ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්යන්තර පරීක්ෂණයක් අවශ්ය ය / International probe needed on Sri Lanka's drug businesses
සිංගප්පූරුවෙන් ස්නායු ශල්ය වෛද්යවරුන් ගෙනැවිත් දුමින්ද සිල්වා සුව කිරීමට ලොකු ලොක්කන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මේ අතර අලුත්ම පොලිස් වාර්තා පවසන පරිදි දුමින්ද සිල්වා රෝහල්ගත වීමෙන් පසු රැකවරණය අහිමි වී සිටින හෙරොයින් ජාවාරම්කරුවන් උන් හිටි තැන් අතහැර පලා යාමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්රදේශවල මත් කුඩු හිඟයක් ඇති වී තිබේ. කුඩු ජාවාරම්කරුවන්ගේ පළා යාමත් සමග සැපයුම් ජාලය අඩාල වීම මෙසේ මත්කුඩු හිඟයක් ඇතිවීමට ප්රධාන හේතුව වී තිබේ. මේ හේතුවෙන් ඊයේ වන විට කොලෙන්නාව සිංහපුර, වඩුගොඩවත්ත, මීතොටමුල්ල, සිල්වා පටුමඟ, බෙරැල්ල, මැගසින් පාර, දෙමටගොඩ, බ්ලූමැන්ඩල්, මාලිගාවත්ත, ඔරුගොඩවත්ත, තමිල්නාඩුව, මෝදර කිඹුලා ඇළ, ගුණසිංහපුර ආදී ලෙසින් වූ කොළඹ මත්කුඩු අලෙවි ජාලයේ කේන්ද්රස්ථාන වෙත මත්කුඩු ලබාගැනීමට පැමිණෙන හෙරොයින් ලෝලින් නොසන්සුන්තාවකට පත්ව සිටින අයුරු ද පොලිසිය නිරීක්ෂණය කර ඇතැයි අද දිවයින පුවත්පත වාර්තා කරයි. දුම්න්ද සිල්වා ගැන තිබුණු කටකතා බොරු නො වන බව මෙම පොලිස් වාර්තා සමග ඔප්පු වේ. CIC සමාගමේ හිමිකරුවකු නො වූ, එහෙත් එහි කෘෂිකර්ම අංශයේ කළමනාකාර අධ්යක්ෂ වූ ලාල් සිල්වා...