Posts

Showing posts with the label හෙරොයින්

අගමැති කුඩු ජාවරම් සමග සම්බන්ධ වූ රටක නීතියේ ආධිපත්‍යයට කුමක් වේද?

Image
අගමැතිවරයා ඉවත් කළ යුතු යයි උද්ඝෝෂණයක් දියත් වෙමින් තිබේ. ඉදිරියෙන් සිටින්නේ ජාතික හෙළ උරුමය, බොදු බල සේනා, මව්බිම පත්තරය වැනි බලවේග නිසා මෙය කොන්ත්‍රාත්තුවක් යයි සිතන්නට පුළුවන.  එවිට ඇති වන ගැටලුව වන්නේ මේ උත්සාහ කරන්නේ කාව අගමැති කරන්නට ද යන්නයි. අගමැති වීම යනු අනාගත ජනාධිපති වීම සඳහා සුදුසුකම් සපිරීමේ මුල් පියවරකි. ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් ඩී.බී. විජේතුංග  අගමැති පදවියට පත් කළේ ද වර්තමානයේදී කරන පරිද්දෙන් ම වෙනත් අය කපා රූකඩයක් ඉදිරියෙන් තැබීමට වුව ද ඩී.බී‍. විජේතුංග පවා මේ රටේ ජනාධිපති ධුරයට පත් වූයේ ය. ඒ අගමැති ධුරයේ තිබෙන බලය නිසා ය.  තමන්ට කලින් මැරේ යයි සිතන, අභියෝගයක් නො වන මහල්ලන් අගමැතිකමට පත් කිරීම ආරම්භ කළේ ප්‍රේමදාස ජනාධිපතිවරයා ය. ජනාධිපති මහින්ද රාජපක්ෂට තරම් අගමැති ධුරය සඳහා තරග කරන්නන් සංඛ්‍යාවක් වෙනත් කාටවත් හිටියේ නැත. කුමාර වෙල්ගම වැනි වියපත් බඹරුන්ගේ සිට මෛත්‍රී, ඩලස්, නිමල් සිරිපාල වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨයන්ගේ සිට රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂ දක්වා ම අගමැතිවරු වැහි වැහැලා ය.  ජාතික හෙළ උරුමය ඇතුළු බලවේග කරන්නේ කාගේ කො...

කුඩු කන්ටේනරය නිදහස් කරන්න ලියුම් දුන් පළියට අගමැතිතුමා අස් වෙන්නේ මොකට ද?

Image
ඉස්සර නම් කුඩු සමග කියවුන නම් වුණේ මර්වින්, දුමින්ද ආදියයි.  දැන් පකිස්තානෙන් ගෙන්වූ කුඩු තොගය සම්බන්ධව අගමැති දි.මු. ජයරත්නගේ හා ඔහුගේ පුතාගේ නම ද සඳහන් වී තිබේ.  එහෙත්, මේ කුඩු ජාවාරම්කරුවන් කර තිබෙන්නේ මේ බබාලාව නො මග යවා තමන්ගේ වැඩේ කර ගන්නට මාන බැලීමයි.  නො දන්නාකමට අනේ අපේ අගමැති කාර්යාලයෙන් කුඩු කන්ටේනරය නිදහස් කරන්නැයි කියා ලියුම් පවා දී තිබේ.  මෙවැනි සුළු දේකට අගමැතිතුමා ඉල්ලා අස් විය යුතු නැත.  මෙම ලිපිය පළ කිරීමෙන් පසු අනුරාධ ජයරත්න මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි කුමාරදාස ගිරිබාව මහතා අප අමතා පහත සඳහන් ප්‍රකාශය කළේ ය: අනුරාධ ජයරත්න මහතා අගමැතිතුමාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරනවා. ඔහු මෙතෙක් කිසිදු අවස්ථාවකදී වැරදි ක්‍රියා කිසිවකට නම සම්බන්ධ නො වූ දේශපාලක පුත්‍රයෙක්. ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මහ නාහිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ගිය විට මල්වතු මහ නාහිමියන් පැවසුවේ ඔහුගේ ගුණාංග හේතුවෙන් ඔහු දේශපාලනයට එනවාට පවා තමන් අකැමැති බවයි. මහනුවර දිස්ත්‍රික්කය පුරා ම ඔහු සම්බන්ධයෙන් ප්‍රසාදයක් තිබෙනවා. මෙම පුවත පළ වීමෙන් ඇතැම් බලව...

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අපි නැවත් අවධාරණය කරමු / Fight for an international investigation on Sri Lanka's drug deals

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අප කීවේ දෙසතියකට පමණ ඉහතදී ය. කාගේවත් සීරියස් අවධානයක් එයට යොමු වූ බවක් අපට දක්නට නො ලැබිණි. අද වන විට, රනිල්ගේ අයියා වන, ටී.එන්.එල්. හා ඉසිර ගුවන් විදුලි සේවාවන්හි අයිතිකරු හා මාධ්‍යකරුවකු වන ශාන් වික්‍රමසිංහට මේ කුඩු ප්‍රශ්නය නිසා මරණ තර්ජන එල්ල වී තිබේ. ඒ පිළිබඳ ඔහු පොලිසියට හා තානාපත් කාර්යාලවලට පැමිණිලි කර තිබේ. සිද්ධිය ඔහුගේ ම වදන්වලින් මෙසේ ය: "භාරත ලක්ෂ්මන්තුමා මැරුණට පස්සේ දුමින්ද සිල්වා කියන එක්කෙනා ඉස්පිරිතාලේ හිටියා.කුඩු මාකට් එක වැටිලා කියල පත්තර වල තිබුනා දැන් කුඩු නෑ කියල මාකට් එකේ.ඒ වගේම ස්ටොක් එක්ස්චේන්ජ් එක වැටිලා කියල චෙක් කරන් යනකොටඅපි දැක්ක රිලේෂන් එකක් තියෙනවා කියල කුඩු මාකට එකටයි ස්ටොක් එක්ස්චේන්ජ් එකටයි. මේ කුඩු ගෙන අය තමයි බ්ලැක් මනි ගෙනත් ස්ටොක් එක්ස්චේන්ජ් එක වටේ දුවන්නේ. මොකද රජය කියනවා ස්ටොක් එක්ස්චේජ් එක තමයි ආසියාවේ හොඳම එක කියල. ඉතින් අපි බැලුව ස්ටොක් එක්ස්චේන්ජ් එක බහින්නේ කොහමද එකපාරට කුඩු මාකට් එක හින්දා. ගිය සිකුරාදා උදේ අපිට ආරංචි උනා හොඳ මාධ්‍යයකින් දැන් මේ දිලිත් ජයවීර මහතත්...

කුඩුත් හාමුදුරුවන්ගෙ; නඩුත් හාමුදුරුවන්ගෙ

Image
ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ඇමති ද වේ.  පොලිස් විශේෂ කාර්ය බලකාය අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට ය. එම අමාත්‍යංශයේ සර්ව බලධාරියා ජනාධිපති සහෝදර ගෝඨාභය රාජපක්ෂ ය.  බස්නාහිර පළාත් ඇමති නිමල් ලන්සාගේ නිවසේ කුඩු තිබේදැයි සොයන්නට පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණියේ ය. සෝදිසිය කර තිබෙන්නේ සෝදිසි වරෙන්තුවක් නැතිව බව කියනු ලැබේ.  ඊට පසු එයට විරෝධය පළ කරන්නට‍ මෙන් ජනාධිපතිවරයා ලන්සාගේ නිවසට පැමිණියේ ය. පැමිණියේ තවත් ජනාධිපති සහෝදරයකු වන ගම්පහ දිස්ත්‍රික් නායක හා ඇමති බැසිල් රාජපක්ෂ සමගයි.  ආණ්ඩුවේ දේශපාලකයන්ගේ නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාර සමග ගෑවීම මෑත වකවානුවේදී සුලබ වී ඇත. එවැනි දේශපාලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ඉහළම නායකයන්ගේ මැදිහත්වීම ද දක්නට ලැබේ.  මීගමුවේ ලන්සාගේ "හොඳ නම" පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවෙන් කෙළෙසී ඇති බව කියැවේ. ලන්සා හා ඔහු සමග ගනුදෙනු කරන ධනවත් ව්‍යාපාරිකයන් පිරිසකගේ නිවෙස් සෝදිසි කිරීම පිටුපස යම් නිශ්චිත තොරතුරු තිබෙන්නට ඇත. ඇතැම් විට මෙම සෝදිසිය පිළිබඳ ‍ඔත්තුවක් මෙම නිවෙස් හිමියන්ට කලින් ලැබෙන්නට ද ඇත.  මීගමුවේ එක්සත් ...

කොළඹට කුඩු බෙදූ ලාලිත්‍ර අත්අඩංගුවේ; අනුග්‍රාහක තවම එළියේ

(2011 ජුනි 13,   W3Lanka )   හෙරොයින් කිලෝ හතකට වැඩි ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගනු ලැබූ පකිස්තානයෙන් ලංකාවට කුඩු ආනයනය කර විකුණන මුල්ලේරියාවේ කුඩු ලාලිත්‍ර ආණ්ඩුවේ දේශපාලකයකුගේ ප්‍රබල හිතවතකු බව ද, ඔහු නිදහස් කර ගැනීම සඳහා මෙම දේශපාලකයා ප්‍රබල උත්සාහයක නිරත වී ඇති බව ද වාර්තා වේ. මෙම දේශපාලකයාගේ රැකවරණය ලබමින් රටට ම කුඩු බෙදමින් සිටි කුඩු ලාලිත්‍ර අත් අඩංගුවට ගැනීම සඳහා ඔත්තු සැපයීම පිටුපස කලින් කොළඹ හෙරොයින් ජාවාරම හා සම්බන්ධව සිටි තවත් දේශපාලකයකු සිටින බවට සැකයක් ලාලිත්‍රගේ අනුග්‍රාහක දේශපාලකයාට ඇති බව ද ඔපාදූප පැතිරෙමින් තිබේ. කොළඹ නගරයේ පාතාල හා මැරවර බලය ප්‍රදර්ශනය කිරීමේ තරගයක් මෙම දේශපාලකයන් දෙදෙනා අතර තිබුණු අතර එයින් කොළඹ දිස්ත්‍රික් දේශපාලකයා ජය ගත්තේ මෙම කුඩු වෙළෙන්දා විසින් යහමින් ලබා දෙන ලද මුදල් විසි කර කුඩුකාරයන් ඇතුළු වෙනත් මැරවරයන් එක් රැස් කර ගැනීමෙන් බව ද සැළයි. කලින් කුඩු වෙළඳාම හැසිරවූ දේශපාලකයාට සිය ප්‍රමුඛ වෙළෙන්දා නීතියෙන් හා නීතියට පිටින් සිදු වන ඝාතනයෙන් බේරා ගැනීම පිණිස රටින් පිට කර ගන්නට සිය බලය පාවිච්චි කර වෙළෙන්දා රටින් පිට වන ගුවන් යානයක...