කාර් ලාභයි

අයවැයෙන් වාහන මිළ අඩු වෙලා. හැමෝම අඩු වූ මිළ ගැන කතා කරමින් අලුතින් වාහන ගන්න සිහින මවමින් ඉන්නවා. ඒත්, කලින් වැඩි මිළට ගත් වාහනවලට දැන් මොකද වෙන්නේ? 

වාහන බදු මේ අන්දමින් හිටි හැටියේ අඩු වැඩි කිරීම මහින්ද රාජපක්ෂ පාලනයේ අදූරදර්ශී ආර්ථික කළමනාකරණයේ මූලික ලක්ෂණයක්.

මධ්‍යම පංතිකයන් අතර ජනප්‍රිය වන්නට කාර් මිළ අඩු කළාට එයින් එවැනි ජනප්‍රියත්වයක් අත් කර ගන්නට පුළුවන් ද?

මම මාස හතරකට පෙර අලුතින් ඇල්ටෝ 800ක් ගත්තා. එය ගත්තේ පරණ මරුටි 800 විකුණලා ඉතිරි කර ගත් මුදල් හා ණයට ගත් මුදලුත් යොදවලා. සවස හත වන විට පොදු ප්‍රවාහන සේවාවන් අවසන් වන, තෙත් කලාපයේ ගම්බද පෙදෙස්වල ජීවත් වන අපට මෙවැනි අවම පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක්වත් නැතිව ජීවත් වන්න අමාරුයි. දැන් ඒ කාර් එක ලක්ෂ හතරකට වඩා මිළෙන් අඩු වෙලා. මට තව ලක්ෂ හතරක් ණය ගෙවන්නට තිබෙනවා. 


මේ බදු අවම කිරීම දීර්ඝ කාලීනව පවතින තත්වයක් නම් මිනිසුන්ට මේ පාඩුව දරා ගන්නට පුළුවන්. ඒත්, එහෙම නැහැ. සමහර විට ඡන්දයෙන් පසු මෙවැනි බදු තිබුණාටත් වඩා ඉහළ දමන්නට ඉඩ තිබෙනවා.

මේක බදු සූදුවක්. මේ සූදුව අතරේ මේ අඩු වැඩි කිරීම් ගැන කල් තබා දැනගෙන ලාභ ලබන අයත් ඉන්න පුළුවන්. ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි. එපමණක් නොවෙයි, එවැනි සිදුවීම් වෙනවා නම්, ඒවා මුල්‍ය අපරාධ ගනයට වැටෙන බැවින් අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි.

මෙවැනි ක්‍රියාමාර්ගවලින් මුල්වරට කාර් ගන්න අයට වාසියක් අත්පත් වෙනවා. ඒත්, තිබුණු කාර් විකුණලා අලුත් කාර් ගන්න අයට විශේෂත්වයක් නැහැ. ඇතැමෙක් අධික පාඩු ලබනවා. ව්‍යාපාරිකයන් විසින් කලින් ආනයනය කර තිබෙන කාර් අඩු මිළට විකුණන්නට සිදු වෙනවා ඇති. මෙවැනි ක්‍රියාමාර්ග මිනිසුන් විනාශ කිරී්‍මට හේතු වෙනවා.


වාහන ආනයන බදු යම් මට්ටමක තබා ගන්න සිදු වෙනවා. මාර්ග සංවර්ධන හා නඩත්තු කටයුතුවලට යොදා ගත යුත්තේ මේ ආදායම්. මෝටර් රථයක් මිළ දී ගන්න මිනිස්සු පාරේ දුවනවාට ගෙවන්නේ මේ බදු හා බලපත්‍ර ගාස්තු ආදිය ඔස්සේයි. මෝටර් රථවලින් යන මිනිසුන්ගේ බදු බස්වල, කෝච්චිවල හිර වෙලා යන මිනිස්සු ගෙවිය යුතු නැහැ. ඒත්, මේ බදු ප්‍රතිපත්ති ඔස්සේ සිදු වන්නේ එයයි. 

රජය විසින් ඇත්තට ම කළ යුතුව තිබෙන්නේ හොඳ පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නටයි. ඒත්, අද සිදු වී තිබෙන්නේ කුමක් ද? රජයේ පාඩු ලබන අකාර්යක්ෂම බස් හා දුම්රිය සේවාවන් හා පෞද්ගලික අංශයේ මැරවරකම් මැද මේ රටේ මගී ජනතාවට කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා අහිමියි. 

ඉතින් හැමෝ ම කාර් ගැන හිතනවා. බැරි නම් මෝටර් සයිකලයක් හෝ ගන්නවා. එතන මුලින් ම තිබෙන්නේ උපයෝගීතාව. ඉන් පසු පාරිභෝජනවාදයත් ඒ සමග පැටලෙනවා. ආණ්ඩුව ජනප්‍රිය වන්නට හදන්නේ මෙතැනින්. ඒ වුණාට දැනටත් මේ රටේ මාර්ගවලට දරා ගන්නට බැරි තරම් වාහන ප්‍රමාණයක් තිබෙනවා. එ්වාට පුරවන්න ඉන්ධන ගෙන්වන්න සෑහෙන විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටට යනවා. 

තවත් කාරණයක් තිබෙනවා. දැන් මේ රජයට අහිමි වන බදු ආදායම පියවන්නේ කවුරු ද? හවසට බාර් එකක් ළඟට ගිහින් බලන්න. එතැනට එන වැඩි පිරිසක් එන්නේ කාර්වලින් නෙමෙයි. හවසට වැඩ ඇරිලා යන ගමන් ඇඟේ පතේ අමාරුව යන්න කාලක් අරගෙන මුල්ලකට වෙලා ෂැන්ඩි, බයිට් මොකුත් නැතිව නවා ගන්නා පීඩිතයෝ නෙවෙයි ද මේ බදු බරට කර ගහන්නේ?


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.

Comments

  1. අපි කිව්වා ඔය මරුටි ජරාව ගන්න එපා කියලා.... ජපන් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගත්තනම් පැරා දෙයියනේ කියලා අවුලක් නැතුව ඉන්නවනෙ....

    ReplyDelete
    Replies
    1. 'මම මාස හතරකට පෙර අලුතින් ඇල්ටෝ 800ක් ගත්තා. එය ගත්තේ පරණ මරුටි 800 විකුණලා ඉතිරි කර ගත් මුදල් හා ණයට ගත් මුදලුත් යොදවලා. '

      දැන් පැරාම වෙලාවකට කියනවා මේ ධනවාදය ගොඩනගන්නේ භාණ්ඩ පසුපස හඹා යන පාරිභෝජනවාදියෙක්ය, ඒවාට අසු වෙන අය බලන්නේ ණය වෙලා හරි තව තව භාණ්ඩ මිලට ගන්නය කියලා.

      දැන් ඉතින් පැරකුම් ජයසිංහටත් කලින් තිබුණු මරුතිය විකුනලා ඇල්ටෝ එකක් ගන්න හිතුනේ ධනවාදයේ බලපෑමට මේ අපේ සමාජවාදීයා අහුඋන නිසාද? වෙන මිනිහෙක් තමුන්ගේ තියෙන මරුතිය විකුනලා,ඒ සල්ලිත් දාලා ආයේ නයට මුදලුත් අරන් වෙනින් වාහනයක් ගත්තොත් පැරා දගලන දැගිලිල්ල අපිට බලාගන්න පුළුවන්.ඒ වගේ වෙලාවට පැරා කියන්නේ යමෙක් ලග ඔහුගේ වැඩ කටයුතු කරගන්න ප්‍රමාණවත් තරමේ බඩු භාණ්ඩ තිබුනත් ධනවාදය නිසා ඔවුන් ණය වී හෝ ඊටත් වඩා ඉහල භාණ්ඩ ගන්න පෙලෙබෙනවා කියලා. හැබැයි එහෙම කියන පැරාත් කරන්නේ ඒ දේමනි.

      තමුන් කියනා දේ තමුන්ගේ භාවිතයේත් නැති එකද ඔය පැරාගේ සමාජවාදී ජිවන විලාසිතාව කියන්නේ?

      Delete
    2. අපරාදෙනෙ පැරා පහුගිය ටිකේ ශෝක් ලොරියක් විකුනන්ඩ දාල තිබුනනෙ. ඒක ඔයිට අඩුවෙන් ගන්න තිබුන.

      Delete
    3. පැරා = විමල

      Delete
    4. A car is no longer a luxury its a commodity, same as the mobile phone, why do u guys should when a socialist sells the old car and buys himself a new one, do u'll belive that socialist needs to use bullock carts,,grow up idiots. n para the government changing tax policy over nights is no good for business thats y business men like unp governments they have more stable tax policy. n havin a car doesnt mean all of us can afford to drive it everyday, almost 90 of the people who travel to work in a car gets fuel and vehicle allowance paid by their employee.

      Delete
  2. බාර් එකේ දී බොන්න කාර් එකෙන් නොඑන එක හොඳයි. බීලා වාහන පැදවීම මරු කැඳවන ක්‍රියාවක්. පදවන්නාට, රියේ ගමන් ගන්නා අයට පමණක් නොවේ මහමග ඉන්නා අයටත්, පාරේ වාහන පදවන අනෙක් අයටත්!

    ReplyDelete
    Replies
    1. කොහෙද යන්නෙ, මල්ලෙ පොල්! ඇත්තටම ඔහේට ලජ්ජාවක් කියල දෙයක් නැද්ද කකා මේ මුග්ධ කමෙන්ට් දාන්න?

      Delete
    2. ඒ වගේම තමයි බාර් එකේ බොන්න යනවා නං තමුන්ගේ දුවා දරුවන් මොකද කරන්නේ කියලත් හොයලා බලන්න ඕනි. නැත්තං උන් සල්ලන් වෙලා විනාශ වෙයි.

