Posts

Showing posts with the label මෝටර් රථ බදු

කාර් ලාභයි

Image
අයවැයෙන් වාහන මිළ අඩු වෙලා. හැමෝම අඩු වූ මිළ ගැන කතා කරමින් අලුතින් වාහන ගන්න සිහින මවමින් ඉන්නවා. ඒත්, කලින් වැඩි මිළට ගත් වාහනවලට දැන් මොකද වෙන්නේ?  වාහන බදු මේ අන්දමින් හිටි හැටියේ අඩු වැඩි කිරීම මහින්ද රාජපක්ෂ පාලනයේ අදූරදර්ශී ආර්ථික කළමනාකරණයේ මූලික ලක්ෂණයක්. මධ්‍යම පංතිකයන් අතර ජනප්‍රිය වන්නට කාර් මිළ අඩු කළාට එයින් එවැනි ජනප්‍රියත්වයක් අත් කර ගන්නට පුළුවන් ද? මම මාස හතරකට පෙර අලුතින් ඇල්ටෝ 800ක් ගත්තා. එය ගත්තේ පරණ මරුටි 800 විකුණලා ඉතිරි කර ගත් මුදල් හා ණයට ගත් මුදලුත් යොදවලා. සවස හත වන විට පොදු ප්‍රවාහන සේවාවන් අවසන් වන, තෙත් කලාපයේ ගම්බද පෙදෙස්වල ජීවත් වන අපට මෙවැනි අවම පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක්වත් නැතිව ජීවත් වන්න අමාරුයි. දැන් ඒ කාර් එක ලක්ෂ හතරකට වඩා මිළෙන් අඩු වෙලා. මට තව ලක්ෂ හතරක් ණය ගෙවන්නට තිබෙනවා.  මේ බදු අවම කිරීම දීර්ඝ කාලීනව පවතින තත්වයක් නම් මිනිසුන්ට මේ පාඩුව දරා ගන්නට පුළුවන්. ඒත්, එහෙම නැහැ. සමහර විට ඡන්දයෙන් පසු මෙවැනි බදු තිබුණාටත් වඩා ඉහළ දමන්නට ඉඩ තිබෙනවා. මේක බදු සූදුවක්. මේ සූදුව අතරේ මේ අඩු වැඩි කිරීම් ගැන කල් තබා දැනගෙන ලාභ ලබන අයත් ඉන්...