Posts

Showing posts with the label නන්දන ගුණතිලක

අහෝ නන්දන දකියි මොක් පුර; 108වන ඇමති නන්දන

Image
(2009 නොවැම්බර් 27 - W3Lanka ) ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වීම නිසා ඇමති ශීර්ෂය අචල සුරංග ජාගොඩට දන් දෙන්නට සිදු වූ නන්දන ගුණතිලක කෙරෙහි කරුණා පෙරදැරිව ඔහුට ගොඩපිටියේ බෝම්බයෙන් බරපතල තුවාල ලැබ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටින ඇමති මහින්ද විජේසේකරගේ අමාත්‍යංශ‍යේ වැඩ බැලීම පැවරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ.  ඒ අනුව දැන් නන්දන වැඩ බලන තැපැල් හා විදුලි සංදේශ ඇමති ය. ඒ අනුව දැන් ඇමති සංඛ්‍යාව මෙසේයි: කැබිනට් අමතිවරු 50යි වැඩබලන ඇමතිවරු 01යි කැබිනට් නො වන ඇමතිවරු 38යි නියෝජ්‍ය ඇමතිවරු 19යි එකතුව 108යි  නන්දන ගුණතිලක හා ඔහුගේ හිටපු මිතුරා වන විමල් වීරවංහ ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී මෙවැනි විශාල ඇමති මණ්ඩල පිළිබඳව ගැඹුරින් අදහස් ඉදිරිපත් කළ අය වෙති. .

අහෝ නන්දන නොදුටි මොක් පුර

Image
(2009 නොවැම්බර් 26 - W3Lanka ) ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ඇවිත් පසුව ජනතා නිදහස් පෙරමුණ බිහි කිරීමට දායක වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ සංචාරක ඇමති ලෙස කෙටි කලක් කටයුතු කළ නන්දන ගුණතිලක ජනතා නිදහස් පෙරමුණෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් ඔහුගේ ඇමති පදවියට ද තට්ටු විය.  ජානිපෙ නායක විමල් වීරවංශගේ බලපෑම මත ජනාධිපතිවරයා විසින් නන්දනගෙන් ගලවා ගත් ඇමති ධුරයෙහි විමල්ගේ හිතවත් ම මන්ත්‍රීවරයකු වන අචල සුරංග ජාගොඩ අද දිවුරුම් දීමට නියමිත ය.  මේ අතර, දැනට කැබිනට් නො වන සංස්කෘතික ඇමති ධුරය හොබවන පියසිරි විජේනායක ද සංචාරක ඇමති ධුරය බලාපොරොත්තු වුණ ද විමල් වීරවංශ එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.  ජානිපෙන් ඉල්ලා අස් වූ නන්දන ගුණතිලක පානදුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය බලාපොරොත්තු වූ මුත් එය ද ලැබුණේ නැත.

කුරේට පොලිස් පොල්ල; පානදුරේ නන්දන වින්දන

Image
(2009 නොවැම්බර් 22 - W3Lanka )  ජනතා විමුක්ති පෙරමුණේ පිහිටෙන් පාර්ලිමේන්තුවට පැමිණ පසුව විමල් වීරවංශ සමග එක්ව ජාතික නිදහස් පෙරමුණ හදාගෙන එයින් ඇමතිකමක් ලබා ගෙන දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂට ළං වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පානදුර සංවිධායකකමට කෙළ හළමින් සිටින සංචාරක ඇමති නන්දන ගුණතිලකගේ සංවිධානයෙන් ඊයේ වාද්දුවේ පැවති මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීමේ රැළියට වර්තමාන ආසන සංවිධායක රෙජිනෝල්ඩ් කුරේ සහභාගි වීම පොලිසිය ලවා වළක්වා තිබේ.  සංචාරක ඇමතිවරයා තමන් පැමිණීම වළක්වන ලෙස පොලිසියට උපදෙස් දී තිබුණු බව ද පොලිසිය ඒ අනුව ක්‍රියා කර තම පැමිණීම වැළැක්වූ බව ද කුරේ පවසයි.  කුරේ බසුනාහිර පළාතේ හිටපු මහ ඇමති ය. පළාත් සභා මැතිවරණයේදී ඔහු කලුතර දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ලබා ගත් නමුදු ඔහුට මහ ඇමතිකම හෝ ඇමති ධුරයක් ලැබුණේ නැත. ඔහුව එක්සත් ජාතික පක්ෂයට පළවා හැරීම සඳහා ශ්‍රීලනිප නායකයන් උත්සාහ කරන නමුදු ඔහු ද කූඩැල්ලා සේ එල්ලී සිටීම ශ්‍රීලනිපයට මළ වධයක් වී තිබේ.

නන්දන විමල්ගෙන් දික්කසාද වී හයියෙන් ම දෑත් ශක්තිමත් කරන්න ශ්‍රීලනිප යයි

Image
(2009 නොවැම්බර් 06 - W3Lanka ) සංචාරක ඇමැති නන්දන ගුණතිලක මහතා ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරයෙන්, දේශපාලන මණ්ඩල සාමාජිකත්වයෙන් හා එහි මධ්‍යම කාරක සභා සාමාජිකත්වයෙන් ඊයේ (05) ඉල්ලා අස්විය. තනතුරුවලින් ඉවත් වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඊයේ (5) දැනුම් දී තිබේ. ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ධුරය දැරූ කමල් දේශපි‍්‍රය මාන්නප්පෙරුම මහතා ද නිල වශයෙන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු දැනට සංචාරක ඇමති නන්දන ගුණතිලකගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි.  නන්දන ගුණතිලකගේ ඊළඟ පියවර වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳී ආසන සංවිධායක ධුරයක් භාර ගැනීම බව ද බොහෝ විට එය පානදුර ආසන සංවිධායක ධුරය විය හැකි බව ද ඔහුට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඔහුට ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ආරාධනා කර ඇති බව ද වාර්තා වේ.  නන්දන ගුණතිලක පාර්ලිමේන්තුවට පැමිණියේ ජවිපෙ නායකයකු ලෙස වන අතර, පසුව ජවිපෙන් ඉවත් කරන ලද හේ කලක් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස සිට පසුව විමල් වීරවංශ හා කමල් දේශප්‍රිය මන්නවත්ත ආදීන් සමග එක්ව ජාතික නිදහස් පෙරමුණ බිහි කළේය. ජවිපෙ සහභාගිත්වයෙන් බිහි කරන ලද එක්සත් ජන...

ස්මෝල් මිරැකල් ලොකු කරන්න දැන්වීම් දාන්න විතරක් නන්දනට ලක්ෂ අටයි

Image
(2009 සැප්තැම්බර් 20 - W3Lanka) සංචාරක අමාත්‍යංශය විසින් පසුගිය සමයේ රුපියල් කෝටි ගණනක් වියදම් කර ලංකාවේ සංචාරක ලර්මාන්තය ලෝකයේ ප්‍රවර්ධනය කිරීම සඳහා සකසන ලද Sri Lanka Small Miracle යන ප්‍රචාරක පාඨය හා ඒ හා සම්බන්ධ අනෙකුත් ප්‍රචාරක ද්‍රව්‍ය පතික්ෂේප කළ නව සංචාරක ඇමති ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුණතිලක ඒ සඳහා පාඨයක් යෝජනා කරන ලෙස මහජනයාට දැනුම් දීම සඳහා රු. ලක්ෂ අටක් පමණ වියදම් කරමින් පුවත්පත් දැන්වීම් පළ කර තිබේ.  ලෝකය පුරාම මෙවැනි වෙළඳ නාම ප්‍රවර්ධන කටයුතුවලදී විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන අතර ඒවා පිළිබඳ මහජනතාව දන්නා රෙද්දක් නැත. අනෙක් පැත්තෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය විකුණන්නේ ලංකාවේ ගම්වල ගොයියන්ට නොව විදේශිකයන්ටය.  ඇමති නන්දන ගුණතිලකගේ අදහස වන්නේ වෙළඳ නාම ප්‍රවර්ධනය සඳහා මුදල් වියදම් නොකළ යුතු බවයි. එහෙත් දැන් එම ඇමතිවරයාම ඊළඟ ඡන්දයෙන් ගොඩ ඒම සඳහා තම නම ප්‍රවර්ධනය කර ගැනීම සඳහා කලුතර දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් අලවමින් සිටියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සංචාරක කර්මාන්තය එම කර්මාන්තයේ උන්නතියට අහිතකර අදහස් දරන මාක්ස්වාදී ඇමතිවරයකුට භාර දීම හේතුවෙන් ...