ඊසොප් හිටියා නම් බඩ කපා ගන්නා මහින්ද අමරවීරගේ දේශපාලන තියරිය
ලංකාවේ දේශපාලන සංස්කෘතිය පිරිහී ඇති තරම කෙතරම් ද?
ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කර තිබෙන අලුත් ම දේශපාලන න්‍යාය මෙයයි.
ජනතාව මේ ආණ්ඩුව නො පෙරළිය යුතු ය. මක් නිසා ද යත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයන් දැන් ඇති තරම් ගසා කා ධනය රැස් කරගෙන තිබෙන බැවින් දූෂණය සඳහා ඉඩ අඩු ය. එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණියහොත් ඔවුන් අලුතෙන් හම්බ කිරීම අරඹනු ඇත. (අමරවීරගේ අදහස මෙතැනින් කියවන්න)
මෘදු ලෙස කතා කරන අමරවීර වැනි ඇමති කෙනෙකුට පවා මෙසේ කියන්නට පුළුවන් තරමට ලංකාවේ දේශපාලන සංස්කෘතිය පිරිහී තිබේ. මේවා ඇහුණා නම් ඊසොප් හිනා කා මැරෙනු ඇත.
මෙය නිකම් කියන කතාවක් නො වේ. ආණ්ඩුව තම බලය රැක ගැනීම සඳහා ගම් මට්ටමෙන් පතුරුවා හරින කතාවකි.
මහජන මුදල් සොරකම් කරන එවුන් ගැන සියලු තොරතුරු තමන් දන්නා මුත් අල්ලා නො දෙන බව කියන්නේ රටේ රාජ්‍ය නායකයා ය. අපරාධයක් පිළිබඳ තොරතුරු වසන් කිරීමත් වරදකි. එහෙත්, මේ නම් නියම ‘නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ' තත්වයකි.
ඔවුන් මේ අන්දමින් බය නැතිව කතා කරන්නේ කෙසේ ද? රටේ නීතියක් නැති බව ඔවුහු දනිති. ජනතාව ද ඔවුන් තරමට ම දූෂිත විය යුතු බව ඔවුන්ගේ උවමනාවයි.
අපේ පරම්පරාවේ ජීවිත මේ දේශපාලුවෝ කාබාසිනියා කර දැමූ හ. මේ දේශපාලන සංස්කෘතියේ විලි ලැජ්ජා නැති මහ මුදලිලා නැවත වරක් බලයට පත් කර අපි අපේ දරුවන්ට උරුම කර දෙන්නට යන්නේ කුමන අනාගතයක් ද?
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කර තිබෙන අලුත් ම දේශපාලන න්‍යාය මෙයයි.
ජනතාව මේ ආණ්ඩුව නො පෙරළිය යුතු ය. මක් නිසා ද යත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයන් දැන් ඇති තරම් ගසා කා ධනය රැස් කරගෙන තිබෙන බැවින් දූෂණය සඳහා ඉඩ අඩු ය. එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණියහොත් ඔවුන් අලුතෙන් හම්බ කිරීම අරඹනු ඇත. (අමරවීරගේ අදහස මෙතැනින් කියවන්න)
මෘදු ලෙස කතා කරන අමරවීර වැනි ඇමති කෙනෙකුට පවා මෙසේ කියන්නට පුළුවන් තරමට ලංකාවේ දේශපාලන සංස්කෘතිය පිරිහී තිබේ. මේවා ඇහුණා නම් ඊසොප් හිනා කා මැරෙනු ඇත.
මෙය නිකම් කියන කතාවක් නො වේ. ආණ්ඩුව තම බලය රැක ගැනීම සඳහා ගම් මට්ටමෙන් පතුරුවා හරින කතාවකි.
මහජන මුදල් සොරකම් කරන එවුන් ගැන සියලු තොරතුරු තමන් දන්නා මුත් අල්ලා නො දෙන බව කියන්නේ රටේ රාජ්‍ය නායකයා ය. අපරාධයක් පිළිබඳ තොරතුරු වසන් කිරීමත් වරදකි. එහෙත්, මේ නම් නියම ‘නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ' තත්වයකි.
ඔවුන් මේ අන්දමින් බය නැතිව කතා කරන්නේ කෙසේ ද? රටේ නීතියක් නැති බව ඔවුහු දනිති. ජනතාව ද ඔවුන් තරමට ම දූෂිත විය යුතු බව ඔවුන්ගේ උවමනාවයි.
අපේ පරම්පරාවේ ජීවිත මේ දේශපාලුවෝ කාබාසිනියා කර දැමූ හ. මේ දේශපාලන සංස්කෘතියේ විලි ලැජ්ජා නැති මහ මුදලිලා නැවත වරක් බලයට පත් කර අපි අපේ දරුවන්ට උරුම කර දෙන්නට යන්නේ කුමන අනාගතයක් ද?
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
පැරා... වෙනසකට (විප්ලවය කියමුකෝ...!!!) විෂය මූල තත්වය දෝරෙ ගලනවා... නමුත් මනෝ මූල තත්වය අහලකවත් නෑ... ඒ නිසා වෙනසක් වෙන්නේ නෑ... මාක්ස් හිටිය නම්!!!
ReplyDelete(මහත්වරැනි... සරම ඔසවාගන්න...)
මාක්ස් හිටියා නම් යන්නෙන් මා අදහස් කලේ ඔහු ප්‍රකාශ කළ ශුද්ධ වූ සියල්ල කෙලෙසන දූශිත ධනවාදය සඳහා ලංකාව අද ඔහු සිතුවාටත් වඩා ආදර්ශයක් වී ඇති බැවිනි....
Delete(මහත්වරුනි... සරම ඔසවාගන්න...)
ගොං කථා කියන්නේ නැතුව හිටපං
Deleteඇයි මාක්ස් හිටිය නම් මොකද වෙන්නෙ? ඌ උඹට මැක්ඩොනල්ඩ්ස් එකෙන් බර්ගර් අරන් දෙනවද?
Deleteමෙන්න ඉන්ටනෙට් එකේ ඇනෝ කොමෙන්ට් දදා, ඩෙගා නටපු එකෙක් කෝල් එකක් ගත්තම උන්දෑ බය උන හැටි. මෙතනත් ඇනෝ ඇවිත් නටන්න හදන උන්දලටත් කියන්න තියෙන්නේ පරිස්සමින් කියලා. හඬ පටය අහලම බලන්නකෝ.
Delete(කකා,රාජ්,පැරා වගේ ඇත්ත විස්තර හංගන්නේ නැතිව, කෙලින්ම බ්ලොග් ලියන අයට මේක අදාල නෑ. හැබැයි නිර්නාමිකව බ්ලොග් ලියලා ජනාධිපතිතුමාට මඩ ගහන අයත් පරිස්සම් වෙන්න. සියලු දෙනාගේම විස්තර ඇත. )
ඇයි දැන් ලිවීමේ නිදහසත් නැද්ද ? යකෝ අපිට හරිය කියල හිතෙන දේ අපි ලියන්නේ. යකෝ උබත් ඇනෝ ඇවිත් නේ ලොකු ටෝක් දෙන්නේ. පලයන් නපුංසකයෝ යන්න. අපේ විස්තර කාගේ ගාව තිබුනත් අපි බය වෙන්නේ නෑ. අපි සත 5ක් හොරකම් කරලා නැති වැරදි කරලා නැති මිනිස්සු. කෝකටත් උබ පරෙස්සම් වෙයන්. අපිට හරිය කියල හිතෙන දේ අපි ලියන්නේ. උබට පුළුවන් දෙයක් කරපන්. ඇයි පැරට අදාල නැත්තේ ? ඌ හොරෙන් කඩේ යන නිසාද ?
Delete/අපි සත 5ක් හොරකම් කරලා නැති වැරදි කරලා නැති මිනිස්සු./
Deleteබොරු කියන්න එපා මල්ලි.
හොඳට කල්පනා කරලා බලන්නකෝ කවදාවත් පෝලිමක් පැනල නැද්ද, ඔෆිස් එකේ දේවල් ගෙදර ගෙනිහින් නැද්ද, ඔෆිස් වෙලාවේ පැනල ගිහින් වෙන තමන්ගේ වැඩක් කරලා නැද්ද, හොර බිලක් දාලා ඉන්ෂුවරන්ස් එකක් අරගෙන නැද්ද, ඉර කපල ඉස්සර කරලා නැද්ද, බස් එකේ ජක් ගහල නැද්ද,
ඔය මොකවත් කරලා නැත්නම් කාලෙකට කලින් අටමා උඹ වගේ එකෙක් හොය හොය හිටියා. අනිත් එක එහෙනම් මෛත්‍රී නෙවි උඹවනේ බං පොදු අපේක්ෂකයා කරන්න ඕන.
මහත්වරුන් සරම ඔසවා ගන්නා බව දැන සිටියා.....
Deleteමහත්වරුනි දැන් ඔබේ හෙලුව සියල්ලන්ටම පෙනෙන බැවින් සරම පහතට දමන්න....
අන්තිඅමට පෝලිම් පැනල තියෙන්නේ ඉස්කෝලේ යන කාලේ ටීචර්ට පොත පෙනන්න 8 වසරේදී. ඊට පස්සේ නම් පෝලිමක් පැනල නෑ දන්සලක වත්. ඔෆිස් එකේ දේවල් ගෙදර ගෙනිහින් මොනවා කොරන්නද බන් ? ගෙදර ගිහිල්ලත් වැඩ කොරන්නද ? ඔයා හෙන්චය්යියෙක් වගේ කඩේ ගිහින් ආණ්ඩුවේ තැනක ඉන්න නිසා ඔයාට එහෙම හොර්න් බදු ගෙනියන්න පුළුවන් වුනාට, නිසියාකාරව ඉන්වෙන්ට්‍ර්ය් කරලා මාස 3කත සැරයක් අභ්‍යන්තරව විගණනය කරන අපේ ඔෆිස් එකේ නම් එහෙම කොරන්න පුළුවන් කිසිම කෙනෙක් නෑ මන් දන්නා තරමට.වුවමනා වෙලාවටත් වැඩිය ඔෆිස් එකේ වැඩකොරල ගෙදර ගෙනිහින් කොරන්න අමාරුවක් මට නෑ. ඔෆිස් වෙලාවේ පැනල ගිය නම් ඉතින් පස්වෙන්ද ගෙදර තමයි. ඒ පුද්ගලික ආයතනවලිනුත් ඉතාම තද නීති තිබුන ලංකාවේ ඉහලම පිළිගත් තැනක්. හැබැයි කෑම පැයේදී නම් අදාල නිලදරියට කියල එලියට ගිහින් නැවත ඇවිත් තිබෙනවා. මම ජීවිතේටම තවම නම් කවදාවත් කිසිම ඉන්ෂුවරන්ස් එකකින් ක්ලෙම් එකක් අරගෙන නෑ ඇත්ත බිලක් දාලවත් මට ඉසුරන්ස් තිබිලත් නෑ ඔෆිස් එකෙන් නිකම් දීපු එකක් ඇරෙන්න. ඉර කපල ඉස්සර කරන්න තරම් හදියක් මට නැහැ. අනික මගේ කියල තියෙන්නේ පුෂ් බයිසිකලේ නිසා එහෙම කරන්න විදියකුත් නැහැනේ. බස් එකේවත් කොච්චියෙවත් ජක් ගහලත් නෑ ඒක මහා ජුගුප්සාජනක වැඩක් නිසා. ඔය ඔය කියපු ගොඩක් වැරදි පොඩි කාලේ හරි විනයක් නැතුව හැදුන නිසා ඔයාට සාමන්‍ය දේවල් වගේ පේනවා ඇති. හැබැයි හරියට නීතිය ක්‍රියාත්මක වෙන රටක ඕව කලොත් රස්සාව නැතුව හරි, අවුරුදු 10ක්වත් කුරු ගැනල එන්න පුළුවන්. වාසනවටපොඩි කාලේ වෙන රටක හැදුන නිසා ඔය ජරා ගති පිහිටලා නෑ මට නම්. ඔය ගොඩක් එව්වන් මම කරලා නැති අනික් හේතුව රජයේ කිසිම තැනක මම වැඩ කරලා නැති ඒක. ඉදිරියටත් නොකරන නිසා එහෙම වෙන්නෙත් නෑ.
Delete1. මම ආණ්ඩුවේ තැනක වැඩ කරන්නේ නෑ.
Delete2. උඹ ඇත්තටම එහෙම කරානම් අගය කරනවා. ඒත්
ඇනෝ එන්නේ නැතුව නමින් ඇවිත් වැඩ කරන තැන එහෙම කිව්වනම් හොඳ නැද්ද? මොකද හාෆ් ෂීට් එකක්වත් ගෙනියන්න බැරි තරමට ඉන්වෙන්ට්‍රි තියෙන කොම්පැනිය මොකක්ද කියල දැනගන්න. අනිත් එක ඔය වගේ පරමාදර්ශීය පොරක් හොයා ගත්ත නම් ඒ ගැන ලියල සෑහෙන පත්තර ටිකකුත් විකුණ ගන්න පුළුවන් වෙයි.
පුෂ් බයිසිකලයක් විතරක් තියෙන, පොඩිකාලේ ලංකාවේ හිටියේ නැති පරම පිවිතුරු පුතා හදිස්සි නැතුව වාහනයක් ගත්ත කාලෙක කොළඹ ඉඳන් කුරුනෑගලට යන්නකෝ බලන්න ඉර කපන්නේ නැතුව.
අනිත් එක පොඩිකාලේ ඔච්චර හොඳ රටක හිටිය නම් මොකද ලංකාවට ඇවිත් දුක් විඳින්නේ වාහනයක්වත් නැතුව. වාහනයක් කියන්නේ නැතුව බැරි දෙයක් කියලා මේ පැරා එහෙමත් කියන එකේ ලීස් එකක්වත් දාලා ගමුද ඇල්ටෝ එකක්?
මං අර උඩින් ලින්ක් කරලා තියෙන ඕඩියෝ පටය ඇහුවා.
Deleteමොකක්ද කේස් එක කියා නොතේරුණත්, මේක මාර සයිබර් බුලින් වැඩක් නේද?
කකා,
Deleteඔය ඕඩියෝ එකේ තියෙන්නේ ඉන්ටනෙට් එකේ විවිද නම් වලින් සහ ඇනෝ ඇවිත් ඇතැම් පුද්ගලයන්ට මඩ ගැසූ අයෙක්ගේ විස්තර හොයාගෙන,ඒ කෙනාට ගත්තු කෝල් එකක්.
ඉන්ටර්නෙට් එකේ ලොරි ටෝක්ස් දුන්නට විස්තර හොයලා බැලුවම, ඌ මේ ඉස්කෝලේ යන පොඩි එකෙක්. හැම තැනම ඔහොම තමයි. ඉන්ටනෙට් එකේ අනිත් අයට මඩ ගගහා යන බහුතරයම ඔහොම තමයි කකා.
ඒ කතාව ඇත්ත. අන්තර්ජාලයේදී මෙවැනි චරිත රැසක් ගැන මටත් ඇඟවී තිබෙනවා. ඇත්ත ජීවිතයේදී මුහුණට මුහුණ බලා කතා කරන්න ආත්ම ශක්තිය නැති අය ඇනෝ කමෙන්ට් දමමින් හා ෆේක් ප්‍රොෆයිල්වලින් මාර චංඩි වෙනවා.
Deleteඅන්තර්ජාලයේ මාධ්‍ය කටයුතු පිළිබඳ විශ්වසනීයත්වයක් නැති වෙන්න මෙය එක් හේතුවක් වී තිබෙනවා.
තමන් කරන දෙයෙහි වගකීම ගැනීම අත්‍යවශ්‍යයි කියලා මම කියන්නේ මේ කාරණය නිසායි.
එහෙනම් පැරා විශ්වසේ වැඩි කරන්න උබ ඇනෝ කොමෙන්ට් නවත්තපන්කෝ උබේ බ්ලොග් එකේ. උබ ඇනෝ කොමෙන්ට් ඩිසේබල් කරන්නේ නැත්තේ එදාට උබේ බ්ලොග් එකේ කොමෙන්න කොරන්න ඉන්නේ උබ විරක් වෙන හින්ද. හිගන ටෝක් නොදී පුළුවන් නම් උබ ඇනෝ කොමෙන්ට් ඩිසේබල් කරලා උබේ බ්ලොග් එකෙන්ම මාධ්‍ය කටයුතු පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති කරපන් අපිටත් බලන්න.
Delete“One of the saddest lessons of history is this: If we’ve been bamboozled long enough, we tend to reject any evidence of the bamboozle. We’re no longer interested in finding out the truth. The bamboozle has captured us. It’s simply too painful to acknowledge, even to ourselves, that we’ve been taken. Once you give a charlatan power over you, you almost never get it back.”
ReplyDeleteබලන්න
ඊයේ, //එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන අරගලයන්ට එකඟ ආණ්ඩුවේ පක්ෂ සමග ද සම්මුතියකින් කටයුුතු කිරීම වැදගත් ය. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගැනීම ප්‍රගතිශීලී බලවේගවල සම්පූර්ණ පරාජයක් කර නො ගැනීමට වග බලා ගැනීම වැදගත් ය. ඔහු ජය ගත්තත්, වෙනස් වීම සඳහා ඔහුට බල කෙරෙන සංදර්භයක් තුළ එය සිදු වන්නට වග බලා ගත යුතු ය.//
ReplyDeleteඅද //මහජන මුදල් සොරකම් කරන එවුන් ගැන සියලු තොරතුරු තමන් දන්නා මුත් අල්ලා නො දෙන බව කියන්නේ රටේ රාජ්‍ය නායකයා ය. අපරාධයක් පිළිබඳ තොරතුරු වසන් කිරීමත් වරදකි. එහෙත්, මේ නම් නියම ‘නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ' තත්වයකි. //
අදත් මේ සහයෝගේ දක්වන ගමන් ද මේවා මේ ලියන්නේ ? කඩේ යනවා නම් විලි ලජ්ජා නැතිව ජැක්සන් පක්කිලිවංශ වගේ එළිපිට යන්න. නිකන් සමජවාදේ අමුඩක් විදියට පාවිච්චි කරන්න එපා. කාලකන්නි මුසල හැත්ත.
This comment has been removed by the author.
Deleteඊයේ ඔයිට එහා සීන් එකක් උනා බලය වැඩ සටහනේ.
ReplyDeleteවිමල්ගේ බයිලා ටික බන්දුලයා ගැහුවා.
අපරාදේ ජෙප්පෙක් උන්නේ නෑ ඌට ගහන්න.
විමල් කිව්වා එකාධිපති බයිලයක් ගහනවලු.
ආර්ථිකය ගොඩ නගන්න නොදි ඒ ගැන කතා නොකර.
අලි පාටියේ දෙන්නගෙන් එකෙකුට අහන්න බැරි උනා කාගේ ආර්ථිකයද කියලා..
මහරජාට අැති අසීමිත භය නොතිබුන නම් ඉස්සෙල්ලම පනින ගෙම්බා වෙච්ච මහින්ද අමරවීර කියන කතා එච්චර සීරියස් ගන්න හොඳ නෑ. පව් අහිංසකයා!
ReplyDeleteමේ ළඟදිත් කැබිනට් එකේ අම්මා මතක කරලා කුනුහබ්බෙන් අහගෙන ඉන්නේ. මූ ඇවිල්ලා රාජපක්ෂ වලව්වේ වැඩ කාර කොල්ලා..
Deleteමෙවර ජනාධිපතිවරණය භාවිතා කළයුත්තේ ආතල් එකේ ඉන්නා මුන්ගේ ආතල් කැඩීමටයි. මහින්දට දෙනව කියන්නේ මොවුන් සුරතල් කිරීමකි.
ReplyDeleteපැරා කොච්චර උගතෙක්, ඉංග්‍රීසි ගුරුවරයෙක්, පොත්පත් කියවලා ඇති කෙනෙක් වුණත් පලක් නෑ. ඔක්කෝම තියරි වරදිනවා. අපේ මාරයා අයියා ඉංග්‍රීසි බැරි, ජ්‍යෝතිෂ හා බණ පොත් ඇරෙන්න වෙන මොකවත් කියවලා නැති අමු මෝඩයෙක් වුණත් කියන කියන දේවල් හරියනවා. ඇයි ඒ?
ReplyDeleteඋගතෙක්, ඉංග්‍රීසි ගුරුවරයෙක්, පොත්පත් කියවලා ඇති කෙනෙක් උනත් ඉරිසියාවත් කුහකකමත් නිසා තියරි ඇප්ලයි කිරීමේදී ගැටළු මතුවේ.
Deleteඋදාහරණයකට පැරා කලිසම ගලවලා හෙළුවෙන් නාපු කාර් ලාබයි පොස්ට් එකේ පැරා කියනවා ටැක්ස් අඩු කරාම අලුතෙන් කාර් ගන්න අයට වාසි උනාට කාර් තියන අයට පාඩුයි කියලා. තෙත්කලාපීය පිටිසර පැත්තක මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක් විදියට කාර් එක දකින උගත් ඉංග්‍රීසි ගුරුවරයා සමාජවාදී තියරිය අනුව අල්ලපු ගෙදර බයිසිකලේ යන එකාට කාර් එකක් ගන්න ලැබෙන අවස්ථාවට කැමති වෙන්න ඕන උනත් මොකද කරන්නේ? ටැක්ස් අඩු කරපු එක වැරදියි කියල බ්ලොග් ලියනවා. වෙන විදියකට කියනවා නම් ඇති නැති පරතරය අඩු කරපු එක වැරදියි කියනවා.
ඒකටත් එක්ක අපේ මාරයියා. පංතියකට ගිහින් සල්ලි දීලා මොනවා හරි ඉගෙනගත්තත් ඒකත් බ්ලොග් එකේ නිකම් කියල දෙනවා. පැරාගේ නෝනත් ඒක බලාගෙන චිකන් බුරියානි හදනවා. ලෝකෙට පේන්න චිකන් වලට බනින පැරා ගල් අරක්කු ෂොට් එකක් දාගෙන ඒක කනවා.
දැන් හිතල බලන්න හසන්ත මහත්තයෝ ඔය කකා එතකොට පැරා මොකද මේ කේන්දර බැලිල්ලට විරුද්ධව ලියන්නේ? දැන් කකා ලැම්බට්. පැරාගේ නෝනා නර්ස්. මේ දෙන්නා බලනවා යකෝ අපි ගෑනු කසාද බැඳගෙන දුක් විඳින කොට අර යකා කසාදයක් බඳින්නෙත් නැතුව බ්ලැක් ලේබල් බීලා පර්මිට් කාර් පැදලා ආතල් එකේ ඉන්නවනේ කියලා. ඔතන පැහැදිලිවම තියෙන්නේ ඉරිසියාවනේ මහත්තයෝ.
යකු පන්සල් බත් කාල ඇඟ හදා ගත්තු, බඩ මිස ඔලුවක් නැති හරකෙක් ප්‍රමෝට් කරන්න එපා.
Deleteනාකි කෙන්ජියට ඇනෝ කමෙන්ට් එකක්වත් දාගන්න තේරෙන්නේ නැහැ.
Deleteඒ කියන්නෙ මූට ලේ බීල වැඩිවෙලා ඉන්න කූඩල්ල වගෙ නිසා ඉස්සරහට තව හොරකන් කරන්නෙ නෑ කියලද?
ReplyDeleteහැබයි මහින්ද මාමාව නම් ෂුවර් නෑ.
අන්න වමේ පොදු අපේක්ෂකයා විදියට දුමින්ද නාගමුව එනවලු. මිනිහ අනිවා දිනනවා. අගමැතිකම රවීන්ද්‍ර මුදලිගේට දෙනවා.
ReplyDeleteමහින්දයි මෛත්‍රීයි දෙන්නම රට පනිනවා. නැත්නම් දෙන්නවම සමන්ත යවපු තැනට යවනවා. පරණ කම්පියුටර් මොනිටර් වැඩිමිලට ගන්නවා.
පැරා මේ ගැන මමත් පෝස්ට් එකක් ලිව්වා. මොනව උනත් මිනිහ කියන කතාව සහතික ඇත්ත.
ReplyDeleteලිංක් එකක් දාහංකො ඉතිං....
DeleteThis comment has been removed by the author.
Deleteමෙන්න ලින්ක් එක බුවෝ
Deletehttp://iamdasaya.blogspot.fi/2014/11/blog-post_27.html
ලින්ක් දැමීම සම්බන්ධ පේටන්ට් අයිතිය කතන්දර මහතා සතුය. කරුණාකර ඒ මහතාගේ අවසරයකින් තොරව ලින්ක් නොදමන්න.
Deleteමෙන්න ලින්ක් එක බුවෝ
Deleteදසයාගෙ ලින්ක් එක.
Deleteඅමරවීර මහත්තයෝ දැන් අපි ආපහු ඕගොල්ලන්ව දිනෙව්වොත්, ආපහු කාගෙන කාගෙන යනවද...නැත්නම් කන එක නවත්තලා, කාපුවා වමාරනවාද..පිස්සු බුල්ටෝ වෙනවා මේවා ඇහුවාම.
ReplyDeleteමහින්ද අමරවීර පිස්සු කියෝනව, පිස්සු කියෝපු මහින්ද අබේසුන්දරය අන්න මැරිල. දැන් ඉන්නෙ මහින්ද xx විතරයි කෙලවෙන්න.
ReplyDeleteඇයි අරවින්දගේ සේප්පුවේ සල්ලි හංගපු තිසර රතුවිතානල ලෝකේ දුප්පත්ම ජනාධිපති ගෙන ලියන්නේ http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141127_thisara_poorest_president_uruguay
ReplyDeleteරෝහිත බබාගෙ ඊලග චන්ද්‍රිකාව යවන්නත්, නාමල් බබාගේ රේස් බලන්නත්, යෝෂිත බබාගෙ කැඩිච්ච චැනල්එක පැහැදිලි කරගන්නත්, මහින්ද මාමිට තුන දෙන්න හොඳේ.
ReplyDeleteEi Rohithayata lokewate shoping yanna,u eka kiwwa wele,interview eka karapu (nama mathaka netha)Ponnayata, "oba thumage masika adayama keeyai witharada"kiyalawath Ahanna bariunane. (poliyar gunawardana Hambantota lowyer kenek langa indapu Rajapaksha kenek gena,Kathawak "Beligalle wijesinhayan" liyala Thibuna.
ReplyDeleteමේක ටිකක් බලන්ට පැරා අයියා
ReplyDeletehttp://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/11/141128_rda_mahinda_posters
රජයේ සේවකයො නෙමේලු. අන්තිමට මෙයා නිල ඇඳුම ගලවල ගහලලු. මහින්දයත් මේ වගේ ගොනෙක්. අර ෆයිල් කතාවයි අර්ල් විකුණපු මෝලයි වගේ.
Mata mehema deyak sithuna. Mahinda ge boodalen mea yakku horakam karala ahu wunaa nam ae files pettagame thiyang innawada ? Mung tika blackmail karanna hadanne horakam karala thiyenne mahajanayage deapola nisaada ? Hebei boho janaya meathak wanathuru ' yudde dinna nisaa mung janayage athe runnath kamak neha kiyala mie harak wage sitiye, hebei den nam aeka venas wela wage.
ReplyDelete