Posts

Showing posts with the label වෘත්තීය සටන්

රට පුරා වර්ජන රැල්ලක් / A wave of strikes in Sri Lanka

Image
රට පුරා රජයේ සේවයේ වෘත්තීය සටන් රැල්ලක් පැන නැඟී ඇත. ඉන් වැඩි හරියක් වැටුප් විෂමතාවලට අදාළව ය. විදුලි බල මණ්ඩල සේවකයන්ගේ 2009 වැටුප් වැඩි වීමේ හිඟ වැටුප 2012 ජනවාරි සිට කොටස් වශයෙන් ගෙවන්නට අධ්‍යක්ෂ මණ්ඩලය ලිඛිතව එකඟ වීම නිසා හෙට දියත් කරන්නට සිටි සංකේත වර්ජනය නතර කරන්නට වෘත්තීය සමිති පියවර ගෙන තිබේ. හෙට අනුරාධපුර රෝහලේ හෙදියෝ ඊයේ පෙරවරු 7 සිට පැය 24ක් වර්ජනය කරන්නේ හෙද කාර්ය මණ්ඩල හිඟය නිසා අධික ලෙස අතිකාල කරන්නට සිදු වීමෙන් තමන් පීඩාවට පත්ව ඇති බව කියමින් හෙද කාර්ය මණ්ඩලය වැඩි කරන ලෙස ඉල්ලා ය. විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ හෙට කෑම පැයේ පිකටිං කරති. වැටුප් විෂමතා ප්‍රශ්නය නො විසඳන්නේ නම් ඔවුහු 12දා ලෙඩ නිවාඩු වාර්තා කරන්නට තීරණය කර තිබේ. වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර නිලධාරීන් සැප්තැම්බර් 02 දා සිට පැය විසිහතරේ රාජකාරිවලින් ඉවත්ව 09/2006 චක්‍රලේඛය පරිදි පැය 08 ක සේවාවක්‌ පමණක්‌ ඉටුකරන බව සමස්‌ත ලංකා වනජීවී නියාමක නිලධාරි සංගමය ඇතුළු වෘත්තීය සමිති පවසයි. වසර 12ක් පුරා පවතින වැටුප් විෂමතා ඉවත් නො කිරීම නිසා ගුරුවරු ද දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනී...

නො ගෙවූ ජීවන වියදම් දීමනාව හා වැටුප් වැඩි වීම් ඉල්ලා රජයේ සේවකයෝ වීදි බසිති

(2009 නොවැම්බර් 18 - W3Lanka ) පසුගිය කාලයේ රජය විසින් නො ගෙවා ඇති රු. 3157ක ජීවන වියදම් දීමනාව හා වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් රැසක් පෙරදැරි කරගෙන රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති රැසක් එක්ව උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. එහි පළමු පියවර ලෙස අද සවස 3ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පිකටිං ව්‍යාපාරයක් පැවැත්වේ. මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය මෙහෙයවන රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන වෘත්තීය සමිති කමිටුව රාජ්‍ය සේවයේ දුම්රිය, තැපැල්, සෞඛ්‍ය, අධ්‍යාපන හා මුද්‍රණ ඇතුළු අංශ රැසක වෘත්තීය සමිති එකතුවකි.

වෘත්තීය සමිති දැඩි වෙයි; ආණ්ඩුව පොල්ල ගනියි; වලිය ඇදේ

(2009 නොවැම්බර් 16 - W3Lanka )  සියයට තිස්‌ තුනකින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් පසුගිය බදාදා (11) සිට දින තුනක අකුරට වැඩ ව්‍යාපාරයක් ගෙන ගිය තෙල්, විදුලිය, වරාය සහ ජලය යන අංශ හතරෙහි වෘත්තීය සමිති සති අන්තයේ අතිකාල රාජකාරිවලින් ඉවත්ව සිටියහ. අද යළි රැස් වන වෘත්තීය සමිති දින තුනක අඛණ්‌ඩ වැඩ වර්ජනයකට යැම පිළිබඳ තීරණයක්‌ ගැනීමට නියමිතව ඇතැයි වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි.  ‍ විදුලිබල මණ්‌ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඉදිරි දින කිහිපයේදීත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයේ නිරතවීමට තීරණය කර ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පවසයි.  මේ අතර, තෙල්, ජල සැපයුම්, වරාය, විදුලිය යන සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කියයි.

වරායේ වැඩට නාවික හමුදාව දැමීමේ උත්සාහයක්

(2009 නොවැම්බර් 11 - W3Lanka )   වරාය සේවකයින්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය මර්දනය කිරීම සඳහා අද උදේ නාවික හමුදාව යොදා ගැනීමට වරාය බලධාරීන් ගත් උත්සාහය සේවක විරෝධය නිසා දැනට තාවකාලිකව නතර වී ඇතැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම් චන්‍ද්‍රසිරි මහගමගේ පවසයි.  මේ අතර වරාය සේවකයකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ වෙරළබඩ පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගත් බවද මෙවැනි මර්දන ක‍්‍රියාමාර්ගවලින් වරාය සේවකයින්ගේ වෘත්තීය අරගලය නතර කළ නොහැකි බව ද හේ වැඩිදුරටත් පවසයි. මේ පිළිබඳව ඛණිජ තෙල්, විදුලි, වරාය, ජල වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් අදහස් දක්වමින් අසෝක රංවල පවසන්නේ දැනට මෙම ආයතන හතරේම ක‍්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ ක‍්‍රියාමාර්ගය ජනතාවට පීඩාවක් නොවන අවම සීමාවක පවත්වාගෙන යන බව හා එසේ තිබියදීත් ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග හරහා මෙම අරගලය මැඩ පැවැත්වීමට උත්සාහගතහොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට වෘත්තීය සමිති එකමුතුව සූදානමින් සිටින බවත් ය. -යුනියන්ස් ලංකා

අපට වැඩි පඩි එපා කියන ධනවත් රජයේ සේවකයන්ගේ උද්ඝෝෂණය අද

Image
(2009 නොවැම්බර් 10 - W3Lanka ) හෙට සිට ඇරඹීමට නියමිත තෙල් සංස්ථා, විදුලි බල මණ්ඩල, වරාය අධිකාරි හා ජල සම්පාදන මණ්ඩල සේවක ඒකාබද්ධ අකුරට වැඩ ව්‍යාපාරය පරාජය කිරීම සඳහා ආණ්ඩුවේ වෘත්තීය සමිති 40ක නියෝජිතයෝ 25,000ක් අද (10) කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී දැවැන්ත උද්ඝෝෂණයක නියැළෙන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මහතා පවසයි. ‘කුමන්ත්‍රණ පරදවමු - ජනපති සමඟ පෙරට යමු’ තේමාව ඔස්සේ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය වශයෙන් මෙහෙයවනු ලබන මෙම විරෝධතාවේ ප්‍රධාන සටන් පාඨය වන්නේ වැඩි වැටුප් එපා යන්න බව වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි.  වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ සේවකයන් අද දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකර ගැනීමේ අරමුණින් නොවන බව ලංකා කම්කරු සමිති මධ්‍ය බල මණ්ඩලය පවසන බව දිනමිණ පුවත්පත ද වාර්තා කළේය. 

ආණ්ඩුවේ බල බිඳින තෙල්, විදුලිය, වරාය, ජල සම්පාදන අකුරට වැඩ ව්‍යාපාරය ළඟ ළඟ

Image
(2009 නොවැම්බර් 09 - W3Lanka ) තෙල් සංස්ථා, විදුලි බල මණ්ඩල, වරාය අධිකාරිය හා ජග සම්පාදන මණ්ඩලය යන ආයතනවල සේවකයන් නොවැම්බර් මස 11,12, 13 දිනවල දියත් කිරීමට සැලසුම් කර තිබෙන අකුරට වැඩ ව්‍යාපාරය කඩාකප්පලු කිරීම සඳහා ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගනිම්න් තිබේ.  මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී.ජයසුන්දර අද සවස තෙල් සංස්ථා ‍වෘත්තීය සමිතිවලට පමණක් සාකච්ඡාවක් ලබා දී ඇතත්, ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේ මෙම ආයතන හතරේම සේවකයින්ට ඇත්තේ පොදු වැටුප් ප්‍රශ්ණයක් වන 2009 ජනවාරි වැටුප් වැඩිවීම තවම නොලැබීම බැවින් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිවලට පමණක් මුදල් ලේකම් පී.බී. ජයසුන්දර සමග සාකච්ඡාවක් ලබා දී තිඛෙන සාකච්ඡාවට සහභාගී වුණත් තමන් ඉල්ලන්නේ මෙම ආයතන හතරේම සේවකයින්ට හිමි වැටුප් වැඩිවීම ලෙස බවයි. වෘත්තීය සමිති භේද භින්න කිරීමේ අරමුණින් කැඳවා ඇති බව පෙනෙන මෙම සාකච්ඡාවට සහභාගි වීම ජවිපෙට හා එජාපයට සම්බන්ධ වෘත්තීය සමිති විසින් ප්‍රතික්ෂේප කර තිබේ.  ‍වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සම්බන්ධ ආයතනවල ජවිපෙ හා එජාප වෘත්තීය සමිති ඊයේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ක...