ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය ය / International probe needed on Sri Lanka's drug businesses

සිංගප්පූරුවෙන්‍ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් ගෙනැවිත් දුමින්ද සිල්වා සුව කිරීමට ලොකු ලොක්කන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.


මේ අතර අලුත්ම පොලිස් වාර්තා පවසන පරිදි දුමින්ද සිල්වා රෝහල්ගත වීමෙන් පසු රැකවරණය අහිමි වී සිටින හෙරොයින් ජාවාරම්කරුවන් උන් හිටි තැන් අතහැර පලා යාමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මත් කුඩු හිඟයක්‌ ඇති වී තිබේ.


කුඩු ජාවාරම්කරුවන්ගේ පළා යාමත් සමග සැපයුම් ජාලය අඩාල වීම මෙසේ මත්කුඩු හිඟයක්‌ ඇතිවීමට ප්‍රධාන හේතුව වී තිබේ.


මේ හේතුවෙන් ඊයේ වන විට කොලෙන්නාව සිංහපුර, වඩුගොඩවත්ත, මීතොටමුල්ල, සිල්වා පටුමඟ, බෙරැල්ල, මැගසින් පාර, දෙමටගොඩ, බ්ලූමැන්ඩල්, මාලිගාවත්ත, ඔරුගොඩවත්ත, තමිල්නාඩුව, මෝදර කිඹුලා ඇළ, ගුණසිංහපුර ආදී ලෙසින් වූ කොළඹ මත්කුඩු අලෙවි ජාලයේ කේන්ද්‍රස්‌ථාන වෙත මත්කුඩු ලබාගැනීමට පැමිණෙන හෙරොයින් ලෝලින් නොසන්සුන්තාවකට පත්ව සිටින අයුරු ද පොලිසිය නිරීක්‍ෂණය කර ඇතැයි අද දිවයින පුවත්පත වාර්තා කරයි.


දුම්න්ද සිල්වා ගැන තිබුණු කටකතා බොරු නො වන බව මෙම පොලිස් වාර්තා සමග ඔප්පු වේ. CIC සමාගමේ හිමිකරුවකු නො වූ, එහෙත් එහි කෘෂිකර්ම අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ වූ ලාල් සිල්වාගේ පුතකු වූ, රැකියාවක් කළ බවට ආරංචියක් නැති, කරන වෙනත් ව්‍යාපාරයක් ද නැති, එහෙත් ඇති තරම් බඩු බෙදන්නට හා ඡන්දවලදී අත දිග හැර වියදම් කරන්නට දුමින්දට තිබුණු සල්ලි උපන්නේ කොතැන ද යන්න දැන් ඔප්පු වෙමින් තිබේ.


එක්කෝ දුම්න්ද කුඩු ජාවාරම්කරුවන්මෙහෙයවන්නට ඇත. නැතිනම් කුඩු ජාවාරම්කරුවන්ට ඉහළ ම බලධාරීන්ගෙන් රැකවරණය ලබා දීම සඳහා අතරමැදි භූමිකාව කරන්නට ඇත. මොනවා කළත්, මේ පිටුපස දැවැන්ත මුදල් ගනුදෙනු සිදු වන බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. දුමින්ද මේ සල්ලි ලොකු ලොක්කන් සමග බෙදා ගත් බවට සාධාරණ සැකයක් තිබේ.


ඉහළම නායකත්වය කුඩු ජාවාරම්කරුවන් සමග මේ අන්දමින් පැටලුණු තවත් රටක් ලෝකයේ තිබෙන්නට බැරි ය. ඒ අතින් නම් ආසියාවේ පමණක් නොව ලෝකයේ ම ආශ්චර්යයකි.


මේ වනාහි ශිෂ්ට රටක නම් පිළිකුල් සහගත හෙළිදරව් වීමකි. ජනතාව මත්ද්‍රව්‍ය ජාවාරමට හා ඒ හා සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කළ යුතු ය. 


මේ පිළිබඳ ජාත්‍යන්තර අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා විපක්ෂය බලපෑම් කළ යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. "...ඳහා විපක්ෂය බලපෑම් කළ යුතු ය.."what..?..."wipakshaya..?" really? hahhahhaaAAA

    ReplyDelete
  2. රටේ විපක්ෂයට උනුන් හා ඇනකොටාගැනීම හැර වෙනත් කලහැකි ඇටිකෙහෙලක් නැත.
    මෙය ජාතිකවාදීන්ගේ විෂයපථයට අයත් නොවන්නක්ද?

    ReplyDelete
  3. ගෝඨාභය විසින් මෙතෙක් කල් මර්ධනය කර ඇත්තේ තමන්ට වැඩක් ගන්න බැරි පාතාලේ අය පමණකි. තමන්ට වැඩක් ගත්ත හැකි නම් කුඩුකාරයාද, ස්ත්‍රී දූෂකයාද, පාතාල මැරයාද යන්න රාජපක්ෂ වරුන්ට කම් නැත. මන්ද යත් ඔවුන්ට බලයේ රැඳී සිටිය හැක්කේ එවැනින්නන් නිසා වන බැවිනි.

    ReplyDelete
  4. පන්ති අරගලය මොකක්ද...මේකනේ අරගලය...

    විපක්ෂය් වහාම නැගිටින්න...ගී කියන්න...නටන්න...එන්න මල් පිපී ගෙන එනවා බලන්න...

    මේකට මාක්ස් ලෙනින්වාදය ගලප ගන්න හැටි...ජ වි පෙ බෙදුමට මේක බලපාන්නේ කොහොමද...ඕව ගැනත් ලීව නම් තමා හොඳ...

    එතකොට වමේ යටත් වැඩ හොයා ගන්න පුළුවන්...භාරත ලක්ෂ්මන්ලා නෙවේ මේවා කරන්න තිබුනේ...වමේ ඈයෝ නේ...

    ReplyDelete
  5. මේ චෝදනාව ඉතාම භයානක මෙන්ම ඉතාම සාධාරණ චෝදනාවක්. පහුගිය සති දෙකේ වෙච්ච දේවල් දිහා බලලා, "මේ කාරනා වලට හේතුව මොකද්ද?" කියලා ඇහුවම ලැබෙන එකම තාර්කික උත්තරේ මේක විතරයි.

    රටකට විය හැකි ලොකුම වින්නැහියක් වනුයේ, රජයකට ගැලවෙන්නට රෙදි ඉතුරු නොවීමත්, එච්චර වෙලත් මිනිසුන්ට චන්දයක් දෙන්න හැකි විපක්ෂ ව්‍යාපාරයක් බිහි නොවීමත් වේ.

    උද්ගත වන පොලිටිකල් නොනගතය තුල ඕනෑම දෙයක් සිදු විය හැක.

    ReplyDelete
  6. Api nam chande dunne neha. Okkoma computer jil mart dala gaththa hora chandane?

    ReplyDelete
  7. No country on earth will move on without discipline and law & order. Sri Lanka is presently at a very low ebb in this regard. The violent and corrupt political culture must end and in order to achieve that the present rogues must be kicked out.

    ReplyDelete
  8. Never in History of Srilanka corruption has flourished.

    ReplyDelete
  9. පැරාගෙ කතාව ශාන් ඔප්පු කරගෙන යනවා නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා