විමල්, පී.බී. හා ආර්ථික ඝාතක ආණ්ඩුව
විමල්ට ආණ්ඩුවෙන් එළියට බැස, රාජපක්ෂ පවුලට බැල මෙහෙ කරමින් ඉඳුල් බුදීමට සීමා වී තිබෙන සිය දේශපාලන අනාගතය වෙනස් මගකට යොමු කරන්නට උවමනා ය. විමල්ට රාජ යෝගයක් ඇතැයි ජ්‍යොතිෂකාරයෝ ද කියා තිබේ. දැන් ලංකාවේ සිටින ලොකු ම කෙළි කාරයෝ මේ කට්ටඩියෝ ය. ඔවුන්ට අන්දන්නට බැරි භෞතිකවාදියෙක් නැති තරම් ය. එහෙත්, ආණ්ඩුව ලෙහෙසියෙන් විමල්ට ගැලවී යන්නට දෙන පාටක් ද නැත. ඔහු වැනි සුවච, කීකරු, නිවට, නියාලු සේවකයකු අතහැර දමන්නේ කුමටදැයි ආණ්ඩුව සිතනවා විය හැකි ය. ඒ නිසා ඔහු කැඳවා, දුක් සැප කුමන්දා යි අසා, විමල් ම කියන පරිදි ටොපියක් දී තිබේ. ඒ පසුගිය දිනවල විමල් බැන බැන හිටි පී.බී. ජයසුන්දර දැරූ නො වැදගත් තනතුරකින් ඔහුව නෙරපා හැරීමයි. විමල් දැන් එයින් සැනසිය යුතු ය. නැතිනම් ඊළඟට හම්බු වෙන්නේ ජම්බු ය. සමහර විට විමල්ට පෙනෙන්නට චම්පිකට දෙන්නම් ජම්බු කරන්නට ද ඉඩ තිබේ. කොහොම වුණත්, විපක්ෂය ද තමන්ට බලය අවශ්‍ය නම් මේ කට්ටිය ගැන මීට වඩා බලා කියා ගත යුතු ය. නැතිනම්, මොවුන් කකුල් දෙක අස්සේ වලිගය ගසාගෙන කූං කූං ගාමින් ආපසු දෑත් ශක්තිමත් කරපු තැනට පසුබසිනු ඇත. එහෙම වුණොත්, ආණ්ඩුවෙන් එළියට එන්නට...