කේරළේ මතට තිත

ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත ආණ්ඩුව මත්පැන් අලෙවිය හා පානය කිරීම තහනම් කරන්නට ගත් තීරණය එහි අධිකරණය විසින් අනුමත කර තිබේ. කේරලයේ ජනතාව අතර බේබදුකම පිළිබඳ ප්‍රශ්නය විසඳීම සඳහා ගනු ලැබූ බව කියන මෙම තීරණයත් සමග එරට තිබෙන මත්පැන් අලෙවි ස්ථාන වසා දැමීමට නියමිත ය. 

කේරළ ප්‍රාන්ත ආණ්ඩුවේ සුරාබදු ඇමති කේ. බාබු පවසන පරිදි වසර දහයක් තුළ කේරළයෙන් මුළුමනින් ම මත්පැන් තුරන් කිරීම තමයි, රජයේ අරමුණ. පියවරෙන් පියවර මත්පැන්හල් වසා දැමීම හා මත්පැන් අලෙවි කරන දින ගණන අඩු කිරීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ක්‍රමානුකූලව මත්පැන් විරෝධී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.  

කේරළයේ සිදු වන අපරාධවලින් තුනෙන් දෙකකට ම හේතුව මත්පැන් බවයි මත්පැන් විරෝධීන් පවසන්නේ. එසේම, මාර්ග අනතුරුවලින් 40%කට හේතුව මත්පැන් ය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් 80%කට හේතුව ලෙස සඳහන් වන්නේත් මත්පැන් ය. එය දික්කසාදයටත් මූලික හේතුවක්. දිනපතා සවසට කේරළයේ මත්පැන් අලෙවිහල් ඉදිරිපිට දිග පෝලිම් දක්නට ලැබෙනවා. ඒ අතර වැඩිපුර දකින්නට ලැබෙන්නේ සරම් අඳින වැඩ කරන ජනයායි. 

කේරළයේ ළමයි සාමාන්‍යයෙන් වයස අවුරුදු 13ත් 14ත් අතර කාලයේදී සිය පළමු මත්පැන් වඩිය රස විඳින බව කියවෙනවා. ඒත්, සාමාන්‍යයෙන් සමස්ත ඉන්දියාව සම්බන්ධයෙන් ම සලකා බැලුවා ම, එරට ළමයි සාමාන්‍යයෙ සිය පළමු මත්පැන් වඩිය බොන්නේ වයස අවුරුදු 17ත් 18ත් අතර කාලයේදීයි.

සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉහළ පෙළේ හෝටල්වල පමණක් මත්පැන් අලෙවියට අවසර දෙන්නට කේරළ රජය බලාපොරොත්තු වෙනවා. සංචාරක කර්මාන්තය කේරළයේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. විදේශ සංචාරකයෝ ලක්ෂ අටක් ද, වෙනත් ප්‍රාන්තවල ඉන්දියානුවෝ කෝටියක් ද ගිය අවුරුද්දේ කේරළයේ සංචාරය කළා. ඒ එහි තිබෙන සුන්දරත්වය නිසායි.

බාර් හා හෝටල් හිමියෝ බාර් වැසීමේ රජයේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට නියමිතයි.

කේරළය කියන්නේ ඉන්දියාවේ වැඩිම මත්පැන් පරිභෝජනයක් ඇති ප්‍රාන්තයයි. එහි ඒක පුද්ගල වාර්ෂික මත්පැන් පරිභෝජනය ලීටර් අටකට වැඩියි. එය ඉන්දියාවේ ජාතික ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය වන වසරකට ලීටර් 5.7 මට්ටමට වඩා ඉහළයි.

ඒ වගේ ම කේරළ ප්‍රාන්ත රජයේ ආදායමින් 20%කට වඩා උපයන්නේත් සුරාබදුවලින්. පසුගිය වසර හතරක කාලය තුළ සුරාබදු ආදායම සීයට සීයකින් වැඩි වුණා. එරට මත්පැන් කර්මාන්තය පවතින්නේ මුළුමනින් ම රජයේ පාලනය යටතේයි. එය හසුරුවන්නේ කේරළ රාජ්‍ය බීම සංස්ථාව විසිනුයි. එය සතුව බාර් 337ක් තිබෙනවා. පෞද්ගලික බාර් 600ක් පමණ ද තිබෙනවා. කේරළය පුරා ඇති රා කඩ සංඛ්‍යාව 5000ක් පමණ වෙනවා. 

ඒ වගේම, කේරළය තමයි ඉන්දියාවේ ඉහළ ම සාක්ෂරතාව හා ආයු අපේක්ෂාව සහිත ප්‍රාන්තය. එ් වගේ ම  ළදරු මරණ අනුපාතිකය හා සිසුන් පාසල්වලින් ගිලිහී යාම අඩු ම ප්‍රාන්තයත් එයයි.

මත්පැන් නිසා ඇති වන රෝගාබාධ හා හදිසි අනතුරු ආදිය හේතුවෙන් සමාජ පිරිවැය ඉහළ ගොස් තිබෙනවා. එහෙත්, මත්පැන් තහනම හේතුවෙන් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය ඉහළ යා හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

කේරළයේ මත්පැන් තහනම් කරන්නැයි ඉල්ලා සිටින පිරිස් වගේ ම ලාභදායී හා හොඳ මට්ටමේ මත්පැන් වෙනුවෙන් සටන් කරන කණ්ඩායම් ද තිබෙනවා. 1983දී දියත් කරන ලද වඩා හොඳ මත්පැන් සඳහා වූ ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ චිත්‍රපට 200කට පමණ සම්බන්ධ වූ කලාකරුවකු වන එන්. එල්. බාලක්‍රිෂ්ණන් ය. ඔවුන්ගේ ඉල්ලීම් අතර තිබෙන එක් ඉල්ලීමක් තමයි වයස අවුරුදු 90 ඉක්මවූ අයට නොමිළේ මත්පැන් සැපයීම.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙයින් සිදුවෙන්නේ හොර මත්පැන් සහ රා වලට ඇති ඉල්ලුම ඉහල යාමයි.

    ReplyDelete
  2. "තහනම" කියන එක යම් මට්ටමකට සාර්තකයි. උදාහරණයක් විදියට අපේ ගෙවල් කිට්ටුව බාර් එකක් තියෙද්දි ගමේ එවුන්ගෙ බීම වැඩියි. බාර් එක වැහිල ඊලඟ නගරයට යන්න සිදුවුනාම බීම අඩු වුනා. නමුත් යම් මට්ටමකට හොර මත්පැන් වැඩිවුනා.

    මිනිස්සු අවබෝධයෙන් ම බීම නවත්වනව නම් තමයි හොඳ. අනිත් පැත්තට මත්පැනෙන් වෙන හානිය දන්න එවුනුත් බොනව.

    ReplyDelete
    Replies
    1. මත් පැන් සම්බන්ධ නීති වැඩි උනාම හොර මත්පැන් හොයන් යන එක හැබැයි ඒක අදාල වෙන්නෙ බේබද්දන්ට. බේබද්දන් නොවන තරමට බොන අයගෙ බීම අඩු කරන්නත්, බොන එක නවත්තන්න හිතන් ඉන්න අයගෙ උත්සාහය සාර්ථක කරන්නත්, අලුතෙන් බොන්න පටන් ගන්න එක නවත්වන්නත් මත්පැන් සම්බන්ධ නීති වලට පුලුවන්.

      කොහොමටත් මත්පැන් බොන එක නවත්තන්න ඕන අවබෝධයෙන් තමයි. බෙහෙත් වලට පුලුවන් ඒක නවත්තන්න ඕන අයට උදව් කරන්න විතරයි. වෙන හානිය දැන්ගෙනත් මත්පැන් බොනවා කියන්නෙ ඇබ්බැහි වූ බවට හොඳ ලක්ෂනයක්.

      Delete
  3. අජිත් පැරකුම් ජයසිංහ නම් වූ අපේ කාලයේ විශිෂ්ට බුද්ධිමතා විසින් ලියන ලද ඉතාමත් කාලෝචිත සියලු දෙනාගේ නැණපහන් දල්වන ඇස් අරවන අනර්ඝතම ලිපියක්.

    ගූගල් මාමත් ලාබෙට ඉන්ටනෙට් දෙන මාමලත් බුදුන් දැක නිවන් දකින්න ඕන.

    ReplyDelete
  4. චම්පියයි ගම්මයි ඒ සැරේ කියනවා ආණ්ඩුවෙන් යන්න නැතිලු. ඔය ජඩ බල්ලන්ට රැවටෙන්න එපා කියලා මම කලින් කිවා නේද?

    ReplyDelete
  5. පිස්සු කෙලින්න එපා පැරා.. මේවා දැකලා අප මහ රජානෝ මේක මෙහේ ඇප්ලයි කොලා... වහ බොන්න තමයි වෙන්නේ..

    ReplyDelete
  6. I have a serious doubt that people living in developing countries tend to find the joy through alcohol because they lack enough entertainment opportunities around them

    ReplyDelete
    Replies
    1. It will be a short term entertainment if at all. Alcohol can create worse psychosocial issues among low income groups.

      Delete
  7. සාක්ෂරතාව වැඩිවීම, ළදරු මරණ අඩුවීම, ආර්ථික දියුණුව වගේ දේවලට මූලික හේතුව මත්පැන් පරිභෝජනය බව විද්‍යාඥයින් හොයාගෙන තිබුණා නේද?

    ReplyDelete
  8. අනේ පැරා, මාතේ, රාජ්, මේ රට උඹලාව ගණන් ගන්න තරම! මේකට නිකම් වත් ආරාධනයක් ලැබුණද?

    ආසියාවේ ප්‍රථම සංචාරක බ්ලලොග්කරුවන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි ලොව විශිෂ්ඨතම සංචාරක බ්ලොග්කරුවෝ අද කවුඩුල්ල වන පෙතට ගොස් වන අලි නරඹමින් එහි අසිරිය විඳගත්හ.

    ලොව නන් දෙසින් පැමිණි බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙම සංචාරයට එක් වුහ.

    ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිත ආසියාවේ ප්‍රථම සංචාරක බිලොග්කරුවන්ගේ සමුළුවට පෙර ශ්‍රී ලංකාව පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට දින 4ක පූර්ව සමුළු සංචාරයක් මෙම බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කර ඇත. ඔවුන්ගේ ප්‍රථම සංචාරය වුයේ කවුඩුල්ල වන පෙතයි.

    ඔවුන් මෙරට රැදී සිටින කාලය තුළ හබරණ, පොලොන්නරුවල, සීගිරිය, මහනුවර, ගාල්ල යන ප්‍රදේශ වල සංචාරය කරමින් මෙරට ආකර්ශනීය ස්ථාන නැරඹීමට නියමිතය.

    සමුළුව සඳහා දේශකයින් රැසක් සහභාගි වන අතර ඔවුන් ලොව සුප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන්නෝ වෙති.

    සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෘත්තීය සංචාරක බිලොග්කරුවන්ගේ සංගමය සමග එක්ව සමුළුව සංවිධානය කරනු ලබන අතර විශිෂ්ටතම සංචාරක බ්ලොග්කරුවන් 46 දෙනකු මෙම සමුළුව සඳහා තෝරාගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. මම සංචාරක බ්ලොග්කරුවෙක් නොවෙමි. ඒ නිසා ඔවුන් මට ආරාධනා නො කිරීම ගැන මට නම් ප්‍රශ්නයක් නැත.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා