Posts

Showing posts with the label රෙජිනෝල්ඩ් කුරේ

ප්‍රියකම, හොඳ ම, බුද්ධිමත් ම, දක්ෂ ම ආදී ඕනෑම ලැයිස්තුවත උඩින් ම ඉන්න මහින්ද රාජපක්ෂ

Image
( 2010 ඔක්තෝබර් 09,  W3Lanka )   * ඔබ කැමැතිම ශ්‍රී ලාංකීය දේශපාලනඥයා...? “මම කැමැති දේශපාලඥයන් කීප දෙනෙක් ඉන්නවා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, සහ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ...” ඉහත පළ වන්නේ අද දිනමිණ පුවත්පතේ දියවන්නාවේ නෑදෑයෝ නම් විශේෂාංගයේ අධිකරණ නියෝජ්‍ය ඇමති රෙජිනෝල්ඩ් කුරේ කරන ප්‍රකාශයකි. රෙජිනෝල්ඩ් කුරේ යනු විජය කුමාරතුංග සමග දේශපාලනය කර, ඔහුගේ මරණින් පසු චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග සමග බහුජන නිදහස් පෙරමුණ බිහි කර, පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී අද දක්වා ම එහි සිටින දේශපාලනඥයෙකි. කලක් ලංකාවේ ප්‍රධාන ම පළාත වන බස්නාහිර පළාතේ පළාත් සභාවේ ප්‍රධාන ඇමති ධුරය හෙබවූ හේ දැන් වර්තමාන ආණ්ඩුවේ අධිකරණ නියෝජ්‍ය ඇමති ය. ඔහුගේ ප්‍රධානියා වන්නේ ඔහුට පසුව සමසමාජයෙන් ශ්‍රීලනිපයට ආ ආතාවුද සෙනෙවිරත්නයි.  රෙජිනෝල්ඩ් කුරේ ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකි. ඔහුට වඩා කණිෂ්ඨ යූ.ඇන්.පී.කාරයන් ප්‍රධාන ඇමති තනතුරු හොබවද්දී ඔහු නිකම් ම නිකම් නියෝජ්‍ය ඇමති කෙනෙකි. පසුගිය මහ මැතිවරණ සමයේ ඔහු පැරදවීම සඳහා රාජපක...

කුරේට පොලිස් පොල්ල; පානදුරේ නන්දන වින්දන

Image
(2009 නොවැම්බර් 22 - W3Lanka )  ජනතා විමුක්ති පෙරමුණේ පිහිටෙන් පාර්ලිමේන්තුවට පැමිණ පසුව විමල් වීරවංශ සමග එක්ව ජාතික නිදහස් පෙරමුණ හදාගෙන එයින් ඇමතිකමක් ලබා ගෙන දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂට ළං වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පානදුර සංවිධායකකමට කෙළ හළමින් සිටින සංචාරක ඇමති නන්දන ගුණතිලකගේ සංවිධානයෙන් ඊයේ වාද්දුවේ පැවති මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීමේ රැළියට වර්තමාන ආසන සංවිධායක රෙජිනෝල්ඩ් කුරේ සහභාගි වීම පොලිසිය ලවා වළක්වා තිබේ.  සංචාරක ඇමතිවරයා තමන් පැමිණීම වළක්වන ලෙස පොලිසියට උපදෙස් දී තිබුණු බව ද පොලිසිය ඒ අනුව ක්‍රියා කර තම පැමිණීම වැළැක්වූ බව ද කුරේ පවසයි.  කුරේ බසුනාහිර පළාතේ හිටපු මහ ඇමති ය. පළාත් සභා මැතිවරණයේදී ඔහු කලුතර දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ලබා ගත් නමුදු ඔහුට මහ ඇමතිකම හෝ ඇමති ධුරයක් ලැබුණේ නැත. ඔහුව එක්සත් ජාතික පක්ෂයට පළවා හැරීම සඳහා ශ්‍රීලනිප නායකයන් උත්සාහ කරන නමුදු ඔහු ද කූඩැල්ලා සේ එල්ලී සිටීම ශ්‍රීලනිපයට මළ වධයක් වී තිබේ.