අපරාධකරුවෝ ද මිනිස්සු ය
( 2011 ජනවාරි 03, W3Lanka ) කෝටි ගණනින් මහජන මුදල් සොරකම් කරනමුත් මේ දේශපාලකයෝ ද මිනිස්සු ය. සෝබනේට ආරක්ෂකයන් පිරිවරාගෙන ගමන් බිමන් ගියත්, නිදහසක් නැති දිවිය උන්ට ම එපා වී ඇති බව තමන්ට නිදහසක් නැති බව කියමින් හිටි ගමන් කරන නාහෙන් ඇඬිලිවලින් පෙනේ. හැරත්, බලයෙන් ගිලිහුණොත් හිරේ යන්නට සිදු වන බව දැන, දැන දැඩි ආතතියක ජීවත් වීම ම දුකකි. රටේ නීති හදන ආයතනය වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මහජන සේවය සඳහා ගමන් බිමන් යාමට තීරු බදු රහිතව වාහනයක් ආනයනය කර ගන්නට දෙන බලපත්‍රය හොරට විකුණන මන්ත්‍රීවරු නීතියේ සිදුරුවලින් රිංගා මහජන මුදල් රු. කෝටි එකහමාරක් පමණ මහ දවල් මංකොල්ල කති. බලපත්‍රය මිළ දී ගත් එකා වැඩි එන්ජින් ධාරිතාවක් ඇති වාහනයක් ගෙන්වූ නිසා බදු ගෙවන්නට සිදු වීමත් සමග එක් ඇමතිවරයෙක් බෙල්ල මුලින් ම මාට්ටු වුණේ ය. බලපත්‍රය විකිණුවත්, හිමිකම් ලේඛන තමන් ළඟ තබා ගන්නා නිසා බදු ගෙවන්නට සිදු වුණේ ඇමති හොරාට ය. තමන් බලපත්‍රය හොරට විකිණූ බව මේ හොරා අදාළ බලධාරීන් හමුවේ පිළි ගත්තත් ඌ කිසි ගින්නක් නැතිව යහතින් සිටියි. ගිනි පත්තු වන්නේ මෙවැනි හොරුන්ට නො ව 'ද...