රනිල් පොදු අපේක්ෂකයකු ලෙස

(මෙය මුදල ගෙවා ප්‍රචාරය කරන දැන්වීමක් නො වේ. නොමිළේ කඩේ යාමක් ද නො වේ. ප්‍රතිපත්තිමය තීරණයක් ද නො වේ. සංවාදයට බඳුන් කරන අදහසකි.) 

පොදු අපේක්ෂකයා ගැන සරත් ෆොන්සේකා ඊයේ පළ කළ අදහසක් අද දිවයින පුවත්පතේ පළ වී තිබිණි.


ඉදිරි ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා සඳහා යෝජනා වී ඇති නම් කිහිපය අතුරින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට සුදුසුකම් ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (18 දා) එම පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

දැනට ඇති දේශපාලන පක්‍ෂ නායකයින්ගෙන් ජ්‍යෙෂ්ඨයකු වන ඒ මහතා ප්‍රබල චරිතයක්‌ බවත් පළපුරුද්ද දක්‍ෂතා මත හැකියාව ඇති බවත් රනිල් නුසුදුස්‌සෙකු බවට සමහරු කීවත් තමන්ට ඔහු සමග ප්‍රශ්නයක්‌ නැති බවත් කියා සිටියේය.

......................

පොදු අපේක්‍ෂකයා අනිවාර්යයෙන්ම පිළිගත හැකි විශ්වාස කළ හැකි අතීතයේ හොඳ හැසිරීමක්‌ ඇති පළපුරුද්ද ඇති දුන් පොරොන්දු ඉෂ්ට කළ ජනතාවට එපා නොවුණු චරිතයක්‌ විය යුතු බවද එසේ නොවුණොත් පක්‍ෂය වෙනත් විකල්ප තීරණයකට යන බවද ඒ මහතා කියා සිටියේය.

ඒ වගේම පොදු අපේක්‍ෂකයා දේශපාලන පක්‍ෂයක ප්‍රබල චරිතයක්‌ විය යුතු බවද ජනතා නියෝජිතයෙකු නොවන චරිත පොදු අපේක්‍ෂකත්වයට සුදුසු නොවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පොදු අපේක්ෂකයා පිළිබඳ සරත් ෆොන්සේකාගේ මෙම අදහස ලංකාවේ සමාජයේ පවතින අදහසක් පරාවර්තනය කරන්නකි. මෙය කියන්නට බොහෝ දෙනෙක් මැලි වෙති. එයට හේතුව ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරන මතවාදයන් හා ජාතිවාදයයි.

රනිල් වික්‍රමසිංහ ධනේශ්වර ලිබරල් දැක්මක් සහිත නායකයෙකි. 2001-2004 සමයේ ඔහු ලංකාවේ නිල නොලත් රාජ්‍ය නායකයා විය. එසමයේ ඔහු ඉතා දැඩි නව ලිබරල්වාදී ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් දියත් කරන්නට උත්සාහ දැරුවේ ය.

ඔහු ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි අනුගමනය කළ ප්‍රතිපත්තිය වඩා උපායශීලී එකක් විය.  මර්දිනය වෙනුවට බලය බෙදා ගැනීමේ සම්මුතියකට දෙමළ හා සිංහල ජාතිවාදයන් සිර කිරීමේ ප්‍රබල උත්සාහයක ඔහු නිරත වුණේ ය. ඒ සඳහා බටහිර සහයෝගය ලැබිණි. එහෙත්, සිංහල හා දෙමළ ජාතිවාදයන් ඔහුට වඩා ප්‍රබල විය. ඒවා එකිනෙකා සමග අනියම් සම්මුතියකින් කටයුතු කරමින් ඔහු පරාජය කළ ආකාරය 2005 ජනාධිපතිවරණයේදී කැපී පෙනිණි.

ඔහුගේ දැඩි නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට ජන සහාය දිනා ගැනීමට ඔහු අසමත් විය. ආසියානු සංවර්ධන බැංකුවේ උපදෙස් මත විදුලි බල මණ්ඩලය කොටස් කීපයකට කඩා ප්‍රතිව්‍යූහගත කිරීම වැනි ඔහුගේ යෝජනා දැඩි විරෝධයට හේතු විය. 

ඔහුගේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට එරෙහිව මුලින් ම නැගී සිටියේ මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාරයයි. එදා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව පෙරට ආ මහමාන්කඩවල පියරතන හිමියන් නායකත්වය දුන් දේශීය සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය සැදුම් ලැබුවේ වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන කණ්ඩායම් ආදී සිවිල් සමාජ සංවිධානවලිනි. 

පසු කලෙක ජවිපෙ නායකත්වය දුන් ජාතිවාදී රැල්ල විසින් රනිල් පරදවන ලදී. ඔහු වෙනුවෙන් පෙනී සිටීමට මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාරය ඉදිරිපත් නො වුණේ ඔහුගේ දැඩි නව ලිබරල්වාදී ආස්ථාන හේතුවෙනි.

එහෙත්, රනිල්ගේ නව ලිබරල්වාදය වෙනුවට මේ රටේ ජනතාවට ලැබුණේ අන්ත ජාතිවාදී, ආගම්වාදී, පවුල්වාදී, දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති, ලුම්පන් පාලනයකි.

එයට සාපේක්ෂව නව ලිබරල්වාදයේ පවා හික්මවා ගත හැකිකමක් හෙවත් චෙක්ස් ඇන් බැලන්සස් තිබිණි.

කෙසේ වෙතත්, මේ වන විට නව ලිබරල්වාදයේ පැරණි මාදිලිය ලෝකයෙන් ම ප්‍රතික්ෂේප වී තිබේ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක වෙළඳ සංවිධානය ආදී සංවිධාන හරහා දැඩි ආක්‍රමණකාරී ස්වරූපයකින් ලෝකය මත පටවන ලද ආර්ථිකයන් හැඩගැස්වීමේ ක්‍රියාවලිය දැන් පසුබැස තිබේ. ඒ වෙනුවට මේ වන විට එම වැඩසටහන් ම ජාතිකවාදයන් සමග මුසු වෙමින් වෙනත් ස්වරූපයකින් සිදු වෙමින් තිබේ.

රනිල්ගේ පරාජය සිදු වුණේ ඔහුට වෙනස් වන තත්වයන් සමග හැඩගැසෙන්නට අපහසු වූ හෙයිනි. ඒ සඳහා ඔහුට කාලයක් ලැබුණේ ද නැත. එසේම නැගී ආ ජාතිවාදී රැල්ල හමුවේ දරාගෙන සිටීමේ ශක්තියක් ද ඔහුට නො තිබිණි. එහෙයින් ඔහුගේ පරාජය අනිවාර්ය එකක් විය.

2014 වන විට සිටින්නේ 2005 සිටි රනිල් නො වේ. හේතුව 2005 වන විට තිබුණු නවලිබරල්වාදී වැඩසටහන දැන් ඒ අන්දමින් ම ක්‍රියාත්මක නො වීමයි. එසේම, 2014 වන විට ලංකාව සම්බන්ධයෙන් චීනයේ බලපෑම අතිශය වැදගත් සාධකයක් වී තිබේ.

රනිල් වික්‍රමසිංහගේ ධනේශ්වර ලිබරල් හරයන් වෙනස් වී නැතත් ඔහුට වැඩ කිරීමට සිදු වනු ඇත්තේ වෙනස් වී තිබෙන සංදර්භයන් තුළයි. නිදසුනක් ලෙස රාජ්‍ය අංශය හකුළා පෞද්ගලික අංශය සංවර්ධනයේ එන්ජිම බවට පත් කිරීමේ ඔහුගේ පැරණි උපායමාර්ගය මහින්ද රාජපක්ෂ විසින් දැවැන්ත ලෙස ප්‍රසාරණය කරන ලද රාජ්‍ය අංශය විෂයෙහි ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි. ඔහුට කරන්නට සිදු වනු ඇත්තේ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීමේ ක්‍රමවේදයක් සොයන්නටයි. රාජ්‍ය අංශය දිය කර හැරීම හා පෞද්ගලික අංශය වර්ධනයේ එන්ජිම බවට පත් කිරීම තව දුරටත් ප්‍රායෝගික නැත.

එසේම, පෞද්ගලීකරණය වෙනුවට රාජ්‍ය ව්‍යවසාය රජයට හිමි සමාගම් ලෙස ම තබා ගනිමින් මහජන මුදලින් නො යැපෙන අන්දමින්, වඩා නිදහස් හා තරගකාරී වෙළඳපොළක පවත්වාගෙන යාමට ක්‍රම සෙවීමට සිදු වනු ඇත.

ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල දූෂණ අවම කිරීම, ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම, සංචාරක ව්‍යාපාරය සඳහා වඩා හිතකර තත්වයක් ඇති කිරීම, විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම, ජාත්‍යන්තර වශයෙන් සාමය තහවුරු කර ගැනීම, සුළු ජාතීන් සමග සම්මුතියකට එළඹීම, ජාතිවාදයට වැට බැඳීම හා සංස්කෘතික තුලනය පවත්වා ගෙන යාම ඔහු හමුවේ ඇති අභියෝගයි.

රනිල්ගේ කලින් ප්‍රතිපත්තිවලින් සිදු වුණේ ඇති නැති පරතරය තව වැඩි වීමයි. මහින්ද එය තුලනය කළේ රජ්‍ය අංශය ප්‍රසාරණය කරමින් මධ්‍යම පංතිය ශක්තිමත් කිරීමෙනි.

සරත් ෆොන්සේකා සේ ම මා ද සිටින ස්ථාවරය වන්නේ ලංකාවේ මේ මොහොතේ රාජ්‍ය නායකත්වයට සුදුසු ම පුද්ගලයා රනිල් බවයි. මෙය සාපේක්ෂ කරුණක් මිස පරම දෙයක් නො වේ.

රනිල් බලයට ගෙන ඒම සමාජවාදයට ඉවහල් වන්නේ කෙසේදැයි ඔබ අසනු ඇත. මම මෙසේ කියමි. මේ සමාජය අන්ත දූෂිත ඒකාධිපතිවාදයකට, පවුල්වාදයකට මුළුමනින් ම නතු වී විනාශ වී යාම වළක්වා ගැනීම අනිවාර්යයෙන් ම සමාජවාදී පියවරකි.

පොදු අපේක්ෂක කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිස් මෙම කාරණා කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

රනිල් ගැන මම මෙසේ ද කියමි. ඔහු සිය පළමු ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනු ඇතැයි මම විශ්වාස නො කරමි. එහෙත්, වඩා ප්‍රශස්ථ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් සඳහා පියවර ගැනීමට ඔහු පෙළඹවිය යුතු ය. ජනාධිපතිවරයා සතු මුක්තිය අහෝසි කිරීම, කැබිනට් මණ්ඩලය සීමා කිරීම, ජනාධිපති පදවියට පත් විය හැකි වාර ගණන සීමා කිරීම, අධිකරණය, රාජ්‍ය සේවය හා පොලිසිය වැනි වැදගත් ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීම, විධායකය තුළ සුළු ජාතීන්ට අවස්ථා ලබා දීම සඳහා පියවර ගැනීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැනි ක්‍රියාමාර්ග රනිල්ගෙන් අපේක්ෂා කළ හැකි ය. 

ඒ සඳහා ඔහුට බලපෑම් කිරීම සඳහා මහජන ව්‍යාපාර ශක්තිමත් කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රනිල් මහත්මයකු සේ කටයුතු කරනු ඇතැයි විශ්වාස කල හැකි වුවද ඔහු වටා සිටින තක්කඩීන් සහ දැනට ආන්ඩුවේ සිටින බලයට පැමිණිපසු රනිල් හෝ මොකා සමඟ වුව එකතු වන උන් ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔවුන් නැවතත් සියළු ප්‍රවාහයන් පවත්නා මගෙහිම ගෙන නොයනු ඇතිද?

    ReplyDelete
    Replies
    1. මහින්ද හොඳයි වටේ ඉන්න එවුන් තමයි නරක........... ජහමන මතය මෙයයි......
      රනිල් හොඳයි වටේ ඉන්න එවුන් තමයි නරක.......
      උනුත් එකයි මුනුත් එකයි එහෙම කිව්ව උනුත් එකයි කොටිත් එකයි තොපිත් එකයි අපිත් එකයි...... මොනවා හරි හොරා කාගෙන ඉමු පැරා....

      Delete
    2. මහින්දට එරෙහි විශාලතම චෝදනාව එන්නේ පෙර නොවූ විරූ අන්දමින් සිදුවන දූෂණ පිළිබඳවයි.

      ජනතාවට දැන් අමතකව ඇති මුත්, තම සිව් අවුරුදු පාලන සමයේදී, රනිල් යටතේ සිදුවූ මූල්‍යම වංචා ප්‍රතිශතාත්මකව ඊට ඉහල බව කිව හැකිය. රවි, කරු සහ මිලින්ද පමණක් (වෙන වෙනම) කරන ලද මූල්‍ය වංචා ගණන් බැලුවද ඒවා ඉතා ඉහල අගයක් ගනී. vat බදු වංචාව ද කෙරුනේ UNP යේ මුස්ලිම් ප්‍රබල යෙක් ගේ මෙහෙයවීමෙන් බව දැන් බොහොමයකට අමතකව ගොස් ඇත.

      මේ වා දැනට සිදුවන- කොන්ත්‍රාත්තුවක් දී කොමිස් ගැනීමට ත්, රටේ දේපල අඩු මුදලට පිටරට අයට දී අතයට මුදල් ගැනීමටත්, වඩා සංකීර්ණ 'බටහිර පන්නයේ' මූල්‍ය වංචා වූ බැවින් (මතකද JR සමයේ චොක්සි ගේ හිල්ටන් මගඩිය ?), සාමාන්‍ය ජනතාවගේ මතකයෙන් ලෙහෙසියෙන් හැලී යන සුළු විය. කරු ගේ, රනිල් ගේ ප්‍රතිවාදීන් පවා මේවා මතක් කරන්න තරම් 'වැදගත්' සිදුවීම් සේ නොසිතන බව පෙනේ.

      මේ හොරකම් නැවැත්වීමට රනිල් කලදෙයක් නැත. වංචා කරුවන්ගෙන්, මහින්ද ළඟ (දැනට) සිටින අය හැර ප්‍රධානීන් සියල්ලම තවමත් රනිල් ළඟමය. අනිත් අයද දිනුවොත් රනිල් ලඟට එන්න පරක්කු වන්නේද නැත. ආ විට නොගෙන ඉන්නේද නැත.

      මේ හොරකම් වලින් රනිල් ට කොටසක් හම්බ උනා යයි සිතිය නොහැකිය. නමුත් හොරු පක්ෂයට මුදල් යෙදවීමත්, වැරදි කිරීමට ඉඩදී ඔවුන් ව පාලනය කිරීමට අවස්තාව ලබා ගැනීමත් මගින් රනිල් වක්‍රාකාරයෙන් ප්‍රතිලාබ ලැබූ බව කිව හැකිය.

      මේ ටික කියන්න සිදු වුනේ රනිල් ආවොත් හොරකම නතරවෙයි කියා සිතන අයත් සිටින නිසාවෙනි.

      Delete
    3. රනිල් තමන්ගේ පක්ෂය තුල කාගෙන රැඳී සිටීමෙන් ඔහුගේ ඒකාධිපතිත්වය පෙන්නුම් නොකරයි ද ? පක්ෂයට නොදෙන ප්‍රජාතන්ත්‍ර වාදය රටට දෙයි ද ? "නව ලිබරල්වාදයේ ඇති හික්මවා ගත හැකිකමක් හෙවත් චෙක්ස් ඇන් බැලන්සස්" මගින් පක්ෂයට එපා වූ රනිල් දශකයක් පමණ කාලයක් තිස්සේ පක්ෂ නායක කමින් ඉවත් කල නොහැකි වුයේ ඇයි ?


      රනිල් ඒකාධිපති විධායක ජනාධිපති වූ පසු ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පැරාට ගැරන්ට් කර හැකිද ? මම රනිල්ට චන්දය දුන් පසු නියමිත දිනකදී එය නොකළහොත් පැරාගෙන් මට කෝටියක් වන්දි ලබා ගත හැකිද ?

      "වඩා ප්‍රශස්ථ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් සඳහා පියවර ගැනීමට" වර්තමානයේ මහින්ද රාජපක්ෂ පෙළඹවීමට ඇති බාධා මොනවාද ? ඉත්තන් මාරු කොට එය කරන්න බලං ඉන්නේ ඇයි ?


      රනිල් ගේ කාලයේ පතෝල වැටකොළු පාලනය සහ කොටි හිතවත් කම නිසා නිසා මහා මග වෙඩි කා ජිවිත අහිමි වූ 100 කට වැඩි බුද්ධි අංශ සාමාජිකයන් ගැන පැරාගේ විශ්ලේෂනය කුමක් ද ? එල ද ? එය ඔහුගේ පාලනයේ දක්ෂ කම පෙන්වයිද ? නැද්ද ?

      Delete
    4. /ඔහු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පැරාට ගැරන්ට් කර හැකිද ?/

      "රනිල් ගැන මම මෙසේ ද කියමි. ඔහු සිය පළමු ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනු ඇතැයි මම විශ්වාස නො කරමි." -පැරා

      Delete
    5. /ඉත්තන් මාරු කොට එය කරන්න බලං ඉන්නේ ඇයි ?/

      හැමදාම සජින්ලා බැසිල්ල හම්බ කරගත්තම ඇතිද? අපි හම්බ කරගන්නේ නැද්ද?

      Delete
    6. /මහා මග වෙඩි කා ජිවිත අහිමි වූ 100 කට වැඩි බුද්ධි අංශ සාමාජිකයන් /

      ඔතන තම්බි කීදෙනෙක් හිටියද? උන් අම්බානක් පව්. දෙමලු ටිකක් පව්. සිංහල උන්ට හොඳ වැඩේ.

      Delete
  2. හදිසි ජනධිපතිවරණයක් කැඳවීම තමාට වාසිදායක යැයි ඒකමතික තීරණයේ සිටි වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන තමාට දැඩි දේශපාලන අවාසි සහගත තත්වයක් උදාවී තිබීම හේතුවෙන්ම දැඩි ආතතියක පසුවන බව වාර්තාවේ. වත්මන් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් සහ ජනාධිපතිවරයාට හිතවත් බොහෝ දෙනා මේ අවස්ථාවේ ජනාධිපතිවරණයකට නොයන ලෙස පැවසුවද, ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ජෝතිෂ්‍යය සහ ග්‍රහචාරය විශ්වාසකරමින් බවට වාර්තාවේ. ඒ හේතුවෙන් මේ වන විට දේශපාලනය වශයෙන් දැවැන්ත කඩා වැටීමක් ජනාධිපතිවරයාගේ මෙන්ම, ආණ්ඩුවේද සිදුවී හමාරය.
    ජාතික හෙළ උරුමය ඊයේ (18) ආණ්ඩුවෙන් ඉවත් වූ අතර, ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වුවහොත් ඉදිරියේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා දිනවීම සඳහා ශ්‍රීලනිප පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රාශියක් ඉවත්වීමට මේ වන විටත් එකඟතාවය පළ කර ඇතැයි ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලයේ හදිසි රැස්වීමක් අද (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර මෙම කැබිනට් රැස්වීමට සියලූම ඇමතිවරුන්ට සහභාගි වන ලෙස දැනුම් දී ඇති බවත් ජනාධිපතිවරණය කැදවීමේ නිල නිවේදනය අද(19) මධ්‍යම රාත‍්‍රියේදී නිකුත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.
    ඊයේ දිනයේ 69 වන වියට පා තැබූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු න්‍යයිතික බාධාවකින් තොරව තවත් වසර දෙකක කාලයක් ධුරයේ රැඳී සිටීමේ හැකියාව තිබුණද අධික බලලෝභී අපේක්ෂාවකින් 2020 තෙක් බලය තහවුරු කරගැනීම වෙනුවෙන් මෙම ජනාධිපතිවරණය කැඳවන බව මේ වන විට මෙරට අතිබහුතර දේශපාලන විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.
    විපක්ෂය නිසි සැලසුමක් තුල අවංකව ජයග්‍රහණය කරා ජනාධිපතිවරණ සටන මෙහෙය වුවහොත් මෙය ජනාධිපතිවරයා විසින් සිදුකරන ඉල්ලන් කෑමක් මෙන්ම රාජපක්ෂවරුන්ගේ අවසානයද වනු ඇතැයි දේශපාලන විචාරයකින් මත පලකරයි.

    ReplyDelete
  3. ජනාධිපති පරාජය වීමේ ඉඩකඩ වැඩියි -වික්ටර් අයිවන්

    ReplyDelete
  4. http://www.inside.gossiplankanews.com/2014/11/ug-sfhkafk-wmqak-tl-tal-wmqrejg-ux-lrkj.html

    ReplyDelete
  5. MADU MADAWA JOINS UPFA
    මූ දෙකේ කොලේ යන එනමං නැති හිඟන්නෙක්. නටන්න බැරි මිනිහට පොළව ඇදලු. සාටකේ එල්ලිලා තුට්ටුවක් හොයාගන්න ගිහිල්ලා.

    ReplyDelete
  6. අපේ මාරයා අයියා මේ දවස් වල ටූ බිසි නිසා මේ වගේ ගොන් පෝස්ට් වලට කමෙන්ට් නොකරන බව කරුණාවෙන් සලකන්න. ඔබේ ලග්න පලාඵල දැන ගැනීමට අවශ්‍ය නම් දිනයක් වෙන් කරගෙන රුපියල් 600 ක් හා බුලත් අතක් සමඟ පෞද්ගලිකව හමුවන්න.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. මාරයාට අමුමිරිස් සෙට් එක කේස් ඇද්දා. දැන් උන් සල්ලි ගහල කියල නොන්ඩි වෙලාලු.

      පැරා සාත්තර සුමනෙට ගහනවා කියල ලොකු සීන් කියාගෙන මාරයට ඇරලා පෝස්ට් එකක් දැම්මා.

      එත් තාම අපේ මාරයියා කේන්දරයක් බලල දීලා බ්ලැක් ලේබල් ෂොට් එකක් දාලා පර්ම්ට් කාර් එකක රවුමක් ගිහින් ඕල්ඩ් ඉස් ගෝල්ඩ් ආතල් එකක් අරගෙන සැපට ඉන්නවා.

      මාරයට අරින්න ආපු බුදු හාමුදුරුවන්ගේ මල්ලිගේ පුතාල කියල හිතං ඉන්න හිපාටුවොයි තෙත් කලාපේ ජීවත්වෙන ගොං ගුරාලයි ගල් අරක්කු බෝතලේ රුපියල් 100 වැඩිකරාමයි වාහනවල ටැක්ස් අඩු කරාමයි හොටු පෙර පෙර අඬනවා. අයියෝ සල්ලි.

      Delete
  7. මේ රටේ නායකයා විය යුත්තේ දේශපාළණ දැණීමක් ඇති පරිනත පුද්ගලයෙක්. පැරා කියන ආර්ථික ක්‍රමය කොහොමත් මේ රටට ගැලපෙන්නේ නෑ. මොකෝ ආන්ඩුවේ ඉන්න උන් ආයේ සංසාරෙදි හදන්න බෑ. පැකේජ් එකක් දීලා ගෙදර යවනවා මිසක්. අනික චීනෙටම විතරක් ඔක්කෝම කරන්න දෙන්න ඕන නෑ. මොකෝ චීනෙත් දැන් රුසියාව එක්ක විතරක් නෙමෙයි, ඇමරිකාව සහ යුරෝපය එක්කත් සහයෝගයෙන් කටයුතු කරන්නේ. ආර්ථික සහයෝගිතා ගිවිසුම් ඕසෙට සයින් කරන්නේ.

    හැබයි ඒවා කරන්න හම්බ වෙන්නේ නෑ විධායකේ නැතිව නම්...

    ReplyDelete
  8. //මහින්ද රාජපක්ෂ විසින් දැවැන්ත ලෙස ප්‍රසාරණය කරන ලද පෞද්ගලික අංශය

    මේක "මහින්ද රාජපක්ෂ විසින් දැවැන්ත ලෙස ප්‍රසාරණය කරන ලද රජ්‍ය අංශය" නේද වෙන්න ඕනෙ?

    ReplyDelete
    Replies
    1. නිවැරදි කළා. ස්තුතියි

      Delete
  9. කතා දෙකක් නෑ රනිල් ඉල්ලුවොත් රනිල්ට දෙනව, කරුවල ජයසූරිය ඉල්ලුවොත් මහින්දට දෙනව, එච්චරයි
    ~දේශ්~

    ReplyDelete
  10. Im anyway lookin forward ti have ranil but y there is such a press support for karu n sajith who r not suitable at akk

    ReplyDelete
  11. එකඟයි පැරා. රනිල් කවදාවත් මහින්ද වගේ ඒකාධිපතියෙක් වෙන්නේ නැහැ. හොරෙක් වෙන්නේ නැහැ. බලය ධනය බෙදාගන්න පවුලක් නැහැ. රනිල් ඒකාධිපතියෙක් වෙන්න ගියොත් රනිල්ව පාලනය කරන්න පුළුවන් අය ඉන්නවා යූ එන් පී ඒකෙන් පිට ඉන්න අය. ඒ නිසා රනිල් චන්දෙ ඉල්ලීම හොඳයි.

    ReplyDelete
    Replies
    1. By the way how democratic was Ranil's conduct as the UNP leader?

      Delete
    2. AnonymousNovember 19, 2014 at 10:18 PM
      රනිල්ගේ ගල් කොල්ලෙක්

      Delete
    3. /රනිල් ඒකාධිපතියෙක් වෙන්න ගියොත් රනිල්ව පාලනය කරන්න පුළුවන් අය ඉන්නවා යූ එන් පී ඒකෙන් පිට ඉන්න අය./

      තදින් සිනා.

      Delete
    4. @ Anonymous November 20, 2014 at 9:02 AM

      ඔය මහත්තයාගේ වයස අවුරුදු 50 ට අඩුනම් ඔහොම හිනා යනවා. වැඩිනම් හිනා යන්නේ නැහැ. අර කියමන පිටිපස්සේ තියන රහස දන්නේ යූ එන් පී පරණ කකුල් විතරයි.

      Delete
  12. "රනිල් බලයට ගෙන ඒම සමාජවාදයට ඉවහල් වන්නේ කෙසේදැයි ඔබ අසනු ඇත. මම මෙසේ කියමි. මේ සමාජය අන්ත දූෂිත ඒකාධිපතිවාදයකට, පවුල්වාදයකට මුළුමනින් ම නතු වී විනාශ වී යාම වළක්වා ගැනීම අනිවාර්යයෙන් ම සමාජවාදී පියවරකි. "
    මරුනෙ පැරා මේ theory එක ඕන තකතීරු තීරණයක් සාධාරණීකරණය කරන්න ගහන්න පුළුවන් එකක්නෙ. අනේ පැරාගෙ මොළේ.

    ReplyDelete
  13. ආණ්ඩුවේ සිට මහින්ද රාජපක්ශ මහතාට විරුද්ධ වූ සියලු දෙනා පුද්ගලික වාසි ඉල්ලා නොලැබුන පිරිසක් එහෙමත් නැත්නම් පව්ලේ ව්යාපාර ඒකාදිකාරී ලෙස පවත්වාගෙන යාමට උදව් ඉල්ලා නොලැබුන පිරිසක්. ඔවුන්ගේ අභිප්‍රාය පුද්ගලික තරහ සගවා පොදු ප්‍රශ්න මවා පා පුද්ගලික තරහ පොදු තරහක් බව ජනතාවට ඒත්තු ගන්වා කෙසේ හො බලයට ඒමයි. හැබැයි ජනතාව බුද්ධිමත් බව ඔවුන්ට අමතකයි

    ReplyDelete
  14. අයියෝ පැරා,
    ඔයා සමාජවාදයක් ගැන කියෙව්වට දේශපාලන වශයෙන් අත දරුවෙක් කියලා ඔප්පු කරන තවත් අවස්ථාවක් මේ.
    ජෙනරාල් උතුමා ඇයි මේ හදිසියේම රනිල්ව අප් කරන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ බැරිනං අඩුම ගානේ විජේදාස රාජපක්ෂ දෙරණට ගිහින් කියපු කතා ටිකවත් බලන්න. ඒ කිසි දෙයක් නොබලා නොසිතා ඔහේ පිටින් පේන දේ විතරක් විශ්වාස කරන පැරා වගේ මිනිස්සු ඇත්තටම අහිංසකයෝ. අපි ගොනා මෝඩයා කියලා කිව්වට මාරයට මෙයිට වඩා දේවල් තේරෙනවා. අන්න මූණු පොතේ මාරයා කියලා තිබුනා ජෙනරාල් උතුමා ඇයි රනිල්ව යෝජනා කරන්නේ කියලා. දන්නේ නැත්තං ගිහින් අහගන්න මාරයගෙන්.
    ඔයා වගේ සමාජවාදියෝ ඉන්නකං අපිට දෙවියන්ගේම පිහිටයි.

    ReplyDelete
  15. "රනිල් බලයට ගෙන ඒම සමාජවාදයට ඉවහල් වන්නේ කෙසේදැයි ඔබ අසනු ඇත. මම මෙසේ කියමි. මේ සමාජය අන්ත දූෂිත ඒකාධිපතිවාදයකට, පවුල්වාදයකට මුළුමනින් ම නතු වී විනාශ වී යාම වළක්වා ගැනීම අනිවාර්යයෙන් ම සමාජවාදී පියවරකි. "
    නව සමාජයක් බිහි වීමට නම් පවතින සමාජය කුණු කූජිතව වී විනාශ වී යා යුතු නොවේද? එබැවින් පවතින සමාජය කුණු කූජිත වී විනාශ වී යනු වස් මා මහින්දට ඡන්දය දෙමි.......

    ReplyDelete
  16. Moka balayata awath,Ape jathika wasthun thunak wana, Wimal weerawansa.Jrp suriyapperuma surin saha Sinhale maha ITHIHASA KARU Jackson Anthony Rekagatha uthui,EYA Jathiye mahaa karyabarayai,(Jackage Maha janjale rasikayan)

    ReplyDelete
  17. රනිල්ට වඩාත් ශක්තිමත් දෙවෙනි පෙළක් හදාගන්න වෙයි ඔක්කොටම කලින්. රනිල්ගෙ දේශපාලන ඉතිහාසය තුල ජනතා විශ්වාසය නැවත ගොඩනගන්න ඒ දෙවෙනි පෙළ එකමුතු විය යුතුයි. එය කොතරම් දුරට හරියයිද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. මේ තියෙන්නේ අසාමාන්‍ය තත්වයක් කිලා තමයි හිතෙන්නේ.

    ReplyDelete
  18. ලිඛිත පැහැදිලි ප්‍රත්පත්තියක් නැතත්
    අපව තෝරාගැනීමක් නැති තැනට පත්කරයි
    හොරු, ගෙම්බො, කටුස්සො, මිනිමරුවො,
    හොර හරක් ජාවරම් කාරයො, බාර් කාරයො,
    කුඩු කාරයො ශෝක් එකට අනෙක් පැත්තටත් ඇවිත්...
    අද දේශපාලන පක්ශවල ලෝකල් කමිටු/සභා, දේශපාලනය සිදුවන්නේ මාධ්‍ය හරහාය, මාධ්‍යයේ අයිතිකරුවෝ කවුරුද?

    ReplyDelete
  19. Most important thing is the fate of the countries had pseudo democracies such as Egypt, Tunisia, after trowing off 'dictators'.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා