සෙනසුරු මාරුව ඔබට කොහොම ද?

ජ්‍යෝතිෂ ඡායාරූප එකතුවක් සඳහා මෙතැන ක්ලික් කරන්න
මට ලොකු අධ්‍යාපනයක් නැත. මම විභාග සමත් නො වුණේ වෙන කිසිවක් නිසා නොව මම අදක්ෂ නිසා ය. මම වෘත්තිකයෙක් ද නො වෙමි. එසේ ම කිසිවෙක් මට ඡන්දය නො දෙන නිසා මට ප්‍රා දේශීය සභා මන්ත්‍රී කෙනෙකුවත් වන්නට බැර ය. එහෙත් මටත් පොරක් වන්නට අවශ්‍ය ය. චන්ඩියකු වීමට සුදුසුකම් අවශ්‍ය නොවන මුත් බය වැඩි නිසා ඒකත් කරන්නට බැරි ය. 

ඒ නිසා මම කේන්දර බලන්නට උගත්තෙමි. අද කාලයේ පොරක් වීමට තිබෙන මාර්ගය එයයි. තව වැඩි කාලයක් යන්නට පෙර නාසා ආයතනය ද චන්ද්‍රිකා ගුවන් ගත කිරීමට පෙර ලංකාවේ ජ්‍යෝතිර්වේදීන්ගෙන් වෙලාවක් බලා ගන්නවා ඇත. 

පහත පළ වන්නේ සෙනසුරු මාරුව ගැන මගේ ගැඹුරු ජ්‍යෝතිෂ විග්‍රහයයි. කියවා ප්‍රීති වන්න. 


සෙනසුරු මාරුව ලෝකයට ම මාර අපල ය. දරුණු වසංගතයක් පැතිර යාමෙන් විශේෂයෙන් ම සම කළු පැහැ මිනිසුන් ජීවත් වන මහාද්වීපයක විශාල පිරිසක් මිය යා හැකි ය. මෙම වසංගතය බටහිර රටවලට ද පැතිර යා හැකි මුත්, එයින් වන හානිය අවම කර ගැනීමට හැකි වනු ඇත. මෙම වසංගතයේ බලපෑම ලංකාවට ද දැනෙන්නට ඉඩ තිබේ. එහෙත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කේන්ද්‍රය හොඳ නිසා එය පාලනය කර ගන්නට පුළුවන. 

ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ අභාවය සිදු විය හැකි ය. එහෙත් එය ඝාතනයක් නොව ස්වාභාවික හේතු මත සිදු වන දෙයකි. එසේ ම මහාචාර්යවරු, වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගුරුවරු ද මිය යති. භික්ෂූන් වහන්සේලා අපවත් වනු ඇත. මෙය වනාහි සෑම මිනිසකුට ම තමන්ගේ ඥාතියකුගේ, මිතුරකුගේ, අසල්වැසියකුගේ අවමංගල්‍යයකට සහභාගි වන්නට සිදු වන කාලයකි.

ලෝකයේ ප්‍රමුඛ ආගමික නායකයකු නුදුරු කාලයේදී ලංකාවට පැමිණෙනු ඇත. එමගින් ලංකාවට සුවිසල් ලෝක අවධානයක් යොමු වනු ඇත. 

එහෙත්, ජාත්‍යන්තර වශයෙන් පීඩාකාරී තත්වය තව දුරටත් පවතිනු ඇත. මාළු මිළ පහළ බසී. මීන රාශිය මේෂ රාශියට පැමිණෙනු ඇත.  කටක රාශිය පවා මේෂ රාශියට එන්නට ඉඩ තිබේ. ජාත්‍යන්තර පරීක්ෂණ, කොඩිවින සිදු විය හැකි ය. 

මැයි සිට සැප්තැම්බර් දක්වා රාහුගේ හා නිරිතදිග මෝසමේ බලපෑම වැඩි වනු ඇත. එමගින් ගංවතුර තත්වයන් බලාපොරොත්තු විය හැකි ය. මාස් කන්නයේ ගොවිතැන සඳහා වතුර ලැබෙනු ඇත. අස්වනු මිළ ගණන් ගැන සැලකිලිමත් වන්න. මාස් ශුද්ධිය හදිසියේ නතර වී තිබේ නම් සැලකිලිමත් වන්න.

ඉලෙක්ට්‍රොනික් තරාදි ව්‍යාප්ත වීම නිසා තුලා රාශියට අපල කාලයක් උදා වේ. පොළවල්වල හොරට කිරන මුදලාලිලා අල්ලන්නට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය පියවර ගත යුතු ය. නල ජලය හා පියුරිට් හේතුවෙන් කුම්භ රාශියට ද අපල සිදු වේ. එහෙත් අවුරුදු කාලයට වළං මුට්ටි විකිණීම වැඩි වේ යයි අනාවැකි පැවසිය හැකි ය. 

මිථුන රාශියට මෙම සෙනසුරු මාරුව ඉතා හොඳ ය. අන්තර්ජාලයේ වැල බෝ වනු ඇත. රාජ කුමාරයින්ට සිකුරා ලබනු ඇත. කන්‍යා රාශි මකර රාශියට බිලි වීම දිගට ම සිදු වනු ඇත. අසරණයින්ට දිගින් දිගට ම හස්තයාගේ පිහිට ය.

වෘෂභ රාශියට යහපත් කලක් උදා වනු ඇත. ඉරච්චි කොත්තු විකුණන කඩ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ බසිනු ඇත. ඒ සමග කුකුළු ගොවිපළ කරන අයට වාසි සහගත තත්වයක් උදා වනු ඇත. වෘෂභ රාශිය අයාලේ යාමෙන් වගා හානි සිදු වීමට ඉඩ තිබෙන හෙයින් වැටකොටු හොඳින් බැඳ ගැනීම මැනවි.

‘වෘශ්චික ධනු මකර කුම්භ - කොස් ඇට ලුණු නැතිව තම්බ' යයි ඉපැරණි ශ්ලෝකයක සඳහන් වේ. ඉතිරි ලග්න ටික මතක් කර ගැනීමට එය මහත් ප්‍රයෝජනවත් ය. 

සෙනසුරු මාරු වන්නේ වෘශ්චික රාශියට ය. ‘රුදුරු නුහුසුවන් වලගෙහි විස ය. නපුරු දුදනන්ගේ සියොළඟෙහි ම විස ය.' ඒ නිසා සෙනසුරා මනුස්ස රාශියක් වන කන්‍යා රාශියට මාරු වෙනවාට වඩා මේක හොඳ බව මගේ මතයයි. 

මේ කෑල්ල අපේ නිශාන්ත කුලරත්න සහෝදරයාගෙනි. 

මේ අනාවැකිවල මේ දවස්වල ජෝතිශයට වැදගත්ම දේ - ජනාධිපතිවරණෙ ගැන කියල නෑනෙ? මේං මගෙන් අනාවැකියක් “වෘෂභ රාශියේ සිටින ජනතාවට ලබන වසර ලබන තෙක් සිංහ රාශියේ ඉන්න ලැබෙනු ඇත."

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. //මට ලොකු අධ්‍යාපනයක් නැත. මම විභාග සමත් නො වුණේ වෙන කිසිවක් නිසා නොව මම අදක්ෂ නිසා ය. මම වෘත්තිකයෙක් ද නො වෙමි. එසේ ම කිසිවෙක් මට ඡන්දය නො දෙන නිසා මට ප්‍රා දේශීය සභා මන්ත්‍රී කෙනෙකුවත් වන්නට බැර ය. එහෙත් මටත් පොරක් වන්නට අවශ්‍ය ය. චන්ඩියකු වීමට සුදුසුකම් අවශ්‍ය නොවන මුත් බය වැඩි නිසා ඒකත් කරන්නට බැරි ය.

    ඒ නිසා මම කේන්දර බලන්නට උගත්තෙමි. අද කාලයේ පොරක් වීමට තිබෙන මාර්ගය එයයි. //

    චෙහ්... බ්ලොග් අවකාශෙ නමගිය පොරකට නේද ඔය මඩ ගහන්නෙ... පැරාටත් මීමුරේ යන්න ආස හිතිල වගේ...

    ReplyDelete
    Replies
    1. පැරා අනුන්ට බණ කිය කියා මෙතැන සහෝදර බ්ලොග්කරුවන් තුන් දෙනකුටම මඩ ගහලා නේද? කැචයි හොඳේ.

      Delete
    2. කෝ මේ ජෝතියා... කියමුද වස් කවියක් පැරාට කෙලවෙන්න....

      Delete
    3. මෙහිදී බ්ලොග් අවකාශයේ කිසිවෙක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර නැත. සුමනදාස අබේවර්ධනගේ සිට පහළට කාටත් මෙය අදාළ ය.

      Delete
    4. දැක්කද, පැරා වගේ භෞතිකවාදියොත් වස් කවි කියනවාට ගූ බයයි. වස් කවියක් කියමුද කියලා අහපු ගමන් පත්තු වුණා.

      Delete
    5. 'මට ලොකු අධ්‍යාපනයක් නැත. මම විභාග සමත් නො වුණේ වෙන කිසිවක් නිසා නොව මම අදක්ෂ නිසා ය. මම වෘත්තිකයෙක් ද නො වෙමි. එසේ ම කිසිවෙක් මට ඡන්දය නො දෙන නිසා මට ප්‍රා දේශීය සභා මන්ත්‍රී කෙනෙකුවත් වන්නට බැර ය. එහෙත් මටත් පොරක් වන්නට අවශ්‍ය ය. චන්ඩියකු වීමට සුදුසුකම් අවශ්‍ය නොවන මුත් බය වැඩි නිසා ඒකත් කරන්නට බැරි ය.

      ඒ නිසා මම කේන්දර බලන්නට උගත්තෙමි.'

      පැරා මේ කියන්නේ 40ශ්‍රී ලොරි ඩ්‍රයිවර් ගැන නේද? ඇයි පැරා ඔය වගේ අහිංසක සික්කොන්ට මඩ ගහන්නේ.

      Delete
    6. අධ්‍යාපනේ නැති උනේ ගුරුවරුන්ගෙ වැරැද්දෙන් මිසක්... මගේ වැරද්දෙන් නෙවෙයි යකෝ.... දෙන්නෙ බුරියානි එකේ තිබ්බ කුකුල් අණ්ඩෙන් උණ ගැනෙන්න...

      Delete
    7. මම අද ඉන්න තත්වයට සම්පූර්ණයෙන්ම වග කිව යුතු මහේල ජයවර්ධනයි.

      ඔහුගේ මල්ලිට අසාධ්‍ය රෝගයක් වැළඳිලා ඒකට බෙහෙත් ගන්න සල්ලි එකතු කළා. පන්තියේ හැමෝටම රුපියල් පනහ ගානේ ගේන්න කිව්වා. අපේ පවුල ඒ කාලයේ සිටි දුක්බර පරිසරය අනුව මට රුපියල් පනහක් තිබුණේ නැහැ. ඉතින් මම සතියක් පාසල් නොයා කට්ටි පැන්නා. ඊට පස්සෙ මට ඉස්කෝලේ වැඩ මොකුත් තේරුණේ නැහැ. ඊට කලින් ඉගෙන ගත්තුවා අමතක වුණා.

      ඒ නිසා මට වෙච්චි ව්‍යසනයට මහේල ජයවර්ධන වග කිව යුතුයි. උදය ගම්මන්පිළ මහත්තයා සුද්දාගෙන් වන්දි ඉල්ලලා ගත්තාට පස්සෙ මහේල ජයවර්ධනට නඩු දාලා වන්දියක් ගන්න එක තමයි දැන් මගේ බලාපොරොත්තුව.

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete
    9. පැරකුම්
      අයියාට
      එන්ට කියාපිය..............

      මේවට උත්තර
      දෙන්ට කියාපිය.............

      Delete
    10. 40 ශ්‍රී ලොරියක් විකිණීමට තිබේ.

      අයිතිකරු 2014 සෙනසුරු මාරුව නිසා විදේශ ගත වීමට අපේක්ෂා කරන නිසා ගැනුම්කරුවකු සොයයි. ගොඩක් දෙනා මේ ලොරිය එළවා තිබුණත් අයිතිකාරයින් (වර්තමාන අයිතිකරුද සමඟ ) සිට ඇත්තේ කිහිප දෙනෙක් පමණකි. අළුතින් තෙල් මාරු කොට ඇත. බ්‍රේක් හොඳයි. හොඳ ටයර් සෙට් එකක්ද තිබේ. වැඩිම ඉල්ලුමට සැපයේ. අදම ඉල්ලුම් කරන්න. ණයක් ගන්න අවශ්‍ය නම් ඉන්දික කොඩිතුවක්කු මහතා අමතන්න.

      Delete
  2. අර උඩින් දාලා තියෙන්නෙ ජ්‍යෝතිර්වේදියාගේ බිරිඳගේ ඡායාරූපයක්ද, දුවගේ ඡායාරූපයක්ද? සොහොයුරියගේ ඡායාරූපයක්ද?

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ... මෙන්න මේක තමා බිරිඳගේ ඡායාරූපය ....... ඔන්න දැම්මා ඇඩ් එකත් එක්කම....

      Delete
    2. හප්පොච්චියේ බයේ බෑ. මෙය බුදුන්ගෙ දේශයයි කියලත් ගහලා තියෙනවා.

      Delete
  3. පැරා ජ්‍යෝතිෂය ඉගෙන ගත්තේ ආචාර්ය පියසේන පුකරතුවිතානගෙන්ද?

    ReplyDelete
    Replies
    1. කලු සල්ලි සුදු කර ගැනීම ගැන ඔහුගේ පුතාගෙන් ඉගෙන ගත හැකි ය. තිසර අරවින්ද රතුවිතාන නම් වන ඔහු වැඩ කරන්නේ බීබීසී සංදේශයේ ය. පසුගිය දිනෙක අරවින්ද ද සිල්වාගේ සේප්පුවෙන් නැති වූ රට සල්ලිවලින් කොටසක් ද මොහුට අයිති බව වාර්තා විය.

      Delete
    2. ඔය කියන්නෙ අර කණේ මයිල් බුවා ගැන නේද?

      Delete
    3. කනේ මයිල් නෙමෙයි, මකේ පුයිල් බුවා වෙන්න ඕනි.

      -ලොල්ලෙක්-

      Delete
  4. ඇත්තද පැරා බඳින්න කලින් සිංහ ලග්නයේ උන්නය, අද වෘෂභය කියන කතාව.

    ReplyDelete
    Replies
    1. මාතලන් බඳින්න කලින් කන්‍යා ලග්නයෙද?

      Delete
    2. මාතලන් වයිෆ්නම් බඳින්න කලින් කන්‍යා ලග්නෙ ඉන්න ඇති (සම හරක් විට)
      මාතලන්ගෙ ලග්නෙනම් ඉතින් සදාකල්ම “වෘෂභ“ තමයි. හැබැයි පොරගෙ ගෝලබාලයො ටික නම් මෑන්ගෙ ලග්නෙ “සිංහ“ කියලා හිතාගෙ වැඳුම් පිඳුම් කරනවා....

      Delete
    3. මගේ ලග්නේ මොක උනත් මේ දෙන්නගේ ලග්නේ නම් කන්‍ය කියලා එකසිය ගානට ෂුවර්.. නැත්නම් ......

      Delete
    4. මාතේ, උඹත් 2013 දී කේන්දර බැලුවනේද රු. 700ට? ඔච්චරද උඹට කියන්න තියෙන්නෙ? කෝ උඹේ මමාගෙ පම්පෝරිය?

      Delete
  5. ඉඳහිට හෝ නාගන්න හැකි වෙන්නේ පැරා කුම්භ ලග්නේ විය යුතුයි?

    ReplyDelete
  6. මම නම් ලොකු අධ්‍යාපනයක් ලබා ඇත්තෙමි. එම නිසා ම මට කිව හැක්කේ ජ්‍යෝතිෂය යනු ලොව පවතින දේව ආගම් වැනි ම වූ මහා ම මහා කෙබරයක් බව ය.

    ReplyDelete
  7. උඩ තියන පින්තූරේ දැක්ක ගමන් මට මතක් උනේ බට්ටි. මට බට්ටි නැතුව බෑ මම යනවා බට්ටි හොයාගෙන. ඇයි කවුරුවත් බට්ටි ගැන නොලියන්නේ

    ReplyDelete
  8. පැරා කතා කරන්නේ දේශපාලනේ ගැන ඒත් මාස හතරකින් එන බජට් එකෙන් වෙන දේ ගැන කිසිම ඉවක් නැහැ. එහෙම දැනුමක්වත් නැති පැරා දේශපාලනේ ගැන නොදන්න මගුල් නොලියා මෙන්න මෙහෙම ගැලපෙන විෂයක් තෝරගත්තනං ඒක රටේ වාසනාව.

    ඇල්ටො එක හොඳද පැරෝ?

    ReplyDelete
  9. BREAKING NEWS!!

    චම්පික රණවක ආණ්ඩුවෙන් යයි!

    ReplyDelete
  10. /සුමනදාස අබේවර්ධනගේ සිට පහළට කාටත් මෙය අදාළ ය./

    අනේ පැරෝ,

    ඇයි මෙහෙම බොරු කරලා තමන්වම රවට්ට ගන්නේ? ඊයේ පෝස්ට් එක ඇන්නුවේ මාරයා කියල හිතාගෙන අද මඩ ගහන එක නේද කරන්නේ.

    සාත්තර සුමනෙට උඹ වගේ තෙත් කලාපේ ගම්බද ඉන්න ඇල්ටෝ එකේ ගණන් බැස්ස කියල අඬල බ්ලොග් ලියන ගුරෙක් කියන්නේ අනිල් කපූර්ට රංජන් රාමනායක වගේ සීන් එකක්. රන්ජ හෙන පොරක් කියල හිතාගෙන ලඟින් වාඩිඋනාම අනිල් කපූර් ඇහුවලු උඹ නළුවෙක්ද කියල. උඹටත් ඒ වගේ තමයි. සුමනෙ උඹව උගේ පුකේ මයිලක් තරමටවත් ගණන් ගන්නේ නෑ කියල දැන දැන මේක ලියන්නේ මාරයට මඩ ගහන්න. මාරයා මෝඩයෙක් තමයි. ඒ උනාට ඌ කියන ගොං කතාවලට රැවටෙන එවුන් හිටියා. ඒ පිහිටෙන් ඌ බඩු ගැහුවා. ඒත් උඹ? කුහක කමෙන් පිරිලා අනිත් මිනිස්සුන්ට ඉරිසියා කර කර ඉන්නවා. සිරාවට උඹ පවු ඕයි!

    ReplyDelete
    Replies
    1. නූගත් නමුත් කපටි 40ශ්‍රී ලොරි ඩ්‍රයිවර්ලාද මනුෂ්‍යයෝය. උන්ටද මල පනින බව පැරාලා දැන ගත යුතුය. .....

      Delete
    2. මම නූගත් එක හරි. එතකොට පැරා උගත්ද?

      යකෝ ඔය පැරා කියන කඩප්පුලියා 89 මිනී මර මර ඉන්නකොට එතකොට තිබිච්ච ධනවාදී ආණ්ඩුවෙන් අල්ලන් ගිහින් ඌ අනිත් අහිංසකයන්ට කරා වගේ පාර අයිනේ මරල දාන්නේ නැතුව බෝඩිමට දාලා කන්න බොන්න දීලා අන්තිමට රස්සාවකුත් දුන්නා. මුන්ගේ සමාජවාදී ආණ්ඩුව ආවනම් එහෙම මූ තාම තුවක්කුවක් අරගෙන අඟුරුවාතොට පාලම ගාව ඉඳන් කප්පම් ගන්නවා. ආණ්ඩුවෙන් ගුරුකමක් දුන්න හින්දා ළමයි මූට සර් කියනවා. දැන් මුගේ හිතේ මූ හෙන පොර කියලා. ඊයේ ලොරි ටෝක් දෙන්න ගිහිං නාගත්තම මේ අහක ඉන්න මාව අල්ල ගන්න හදනවා. මූ ඇල්ටෝ එක ගන්න වෙලාව බලා ගන්න මං ගාවට ආවනම් මම මූට පාඩු නොවෙන්න වැඩේ කරන විදිය කියල දෙනවා.

      යකෝ මම ඉස්සෙල්ලා මගේ කේන්දරේ බලා ගත්තා. උඹලා ගල් අරක්කු ගණන් ගියා කියල පෝස්ට් දාලා අඬනවා. ඇල්ටෝ එකක් අමාරුවෙන් ගත්තා දැන් ඒකත් පාඩුයි කියල අඬනවා. ඒත් මං දැන් බ්ලැක් ලේබල් විතරයි බොන්නේ. ට්‍රිප් යන්නේ තරු හෝටල් වලට. පදින්නේ පර්මිට් එකට ගනිපු අලුත්ම වාහන.

      -මාරයා

      Delete
  11. මම නං ජෝතිෂ්‍ය විශ්වාස කරනවා. කෙලිම්ම කිව්වා. මෙතන ඉන්න සමහර උදවිය වගේ කෙන්දරේට අම්ම මෝ නැතුව බැනල පහුවෙන්ද අඹුව එක්ක හිමිං සැරේ පස්ස දොරෙන් කේන්දර බලන්න යන ජාතියේ එකෙක් නෙමෙයි මම. :P

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් උඹ කියපන් ඔය පල්ලෙහා ඉන්න එකාගෙ ණය සල්ලි ටික හම්බ වෙන්නෙ කවදද?

      Delete
    2. අනිවාර්යයෙන් ලැබෙයි මචං. හැබැයි මේ ආත්මේ නෙමෙයි.

      මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන්ගෙන් පසු බුද්ධාන්තරයක් ගෙවී කල්ප ලක්ෂයකින් ඇවෑමෙන් , මෙකල දේවදත්ත එකල සත්ථිස්සර නමින් පසේ බුදු වන්නේය. මෙකල ණය ලැබීමට තැන තැන යැදකල ප්‍රර්ථනා බලයෙන් මේ නය හිමියා එකල ගොපළු ගෙයක ඉපිද වැඩිවියට පත්ව කල් යාමෙන් ගව පට්ටි හිමියෙක් වන්නේය.

      එකල කල්ප ලක්ෂයක් තිස්සේ ලොහොකුඹු , වේතරණී ආදී කොට ඇති නා නා ඔසුපත් නරකයන්හි පැසෙමින් , නරකයකින් නරකයකට වැටෙමින් නරා දුක්විඳි මෙකල ණය කරුවා එකල මේ නය හිමියා ළඟ මහලු ගව දෙනක්හි කුසයේ පිරිසිඳ ගෙන එම ගව දෙනටද නරා දුක් දී බිහි වන්නේය. උපතේදීම කර අඹා කෝෂ මිරිකා බර ඇදීමට සුදුසු ලෙස වඩා ගන්නා එම තිරිසනා පුරා වසර 15ක් තිස්සේ පැටවූ ගැල් බරණැස සහ රාජගිරිය අතර ඇද දීමෙන් ඒ ගත් ණය ගෙවා දමන්නේය.

      Delete
  12. මාත් ජ්‍යෝතිෂාට කැමතියි.

    ReplyDelete
    Replies
    1. කේන්ද්‍රයේ දොලොස් වැන්නට එනම් අයස්ථානයට කුජ වැනි පාප ග්‍රහයෙක් ගේ බැල්ම වැටී තිබූ අවස්ථාවක කරන්නාවූ ආයෝජන ඵලදායි නොවන බව පොතපතෙහි සඳහන් වේ....

      තවද ඉන් මතුවට බලපවත්නා වූ රාහු, ශනි මහ දසා, අතුරු දසා වලදී මෙම ණයට දුන් මුදල් සොයමින් ඉබාගාතයේ ඇවිදීමට සිදුවන බව ජ්‍යෝතිශ්‍ය සහ ග්‍රහයෝ පොතෙහි සඳහන් වේ.....

      Delete
    2. අනේ පලයන් බං ඉන්දික යන්ඩ. උබ කොච්චර කිව්වත් අපි දන්නවා අභීත එදිරිසිංහ කියන්නේ මතු බුදුවන උතුම් මුනිවරයෙක්,සත්‍යය සොයනා බෝධිසත්වයන් කෙනෙකුන් කියලා.

      උබ ඒ වගේ උත්තමයෙක්ට මඩ ගහන හින්දා තමයි උබටත් දැන් හෙට අනිද්දා දිහාට 40 ශ්‍රී ලොරි කබලකට කර ගහන්න සිද්ධ වෙලා තියෙන්නේ.

      Delete
    3. //මාත් ජ්‍යෝතිෂාට කැමතියි//

      අර ඔයාගේ වැදි හිංගල වලින් මෙතන කියලා තීන්නේ //ජ්‍යෝතිෂා// කියලා. ඒ කියන්නේ ගෑණු ළමේක්ද

      Delete
    4. @AnonymousNovember 5, 2014 at 2:20 PM,

      මචෝ, තරහින් කිව්වත් අන්තිමට උඹ හරි.. ඔය පැරා දාපු පින්තූරෙ ඉන්නෙ ජ්‍යොතිෂා අම්මු කියන දෙමළ නිළිය. උඹ අකමැතිද ඒ ළමයට? මමනම් කැමතියි.

      Delete
    5. මචං ඉන්දික කොහොමද බං හතලිහ ශ්‍රී ලොරියේ ගිය ට්‍රයල් එක? රිවස් එක එහෙම හොදට වැටෙනවද? ලොරි ඩ්‍රයිවර් මොකෝ කියන්නේ ලොරිය දෙන්න කැමතිද උබට?

      Delete
  13. ඔය කවුරු කවුරුත් කයිය ගැහුවට හඳහන අතේ අරන්මයි ඉන්නෙ. හොඳයි නැද්ද? මගුල ලන්වෙනකොට මේ යන්නෙ හඳහන් බලන උන් පස්සෙ. ඊලඟට ලමයි එකා දෙන්නා එනකොට මේ යන්නෙ හඳහන් ලියවගන්න. ලමයින්ගෙ ඉඳුල් කටගානකොට, කොන්ඩෙ කපනකොට, ඉස්කෝලෙ දානකොට ඔය මෙකී නොකී හැමවෙලාවටම යන්නෙ නැද්ද හඳහන් බලන්න?

    ReplyDelete
    Replies
    1. පැරා යන්නේ නෑ කියල කියන්නේ. නැකතට පෝරුවේ නැග්ගේ නෑලු. ළමයින්ට හඳහන් හැදුවේ නෑලු. අනේ හුකේ.

      දැන් ඇනෝ ඇවිත් කියයි "ගෑනු/ ළමයි ඇදගෙන වාද කරන එක කැතයි" කියල.

      පැරා පුළුවන් නම් කියපන් උඹ කසාද බඳිද්දී නැකැත් බැලුවේ නැද්ද? ඔය ගෙදර ඉන්න ළමයින්ට හඳහන් හැදුවේ නැද්ද?

      Delete
    2. මංඔය එකක්වත් කළේ නෑ යකෝ. නැකැත් බැලුවෙත් නැහැ. පෝරුවෙ නැග්ගෙත් නැහැ. ඉඳුල් කට ගෑවෙත් නැහැ. අකුරු කියෙව්වෙත් නැහැ. මං මගෙ ළමයින්ගෙ ලග්නයක්වත් දන්නෙ නැහැ. ජීවිතේට කතරගම ගිහිල්ලත් නැහැ. වාහනවල ස්ටියරිං වීල්වලට වැඳලත් නැහැ. බෝ ගස් ගාවදි පුක උස්සන්නෙත් නැහැ.

      ඔය දෙවිවරුන්ට හා කේන්දරකාරයන්ට බයත් නැහැ.

      Delete
    3. ආන්න ජෝතිෂ්‍යවේදී ලොරි ඩ්‍රයිවර් දීලා ඇට්ටි හැලෙන්නම පැරාට. පැරා මෙතන බයිලා කියව කියව ඉන්නවා. අපිට පේන විදියට සෙනසුරු මාරුව කාට කෙසේවෙතත් පැරාට නං අපලයි වගේ. ඊයෙත් නෑවා නැති වෙන්නම. දැන් අදත් නාන්න පටන්ගෙන වගේ. අයියෝ පැරා පව්.

      Delete
    4. /ඔය දෙවිවරුන්ට හා කේන්දරකාරයන්ට බයත් නැහැ./

      ඔය කයිවාරු ගැහුවට අපේ මාරයා අයියාට අහු වුණා නම් පැරාව හක්කෙ තියලා සෙම අරිනවා. අපේ මාරයා අයියා කාටවත්ම බය නැහැ.

      Delete
  14. ඊනියා ජ්‍යොතිෂය අර්ධයක් හෝ සත්‍යයක් නම් තමන් ජ්‍යොතිශාස්ත්‍රඥයන්ය ස්වයං ප්‍රකාශ කර ගන්නා ඇත්තන් ලෝකයේ සාර්ථකම, ධනවත්ම චරිත විය යුත්තේය. තමන්ගේ අනාගතය පුරෝකථනය කර ගන්ට ඇහැකි නිසා ඊනියා අපල උපද්‍රව වලින් වැළකී සිටීමේ හැකියාව ඔවුනට උපරිමයෙන් ඇති හෙයිනි. (වෙදහු පොදුජනයාට වඩා නීරෝගියෝය!) එහෙත් වී ඇත්තේ එහි පරස්පරයයි. මා දන්නා තරමින් ඊනියා ජ්‍යොතිශාස්ත්‍රඥයන්ගෙන් අති බහුතරය ජීවිතය අසාර්ථක කර ගත්, අමු දුප්පතුන් සේ කල් ගෙවූ, ගෙවන, සමහරවිට බීඩියක් ගන්ට පවා අතේ සතයක් නැත්තෝය. මේ නිරීක්ෂණය බ්ලොග් අවකාශයට විස්තාරණය කරන්ට තරම් මම සැහැසි නොවෙමි. කැමැත්තෙක් එසේ කර ගනිත්වා!

    සුමනදාස අබේගුණවර්ධන වැනි පුඟුලන් අතළොස්සක් “සාර්ථක” වී සිටින්නේ ඔවුන්ගේ ඊනියා ජ්‍යොතිෂ හපන්කමක් නිසා නොව රාජ්‍ය පාලකයා මේ මිථ්‍යා විශ්වාස කරන්ට තරම් අමුම අමු මැට්ටකු නිසාය. ඒ මුග්ධ පාලකයාට නාස් ලණුව දාගත්තෝ අබේගුණවර්ධන, පියසේන රතුවිතාන වැනි කේන්දර පුඟුලෝම නොවෙති. ඊලියන්ත වයිටා නම් තක්කඩියාද, සජින් වාස් ගුණවර්ධන නම් තක්කඩියාද පාලකයාගේ මේ දුර්වලතාවය තමන්ගේ වාසියට ප්‍රයෝජනයට ගත්තෝ වෙති. (ඔවුන් තරම් තක්කඩියකු නුවූ හෙයින්දෝ, උත්සාහ ගත්තද, එය කළ නොහැකි වූයේ නලින් ද සිල්වා නාථ කපුරාළට පමණෙකි.) එපිණිස කපටිකම මිස වෙනත් ශාස්ත්‍රයක් පිළිබඳ දැනුමක් ඇවැසි නොවේ. ඇවැසි වනුයේ පෙරැ කලැ මෙබඳුමැ රජෙකුට සීතාම්බර පට සළු ඇන්දවූ සන්නාලියන්ට තිබුණු කපටිකම මයි.

    මේ ලිපිය ලියන, ඊනියා ජ්‍යොතිෂ මිථ්‍යාවෙහි නොගැළි බ්ලොග්කරුවා "පැරා" මහා ධනවතකු නුවූවද, තරුණ වියෙහි මරි මෝඩකම්, රිදියෙහි මළ හරින්නාක් සේ මකා දිවි සරු කර ගත්තෙකි. ඔහු මෙබඳු වූ පියකු ලද දරුවන් නිවුණේය කිවහැකි අන්දමේ පියෙකි. මෙබඳු වූ පතියකු ලද පතිනිය නිවුණේය කිව හැකි අන්දමේ ස්වාමියෙකි. ධම්මිකපෙරේරාවෙක් නුවූවද පැරැණි මරුති 800 රථය විකුණා ඇල්තෝවක් මිළට ගත්තෙකි. ජ්‍යොතිෂයෙහි නොගැළි මමද එකළ මට හිමිව තිබූ (පැරැණි පාඨකයින්ට තවමත් මතක ඇතැයි සිතිය හැකි) එබඳුම මරුතිය වසර දෙකකට කළින් විකුණා දෙමුහුමක් මිළට ගත්තෙක්මි. ඒ මදිද, සුදනෙනි? තව කුමට නම් ජ්‍යෝතිෂයෙක්ද! තාරකාවෝ කුමක් කෙරෙත්ද! කිං කරස්සන්ති තාරකා?

    ReplyDelete
    Replies
    1. මේ ඇත්තම ටැබූ ද? ලියන ශෛලිය නම් හරි.

      Delete
  15. අමු මිරිස් සල්ලි වංචා කල චමීර දෙද්දුවගේ කෝ??????????????

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අමු මිරිස් සෙල්ලමට මොකද උනේ?

      Delete
    2. වෙච්ච දෙයක් නැහැ. සල්ලිත් නැහැ. රනත් නැහැ.

      Delete
    3. චමීර කාර් එකක් ගන්න යනවා කියලා දැන ගන්න ලැබුනා.

      Delete
  16. චමීර තමයි මේ කමෙන්ට් කරන්නෙ. නපුංසකයො වගේ තැන් තැන්වල ඇනෝ කමෙන්ට් නොකොටා, පිරිමි වගේ කතා කරන්න. විස්තර සඳහා ඊමේල් එකක් එවන්න: cjdrox@gmail.com. දුරකථන අංකය අවශ්‍ය ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා