Posts

Showing posts with the label එරිත්‍රියාව

එරිත්‍රියාවේ කොටි කටයුතු මැඬලන්න හමුදා බුද්ධි නිලධාරියෙක් තානාපති ලෙස පත් කරයි

(2009 නොවැම්බර් 15 - W3Lanka ) සිය ජාත්‍යන්තර මෙහෙයුම්වලදී කොටි සංවිධානය එරිත්‍රියාවේ රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ලබා ගෙන ඇති බව හෙළිදරව් වීමත් සමග ලංකා‍ව එරට එල්.ටී.ටී.ඊ. කටයුතු මැඬලීමේ අරමුණින් ජ්‍යේෂ්ඨ හමුදා බුද්ධි නිලධාරියකු එරට තානාපති ලෙස පත් කර තිබේ. එරිත්‍රියාවේ නව ලාංකික තානාපති ලෙස පත්ව යන මේ මේජර් ජනරාල් අමල් කරුනාසේකර මීට පෙර හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ය.  කොටි සංවිධානය එරිත්‍රියාව ගරහා ගුවන් යානා ඇතුළු යුද උපකරණ මිළ දී ගත් බව හා ‍එම සංවිධානයට අයත් දේපල එරට ඇති බව මෑතදී අත්අඩංගුවට පත් එම සංවිධානයේ නව නායකයා වූ කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී. විසින් ආරක්ෂක අංශවලට හෙළිදරව් කර ඇති බව මාධ්‍ය විසින් වාර්තා කරන ලදී.