සෙනසුරු මාරුව ඔබට කොහොම ද?
ජ්‍යෝතිෂ ඡායාරූප එකතුවක් සඳහා මෙතැන ක්ලික් කරන්න මට ලොකු අධ්‍යාපනයක් නැත. මම විභාග සමත් නො වුණේ වෙන කිසිවක් නිසා නොව මම අදක්ෂ නිසා ය. මම වෘත්තිකයෙක් ද නො වෙමි. එසේ ම කිසිවෙක් මට ඡන්දය නො දෙන නිසා මට ප්‍රා දේශීය සභා මන්ත්‍රී කෙනෙකුවත් වන්නට බැර ය. එහෙත් මටත් පොරක් වන්නට අවශ්‍ය ය. චන්ඩියකු වීමට සුදුසුකම් අවශ්‍ය නොවන මුත් බය වැඩි නිසා ඒකත් කරන්නට බැරි ය. ඒ නිසා මම කේන්දර බලන්නට උගත්තෙමි. අද කාලයේ පොරක් වීමට තිබෙන මාර්ගය එයයි. තව වැඩි කාලයක් යන්නට පෙර නාසා ආයතනය ද චන්ද්‍රිකා ගුවන් ගත කිරීමට පෙර ලංකාවේ ජ්‍යෝතිර්වේදීන්ගෙන් වෙලාවක් බලා ගන්නවා ඇත. පහත පළ වන්නේ සෙනසුරු මාරුව ගැන මගේ ගැඹුරු ජ්‍යෝතිෂ විග්‍රහයයි. කියවා ප්‍රීති වන්න. සෙනසුරු මාරුව ලෝකයට ම මාර අපල ය. දරුණු වසංගතයක් පැතිර යාමෙන් විශේෂයෙන් ම සම කළු පැහැ මිනිසුන් ජීවත් වන මහාද්වීපයක විශාල පිරිසක් මිය යා හැකි ය. මෙම වසංගතය බටහිර රටවලට ද පැතිර යා හැකි මුත්, එයින් වන හානිය අවම කර ගැනීමට හැකි වනු ඇත. මෙම වසංගතයේ බලපෑම ලංකාවට ද දැනෙන්නට ඉඩ තිබේ. එහෙත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කේන්ද්‍රය හොඳ නිසා එය පාලනය කර ගන්නට පුළු...