      Delete
    3. /ඇත්තටම ඔහේට ලජ්ජාවක් කියල දෙයක් නැද්ද කකා මේ මුග්ධ කමෙන්ට් දාන්න?/

      නෑ

      Delete
  3. ඕස්ටේ‍ර්ලියාවේ වාහන ආනයන බදු අඩු කෙරුවේ, ඒ බව කලින් ප්‍රාකශ කර, වසර හතරක් තිස්සේ වසරකට 5% බැගින් ක්‍රමානුකූලවයි.

    හැබැයි ඒ පාරිභෝගිකයින්ට චන්ද අල්ලසක් දෙන්න නොවෙයි, රට ඇතුලේ වාහන නිපදවීමේ ඵලදායීතාව වැඩි කිරීම සඳහා කෙරුණු ඵලදායිතා කොමිසමේ නිර්දේශයක් මතයි.
    ඵලදායීතාව වැඩි වීම කෙසේ වෙතත්, අවසානයේ සිදු වුනේ රටේ තිබුණු ටොයොටා, හෝල්ඩන් සහ මිට්ෂුබිෂි වාහන සැදීමේ ෆැක්ටරි කිහිපය ක්‍රමයෙන් වැසි යාම පටන් ගැනීමයි.

    තව වසරකින් පමණ මෙහේ වාහන නිපදවීම මුළුමනින් ම නතරවෙනවා!

    ReplyDelete
    Replies
    1. ජපානෙ කලින් සිටම පැවති 5% කන්සම්ප්ෂන් ටැක්ස් එක 10% දක්වා ඉහල දමන්න
      යෝජනාව ගෙනාවෙ 2009 හෝ 2010. පාර්ලිමේන්තුවෙ අනුමැතිය දුන්නෙ 2012.
      3%ක් වැඩි කලා 2014 අප්‍රේල්. ඉතිරිය 2% 2015 අප්‍රේල්.

      Delete
  4. මාස 4කට පෙර වාහනයක් ගැනීමට තීරණය කිරීම ඔබේ දේශපාලන බුද්ධියේ අඩුවක්. ඡන්දයක් කට ලඟ තියාගෙන සවුත්තු පිට්ටනියකට බැට් කරන්න බහින්න හදන මාමා ඊට කලින් ගේන අයවැය මධ්යම පාන්තිකයන් ඉලක්ක කරගත්තු අල්ලසක් වෙන්න සම්භාවිතාව බොහොම වැඩියි කියන එක මාස 4කට කලින් උනත් ඔබට හිතන්න තිබුනා.

    ඒ ඇරෙන්න රටක බදු ප්‍රතිපත්තිය ගැන ඔබ කියන කාරණාව ඇත්ත. රසික කියලා තියෙනවා වගේ රටක බදු ප්‍රතිපත්තිය කල් ඇතුව මහජනතාවට කියන්න ඕනෙ බදුත් එක්ක සූදු කෙලින්නෙ නැතුව.

    ReplyDelete
  5. පැරා කියන මධ්‍යම පාන්තිකයා කියන්නෙ වාහන සෝබනේට තියන් ඉන්න අය මිසක් දවස ගානෙ එදිනෙදා ගමන් බිමන් යන්න පදින අය නෙවෙයි.... ට්‍රිප් එකක් යන්න... නෑ ගෙදරකට යන්න වාහනේ ගියාට වැඩි හරියක් ඕක තියන් ඉන්නෙ ගෙදර... දවස ගානෙ බස් එකේ හරි කෝච්චිය හරි වැඩට ගිහින්... කඩේට බයිසිකලේ ගිහින්.. දිව්වත් නොදිව්වත් වීක් එන්ඩ් එකේ වාහනේ හෝදලා... තමන්ගෙ ස්ටේටස් එක නඩත්තු කරන්න වාහනේ තියන් ඉන්න කෙනෙක් තමා මධ්‍යම පාන්තිකයා...

    මහින්ද දන්නවා දෙන්න ඕනි ගුණ්ඩුව මොකක්ද කියලා... ඒක නිසා ගානට ගේම ගහනවා... ඕකෙන් කෙලවෙන්නෙ ලඟදි වාහන ගත්ත පැරා වගේ ටික දෙනෙකුට විතරයි....

    ReplyDelete
    Replies
    1. ආකල්පෙ අවුල් නේද යාලුවා?

      ජපානෙ ටෝකියෝවට ආසන්නව ජීවත් වෙන බහුතරයක් පවුල් වලට කාර් එකක් තියෙනවා. ඉඩකඩ සීමිත නිසා ගෙදර පාක් කරන්න ඉඩ නැත්නම් කුලියට ගත්තු ඉඩක වාහනේ පාක් කරනවා. නමුත් වැඩට යන්නෙ කෝච්චියෙ. ගොඩක් වෙලාවට වීක් එන්ඩ් එකට වාහනේ එලියට ගන්නෙ, සමහරවිට ඒකත් හෝදන්න විතරයි. නමුත්,.."තමුන්ට අවශ්ය වෙලාවට තමුන්ගෙ ගමනක් යන්න තමුන්ගෙ වාහනේ ගෙදර තියෙනවා". ජපානෙ නම් ඒකට සෝබනේ කියන්නෙ නෑ, ඒක කාර් එක අයිති කෙනාගෙ පුද්ගලික දෙයක්.

      ලංකාවෙ මිනිස්සු වාහනයක් නැති එකා තියෙන එකාට ඊරිසියා කරන නිසා වාහනයක් තියෙන මිනිහා එකෙන් කරන්නෙ මොනවද කියලා ඇහැගහගෙන ඉඳලා වෙලාවක් ආපු ගමන් කියලා දානවා සෝබනේට වාහන තියන් ඉන්නව කියලා.

      Delete
    2. සෝබනේට තියා ගත්තත් නැතත් අහක ඉන්න එවුන්ට පාන්ද? සෝබනේ කියන්නෙත් මානුෂික අවශ්‍යතාවයක්. සෝබනේට අකැමැති කෙනෙක් ඉන්නවා නම් හොරොව්පතාන පැත්තට ගිහින් කුඹුරක් කොටාගෙන හිටපන් අපට පව් නොදී.

      Delete
    3. මාත් එන්ජිම නැති කාර් එකක් අරන් හුඩ් එක යට නවත්වල තියෙන්නෙ.

      Delete
    4. එන්ජිම නැති කාර් එකක් හුඩ් එක යට නවත්වල තිබ්බ මගේ යාලුවෙක් හුඩ් එක කඩං වැටිලා මලා

      Delete
    5. මගේ යාලුවෙක් ඒ හුඩ් එක උඩ වැලක් බල බල ඉඳල මලා.

      Delete
    6. @ AnonymousNovember 4, 2014 at 10:07 AM

      @ AnonymousNovember 4, 2014 at 11:19 AM

      තොපි දෙන්නගෙම අම්මලා මම උන්ට xxද්දී මලා

      Delete
  6. පැරා මොකද මරුටි 800 විකුණලා ඇල්ටෝ එකක් අර ගත්තෙ? මරුටි එක සමාජවාදය කරා යන ගමනට මදි වගේ පෙණුනාද?

    ReplyDelete
  7. /සවස හත වන විට පොදු ප්‍රවාහන සේවාවන් අවසන් වන, තෙත් කලාපයේ ගම්බද පෙදෙස්වල ජීවත් වන අපට මෙවැනි අවම පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක්වත් නැතිව ජීවත් වන්න අමාරුයි./

    ඒ කියන්නෙ දැන් පැරාලගෙ ගම් පළාතෙ හැමෝටම "අවම ප්‍රවාහණ මාධ්‍යය" වන ඇල්ටෝ එකක් තියෙනවද? මාර දියුණුවක්නෙ පැරා. වියළි කලාපයේ එහෙම මිනිස්සු එහෙ මෙහෙ යන්න යොදා ගන්නෙ බයිසිකල්, ස්කූටර් හා මෝටර් සයිකල්. ඒ මිනිස්සුන්ගෙ "අවම ප්‍රවාහණ මාධ්‍යය" ඒවා. බලන්නකෝ වියළි කලාපෙයි තෙත් කලාපෙයි අතර වෙනස!

    ReplyDelete
  8. පැරාගේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා. මරුටිය විකුනලා තමන්ට ඇල්ටෝ ගන්න හොඳයි. තව ටිකක් සල්ලි තියෙන මනුස්සයා ඇලියොන් එකක් ප්‍රිමියෝ එකක් ගන්න එක වැරදියි. අනේ පැරෝ.

    ReplyDelete
  9. කෝ අර ඇනෝ බ්ලොක් කරගෙන කමෙන්ට් අප්රූව් කරගෙන නටපු තොවිලේ ඉවරද? හූ...හූ....

    ReplyDelete
  10. /ඒත්, තිබුණු කාර් විකුණලා අලුත් කාර් ගන්න අයට විශේෂත්වයක් නැහැ. ඇතැමෙක් අධික පාඩු ලබනවා/

    ගොනෝ වාහනයක් ගන්නවා කියන්නේ ආයෝජනයක් නෙවි. වාහන මිල පාවිච්චිය එක්ක බහින්න ඕන. ගෙදර තියෙන ෆ්‍රිජ් එක අවුරුදු 5ක් පාවිච්චි කරලා ගත්ත ගානට වැඩිය විකුනන්න පුලුවන්ද? ෆ්‍රිජ් වල ටැක්ස් අඩු කරානම් උඹල මෙහෙම අඬනවද? උඹල වගේ බූරුවෝ වාහන අරගෙන පාවිච්චි කරලා ලාබ තියාගෙන විකුනන්න හදනවා. උඹලටම ගැලපෙන ආණ්ඩු ටැක්ස් ගහල ඒකට මාකට් එක හදල දෙනවා.

    ReplyDelete
    Replies
    1. @AnonymousNovember 4, 2014 at 8:43 AM
      අන්න හරි. පැරා මේ අඬන්නෙ පොරගෙ අළුත් වාහනේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක අඩුවුනා කියන හේතුවට. පැරා හිතාගෙන ඉන්නෙ, පැරාම පට්ට ගහන මධ්‍යම පාන්තිකයො හිතනව වගේම වාහනයක් කියන්නෙ ආයෝජනයක් කියලා.

      Delete
  11. /මෙවැනි ක්‍රියාමාර්ගවලින් මුල්වරට කාර් ගන්න අයට වාසියක් අත්පත් වෙනවා/

    ඇයි ඉතිං ඒකට ඉරිසියා කරන්නේ? අල්ලපු ගෙදර මනුස්සයා බයිසිකලේ යන්න ඕනද හැමදාම? අනේ උඹේ සමාජවාදේ.

    ReplyDelete
  12. බයිලනෙ බන් උබලගෙත් තියෙන්නෙ පැරා, මොනවද බන් උබේ සමාජවාදම් පරිවන්දන් කතා? උබටත් තියෙන්නෙ මාර ඇරියස් ගොඩක්, කළු පාට ඇරියස් එකට සුදු පාට ගෑනියෙක්, සුදු පාට දරුවෙක්, සමාජාදය කිකිය යුරෝපෙ සුද්දො කරන කරන ඒව කරන්න උත්සහ කිරීම ඕව ඔක්කොම උබේ ඇරියස් බන්. උබට බෑ බන් සමාජයට නව මාවතක් පෙන්වන්න, බයිල කියවන්නෙ නැතුව ඉස්සෙල්ල උබේ ඇරියස් ටික කවර් කර ගනින්. මේක අනිත් උන්ටත් පේන්න දානව නම් දාපන්, නැතත් මේක තමයි සත්‍ය ඒක සිහියෙ තියාගෙන මොඩරේට් කරපන්.

    ReplyDelete
  13. පැරා අපේ කීම අහලා ලොරිය ගත්තා නම් ඔය ඇල්ටෝ එක වෙනුවට අද සතුටින් නේද?

    ReplyDelete
    Replies
    1. හැමදාම නොමිලේ ඔයිල් මාරු කරගන්නත් තිබ්බ නේද අනේ ?

      Delete
  14. 1980 දශකයේ මුල් හරියේදී එවක ජවිපෙ අනුත්තර නායකයා වූ රෝහණ විජේවීරට ඒ කාලයේ මධ්‍යම පාංතිකයන්ගේ පමණක් නොව ධනපතියන්ගේද සිහිනයක් වූ ඩැට්සන් කාර් එකක් ගන්නට දොළ දුකක් පහළ වී තිබේ. මේ ඒ වන විට මිළ අධිකම වාහනයකි. "අපේ ගම් මට්ටමේ සහෝදරවරු මොනවා කියයිද දන්නෙ නෑ සහෝදරයා!" කියා පොලිටි බියුරෝව ඊට විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත. විජේවීරගේ උත්තරය වී ඇත්තේ "ගම් මට්ටමේ සහෝදරවරු ඕවායෙ ගනන් හිලව් දන්නෙ නෑ සහෝදරයා" යනුවෙනි. අන්තිමේදී රතුපාට ඩැට්සන් කාර් දෙකක් ජවිපෙ නමට මිළයට ගැනුණේය. විජේවීර 1982 මැයි දිනයට යන්නේ මේ කාර් එකකිනි.

    බලාගෙන යනකොට සමාජවාදීන් හා වාහන අතර තියෙන්නේ බොහොම ඓන්ද්‍රීය සම්බන්ධයකි.

    ReplyDelete
  15. පොදු ප්‍රවාහන සේවය අවම කරන එක තමයි ඇත්තටම විය යුත්තේ..

    ReplyDelete
    Replies
    1. උඔ හොඳ සිහියෙන්ද වාහේ. මලක් ගහලා නෙමේ නේද ඉන්නේ? අනේ මගේ රත්තරනේ උදේ 8.15 -9.00 අතර ‍බත්තරමුල්ලේ පොල්දූවේ හන්දියේ ඉඳලා පාර්ලිමේන්තුව පාරේ A000 පාලම් 03 පැත්තට ගිහින් හරවා ගෙන රාජගිරිය පැත්තට එන්නකෝ ඔයාගේම වාහනේක කොච්චර ඉක්මනට යන්න පුළුවන්ද බලන්න.

      Delete
  16. හපොයි පැරා මොකද්ද මේ කර ගත්තේ ! ඇනෝල අම්ම මෝ නැතුව බනිනවා නේද ?

    ජාතික ප්‍රතිපත්තියක් , දර්ශනයක් නැතුව එදා වේල ක්‍රමයට දුවන රටකට බදු ප්‍රතිපත්තියක් තියෙයිද ?
    මේකට ආණ්ඩුව විතරක් නෙමෙයි සියලුම සිවිල් සේවකයන් සහ ජනතාවත් එක ලෙසම වග කියන්න ඕනේ නේද ?
    මේ තාක් කල් ටොපිය දුන්න මිනිහ වගේම හුරේ දාල ටොපි ගත්ත උනුත් එක වගේ වැරදි කාරයෝ.

    කොහොම උනත් තීරණාත්මක මැතිවරණයක් සහ ය වැයක් කටේ තියාගෙන පැරා වාහන විකුනන්නත් , නයට වාහන ගැනීමෙනුත් පෙන්වන්නේ පැරාගෙ දේපාලන සහ සමාජීය ඉදිරි දැක්මේ තියෙන බරපතල අඩුව. මාස දෙකතුනක් ඉදිරියට රටක දේශපාලන , ආර්ථික සන්ධර්භය නිර්ණය (predict ? ) කර ගන්න බැරි මිනිහෙක් තමයි ලංකාවේ බයියන්ට වෙනස් ආකාරයේ දේශපාලන , ආර්ථික ජිවිතයකට "Socialism as lifestyle" උපදෙස් දෙන්නේ. අයියෝ ෂල්ලි !

    කොහොම උනත් වාහන බදු වැඩි උනානං මේ ලිපිය නොලියවෙන්න තිබුන නේද ? :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේක අර තමන්ම තමන්ගේ බොගේ ඇනෝ ගහන කතන්දර නරියා ලිව්වා නම් තමුසේ දෙපාරක් සබන්දාලා හෝදගෙන දෙකට නවීගෙන කොමෙන්ට් ගහනවා, එහෙමයි දේවයන් වහන්ස සම්පූර්ණ ඇත්ත ඔබ වහන්සේට ඕනෙනම් මහේ හැම හිලකම අරින්න කියලා.

      Delete
    2. මඩපුවක් මල්ලි ඔය ඇවිත් තියෙන්නේ.

      මේ පාර ගොඩක් පරෙස්සම් වෙලා තියෙනවා වගේ වචන හොයාගන්න. එත් උඹ මාට්ටු වෙන්නේ පුක ගෑවෙන්නේ නැතුව උඹට කමෙන්ට් එකක් දාන්න බැරි හින්ද බං. ඊගාව පාර වෙන අවයවයක් ගාවලා කමෙන්ට් එකක් දාපන්.

      Delete
    3. උඹේ අවයව ඔක්කොම ග්‍රයින්ඩර් එකෙන් ගාලා ලියන්නම් උඹ පොන්නයෙක් නිසා උඹ කාලෙකට කතන්දර පිල්ලිය. ඒ කියන්නේ කතන්දර බුවාම තමයි ආයෙත් එනවා කාකලය කියලා කෝ දැන් ඒ ප්‍රොෆයිල් එක. උඹට අර විචා පොර දුන්න නේද ඇට්ටි හැලෙන්න

      Delete
    4. හිතවත් මඩ පුවකේ

      මා සහ රසිකයා (මා සාමාන්‍යයෙන් යොදන්නේ රසික මහත්මයා කියා.. නමුත් ඒක බලුගැත්තර වීමක් ලෙස සඳහන් කල නිසා ගරු නම්බු නැතුව ම ලියනවා ) අතර කිසිදු සම්බන්ධයක් නැත. ඔබට බාව පෑගී අමු කැවී ඇත.
      අසනීප ගැන සලකා බලනවා නම් ඔබට සමරිසි ඇම්ම තදින්ම (hyperhomosexuality ? ) ඇති බවත් එය සමනය කර ගැනීමට අවස්ථා අඩු වීම සහ අඩු අධ්‍යාපනය මේ හැසිරීමට හේතුව බවත් පෙනී යයි.

      මා වැඩ ඇරී එන විට කොටුව ඉස්ටේසම ඉස්සරහ බස් හෝල්ට් එකේ ගැවසෙන ලොලු පොරවල් රාශියක් මා දැක ඇත. ඔබගේ ඇම්මට විසඳුම එය විය හැක.

      ග්‍රයින්ඩර් කතාවෙන් , ඔබට විකුර්ති කාමාශාවක් වන sadisam ඇති බවද පෙනී යයි. කරුණා කර සමාජ ව්‍යසනයක් නොවී ප්‍රතිකාර ලබා ගන්න

      Delete
  17. අපේ ගමේ ඉන්න ජිනදාස මාමා කරන්නෙ ගොවිතැන්. මෑන්ට එක කන්නයක මොනව හරි වගාවක් දාගන්න බැරි වෙලා යම් එලවළු වර්ගයක් මිල ගියොත් කියන්නෙ "මට මේ සැරේ මෙච්චරක් පාඩුයි" කියල. ඒ පාඩුව(?) එන්නෙ එයා වගාවක් නොකල නිසා. :-)

    පැරාගෙ හාරලක්ෂෙ තර්කයත් ටිකක් විතර ඒ වගේ. බයවෙන්න එපා පැරා. අපායෙ ඉන්ටවල් ඉවරවුන ගමන් ගහන බද්දෙන් පැරාගෙ වාහනේ පාඩුව ටිකක් පියවෙන්න පුළුවන්. එතකල් අඩියක් ගහල ආතල් එකේ ඉමු!

    ReplyDelete
    Replies
    1. බලන්න පැරාගේ හිත රිදෙන්නේ නැතිවෙන්න යමක් කියන විදිය. මේ ඇනෝ යක්කුන්ට තේරෙන්නේ නෑනේ පැරාගේ මලක් වගේ හිත කොච්චර රිදිලද කියල.

