පටිය විතරක් දා ගත්තොත් හරි ය / seat belt law of Sri Lanka

අද සිට පොලිසියටත්, ආණ්ඩුවටත් කාර් හා වෑන්කාරයන් ගසා කන්නට අලුත් පොටක් පාදාගෙන තිබේ. ඒ ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමෙනි. 


ආසන පටි පැළඳීම නරක දෙයක් නො වේ. එහෙත්, මේවා කරන්නේ මහජනතාවට ඇති ආදරයක් නිසා නො ව ගසා කෑමට ය. ආණ්ඩුව දඩ මුදලින් ගසා කන විට නීතිය ක්‍රියාත්මක කරන්නෝ මහ මග මිනිසුන්ට වධකාගාරයක් කරති. 


කාර්, වෑන්වල ආසන පටි පැළඳීම අනිවාර්ය රටේ බස් මගීහු යන්නේ පොලුවල එල්ලී, තනි කකුලෙන් ය. බස් යන්නේ එක්කෝ පැයට සැතපුම් දහයේ වේගයෙනි. නැතිනම් හැටට හැටේ ය. 


‍රියදුරා හැර දෙදෙනෙකුට පමණක් ගමන් කිරීමට තනා ඇති ත්‍රිරෝද රියේ ළමයින් දහය, දොළහ පටවාගෙන පාසල් ප්‍රවාහනය සිදු වේ. 


ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට ගල්, පස්, වැලි අදින ට්‍රක් රථ යන්නේ රේස් ය.


මහජන මුදල් විවිධ බදු ලෙස පමණක් නොව දඩ ලෙස ද සූරා කා මහ එවුන් හැදෙන රටේ පාරවල් බහුතරයක් අලි නාවන වලවල් ය. 


පටිය විතරක් දා ගත්තොත් හරි ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මරු කතාව..........පහක් දානව මං

    ReplyDelete
  2. samahara ayata anduwa monawa kalath weradiya. hethuwa janathawata ethi adaraya nisa nowa, anduwa samaga ethi tharaha pirimasagenimai. palawena lipi diha beluwama eya menavin wetahe..

    ReplyDelete
  3. Seat belts are fitted for the safety of passengers. All new vehicles come with seat belts. So why not wear seat belts? In Sri Lanka people only do things when they are forced to do so by laws. They don't use their brains.

    ReplyDelete
  4. කතාව හරි පොලිසියට හම්බකර ගන්න ටව මගක් විතර ඉ මේක ලංකාවේ පාරවල් වල බෙල්ට් දමාගෙන යන්න තරම් වේගයක් නෙහ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා