හඳපාන නැතත් තරු එළියෙන් හෝ රට නිසිමගට ගනිමු

පසුගිය සමයේ අන්තර්ජාලයේ හා සමාජ වෙබ් අඩවිවල දැඩි ලෙස මෙම සමාජ ක්‍රමය විවේචනය කරමින් සිටි විශාල පිරිසක් දැන් සිය විවේචනයේ කේන්ද්‍රය බවට පත් කරගෙන සිටින්නේ විපක්ෂ පොදු අපේක්ෂකයා ය. 

මේ බොහෝ දෙනෙක් පසුගිය කාලය පුරා ම උග්‍ර රනිල් විරෝධියෝ ද වූ හ. 

සාමාන්‍යයෙන් මොවුන්ගේ අදහස් ප්‍රචාරණය මෙවැනි එකකි. මේ සමාජ ක්‍රමය අන්ත දූෂිත ය. එය වෙනස් කළ යුතු ය. එය වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ මිස සමාජවාදී අදහස් නො වේ. සමාජවාදියෝ ඔවුන්ගේ නිර්දය විවේචනයට ලක් වන පිරිසකි.


හදිසියේ ම ඔවුන්ට ධනේශ්වර ප්‍රතිසංස්කරණ ගැන ද විශ්වාසය නැති වී තිබෙන බවක් පෙනේ.


ඔවුන් ඊළඟට කියන කාරණයක් වන්නේ රනිල් ඒකාධිපතියකු බව, ඔහු පක්ෂය තුළ සජිත් වැනි නායකයින්ට මතු වන්නට නො දෙන බව, ඔහුව මාකට් කළ නො හැකි බව ආදියයි. 

මේ අතර ඔවුන්ගේ මාතෘකා වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, දූෂණය, මානව හිමිකම්, සංවර්ධන ගැටලු ආදියයි. 

ඔවුහු මහින්දට විකල්ප නායකයකු ලෙස කිසිවෙකු ප්‍රවර්ධනය කළේ නැත. රනිල්ට විරුද්ධව කලින් කලට සජිත්, කරු, චන්ද්‍රිකා, සෝභිත හිමි,සරත් ෆොන්සේකා, සරත් එන්. සිල්වා ආදීන් උඩ දමමින් සිටියත්, එසේ කළේ රනිල්ට කෙළවීම ම අරමුණ කරගෙන ය.

ඔවුන් මෛත්‍රීපාලට අකැමැති යයි කියන්නේ මෛත්‍රීපාල පසුගිය කාලයේ සිටියේ මහින්දගේ ආණ්ඩුවේ නිසා ය. ඔහු සමග එළියට එමින් සිටින්නේ ද සොරුන් පිරිසක් නිසා ය. හැබැයි, ඔවුහු මෛත්‍රීපාල දූෂිතයකු බව තවම නො කියති.අපි නම් ඔහුගේ පිරිසිදුභාවය මනින්නේ සාපේක්ෂව පමණි. ඔවුන් මෛත්‍රීපාල සම්බන්ධයෙන් කියන්නේ ද ඔහුට මහින්ද පරදවන්නට බැරි බව ය. පණ මදි බව ය. කැඩී ආ කට්ටිය මදි බව ය. ගැම්මක් නැති බව ය. 

ප්‍රගතිශීලීන්ගේ වේෂයෙන් පෙනී සිටිමින්, මෙම සමාජ ක්‍රමය දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවලට විරුද්ධ වෙන සුවිශේෂ බලවේගයක් මම නිරීක්ෂණය කර ඇත්තෙමි. ඒ අය අතරින් ප්‍රධාන ම බලවේගය වන්නේ ජවිපෙ හා එයින් කැඩී වෙන් වූ කණ්ඩායම් සමග සිටින පහළ මධ්‍යම පංතික කොටස් ය. ඔවුන් සමග කතා කර බැලූ කල දකින්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඔවුන්ට මේ ක්‍රමය වෙනස් කරන්නට උවමනාවක් නැතිකමයි. එය ඉතා සංකීර්ණ තත්වයකි. මෙම බලවේගය කැඩී විසිරී, සීසීකඩ ගොස්, අතිශය පෞද්ගලික උන්නතිකාමී, පාරිභෝජනවාදී ජීවිතවලට නතු වී තිබෙන මුත්, ඔවුන් වැඩි දෙනෙක් තවමත් ඉතා ව්‍යාජ ලෙස පක්ෂ හැදීම, විප්ලව කිරීම සඳහා පංති කිරීම ගැන කතා කරති. නමුත් ඇත්තෙන් ම ඔවුන් කරන්නේ ගෙවල් හැදීම හා ළමයින් දොස්තරලා කරන්නට පංති යැවීම වැනි දේ ය. මේ සමාජ බලවේගය වනාහි නියම හොරට බුදියන්නෝ පිරිසකි. සැබැවින් නිදා ගත් එවුන් අවදි කළ හැකි මුත් හොරට බුදිය ගත් එවුන් අවදි කරන්නට බැරි ය. 

මෙම සමාජ බලවේගය නියෝජනය කරන ජවිපෙ හා වෙනත් වාම පක්ෂ මෙම ජනාධිපතිවරණයේදී තෝරමින් සිටින උපායමාර්ගය මේ හොරට බුදියාගෙන සිටින බලවේගයේ උවමනාවයි. ඒ කියන්නේ ඔවුන් බලයට ගෙනා මහින්ද මහත්තයා (ඔවුන් කතා කරන විට කියන්නේ එසේ ය.
මහත්තයා = සහෝදරයා ?) බලයේ තබාගෙන සමාජවාදය ගැන මොකක් හෝ නරිවාදමක් දෙසීමයි.

මෙහිදී කිසියම් ඉදිරිගාමී බවක් පෙන්වන අතුරලියේ රතන හිමි හැර ජාතික හෙළ උරුමය ද සිටින්නේ මේ හොරට බුදියන මධ්‍යම පංතිකයන්ගේ පිලේ ය. ඔවුන් ද සොයමින් සිටින්නේ පොදු අපේක්ෂකයා මගහැර කට්ටි පනින්නට මාර්ගයකි.

සත්‍ය වශයෙන් ම වර්තමානයේ පවතින දූෂිත ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන්නේ කාට ද යන්න ද ඇත්තෙන් ම ප්‍රශ්නයකි. පසුගිය දිනෙක ෆේස්බුක් ඔස්සේ මා දුටු වීඩියෝවක් මට සිහිපත් වෙයි. මෛත්‍රීපාලගේ කරණම ආසන්න දිනෙක කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප නායකයකුට ආසන සංවිධායකකමක් දීම වෙනුවෙන් පැවැත්වුණු එම රථ පෙළපාලිය අතිශය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේ ය. එහි ඉදිරියෙන් ගමන් කළ මෝටර් සයිකල් රෙඩ් බුල් පන්නයේ ධාවනයක යෙදීමට උත්සාහ කළේ ය. පෙළපාලිකරුවන්ගේ රථ ගමන් කළේ තනිකර ම නීති විරෝධී අන්දමට ය. ආණ්ඩු වෙනසක් අවශ්‍ය ව සිටින ප්‍රධාන බලවේගය වන එක්සත් ජාතික පාක්ෂිකයෝ මෙවැනි පිරිසක් වෙති. ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ වත්මන් දූෂණ යාන්ත්‍රණයේ ධූරාවලිය තුළ තමන් ස්ථාපිත වී ක්‍රමය මේ අන්දමින් ම ගෙන යන්නට ය. 

මේ වැඩි දෙනෙක් තමන් සතු කිසිවක් අතහැර සමාජය වෙනස් කිරීමට සූදානම් නැත. සමස්තයක් ලෙස රාජපක්ෂ පවුල් පාලනයේ දූෂණයට පිංපඩියකින් හෝ ගැට ගැසී සිටින ලංකාවේ දූෂිත ඡන්දදායක ප්‍රජාව තුළ ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පැහැදිලි අදහසක් නැත. රාජපක්ෂ පාලනයේ ඍජු හා වක්‍ර පාලනයට නතු ජනමාධ්‍ය විසින් ඒ සඳහා අවශ්‍ය මුග්ධත්වය සමාජය තුළ ඇති කරනු ලැබේ.

මෙතැන තිබෙන්නේ බලය මාරු කිරීම පිළිබඳ උවමනාවක් පමණි. සරළව කීවොත්, මහින්දලා කෑවා ඇති, අරලියගහමන්දිරයේ සිට ගොවි සංවිධානය දක්වා එයාගේ කට්ටිය නැටුවා ඇති යන කාරණයයි. 

ඒ අතින් බැලුවා ම මෛත්‍රීපාල සත්‍ය වශයෙන් ම වෙනසක් කිරීමේ උවමනාවක් ඇති නායකයෙක් ලෙස සැලකිය හැකි ය. ඔහුට මේ රටේ නායකයා වන්නට ආසාවක් තිබීම ගැටලුවක් නො වේ. නිමල් සිරිපාල මෙන් තමන්ගේ තරගකරුවන් විපක්ෂයට පන්නා ඒ ඉඩට ආදේශ වීමට උත්සාහ කිරීම වෙනුවට, තමන් සතු සුවපහසු තත්වය අතහැර වෙනසක් වෙනුවෙන් ඉදිරි පියවරක් තබන්නට ඔහුට ඇති ආත්ම ශක්තිය ගරු කළ යුත්තකි. 

එහි සුවිශේෂත්වය තිබෙන්නේ ඔහු ඉදිරියට එන්නේ සරත් ෆොන්සේකාගේ අභාවාචක අත්දැකීමෙන් ද පසුව වීමයි. 

අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ද මේ අවස්ථාවේ නායකත්වය බැබලවූ චරිතයක් ලෙස සැලකිය හැකි ය. ඔහු වැදගත් දේශපාලන චරිතයක් ලෙස භාර ගැනීමට මැලි බොහෝ දෙනෙක් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ උඩ දැමීමට උර දුන් අයයි. රනිල් ගැන ඔවුන් කියන්නේ රනිල් නව ලිබරල් ය කියා ය. රනිල් තව දුරටත් නව ලිබරල්වාදියකු ය කියා ය. මහින්දගේ ජාතිකවාදයෙන් තෙම්පරාදු කරන ලද චීන නව ලිබරල්වාදය ඔවුන්ට ගැටලුවක් නැත. ඔවුන්ගේ ඔලුවල තවමත් තිබෙන්නේ චීනය සමාජවාදී ය, එජාපය කොම්ප්‍රදෝරු ය වැනි ගතානුගතික අදහස් ය. මෙම බලවේගයේ මානසිකත්වයට අවශ්‍ය සන්නිවේදනය සපයන්නේ ආණ්ඩුවයි. 

මේ සියල්ල මැද, ඉදිරි ජනාධිපතිවරණය තුළ ඇති රාජ්‍ය ප්‍රතිසංස්කරණ අවකාශය ප්‍රගතිශීලීන්ට ඉතා වැදගත් වේ. එහි ඇති දෙපිල වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, දූෂණය නැවැත්වීම, නීතියේ පාලනය වැනි ප්‍රගතිශීලී සටන් පාඨ පෙරදැරි කර ගත් මෛත්‍රී පාර්ශ්වය හා ප්‍රජාතන්ත්‍ර විරෝධය, පවුල් පාලනය, දූෂණය, අවනීතිය වැනි කාරණා ප්‍රවර්ධනය කරන මහින්ද රාජපක්ෂත් ය. 

මෙහිදී මෛත්‍රීපාල විශ්වාස නො කිරීම වෙන ම කාරණයකි. එහෙත්, මහින්දට ඡන්දය දීම සඳහා මේ රටේ සැබැවින් සංවේදී කිසිදු පුරවැසියකුට හේතුවක් තිබේ ද? 

ඔහු දූෂණය නැති කරන බවක් නො කියනවා පමණක් නො ව, තමන් ළඟ දූෂිතයන්ගේ සොරකම් ගැන ලිපිගොනු ඇති බවත්, තමන් ඒවා අදින්නේ නැති බවත් කියයි. මේ රටක ජනාධිපතිවරයකුට කිව හැකි දෙයක් ද? ඔහු කියන්නේ තමන් සොරකම් කරන බව දන්නා මුත් තමන් ඒවාට එරෙහිව පියවර ගන්නේ නැති බව හා තමන්ට එරෙහිව යන්නට ආවොත් නම් තමන්ට ක්‍රියාමාර්ග ගන්නට සිදු වන බවයි. අපරාධයක් සිදු වන බව දැනගෙන එය වැළැක්වීම සඳහා තම බලතල පාවිච්චි නො කිරීම ද, ඒ ගැන තොරතුරු වසන් කිරීම ද නීතිය උල්ලංඝනය කිරීමකි. 

මහින්ද පුන පුනා ඉල්ලා සිටින්නේ යුද්ධය අවසන් කර රට සංවර්ධනය කළාට තමන්ට කළ ගුණ සලකන්නැයි කියා ය. 

අපි ඔහුට කළ ගුණ සැලකුවෙමු. යුද්ධය අවසන් කරන්නට ඔහුට ආර්ථික, සමාජ, දේශපාලන යටිතල පහසුකම් සැපයූ  ජනතාවට ඔහු කළ ගුණ සලකන්නේ කවදා ද? 

එය කළ හැක්කේ අපේ දරුවන්ට වඩා හොඳ රටක් උරුම වන්නට ඉවහල් වන අන්දමින් සමාජ, ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙනි. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, ජාතීන් අතර සංහිඳියාව, නීතියේ පාලනය ඇති කිරීමෙනි. එසේ කරන බවක් ඔහු පෙන්වා නැත. තවත් වසර හයකට ඔහුට රට භාර දුන්නොත් ඔහු මොනවා කරනු ඇද්ද? 

හොරට බුදියාගෙන සිටින, මුග්ධභාවයේ ගිලී සිටින හා දැන දැන ම දූෂණයේ පැටලී සිටින ලංකාවේ ජනතාව යහපත් වෙනසක් වෙනුවෙන් අවදි කිරීම මේ මොහොතේ අප විසින් කළ යුතුව තිබෙන අත්‍යවශ්‍ය කාර්යයකි. 

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සොයන මහත්තුරුන්ට අපි කියන්නේ හඳපාන නැතත්, තරු එළියෙන් හෝ රට නිසිමගට ගැන්මට අප පෙළ ගැසිය යුතු බවයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අපට නං මහින්ද හොඳයි. මයිත්‍රී ගේ පවුල් ගස් සංවර්ධනය කරන්න අයි මුල ඉඳල රටේ ධනය යොදවන එක මෝඩ වැඩක්

    ReplyDelete
    Replies
    1. මහින්ද හොඳයි කියන්නේ මේ ක්‍රමය ගෙඩිපිටින් ම හොඳයි කියන එක. වැඩේ කියන්නේ නිර්නාමිකව නැතිව මේක කෙළින් කියන්න කිසිවෙක් ඉදිරිපත් නො වෙන එකනේ.

      Delete
    2. ඇයි පැරා බොරු කියන්නෙ? අපේ මාරයා අයියා එදා ඉඳන් ඔය කතාව නෙවෙයිද කිව්වෙ?

      Delete
    3. මය්ත්‍රී හොඳයි කියන්නේ ඔහු වටේ ඉන්න හොරු තක්කඩි ගෙඩිපිටින් ම හොඳයි කියන එක. තව එන්න ඉන්න හොර තක්කඩිත් ගෙඩිපිටින් ම හොඳයි කියන එක. වැඩේ කියන්නේ පැරා අපි මෙහෙම කිව්වම හෙමිං සැරේ මාරුවෙලා යන එකනේ.

      Delete
    4. මාරු වෙලා යනව නෙමෙයි, මං රස්සාවට යනවා. මම කරන්නේ පරිගණක තිරයක් ඉදිරියේ සිට කරන රස්සාවක් නෙමෙයි නේ.

      මෛත්‍රීට හා ඔහු සමග එක් වන පිරිසටවත්, එජාපයට හෝ ජවිපෙටවත් චරිත සහතික නිකුත් කරන්නට අපට බැරි ය. අප උත්සාහ කළ යුත්තේ මේ යක්කු ටික එක රට කනත්තට යන එක වළක්වා ගැනීමට උත්සාහ කිරීම ය.

      Delete
    5. අළුත් එකෙක් ඇවිල්ලා දූෂණය පටන් ගන්න ටික දවසක් යනවා. චන්ද්‍රිකා සමයේ වුණත් වයික්කාල්, එයා ලංකා වගේ කේස් ආවේ අවුරුදු දෙකක්, තුනක් විතර ගියාම නේද?

      බඩ පොඩි කාලේ ජරාව කෑවත් අඩුවෙන්. එන්න එන්න බඩ ලොකු වෙනවා, එතකොට වැඩි වැඩියෙන් කන්න වෙනවා.

      මෛත්‍රීගේ තවම බඩ පොඩි ඇති, තාත්තාම කෑවා මිස මෙයාට කන්න දුන්නේ නෑ නේ හිතේ හැටියට!

      Delete
    6. අපේ මාරයා අයියා නම් චන්දෙ දෙන්නෙ මහින්දට. ඒක වෙනස් වෙන්නෙ නෑ ඔය බයියො පැන්නට.

      Delete
    7. 1. රනිල්ගේ ආණ්ඩුව තියෙද්දී ඉන්දියාවෙන් නිකම් දීපු ටකරන් වලිනුත් ගහන්න පටන් ගත්තේ කල් ගිහින් නොවේ.
      2. අලුතෙන් එන කට්ටියට ගහන්න පුරුදු වෙන්න දෙයක් නැත. දැනටම යූ එන් පි යේ සිටින රවීලාට දයා ගමගේලාට මෙන්ම කරනම ගැසූ රාජිතට සහ දුමින්දටත් පුරුදු වන්නට කාලයක් අවශ්‍ය නොවේ.

      මහින්ද ඉන්නකොට වෙන විනාසේ පේනවා. ඒත් සහෝදරයෝ සාරය මිරිකලා විසිකරන රොඩ්ඩ හරි රටට ඉතුරු වෙනවා. පාරවල්, පාලම්, වරාය, ගුවන්තොටුපොළ, ක්‍රීඩාංගන වල කොන්ක්‍රීට් හරි රටට ඉතුරුයි. හැබැයි චන්ද්‍රිකා මොනවහරි රටට ඉතුරු කරලා තියෙනවද?

      ඉතින් චරිත සහතික නිකුත් කරන්නත් බැරි නම් මෛත්‍රීව පෙන්නලා බලය ගන්න කට්ටිය මහින්දට වඩා වේගයෙන් රට කනත්තට ගෙනිච්චොත් මොකද කරන්නේ?

      Delete
    8. රසික, වයික්කාල් නෙවේ තවක්කාල්.

      Delete
    9. පැරාගේ දේශපාලන අනාවැකි හැමදාම වැරදිලා අපේ මාරයා අයියාගේ දේශපාලන අනාවැකි පමණක් හරි යන්නේ මන්ද?

      Delete
    10. බැසිල්ට වඩා ඩඩ්ලි සැර පාටය. ඒත් මහින්දට තුන දෙන්ට බැරිය. සාපේක්‍ෂව මෛත්‍රී සමග අලුත් වීම මහින්දගේ මැර පාර්ට් වලට වඩා හොඳය. ෆොන්සේකාට අහිමි කළ ගෞරවයත් ශිරාණිගේ යුක්තියත් ලබා දිය හැක්කේ අපට මෙතනිත් පමණි. මම මෛත්‍රී කරමි. උතුම් අරමුණු ඉටුවේවා. මහින්දට තුන දෙන්නට කලින් අනාගත හොරුන් දැන්ම එළවීමට ඔබේ වගකීම ගැන සිතිය යුතුය. මහින්දට තුන දෙන්ට බැරිය

      Delete
  2. Replies
    1. ඒත් මහින්දට තුන දෙන්ට බැරිය

      Delete
  3. මට වැටගෙන අන්දමට නම් මොන මොන බයිලා ගැහැව්වත් එයින් එලියට එන්නේ තම තමන් ජනවාරියේ ඡන්දය දෙන්නේ කාටද කියන කාරණයයි. මෛත්‍රීපාල ගේ වැරදි කියනවාය කියන්නේ ඔහුට නොව අනෙකාට ඡන්දය දෙන බවයි.

    ReplyDelete
    Replies
    1. දැන් ඔයා ගෑනිගේ වැරදි කියනවාය කියන්නේ අනිවාර්යයෙන්ම අල්ලපු ගෙදර ගෑනි එක්ක බුදියනවා කියන එකද?

      Delete
    2. ඔව් ඇයි තමුසෙට අවුල්ද ?
      රසික

      Delete
    3. දෙන්නෙක් දුවන රේස් එකකදී එකෙකුට දෙන ඡන්දය ඇත්තටම ඡන්ද දෙකකි, එනම් 50:50 සමාන තත්වයට සිට 51:49 දක්වා වැඩි ඡන්ද දෙකක ජයක් ලබා දෙන්නකි.

      ඡන්දය නොදී සිටීම ද එයට අඩු නමුත් බලපෑමක්, එනම් 50:49 තත්වයක් ඇති කරයි.

      Delete
    4. ගණන් බැරිද? ඡන්ද ප්‍රතිශතය බලන්නේ ප්‍රකාශිත ඡන්ද වලින් නෙමේද? ඕස්ට්‍රේලියාව වාගේ රටවල් දියුණුයි. ඡන්දෙ දුන්නෙ නැත්නම් දඩ ගහනව. උන් පජාතයිද? මේ ගුබ්බෑයම් රටේ උන් දන්නෙ ඕක කරන්ට තමා

      Delete
  4. ඇත්ත කතාව. කියන්න ඕන ටික හරියටම කියල තියෙනවා.

    ReplyDelete
  5. ජනතා වී පෙ වඩාත් කැමති මහින්දටය මොකද මහින්ද ජනතාව ට පීඩනය දෙන තරමට ඔවුන්ට හොද්ද බොරවේ ,මදිය තරවේ ,රටේ ප්‍රශ්න වැඩි වෙන තරමට ඔවුන් කැමතිය , විශ්වවිද්‍යාල තුලද ඔවුන් කරන්නේ මේ දෙයමය නවක වදයට ඔවුන් කැමතිය යටින් සිට එයට සහයෝගය දෙනවාය , මොකද පීඩනයට පත් කෙනා ඔව්න්ගේ මඩියට දමා ගන්නටය . විශ්ව විද්‍යාලවල තිබෙන නේවාසිකාගාර ,ආපන සල පහසුකම් හෝ බුක්ති විදින්නට ඉඩ නොදී නවක වාදය කියා සිසුන්ව පීඩනයට පත්කරමින් අනෙක් පසින් පහසුකම් අයිතිවාසිකම් ඉල්ලමින් සටන් කරනවාය ,..... තව බොහෝ දේ ඇත . අනෙක 1940 ස් ගණන් වල සිට එදා සමසමාජ කොමිඋනිස්ට් , අද JVP අය වෘතීය සටන් මෙහෙයවා දිනාගන තියෙන වැටුප් වරදාන මොනවාද 50 දසකයේ රජයේ , සේවකයෙකුට (සාපේක්ෂව) හොද ජීවිතයක් තිබුනා පවුලේ දෙදෙනාම රැකියා කරන්න ඕනේ නැහැ ,අද දෙදෙනා රැකියා කරලත් බැහැ , නමුත් ඒ දිනවල දේශීය ගෘහ සේවිකාවක් වැඩකෙරුවේ බත් වේලට , පරණ ඇඳුම් කැබැල්ලට ඒ වගේම වත්ත පිටිය සුද්ද කර දෙන කෙනෙක් වැඩ කෙරුවේ කෑම වේලට නමුත් අද කොහොමද ඒ අයගේ තත්වේ , පඩිය කීයක් ඉල්ලනවාද එත් හොයාගන්න පුලුවන්ද ඒ අයගේ පඩි වැඩිකර ගත්තේ වර්ජන කරලාද සටන් කරලාද ඉල්ලුම හා සැපයුම තමා කොටින් කීවොත් , ඉතින් තාමත් මේ ගොල්ලෝ වුර්තීය සටන් සිසු අරගල , නිදහස් අද්‍යාපනය ගැන කතා කරනවා , අද්යපනයට වෙන්කරන මුදල ගැන කතා කරනවා , නමුත් ඒ වෙන්කරන මුදලින් හෝ නිසි ප්‍රොයෝජන අත්කරදෙන්න සටන් කරන්නේ නැහැ ,

    ReplyDelete
    Replies
    1. මේ තත්වයට මූලික හේතුව රටේ අධ්‍යාපන මට්ටම ඉහල යාම නිසා සුදුකරපටි රැකියාවලට සැපයුම වැඩිවීමත් informal sector රැකියාවලට සැපයුම අඩුවීමත් ය.

      Delete
    2. හේතුව ඒක වෙන්න පුළුවන් , නමුත් වැඩවර්ජන කරලා රැකියා තියෙන අයගේ වැටුප ගැන හිතනවට වඩා රැකියා නැති අය ට සෙතක් වෙන කරුණකට නේද සටන් කරන්න ඕනේ , අපේ රටේ තියෙන පහසුකම් අනුව විස්වාවිද්යාල වලට ඇතුළුවුන අය කොහොම හරි ගොඩයන්න බලනවා , ඒ වගේම සුදුසුකම් උපරිමයෙන් තියාගෙන 0.001 කෙන් (Z Score ) එලෙයේ ඉන්න වෙලා තියෙන අය ගැන සටන් කරන්න කව්ද ඉන්නේ , රැකියාව තියෙන කෙනාට හා විස්වා විද්‍යාලයට තේරුණා කෙනාට සටන් කරන්න සහයෝගෙට ඕනේ තරම් ඉන්නවා

      Delete
  6. මේ රජය මහා මාර්ග වලට කාපට් දමන මුවාවෙන් කාපට් දමා ඇත්තේ ජනතාවගේ මොලයටයි. මෙවරත් මේ රජයටම ඡන්දය දීමෙන් තමන්ගේ අධෝ මුඛයත් කාපට් දමා වසා ගැනීමට සිදුවෙනු ඇත.



    ReplyDelete
  7. Me parawath Mahinda gedara noyawwoth ratama wikunayi! Anagatha parapurath iwarayi!

    ReplyDelete
  8. පැරා දැකලා තියෙනවද අඬ අඬා කන්න බෑ කියන පොඩි උන්ට බලෙන් කවනවා. මේක අපේ සංස්කෘතියේ ප්‍රධානම අංගයක් නේ. ඒ පොඩි උන්ට කවන්න අනන බත් බල්ලෙකුට කන්න බෑ. ගුලි ගුලි කරලා හීතල වෙලා. ඕවා කවදාවත් මහ උන් කන්නෙත් නෑ. මොකෝ උන්ගේ ටේස්ට් එකට නැති නිසා. අන්න ඒ වගේ තමයි මේකත්.

    මිනිස්සුන්ට මේ සිස්ටම් එකෙන්වත්, එකාධිපතිකම් වලින් වත්, ආඥාදායකත්වයෙන් වත් වැඩක් නෑ. උන්ට ඕන බොරු ෂෝ. බුද්ධිමත්ය කිව්වට මුන් හරක්ටත් එහා. හරක් බඳින කණු. අපේ උන් කැමති, රටවැසියෝ විදියට ජීවත් වෙන්න නෙමෙයි. යටත්වැසි හිඟන මානසිකත්වයක ජීවත් වෙන්න. උන් බලාගෙන ඉන්නේ මහ රජ්ජුරුවන්ට වඳින්න වෙලාවක් හම්බ වෙනකන්. අපේ මරි මෝඩ ජනතාව හොඳට තේරුම් ගත්ත එකම නායකයා තමයි මහින්ද.

    ඇත්ත කතාව... මේ සිස්ටම් එක වෙනස් කරන්න එකෙකුටවත් ඕන නෑ. බජට් එක පරාද නොකරන්න එක හේතුවක් තමයි පෙන්ෂන් එක. අනික මේ දේ අනුර කුමාර "ජනහඬේදී" කෙලින්ම කිව්වා. එයාලා කැමති නෑ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරනවට. එකෙක්වත් කැමති නෑ. පලාබබා අහෝසි කරන්න. මම හිතන්නේ පැරත් ඒකට කැමති නෑ. ඉතින් කාටද මේ බොරුව කරන්නේ. තමන් තමන්වම රවටා ගන්න ගමන්. ගොබ්බ හරක් ටිකත් රවට්ටනවා. මිනිස්සු මහින්ද එලවයි එක වේලක්වත් කන්න බැරි උන දවසක. මොකෝ එක වේලක්වත් කන්න තියෙනවා කියන්නේ, පෙර පිනක් කියලා තමයි මේ මෝඩ ජනතාවට උගන්වලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. @මාතලන්
      //උන්ට ඕන බොරු ෂෝ. බුද්ධිමත්ය කිව්වට මුන් හරක්ටත් එහා. හරක් බඳින කණු. අපේ උන් කැමති, රටවැසියෝ විදියට ජීවත් වෙන්න නෙමෙයි. යටත්වැසි හිඟන මානසිකත්වයක ජීවත් වෙන්න. උන් බලාගෙන ඉන්නේ මහ රජ්ජුරුවන්ට වඳින්න වෙලාවක් හම්බ වෙනකන්. අපේ මරි මෝඩ ජනතාව හොඳට තේරුම් ගත්ත එකම නායකයා තමයි මහින්ද.//

      මචං දැන් එතකොට චන්දෙ දිනන්නෙ කව්ද කියලා බලාගෙන ඉඳලා ඌට කතිරෙ ගහලා ඊට තමංගෙ ඡන්දෙට වටිනාකමක් ලැබුණා කියලා හිතන උන් ගොං බඳන කණුවලටත් එහා මෝඩයො/අවස්ථාවාදියො නෙවෙයිද?
      අනික, කැළණියට මොකක්දෝ මහා සංවර්ධනයක් කලාය කියමින් මර්වින් සිල්වාට වැඳ වැටි වැටී කඩේ යන ගමන් අනික් උන් මහරජාට වඳන එක ගැන නන්දොඩවන එකා මරි මෝඩයෙක් නෙවෙයිද?
      මට පේන්නෙ මේ කමෙන්ට් එකෙන් කියවෙන “හරක් බඳින කණු“ ගොඩේ මුලින්ම ඉන්න චරිතයක් තමයි උඹ. උඹ උඹටම ගහගෙන.....

      Delete
    2. මෛත්‍රිපාල කියන්නෙත් එයින්ම එකෙක් තමයි. නැතුව මෙතේ බුදුන් නෙමෙයි. කිව්වේ මොකක්ද කියලා බලන්නේ නැතිව පෞද්ගලික කෝන්තර පිරිමහන්න එන තෝත් නොම්මර එකේ ගොනෙක් තමයි.

      අනික අපි කතාකරන දේශපාලණය සහ මාධ්‍යකරණය තෝ වගේ ගොන්නුන්ට කොහොමත්ම තේරෙන්නේ නෑ.

      Delete
    3. ඔන්න මාතේ බොහොම අපූරුවට කියල තියනවා ඇත්ත තත්වේ.

      පහුගිය දවස් වල මම කීප දෙනෙක් එක්කම මේ ගැන තියන අදහස මොකක්ද කියල ඇහුව. හැම එකාම එක එක හේතු කියනවා. චන්ද්‍රිකා කරපු නොකරපු දේවල් කියනවා, රනිල් රට විකුණන හැටි කියනවා, මෛත්‍රීපාලගේ සහෝදරයෝ ගැන කියනවා, හයි වේ එකේ වරුණාව කියනවා, නොකියන එකම දේ රජතුමා රටට කරන විනාසේ විතරයි. අපේ ජාන වලම තියනවා පීඩිතයා වෙන එකෙන් ආතල් එකක් එන ගතියක්. බහුතරයකට එකෙන් මිදෙන්න උවමනාවක් නැහැ.

      Delete
  9. https://www.youtube.com/watch?v=xxW8v4mV2uk&feature=share

    ReplyDelete
  10. අපේ මාරයා අයියා කියවන්නේ lankacnews විතරයි. බලන්නේ ITN විතරයි. පැරාත් ඒවා විතරක් කියවනවා බලනවා නම් මේ ප්‍රශ්න ඇති වෙන්නෙ නැහැ. හිතේ සතුටින් ඉන්න පුළුවන්.

    ReplyDelete
  11. රජ වෙන්නට කලින් මහින්දත් අද ඉන්නා මෛත්‍රී ට වඩා වැඩි වෙනසක් තුබුණේ නැත. නමුත් බල ලෝභියෙක් වන්නට මහින්දට උදවු වුණු පසුබිම මෛත්‍රී ට වඩා වෙනස් ය. අද මෛත්‍රී ජනපති කරන්නට පසුබිම් වන බලවේගය වඩා විසිරුණු පරාසයක මෙන්ම ඉක්මනින්ම කැඩී බිඳී යා හැකි එකකි. මෛත්‍රී විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නේ නම් ඊට පෙර කරන්නට වැඩ කටයුතු රාශියක් ඔහුට ඉතිරි වේ. පාර්ලිමේන්තුව ට බලය ලැබී සමසක් ගිය තැන සිට එය යළිත් බල්ලන් බළලුන් මෙන් කා කොටා ගන්නා තැනක් වනු ඇත. මෛත්‍රී ජනපති කරන්නට පැමිණි සාපේක්ෂව "යහපත්" බලවේග සියල්ල නැවත තිරයේ පිටුපසට විසි වී ශ්‍රීලනිපයේ සහ එජාපයේ සාම්ප්‍රදායික "ලාංකික දේශපාලනයට" උචිත කැත සහ අමානුෂික තත්ත්වය ඉහළට එනු ඇත. රාජපක්ෂ වරු චන්ද්‍රිකා මෙන් නිකං අකුලාගෙන ගෙදර යන්නේද නැත.
    මේ සියල්ල සිදුවනු ඇති මුත් එය රාජපක්ෂ නැවත ජනපති වීම තරම් නම් නරකම නොවනු ඇත.
    අපි මේ මජර දේශපාලකයින් කිසිවෙකුටත් හෝයියා කියන්නට සූදානම් නැත. සාමාන්‍ය මිනිසුන් ලෙස අපට කරන්නට ඉතිරිව ඇත්තේ අඩු නරක තෝරා ගැනීමය. එය බෙහෙවින්ම කාලකණ්නි තත්ත්වයක් බැව් සැබෑය. එහෙත් එතැනදී වත් "අඩු නරක" තමන්ගේ පෞද්ගලික වාසිය සඳහා නොව සමස්ථ රටේ අනාගතය ගැන සිතා තෝරාගත යුතු බව යෝජනා කරමු.
    21.11.14

    ReplyDelete
    Replies
    1. මේවාට තමයි පින්වත ප්‍රබුද්ධ කඩේ යෑම් කියලා කියන්නෙ. ආචාර්යවරුන්ටම විතරයි ඒක කරන්න පුළුවන්.

      Delete
  12. We are not thinking as Sri Lankan nation and we want to blame others and nothing to look after our side of responsibilities. Theoretical wright thing is not true for practical situation. People should develop and fight for their civil rights as nation against the wrong people or system, But at the moment we try to stop the way the country move in disaster path, We should defeat the Mahinda and build the forced to move the elected person to drive the country correct path.

    ReplyDelete
  13. ////////නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් සොයන මහත්තුරුන්ට අපි කියන්නේ හඳපාන නැතත්, තරු එළියෙන් හෝ රට නිසිමගට ගැන්මට අප පෙළ ගැසිය යුතු බවයි. ////////////

    මේක තමයි ඇත්ත පැරා. කටින් බතල හිටවන උදවියට මීට වඩා කියන්න දෙයක් නැහැ. රට වටේ බඩු ගහපු එවුන් අල්ලපු ගෙදර එකාගේ නූල කැඩිලද කියලා හොයනවා වගේ කතා තමයි සමහරු කියන්නේ. මේ මොහොතේ අවශ්‍යතාවය විය යුත්තේ පවතින අවම ඉඩකඩින් ,ප්‍රජාතන්ත්‍රවාදයට පොඩි ඉඩක් විවෘත කරගැනීමයි.

    ReplyDelete
    Replies
    1. හොඳම එකා කවදාවත් අපට හමු නොවේවි. අඩුවෙන් ම නරක එකා සොයන එක මහා ගැටලුවක්ද නොවේ.

      Delete
  14. පරා ලිපිය ඉතාම හොඩයි.
    රංජිත් හේනායකආරච්චි

    ReplyDelete
    Replies
    1. හොඩ උනාට කමක් නෑ තු.බෑ. දෙන්නෙ නෑ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා