මඩකලපුවේ ප්‍රචණ්ඩ මහණා වහා අත්අඩංගුවට ගනු!
පෙර ලිපිය කියවන්න: චම්පිකගේ අමුඩෙ රුන්නේ කවුරුද? පන්සලක හාමුදුරුනමක් වූ පළියට හෝ ඒ පන්සල පිහිටා තිබෙන්නේ දෙමළ බහුතරයක් ජීවත් වන ප්‍රදේශයක ය කියා ඒ පන්සලට හොරෙන් විදුලිය ලබා ගන්නට කිසිදු අයිතියක් නැත. විදුලිය විසන්ධි කරන්නට පැමිණි නිලධාරීන්ට පහර දෙන්නට හා තර්ජනය කරන්නට හාමුදුරුවන්ට අයිතියක් නැත. මේ නිලධාරියා එඩිතර පුද්ගලයෙකි. මෙම ප්‍රචණ්ඩ භික්ෂුවගේ හා පොලිසියේ තර්ජනය හමුවේ පවා ඔහු එකී භික්ෂුවට අවශ්‍ය දේ කියන්නේ නැත. ඔහු ඇත්තෙන් ම එවැන්නක් නො කීවා වෙන්නට ද පුළුවන. කීවා නම් මේ හාමුදුරුවන් කළ යුතුව තිබුණේ ඒ ගැන පැමිණිලි කිරීම මිස ඔහුට පහර දීම හා පොලු අරගෙන ප්‍රචණ්ඩව හැසිරීම නො වේ. පොලිසිය එතැනට ඇවිත් කළ යුතුව තිබුණේ තර්ජනයට ලක් වූ රාජ්‍ය නිලධාරියාව ආරක්ෂා කිරීමයි. ප්‍රචණ්ඩ මහණා අත් අඩංගුවට ගත යුතුව තිබිණි. අනෙක් පැත්තෙන් මෙම භික්ෂුව පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනියට අපහාස කරන ආකාරය සමස්ත ස්ත්‍රී වර්ගයාට ම නිගාවකි. රජයේ සේවය ඔහුට අනුව මහින්ද රාජපක්ෂගේ ඇට මිරිකීමයි. රාජ්‍ය නිලධාරීන් පකයෝ ය. මෙවැනි පාදඩ මහණුන් හැදූ වැඩූ අය ද මේ කතා අසා ගන්නා එක දෛවයේ සරදමකි....