      Delete
    2. අන්න බලන්න ගොවියෙක් වෙච්චි ජිනදාස මාමා දන්නවා Opportunity Cost කියන සංකල්පය හැබැයි රජයේ සේවකයෙක් වෙච්චි බෑනා දන්නෙ නෑ. පැරා ලියමුද පෝස්ට් එකක් රාජ්‍ය සේවකයින්ගේ නූගත්කම කියලා?

      Delete
    3. පැරා, රාජ්‍ය සේවකයන්ට ආර්ථික විද්‍යාව උගන්වන්න ඇනෝලා යොදාගැනීමේ හැකියාව පිළිබඳව ලිපියක් ලියමුද?

      Delete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක අයින් කරාට මඩපුවක්ව බැස්සුවා නේද මසොපිට ගේම දෙන්න?

      Delete
  19. බදු අඩුකරපු එකෙන් වාහන ගෙන්නන අයට පාඩුවක් වුනා කියන්නත් බැහැ. මොකද මිල වැඩි වුනාම සේල වල ගාන වැඩි වෙන්නේ කලින් ගෙන්නලා තියෙන වාහන වලත් එක්ක. එතනින් සෑහෙන ගානක් හොයා ගන්නවා. ලංකාවේ ඉන්නේ ජෙනුයින් බිස්නස් කාරයෝ නෙවෙයි. අනිත් එක පැරා හිතන්නේ කාර් එකක් අරගෙන පාවිච්චි කරලා ගානකුත් තියාගෙන විකුනන්න නම් ඒකත් සාධාරන නැහැ නේද. ඕනෑම භාන්ඩයක් පාවිච්චි කරාම මිල අඩු වෙන්න ඕනේ. මම හිතන්නේ ලංකාව තමයි ලෝකේ තියෙන එකම රට පාවිච්චි කරපු වාහන ගත්ත මිලට වඩා වැඩියෙන් විකුනන.

    ReplyDelete
  20. පැරා හාර ලක්ෂයක් කියන්නෙ ලොකු ගාණක්. හාර ලක්ෂයක් හොරකම් කරලා පියදාස කියල මිනිහෙකුයි තව කීපදෙනෙකුයි මළා ඒ දහ්ස් වල. හැබැයි මගේ යාළුවන් නම් නෙවෙයි.

    ReplyDelete
  21. පැරා ධනවාදියෙක් වුණා නම් දන්නවා සෙකන්ඩ් හෑන්ඩ් කාර් වලට අදාළ lemons සංකල්පය. ඒකෙන් පැහැදිළි කරනවා ඇයි සෙන්ඩ් හෑන්ඩ් කාර් වල මිළ අළුත් ඒවාට වඩා ** සැලකිය යුතු පමණකින් ** අඩු කියලා. කොහේද පැරා සමාජවාදියෙක්නෙ. ඉතින් ඕවා පැරාට වැදගත් නැහැ.

    මේ ලිංකුව පැරායි පැරාගෙ සමාජවාදී සගයන්ටයි නෙවෙයි. ධනවාදී මල්ලිලාට විතරයි.

    https://en.wikipedia.org/wiki/Lemon_(automobile)

    ReplyDelete
  22. ඇරියස් ඇරියස් ඉකමනට ගන්න ජපන් එකක්, ඊට පස්සෙ අනිත් උන්ට කියන්න පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න කියල.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් උඹල ඔච්චරටම ඉරිසියා පැරා ගැන, උඹටත් ඕනෙ නම් ඇල්ටො එකක් ගනින් ඒක එපා උනාම ස්විෆ්ට් එකක් ගනින්, අරගෙන ගෑනිව ඉස්සරහ දාගෙන ළමයි පස්සෙ දාගෙන පලයන් අනිත් උන්ට ඉරිසියා කරන්නෙ නැතුව

      Delete
    2. පැරානේ යකෝ අනිත් උන්ට ඉරිසියා කරන්නේ. ලොකු වාහන ගන්න එක අධි පරිභෝජනවාදය ඒක ලොකු වරදක්ය අවශ්‍යතාවයට විතරක් භාණ්ඩ ගන්නය කියල දොසතරලා පර්මිට් එකට ලොකු වාහන ගන්න එක ගැන ලොරි ටෝක් දුන්නේ අපිද?

      අපිත් ඌට කියන්නේ ලඟපාත ඉන්න උන්ගේ ඇක්සියෝ එකට ඉරිසියා නොකර ස්විෆ්ට් එකක්වත් ගන්න කියල තමයි. ඌ තමයි කිව්වේ මරුටියක් තිබ්බම ඇති හොඳ කාර් ගන්න එවුන් මේ සමාජයට කරන්නේ ලොකු වැරද්දක් කියල

      Delete
    3. ඉතින් යකෝ මට මරුටිත් එපා ඇල්ටොත් එපා මට ඕනෙ ලැම්බොගිනියක් මම හොරා කාල හරි ලැම්බොගිනියක් ගන්නව.

      Delete
    4. ඒක හරි මචන් අවශ‍යතාවය කියන්නෙ පැරා කියන එක නෙවෙයි උඹේ අවශ්‍ය තාවය උඹේ එකක් මිසක් පැරාගෙ නෙවෙයි උඹට කැමති එක උඹ ගනින් හොරකම් කරල හරි කමක් නෑ. පැරාලත් වක්‍රාකාරව කරන්නෙ හොරකමක් තමයි

      Delete
    5. උඹල වගේ උන්ට මුකුත් කියල වැඩක් නෑ බන්, පැරා මෙච්චර උත්සහ කරනව සමාජයට සේවයක් කරන්න උඹල වගේ උන් ඒ වගේ එකෙක්ට අකුල් හෙලනව

      Delete
  23. නිවර්තනයNovember 4, 2014 at 2:56 PM

    අන්තර්ජාලයට සහන
    ---------------------------------
    1.0 ලක්ෂ 25 ට වඩා පිටු පෙරලුනු,තෙත් කලාපයේ ගම්බද පෙදෙස් වල ජිවත්වෙන , බ්ලොග්කරුවන්ටත් $25000 පර්මිට් දෙනවා කියල ලියල තිබුනා කියල කිව්වා.
    1.1 ඉහත 1.0ට අකමැති නම් රිචාර්ජබල් නිසාන් ලීෆ් එකක් නොවේ ටොර්ච් එකක්, වැහි කබායක්, කුඩයක්,ගම්බුට් යුවලක් හා සමාජවාදි කියුබන් සුරුට්ටු(12) පෙට්ටියක් රු 7,500 කට දෙනවා කිවුවාය.

    2.0 වඩාත් විචක්ෂණශීලී ගොන් කතා කියන බ්ලොග් කරුවා හා කමෙන්ට්කරුට එක ඇඳ බෙදාගැනීමේ පදනම යටතේ බුකීනෝ ෆාසෝ වෙත දින 14 ක විනෝද සවාරියක් ලැබෙන බවද සදහන්.

    ReplyDelete
  24. අපිට වැරදුන තැන දැන්වත් නිවැරදි කල යුතුව ඇත...

    යූඇන්පීය ඇතුළු සියළුම ලොකු කුඩා පක්ෂ සෑම එකක් තුලටම සිංහල ජාතියට හා බුදු දහමට ලැදි ගිහි පැවිදි දෙපාර්ශවයෙන්ම නියෝජිතයන් රිංගවිය යුතුය. නිදහස ලැබීමෙන් පසුව බහුතර සිංහල ජාතියට හා බුදු දහමට ලැදි ගිහි නායකයින් හා පූජ්‍යපක්ෂ ක්‍රියාකාරී හිමිවරුන් රැදී සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒ වටා එතුන පක්ෂ සමඟ වීම නිසා අද වන විට යූඇන්පීය හෝ ජේවීපිය වැනි පක්ෂයකට යම් බලයක් හිමි වූවහොත් ඒ හරහා සිංහලයින්ටත් බෞද්ධයින්ටත් කුඩම්මාගේ සැලකිල්ල හිමි වීම අනිවාර්ය කාරණයක් වී ඇත. මෙය අපට අඩ සියවසකටත් වැඩි කාලයක් ඇතුලත සිදු වූ බරපතලම වරදකි... එය හරි ගැස්සවීමට දැන්වත් කටයුතු කිරීම වැදගත් කාරණයකි. හෙළ උරුමය හෝ එවැනි සිංහල හා බෞද්ධ ජනතාව නියෝජනය කරන්නට උත්සහ කරන පක්ෂ විසින් මෙය සැලසුම් සහගතව ඉටු කල යුතු කර්තව්‍යයක් වන අතර කෙටි කාලීන මෙන්ම දීර්ඝකාලීන වැඩ පිළිවෙලක අවශ්‍යතාවය එකී වැඩ පිලිවෙල තුල තිබිය යුතුය.

    ReplyDelete
    Replies
    1. එම වැඩපිළිවෙල ෂාරියා බෞද්ධ ව්‍යාපාරය ලෙස නම් කළ යුතුය.....

      Delete
    2. හා එහෙම කරමු. කමක් නැද්ද?

      Delete
  25. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද Anonymous දායක වී තිබේ.

    ReplyDelete
  26. කොහොමද ගොඩේ බයියගෙ ඇල්ටෝ එක?

    ReplyDelete
  27. Anota weradila Ano,WIJEWEERA Sahodaraya gaththe Ekale Janapriyama wahanaya FORD LASER.Paw neda, Para Cheena hari Russiyan Hari Car ekak Gannenedda?

    ReplyDelete
  28. පාරවල් වලට ඔරොත්තු නොදෙන තරම් වාහන තියෙනකොට පෞද්ගලික ප්‍රවාහන ක්‍රම අකාර්යක්ෂම වෙනවා එතකොට නැවත පොදු ප්‍රවාහනයට යන්න වෙනවා
    ඔබ වෙලඳපොල ක්‍රමය දන්නෙ නෑ

    ReplyDelete
  29. වාහන තියෙන්නඕන විනයක් ඇතුව වාහන එලවන මිනිස්සු ඉන්න රටකට.ලංකාවෙ ඉන්න හරකුන්ට නැත්තෙත් ඒකමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා