Posts

Showing posts with the label මහින්ද අමරවීර

ඊසොප් හිටියා නම් බඩ කපා ගන්නා මහින්ද අමරවීරගේ දේශපාලන තියරිය

Image
ලංකාවේ දේශපාලන සංස්කෘතිය පිරිහී ඇති තරම කෙතරම් ද? ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කර තිබෙන අලුත් ම දේශපාලන න්‍යාය මෙයයි.  ජනතාව මේ ආණ්ඩුව නො පෙරළිය යුතු ය. මක් නිසා ද යත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන සාමාජිකයන් දැන් ඇති තරම් ගසා කා ධනය රැස් කරගෙන තිබෙන බැවින් දූෂණය සඳහා ඉඩ අඩු ය. එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණියහොත් ඔවුන් අලුතෙන් හම්බ කිරීම අරඹනු ඇත.  ( අමරවීරගේ අදහස මෙතැනින් කියවන්න ) මෘදු ලෙස කතා කරන අමරවීර වැනි ඇමති කෙනෙකුට පවා මෙසේ කියන්නට පුළුවන් තරමට ලංකාවේ දේශපාලන සංස්කෘතිය පිරිහී තිබේ. මේවා ඇහුණා නම් ඊසොප් හිනා කා මැරෙනු ඇත.  මෙය නිකම් කියන කතාවක් නො වේ. ආණ්ඩුව තම බලය රැක ගැනීම සඳහා ගම් මට්ටමෙන් පතුරුවා හරින කතාවකි.  මහජන මුදල් සොරකම් කරන එවුන් ගැන සියලු තොරතුරු තමන් දන්නා මුත් අල්ලා නො දෙන බව කියන්නේ රටේ රාජ්‍ය නායකයා ය. අපරාධයක් පිළිබඳ තොරතුරු වසන් කිරීමත් වරදකි. එහෙත්, මේ නම් නියම ‘නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ' තත්වයකි.  ඔවුන් මේ අන්දමින් බය නැතිව කතා කරන්නේ කෙසේ ද? රටේ නීතියක් නැති බව ඔවුහු දනිති. ජනතාව ද ඔවුන...