දිහා බලන්න. පරණ වල්පල් පුද්ගලික අජෙන්ඩා තරහ මරහ ලොකු දේශනා නැතුව කොයි කාටත් එකතු විය හැකි විරෝධතාවයක් "මුලික ප්‍රශ්න පමණක් පදනම කරගෙන" මෙහෙයවන හැටි.

    ඔන්න ඔතන හදා ගන්නේ නැතුව මේ ප්‍රශ්නයට ජාත්‍යන්තරෙන් එනකම් බලා ඉන්න එකත් දෙවන ලෝක යුද්ධෙට ආ ගුවන් යානා ආයිත් එනතුරු බලා සිටින තවත් එක කාගෝ කල්ට් එකක් වගේ නොවේද?

    ReplyDelete
  2. කොටස් වෙළද පොල බිඳ වැ‍ටුනේ මුල්ලේරියා සිද්ධියට කලින් නේද?

    ReplyDelete
  3. Neha Mulleriyawa siddiya wela paya 48kin Stock Market eka wetuna. Kuddo okkoma baya una. Duminda kudu Raja hospital eke nisa anith eun maha parimana business karanna bayai. Duminda hospital eken apu gamanma ayeth stock market eka naginawa. badu sure. E nisa bayawenna epa.

    ReplyDelete
  4. meka gena hoyannaooni a nisaa thamai .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා