Posts

Showing posts with the label අතුරලියේ රතන හිමි

අපි පටන් ගත්තා. ඔබ එකතු වෙන්න. අපේ ආරක්ෂාව තියෙන්නෙ ඔබේ අත් අපේ අත් එක්ක එකතු වුනොත් විතරයි.

Image
"අපි පටන් ගත්තා. ඔබ එකතු වෙන්නග අපේ ආරක්ෂාව තියෙන්නෙ ඔබේ අත් අපේ අත් එක්ක එකතු වුනොත් විතරයි." මම කිසි දිනෙක ජාතික හෙළ උරුමයට කැමැත්තක් නො දැක්වුවෙමි. ඔවුහු සිංහල ජාතිවාදියෝ ය.  දෙමළ ජාතිවාදය කිසියම් දුරකට රජයේ සිංහල ජාතිවාදයට ප්‍රතිචාරාත්මක එකක් විය. ජාතික හෙළ උරුමය සිංහල ජාතිවාදය රාජ්‍යයෙන් එළියට ගෙන ගෙන වෙන ම ස්ථානගත කළේ ය. ඒ සමග ම සිංහල ජාතිවාදයේ අලුත් අවධියක් නිර්මානය විය. එහි ප්‍රතිඵලයක් ලෙස සමාන හා ප්‍රතිවිරුද්ධ වගකීම් විරහිත ජාතිවාදී ව්‍යාපාර දෙකක ගැටුමක් රට තුළ නිර්මානය විය.  එයින් ජාතික ප්‍රශ්නය විසඳීම තවත් දුෂ්කර විය. සිහල හා දෙමළ සමාජයන් දෙක ජාතිවාදී පදනමින් ධ්‍රැවීකරණය වන්නට පටන් ගත්තේ ය.  මධ්‍යස්ථ මතධාරීන්ට අවකාශයක් නැති විය. ලාංකික ජාතිය ගොඩනැගීමේ ව්‍යාපාරයන් අභාවයට ගියේ ය.  යුද්ධයේ අවසානයත් සමග නැවත වටයකින් සිංහල අධිපති රාජ්‍යය ශක්තිමත් විය.  එහෙත්, සිංහල අධිපති රාජ්‍යය ඒකාධිපතිවාදයට ගොදුරු වී ප්‍රජාතන්ත්‍රවාදය දිය වී යන සංදර්භය තුළ එයට එරෙහි අරගලයට අලුත් ශක්තියක් ගෙන එමින් ජාතික හෙළ උරුමය දැවැන්ත, එඩිතර පියවරක් තබා තිබේ.  ...

අතුරලියේ රතන හා අංගම්මන සුමන

Image
පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය හරහා අතුරලියේ රතන හිමියන් අල්ලන්නට යන අඩව්ව තරමක් සැක සහිත ය.  අධික වියදමක් දරමින් කොළඹ බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී ඔහු පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නො කර ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ නම්, ඔහු පැරදවීමට සියලු දේ කරන බවයි.  රතන හිමියන්ගේ මූලිකත්වයෙන් සරත් නන්ද සිල්වා විසින් සම්පාදනය කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද මෙම සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින්, ජනාධිපතිවරයකුට නැවත තේරී පත් විය හැකි වාර සංඛ්‍යාව පිළිබඳ සීමාවන් ද ඉවත් කළ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය සහාය දීම වැරදි බව ද රතන හිමියන්ට දැන් තේරී තිබේ.  කොහොම වුණත්, රතන හිමියන් ඉදිරිපත් කරන කරුණුවල යම් වැදගත්කමක් තිබේ. ව්‍යවස්ථා විප්ලවයක් කරන්නට තරම් මහජන පෙළගැස්මක් මේ රටේ ඇති බවක් අපට නො පෙනේ. අනෙක් පැත්තෙන්, පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය මහජන සංවාදය සඳහා සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ද දැනට මේ රටේ නැත. යම්, යම් ප්‍රායෝගික ආණ්ඩු ක්‍රම ප්...

පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා - රතන හිමි

Image
ජාතික හෙළ උරුමය ආණ්ඩුවට පත්තු කරන රතු එළිය ගැන මව්බිම පුවත්පත විසින් අසන ලද ප්‍රශ්නයකට අතුරලියේ රතන මන්ත්‍රී හාමුදුරු‍වෝ උත්තර දෙන්නේ මෙලෙසයි: ආණ්ඩුව වහාම මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න ඕනැ.  දැන් ආණ්ඩුව කරන්නේ 2002දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහනමයි. හරියටම කියනවා නම් මේක නියම යූ.ඇන්.පී. ආණ්ඩුවක්. පරණ යූ.ඇන්.පී. ආණ්ඩුවමයි මේ. වෙනසකට තියෙන්නේ පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා. අපිට නම් ඔය දෙකම එකයි. නාස්තිය, දූෂණය නෙවෙයි ප්‍රශ්නය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් තියෙන්නේ. රතන හාමුදුරුවන් යනු චම්පික රණවකගේ දේශපාලන මුට්ටියයි. චම්පික ඔලුව දැමීමට පෙර රතන හාමුදුරුවන්ගේ මුඩු හිස එළියට දමා බලන්නේ සිවුර නිසා එයට රැකවරණයක් ඇති බව දන්නා නිසා ය.  චම්පිකගේ දේශපාලනය තුළ තිබෙන්නේ ඉවසීමත්, ආසයි-බයයි තත්වයත් මුසු වුණ තත්වයකි. ජාතික හෙළ උරුමය ආණ්ඩුවට සම්බන්ධ වීමත් සමග චම්පික ඉදිරියට පැමිණියා මෙන් ම දැඩි ලෙස සීමා වීමක් ද සිදු විය. එහෙත්, ඇමතිවරයකු ලෙස නම් චම්පිකට කරන්නට ලැබුණු කැකිරි ගෙඩියක් නැත. එක පැත්තකි...

රටින් අඩු මිළ බඩු එනකල් නත්තල කල් දැමීමේ තීරණයක්

Image
( 2010 දෙසැම්බර් 24,  W3Lanka )  සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය විසින් නත්තග් උත්සවය වෙනුවෙන් ඉන්දියාවෙන් ආනයනය කරන ලද අඩු මිළ බිත්තර තවම වෙළඳපොළට පැමිණ නැති නිසා කේක් හැදිය නො හැකි බැවින් ද, අඩු මිළට දෙන  ඉන්දියන් කුකුළු මස් නත්තල් කෑම මේසයට නැති බැවින් ද, පකිස්තානයෙන් ගෙන්වූ අඩු මිළ ළූනු නැති නිසා අච්චාරු දමන්නට බැරි හෙයින් ද, ඉන්දියාවෙන් ගෙන්වූ ලාභ පොල් නැති නිසා හොදි කන්නට බැරි බැවින් ද මෙවර නත්තල කල් දමා ඇත.  පැරණි ක්‍රමයට නත්තල නැවත පැවැත්වෙන දිනය ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් විමසන්න. සිංහල බෞද්ධ ක්‍රමයට නත්තල සමරන හැටි අතුරලියේ රතන මන්ත්‍රී හිමියන්ගෙන් විමසා දැනගන්න.  Bookmark, remember easily and come again   www.w3lanka.com

ඒකොන් සමග නටමින් සාදුලා සමග ගල් ගැසීම | Dancing with Akon and pelting stones with Buddhist monks

Image
(2010 මාර්තු 26- W3Lanka )  ඉංග්‍රීසියෙන් running with the hare and hunt with the hounds නම් අපූරු ප්‍රස්ථාව පිරුළක් ඇත. හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කිරීම ලෙස මෙය පරිවර්තනය කළ හැකිය. මහින්ද චින්තනය යටතේ ද බොහෝ විට සිදු වන්නේ මෙවැනි ක්‍රියායි. අපේ රජ්ජුරුවන්ට මෙන් ම ගෝල බාලයන්ට ද හිටි හැටියේ තමන් පාලකයන් බව අමතක වේ. එවිට ඔවුහු වීදියට බැස වීදුරුවලට ගල් ගසති. අලුත්ම උදාහරණය ඒකොන් නාඩගමයි. ඒකොන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයයි. එහි අරමුණ ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය බව කාර්යාංශයේ මූලිකත්වයෙන් පසුගිය 17දා පැවති මාධ්‍ය හමුවකදී කාර්යාංශයේ ලොක්කා ම පැවසීය. ඩයලොග්, ශ්‍රී ලංකන් ගුවන් සේවය, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය සහ යර්ස් එෆ්.එම්. සමාගම් මෙම ප්‍රසංගය සඳහා අනුග්‍රහ දක්වන්නට ඉදිරිපත් වී තිබිණි. බෞද්ධයන් බහුතරයක් සිටින සිංහල ක්‍රීඩා සමාජය ද මෙම සංදර්ශනය සංවිධානය කිරීම පසුපස සිට තිබේ. එය හරියට සෙක්සි චික් ගීතයේ අනග රැඟුම් දක්නට ලැබෙන නාන තටාකය පසුබිමේ ඇති බුදුරුව වැනි ය. බැනුම් ඇසූ සිරස නම් ඇත්තෙන් ම මේ පිටුපස තමන් නොසිටි බව කියයි. අනේ ප...

ධර්ම රාජ්‍යයට වඩින රථයට කහ ඉර මතදී යට වූ වැසියෙක් මරුට

Image
(2009 සැප්තැම්බර් 12 - W3Lanka) ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් දන් දී තිබෙන මහජන දේපලක් වන සුඛෝපභෝගී මෝටර් රථය වෙනත් හිමි නමක් වඩම්මාගෙන පාරේ ධාවනය වද්දී කහ ඉර දිගේ පාර මාරු වෙමින් සිටි වැසියකු එම වාහනයට යට වී පරලෝකප්‍රාප්ත වී තිබේ.  සැප්තැම්බර් 10දා රාත්‍රියේ මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ රාජකාරි නිමකර ගෙදර යමින් සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්මික නිලධාරියකු වන 39 හැවිරිදි සුසිල් දේවප්‍රිය මල්ලවආරච්චි නමැති එක්‌දරු පියෙකි.  පාරේ ගමන් කරන මහජනයා අළුයම ලූ කෙළ පිඬක් තරමට ගණන් නොගෙන බුදුන් නසන්නට දුව ආ නාලාගිරි ඇතා සේ පාරේ ධාවනය වන දේශපාලක නිල රියකට ගොදුරු වූ පළමු අහිංසකයා මොහු නොවේ. එහෙත්, ධර්ම රාජ්‍යයක් කරා රට මෙහෙයවන්නට ජාතියේ පිනින් පහළ වූ ජාතික හෙළ උරුමයේ රථ ගායට යට වූ පළමු පිංවතා ලෙස ඔහු ඉතිහාසගත වෙයි.