සුන්දර ඉංගිරිසි: බුද්ධා ද? බුද්ධ ද?

බෞද්ධ ටයි පටියක්. අන්තර්ජාලයේ අලෙවියට තිබේ. සොයා බලන්න
සිංහල සංස්කෘතිය බොහෝ දුරට බුදු දහම සමග බැඳී පවතිනවා. ඒ නිසා සිංහලයන්ගේ ඉංග්‍රීසි භාෂා ව්‍යවහාරයට බුදු දහම හා සම්බන්ධ වචන රැසක් එකතු වී තිබෙනවා.

බුදු හාමුදුරුවන්ට ඉංග්‍රීසියෙන් ලෝඩ් බුද්ධා යි ව්‍යවහාරයක් ඇවිත් තිබෙනවා. ඉතින් බොහෝ සිංහලයනුත් ලෝඩ් බුද්ධා කියනවා. ඒ මොකට ද? අපි දන්නෙ නැද්ද මේ වචනය බුද්ධා නෙමෙයි, බුද්ධ කියලා.

Lord නම් වදන මධ්‍ය කාලීන යුගයේ හැදුණු වචනයක්. එහි තේරුම සම්බන්ධ වෙන්නේ බලය, අධිකාරිත්වය සමගයි. එහෙත්, බුදු හිමියන් කියන්නේ බලය සමග අයෙක් නොවෙයි. සැබෑ බුදු දහම රාජ්‍ය බලයේ අවයවයක් නොවෙයි. එහි හරය වෙනස්. එතකොට බුදු හිමියන්ට ලෝඩ් කියන එක කෙතරම් ගැලපෙනවද කියන එක බෞද්ධ පඬිවරුන් සලකා බලන්න ඕනෑ.

මෙවැනි ප්‍රශ්නයක් ඇති වන්න මූලික හේතුව තමයි, බුදු දහම සම්බන්ධ සිංහල වදන් වෙනුවෙන් ඉංග්‍රීසි වචන සැකසීමේදී ක්‍රිස්තියානි ආගම අනුගමනය කිරීම.

පන්සල කියන වචනය වෙනුවට යෙදෙන temple යන වදනින් හැඳින්වෙන්නේ දෙවියන් පිදීම හා සම්බන්ධ ස්ථානයක්. එහෙත්, සැබෑ පන්සල දෙවියන් පිදීම හා සම්බන්ධ නැහැ.

monastery නම් වදන නම් බොහෝ දුරට වනවාසී භික්ෂූන්ගේ අාරාම හඳුන්වන්න ගැලපෙනවා. 

සිවුරට robe කියනවාට වඩා saffron robe කීම යෝග්‍යයි. මන්ද, එවැනි පොරවන ආකාරයේ ඇඳුම් කොයිකටත් ඉංග්‍රීසියෙන් රෝබ් කියනවා. එවැනි අලංකාර ස්ත්‍රී ඇඳුම්වලටත් රෝබ් කියනවා.

හාමුදුරුවන්ට Buddhist monk කීමෙහි එතරම් ගැටලුවක් පෙනෙන්නේ නැහැ. මන්ද, පැරණි ඉංග්‍රීසියේ වගේ ම ග්‍රීක්, ලතින් භාෂාවලත් ආගමික ජීවිතය වෙනුවෙන් ලෞකික ජීවිතය කැප කළ පුද්ගලයන් හැඳින්වීම සඳහා මේ වචනය යොදාගෙන තිබෙනවා. මේ වන විට Bhikshu, Bhikku යන වදනුත් සංස්කෘත භාෂාව හා බුදුදහම ඇසුරෙන් ඉංග්‍රීසි ශබ්ද කෝෂයට එකතු වී තිබෙනවා. සාමනේර භික්ෂූන්ට samanera යන වචනය භාවිතා කළ හැකියි.

බුදු මැදුරට shrine යි කීමත් ගැලපෙන පරිවර්තනයක්. එය අතීතයේ සිට ම ආගමික පුද පූජා කටයුතු කරන ස්ථාන හැඳින්වීමට යොදා ගත් වදනක්. එහි මුල් ලතින් වචනයෙන් අදහස් වුණේ පොත් හා කඩදාසි තැබීමට භාවිතා කරළ කේස් එකක්.

බුදු දහම හා සම්බන්ධ වචන බොහොමයක් සංස්කෘත මූලයන්ගෙන් ඉපදී තිබෙන නිසා ඒවායේ ඉංග්‍රීසි ස්වරූපයත් සංස්කෘත වදනින් ම සකසා ගැනීම වඩා යෝග්‍ය බවයි පෙනෙන්නේ. 

බෞද්ධ භික්ෂු සමාජය හැඳින්වීම සඳහා sangha නම් වදන සංස්කෘත භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට එක් වී තිබෙනවා.

ගිහියන් හෙවත් සංස්කෘත උපාසක නම් වදන වෙනුවෙන් laymen ලෙස භාවිතා කිරීම ක්‍රිස්තියානි ආගමේ ආභාසයෙන් සිදු කෙරුනත්, පූජකවරුන් නොවන සෙසු අය හැඳීන්වීම සඳහා එය යෝග්‍ය පරිවර්තනයක්.

චෛත්‍යය සම්බන්ධයෙන් chaitya, stupa යන වදන් දෙක ම ඉංග්‍රීසියේ යෙදෙනවා. ඒ වෙනුවෙන් යෙදෙන තවත් වචනයක් තමයි pagoda. එහෙත්, එමගින් ලංකාවේ තිබෙන චෛත්‍යවලට වඩා වෙනස් බෞද්ධ ගෘහ නිර්මානයක්.

Incumbent කියන්නේ ක්‍රිස්තියානි දේවස්ථාන ආශ්‍රිත තනතුරු දැරූ අය හඳුන්වන්න භාවිතා කළ වදනක්. පන්සලක නායක හාමුදුරුවන් මෙන් ම මහනායක හිමිවරුන් හඳුන්වන්නත් මේ වචන භාවිතා වෙනවා.

භික්ෂුවකගේ නම ඉදිරියෙන් Rev. (reverend), Most Reverend, Ven. (venerable), වැනි ඉංග්‍රීසි ටයිටල යෙදෙනවා. නම අගටත් Thero, Thera වැනි අවිධිමත් සිංග්ලිෂ් වදන් යෙදෙනවා. නමට පෙර යෙදෙන වචන සකසා ගෙන තිබෙන්නේ ක්‍රිස්තියානි ආගමික නායකයන් හැඳින්වීම සඳහා යොදන වදන් ඇසුරිනුයි. භික්ෂුවක් ඇමතීම සඳහා යෙදෙන ස්වාමීන් වහන්ස වැනි වදන් සඳහා නිසි පරිවර්තන හිඟයි. ඇතැමෙක් Reverend Sir යනුවෙන් යොදන ව්‍යවහාරය ඇංග්ලිකානු ක්‍රිස්තියානි ආභාසයෙන් කරන්නක්. 

දානයට alms යි භාවිතා කළත් එහි මුල් ඉංග්‍රීසි තේරුම වන්නේ දුප්පතුන්ට හා වෙනත් අවශ්‍ය අයට පිරිනමන මුදල්, ආහාර ආදියයි. එහෙත්, පාලියෙන් දාන කියන්නේ භික්ෂූන් විෂයෙහි පිරිනමන දෙයක් නිසා ඒ සඳහා යෝග්‍ය පාලියෙන් ඉංග්‍රීසියට එක් වී තිබෙන dana නම් වදනයි.

ත්‍රිවිධ රත්නයට Triple Gems, Three Jewels වැනි යෙදුම් භාවිතා වෙනවා. චතුරාර්ය සත්‍යයට Four Noble Truths කියා ව්‍යවහාර වෙනවා. ඒ වගේ ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට Noble Eightfold Path යි කියනවා.පුනර්භවයට rebirth කියා ද යෙදෙනවා. 

Dharma, Nirvana, Nibbana, Tripitaka, Abhidhamma, Arhat, Bodhisattva,karma, Nikaya, sila (ශීල), sutra වැනි වදන් රැසක් ම ඉංග්‍රීසි ශබ්ද කෝෂවලට සංස්කෘත මූලයන්ගෙන් එක් වී තිබෙනවා. මේ වචනවලින් හැඳින්වෙන සංකල්ප සඳහා පූර්ණ ඉංග්‍රීසි පරිවර්තන සිදු කළ නො හැකි වීම නිසා මුල් සංස්කෘත වදන් ඉංග්‍රීසියට හඳුන්වා දීම වැදගත්. 

බුද්ධත්වයට පත් වීමේදී බුදුන්ට සෙවණ දුන් Ficus religiosa නම් වෘක්ෂය Bo tree, Bodhi tree ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වෙනවා. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Dear Para.. this is a wonderful article and have lot to think of. thanks for that.
    Cant we use the term 'seminarian' for 'samanera' ?

    ReplyDelete
  2. පැරා. අපි මඳකට මේ ලිපි පෙළ නවත්වා දේශපාලනික මතවාදයන් හුවමාරු කර ගනිමුද ? අවශ්‍යයෙන්ම මේ එයට කාලයයි. කාරුණික ඉල්ලීමක්.

    ReplyDelete
    Replies
    1. ආඩම්බර දරුවන්ගේ බාප්පාNovember 23, 2014 at 1:59 PM

      පැරකුම් දරුවාගේ දේශපාලන ජීවිතය මඤ්ඤං වී (Up-side Down) සරම මූනට වැටී ඇති බැවින් ඔහුට මෛත්‍රි කරන්න දරුවනේ.
      ඒ වගේම...
      මාතලනුත් සයිබර් මර්වින් බවට පත්වී ඇති සැටියක් පෙනේ සීතල වන්න(Be Cool) මාතලන් දරුවා.

      Delete
  3. /////බුද්ධා ද? බුද්ධ ද?/////

    චෙක් භාෂාවෙන් කියන්නේ බුද්හා කියලා.

    ReplyDelete
  4. පැරා කලින් මහණ වෙලා සිවුරු ඇරපු කෙනෙක්ට මොකක්ද කියන්නේ? මේකට උත්තරය ලැබෙනකම් අපේ මාරයියා බලාගෙන ඉන්නවා...

    ReplyDelete
  5. බුද්ධ ද බුද්ධා ද කියලා තෝර ගන්න බැරි නම් සිද්ධාර්ථ කියලා කියන්නකෝ. එතකොට ප්‍රශ්නය ඉවරයි නේ...

    ReplyDelete
  6. එතකොට බුද්ධාලම්බන බුද්ධලම්බන වෙනවද?

    ReplyDelete
    Replies
    1. බුද්ධාලම්බන = බුද්ධ+ආලම්බන

      Delete
  7. මා හිතනවා සංස්කෘත වදන් ඉංග්‍රීසියට හඳුන්වා දී බෞද්ධ දර්ශනයට අදාළ සියලු අන්තර්ගතය වඩාත් හොඳින් කියවෙන ආකාරයට සැකසීම කාලෝචිතයි කියා.

    ReplyDelete
  8. පැරා හක්ගෙඩිය සන්ධානෙන් අයින් වුනා කියල ඉංගිරීසියෙන් කියන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. සිංහලෙන් නම් කියන්නේ රජතුමාගේ හක්ක පැන්නා කියලා.

      Delete
  9. මට නම් හිතෙන්නේ මේ කියනදේ එතරම් වැදගත් දෙයක් නොවේ කියලයි. උදාහරනයක් විදියට බෝඩ්ගයා ද බුද්ධගයාද? සිංහල කතාකරන්නෙක් බෝඩ්ගයා කිව්වට වරදක් නැහැ. අපි වරනාසි වලට බරනැස කියල කියන්න යන්නේ නැහැනේ. වැඩි මහන්සියක් නැතුව අපි කියන්නේ රෙජිස්ටර් වෙලා තියෙන නම නේ. ඒක වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි? (එහෙමනම් ෆර්ඩිනැන්ඩො ට ප්‍රදිනාන්දු කියන එක වැරදි වෙන්න ඕනෙ - මොකද අපි දන්නවනේ හරි නම ෆර්ඩිනැන්ඩො කියලා)

    අර ඉහත AnonymousNovember 23, 2014 at 12:45 PM කියන දේ මටත් හිතුනා. 'බුද්ධ ද බුද්ධා ද?' වෙනුවට.. '"මෛත්‍රි"ය ද වෛරය ද?' ගැන කතා කරමු.

    - Dimithri

    ReplyDelete
  10. බුද්ධ ද බුද්ධාද යන වෙනස සිංහල vs අනෙක් භාෂා වල තිබෙන වෙනස නිසා ඇතිවූවක්. 'මධුර' වචනය සිංහලෙන් උච්චාරණය කරන විට 'ර' යන්න ෆ්ලැට් ලෙස අවසන් වන අතර 'ම' යන්න ෆ්ලැට් නොවේ. වෙනස අඳුරා ගැනීමට 'රධුම' යන වචනය උච්චාරණය කර, වචන දෙකේ 'ම' සහ 'ර' කියෙවෙන ආකාරය බලන්න.
    හින්දි සහ දෙමල වැනි බාෂා වල පළමු අකුර ෆ්ලැට් වන අතර අවසන් අකුර ෆ්ලැට් නොවේ. බුද්ධ බුද්ධා වන්නේ එසේය.

    ReplyDelete
    Replies
    1. Anonymous November 24, 2014 at 12:27 AM
      excellent explanation
      thanks

      Delete
    2. @ AnonymousNovember 24, 2014 at 12:27 AM

      මොකක්ද හරකෝ ෆ්ලැට් අකුරු කියන්නේ? තෝ දන්නේ පුකේ සිංහල නරියා. අකුරු උච්ඡාරණය වෙන්නේ විවෘත සහ සංවෘත ලෙසයි.නොදන්නා පුකවල් කතා නොකර හිටු බූරුවා.

      Delete
  11. /* සිවුරට robe කියනවාට වඩා saffron robe කීම යෝග්‍යයි. */

    ඇයි turmeric robe කියා නොකියන්නේ? ඒක නේද වඩාත් ගැලපෙන දේශීය වචනය? ලංකාවේ තියෙන්නේ turmeric මිස saffron නොවේ.

    ReplyDelete
  12. 50 words from India
    A - atoll, avatar
    B - bandana, bangle, bazaar, Blighty, bungalow
    C - cashmere, catamaran, char, cheroot, cheetah, chintz, chit, chokey, chutney, cot, cummerbund, curry
    D - dinghy, doolally, dungarees
    G - guru, gymkhana
    H - hullabaloo
    J - jodhpur, jungle, juggernaut, jute
    K - khaki, kedgeree
    L - loot
    N - nirvana
    P - pariah, pashmina, polo, pukka, pundit, purdah, pyjamas
    S - sari, shampoo, shawl, swastika
    T - teak, thug, toddy, typhoon
    V - veranda
    Y - yoga
    Sources: Hobson-Jobson, Oxford English Dictionary

    ReplyDelete
  13. අම්මට සිරි! හොයලා බැලුවහම අන්තර්ජාලයේ බෞද්ධ කොඩිය සහිත ටයි පටි විතරක් නෙවේ, මගේ සැම්සුන් ගැලැක්සි S5 ෆෝන් එකට කවරත් තියෙනවානේ....
    අද ම එකක් ඕඩර් කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මේ බලපල්ලා බෞද්ධ කොඩියෙන් වැඩ දාලා තියෙන බඩු ----
      http://www.zazzle.com/pabbhassara+gifts

      Delete
  14. Mewa gena ochchara kalabala wenna epa,ewa hema ekakma agamwalata apahasa karana adahasin baraganna epa,dekke nedda,Foot ball world cup eka dawas wala loke purama Brasilaye Jesus wahansege pilimaya foot ball gahanawa pennuwe,Dekkenedda,onna islam unanam minimarai.Perata Mokada bududahama gana ekaparatama,(Mokatada enna hadanne)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා