මුස්ලිම්හු ජනගහණයෙන් සිංහලුන් පරදවයිද?

සිංහල ජාතිවාදීන් සුළු ජාතීන්ට එරෙහිව පතුරුවනු ලබන එක් මතයක් වන්නේ සිංහලයන්ගේ ජනගහණය අඩු වෙමින් තිබියදී මුස්ලිම් ජනගහණය වැඩිවෙමින් ඇති බවයි. දෙමළ ජනගහණය සම්බන්ධයෙන් දැන් මේ තර්කය මතු නොකෙරෙන්නේ සෑහෙන දෙමළ තරුණ පිරිසක් පසුගිය සමයේ ඝාතනයට ලක් කරන ලද බව දන්නා නිසාය.

පසුගිය දිනවල කොළඹ මුස්ලිම් ජනගහණය වැඩිවීම පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවලට ප්‍රතිචාරයක් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ මෙසේය:

"කොළඹ නගරයේ ජනගහනයෙන් වැඩිදෙනා සිංහලයන් වන නමුත්, කොළඹ සිංහල ජනගහනය සියයට 24 ට බසී" යනුවෙන් 2012.12.11 වන දින දිවයින පත්‍රයේ පළවූ ප්‍රවෘත්තියේ 2012 පූර්ව සංගණන තොරතුරු අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය සියයට 24 ක්‌, දෙමළ ජනගහනය සියය 33 ක්‌ සහ මුස්‌ලිම් ජනගහනය සියයට 40 ක්‌ ලෙස සඳහන් කර තිබීම සාවද්‍ය බවත් එම වාර්තාවේ 1971 ලෙස සඳහන් කර ඇත්තේ 1981 ජන සංගණන තොරතුරු බවත්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

කොළඹ නගරය කොළඹ සහ තිඹිරිගස්‌යාය යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකින් සමන්විත වන අතර කොළඹ නගරය ලෙස ඉහත වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයෙහි ජනගහනය වන බව එහි සඳහන් වේ. 2012 ජන සංගණනයට අනුව කොළඹ නගරයෙහි සිංහල ජනගහනය සියයට 36.8 ක්‌, දෙමළ ජනගහනය (ශ්‍රී ලංකා දෙමළ හා ඉන්දියානු දෙමළ) සියයට 31.8 ක්‌, ශ්‍රී ලංකා යෝනක ජනගහනය සියයට 29.00 ක්‌ සහ වෙනත් ජන වර්ගවලට අයත් ජනගහනය සියයට 2.4 ක්‌ සිටින බවද දෙපාර්තමේන්තුව තවදුරටත් දන්වා සිටී."

ලංකාවේ ජනගහණය පිළිබඳ ඇති විධිමත් සංඛ්‍යාලේඛන අනුව ජාතීන් අනුව ජනගහණය පිළිබඳ පැහැදිලි දත්ත හමුවන්නේ 1881 ජනසංගණනය අනුවයි. එහෙත් ඒ වනවිටත් ජාතන්ගේ නූතන ස්වරූපයන් හැඩගැසෙමින් තිබිණි. නිදසුනක් ලෙස සිංහලයන් උඩරට, පහතරට ලෙස ප්‍රවර්ග දෙකක් ලෙස සැලකීමේ ප්‍රවණතාවක් සිංහලයන් තුළම පැවතිණි.

කෙසේවෙතත්, සංගණනයට අනුව 1881දී සිංහලයන්ගේ ප්‍රතිශතය 66.91%කි. 2011 සංගණනය වනවිට මෙම ප්‍රතිශතය 74.88%කි.

ශ්‍රී ලාංකික මුස්ලිමුන්ගේ ප්‍රතිශතය 1881දී 6.69%කි. 2011දී 9.23%කි.

1881දී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රතිශතය 24.90%කි. එය 2011 වනවිට 11.21%කි වී තිබේ.

1911 සංඛ්‍යාලේඛන අනුව ඉන්දියානු දෙමළ ජනගහණය 12.93%ක්ද, ලාංකීය දෙමළ ජනගහණය 12.86%ක්ද විය. 2011 වන විට ඉන්දියානු දෙමළ ජනගහණය 4.16%කි.

ඉහත සංඛ්‍යාලේඛන අනුව බලන කල ඉතා පැහැදිලිවම සිංහල ජනගහණයේ ප්‍රතිශතය වැඩි වී තිබේ. වෙනත් ජාතීන් සිංහල ලෙස ස්වීකරණය වීමට වැඩි නිදහසක් ලැබේනම් තත්වය තවත් වෙනස්වන්නට පුළුවන.

ආගම් අනුව ගත්තත් 1881දී 61.53%ක් වූ බෞද්ධ ප්‍රතිශතය 2012 වනවිට 70.19%ක් දක්වා වැඩිවී තිබේ.

මුස්ලිම් ජනගහණයේ සාපේක්ෂව වේගවත් වැඩිවීමක් 1981 - 2012 කාල පරිච්ඡේදය තුළ දකින්නට ලැබෙන බව සත්‍යයකි. ප්‍රතිශතය වැඩිවීම 2%කට මඳක් වැඩිය. මෙම වකවානුව තුළ සිංහල ජනගහණයේ ප්‍රතිශත වර්ධනය 1%ට අඩුය.

සිංහලයන් අතර සිය ජාතිය සම්බන්ධයෙන් භීතියක් ඇතිකරන්නට උපයෝගී කරගන්නේ මේ සංඛ්‍යාලේඛනයි. එහෙත්, ‍අප සිතන පරිදිනම් යම් ජාතියක් වඩා දියුණු තත්වයට පත්වනවිට ඉබේම ජනගහණ පාලනයක් ඇතිවන බවයි. අධික ජනගහණයක් ඇති සමාජ කණ්ඩායම් අතර දිළිඳුකමද අධිකය.

සිංහලයන්ට තම ජනගහණය වැඩි කරගන්නට අවශ්‍යනම් බොහෝ ආයතනවල මුල්පුටු හොබවන සිංහල ජාතිවාදීන්ට තම ආයතනවල සේවය කරන කාන්තාවන් මාතෘ නිවාඩු යනඑක ගැන සුබවාදී ඇසකින් බලන්නට පුළුවන. අද සිදුවන්නේ කුමක්ද?

වැඩිම කාන්තා ප්‍රතිශතයක් සහිත රජයේ වෘත්තීය ශ්‍රේණියක් වන හෙද සේවාවේ මාතෘ නිවාඩු ලබාගන්නා අයට දඬුවම් මාරු දෙන ක්‍රමයක් තිබේ. මගේ බිරිඳ හෙදියකි. අපගේ දරු දෙදෙනා වෙනුවෙන් ලබාගත් මාතෘ නිවාඩු අවසන්වී සේවයට පැමිණි අවස්ථා දෙකේම ඇය අභ්‍යන්තරිකව වඩා දුෂ්කර ස්ථානවලට මාරු කරන ලදී.

කාන්තා ප්‍රතිශතය වැඩි තවත් රැකියාවක් වන ගුරු වෘත්තියේ විදුහල්පති ප්‍රතිශතය තුළ පිරිමි ඉහළය. මගේ නිරීක්ෂණ අනුව දරුවන් ලැබීම වැඩියෙන්ම අධෙර්ය කරන ක්ෂේත්‍රයක් වන්නේ ගුරු වෘත්තියයි. රැකියා කරන කාන්තාවක් මාතෘ නිවාඩු ලැබීම වරදක් සේ සලකන තත්වයක් රැකියා සම්බන්ධයෙන් මුළු සමාජයේම තිබේ.

සිංහලයන්ට මුස්ලිමුන් සමග තරගයට දරුවන් හදමින් ජනගහණය වර්ධනය කරගන්නට අවශ්‍යනම් එය පටන්ගත යුත්තේ දිළිඳුකම පැටව්ගහන සමාජ ස්ථරවලින් නොවේ. ඉහළ ධනවත් සමාජයෙනි.

සහෝදර සහෝදරියන් හයදෙනෙකුගෙන් යුත් පවුලකින් පැවත එන චම්පික රණවකට සිටින්නේ දරුවන් දෙදෙනෙකු පමණි. ඒ කසාදයත් දැන් දික්කසාද වෙලාය.

උදය ගම්මන්පිලට පවුල හා දරුවන් කෙතරම් නොවැදගත්ද යත් ඔහුගේ නිල වෙබ් අඩවියේ ඒ ගැන කිසි තොරතුරක් නැත. පවුල යනු හිස් පිටුවකි. 

මහාචාර්ය නලින් ද සිල්වාටත් පවුල විද්‍යාර්ථී පත්‍රිකා තරම්ම ොවැදගත් බව පෙේ. 

විමල් වීරවංශටනම් දරුවන්‍ දෙදෙනෙකි.

මහින්ද මහත්තයාටනම් දෙයියනේ කියලා කුමාරවරු දුසිම් කාලකි. තාම ඔවුන් කිසිවෙක් නිල වශයෙන් ජාතිය ගොඩනැඟීම ආරම්භ කර නැත.

බැසිල් මහත්තයාගේ දියණියනම් කසාද බැන්දේ ඇමරිකානු ජාතිකයෙකි. බැසිල් මහත්තයාත් ඉතින් ඇමරිකානුවෙක්නේ.

අපේ හාමුදුරුවරුන්ට නම් නිල වශයෙන් දරුවන් ඇත්තේම නැත.

මෙහෙම ජාතිය හදන්නට බැරිය. මුස්ලිමුන්ට බයනම් ෆුල්ටයිම් වැඩේට බැසිය‍ යුතුය. 

ොකර ‍ජාතිවාදී බියක් සිංහලයන් අතර පතුරුවමින් සිටින්ේ කපටීන් පිරිසක් බව අවධාරණය කළයුතුය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. හාමුදුරුවරුන්ට නීත්‍යානුකූල කසාද කරගැනීමට අවසර ලැබේ නම් ප්‍රශ්නය සෑහෙන ගොඩය. ගැහැණුන් සහ සැපසම්පත් අඩුවක් නැති හාමුදුරුවරු ගැන අඩුවක් නැතිව අසන්නට ලැබේ.

    ReplyDelete
  2. meken kiyanne etisalt warjanaya karamu kiyala. Arabi karayanta salli denna epalu. Api ethakota waahana walata thel gahannath epada. Jathiwadaya kiyala anik jaathinge lee koopa karana eka fb eke yayatama yanawa. Eken wenne api kawadawath dakinna akamethi mehema dewal dakinna wena eka. Minissunta pissu. Oita wada prashna theyanawa dan jeevath wenna.

    ReplyDelete
  3. හාමුදුරුවරු මේ වැඩේ පටන් අරන් හුගක් කල්.... මට හිතෙන විදිහට සින්හල ජාතිය මේ මට්ටමෙන් හරි බේරිලා ඉන්නෙ හාමුදුරුවරුන්ගෙ කටී ප්‍රදේශයේ තියන බල පරාක්‍රම නිසා.....

    ReplyDelete
  4. //එහෙත්, ‍අප සිතන පරිදිනම් යම් ජාතියක් වඩා දියුණු තත්වයට පත්වනවිට ඉබේම ජනගහණ පාලනයක් ඇතිවන බවයි//

    ඔය කථාව ඇත්ත , මුස්ලිමුන්ට හැර . උගත් සිංහල දෙමල මිනිස්සු උපත් පාලන ක්‍රම අනුගමනය කලාට මුස්ලිම් වරු අතර ඔය තත්වය දකින්න නෑ . මුස්ලිම් පැටව් ගහන නිසාත් අපිත් පැටව් ගහමු කියන නෙමේ උත්තරේ , ජාති බේදයක් නැතුව ගහන්න පුලුවන් පැටව් ගාණ සීම කිරීම . එතකොට මේ ජන ගහණ අනුපාතය එහෙමම තියේවි . ඔබතුමාගේ මුණුබුරුක්ගේ දරුවෙකුට හරි ධනවාදයට එරෙහිව බ්ලොග් ලියන්න පුලුවන් පරිසරයක් තියනවට ඔබතුමත් කැමති ඇතිනේ ?

    ReplyDelete
  5. චම්පා රණවක සමහරවිට දික්කසාද වෙන්නට ඇත්තේ ඔහු වැනිප කේප්ප වස්සන් බිහිකළ හැකි හොද එළවැස්සියක් සොයාගැනීමේ පවිත්‍ර අදහසින් විය හැක.

    ReplyDelete
  6. 2013.01.01 dina palavunu Divaina paththare dhaala thibba halal certificate register karanna ganna salli tika Al qaida, Hamas vage jaathayanthra aayathanavalata yavanava kiyala. egollan ape thuttu deka balaaporuththuvela da meva digatama karagena yanne? ei Divaina me vage moda adahas pala karanne?

    ReplyDelete
  7. එකඟ විය හැකි ලිපියක්.

    යුද්ධය අවසන් නිසා හෙල උරුමයට යන එන මං නැතිවිය. මුස්ලිම් භීතිකාවක් මවන්නේ ඒ නිසාය.

    ReplyDelete
  8. පැරා පට්ට මැට්ටෙක් නේ .. කොහෙන්ද ගණන් ඉගෙනගත්තේ

    ReplyDelete
  9. 2030 දක්වා ලෝක මුස්ලිම් ජනගහණ වර්ධනය පිලිබඳව කරන ලද වැදගත් අධ්‍යයනයක් පහත දැක්වෙනවා. ප්‍රබන්ධ අනුව නොයා දත්ත අනුව බැලුවාම මුස්ලිම් අය ලෝකේ අල්ලන බවක් පේන්න නම් නැහැ සමාජය භීතියට පත් කිරීම බලයේ සිටීමට දේශපාලන දැක්ම කරගත් අයගේ අලුත්ම ජිල්මාට් එක තමයි මේක. අනෙත් එක ගහණය වැඩිවීම පමණක් පැවැත්ම තහවුරු කරනවා යැයි සිතිය හැකිද?
    http://www.pewforum.org/The-Future-of-the-Global-Muslim-Population.aspx

    ReplyDelete
    Replies
    1. "The world’s Muslim population is expected to increase by about 35% in the next 20 years, rising from 1.6 billion in 2010 to 2.2 billion by 2030"
      මචං උබ අර රිපෝර්ට් එක ඉන්ටර්ප්රිට් කරල තියන විදිය හරිද?

      Delete
    2. 2030දි ලොකේ අල්ලන්නේ නැති වෙන්න පුලුවන්, ඒත් ඔය වාර්ථාවේ තියන වර්ධනය යන්නේ මොන පැත්තටද කියල පෙන්නේ නැද්ද

      Delete
    3. වර්ධනය වෙනවා තමයි ඒ වගේම ප්‍රතිශතයකින් අනිත් ජාතීන්ගේ වර්ධනයත් වෙනවා මචං ඒ වගේම මුස්ලිම් වර්දනය වන වේගය එන්න එන්න අඩුවෙලා
      //growth among Muslims has been slowing in recent decades and is likely to continue to decline over the next 20 years, as the graph below shows. From 1990 to 2000, the Muslim population grew at an average annual rate of 2.3%. The growth rate dipped to 2.1% from 2000 to 2010, and it is projected to drop to 1.7% from 2010 to 2020 and 1.4% from 2020 to 2030//

      Delete
    4. අඩුවෙමින් ගියාට 2030 වෙනකොටත් අනික් ජාතින්ට වඩා වැඩියි , ඔය තියන ලිපිය අනුව

      Delete
  10. කොහොමත් අපේ ජාතිය වඳවෙන ජාතියක්නේ. හැමෝගෙම බලාපොරොත්තුව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, එංගලන්තේ සිටිසන්ලා වෙන එකනේ. පට්ට කාළකන්නි හිඟන්නෝ සෙට් එකක් විතරක් සෝමාලියාව වගේ රටක ජීවත් වේවී. මමත් පොඩි එකාව ඩුබායි හරි යවනවා..

    ReplyDelete
  11. මම මේ ගෑන ස්ටඩි එකක් කලා 1989 විතර. එදා ප්‍රස්නය වෙලා තිබුනෙ මුස්ලිම් අයට වාසි වෙන විදිහට ආදායම බෙදිල යනව කියල. 1986 Central Bank Consumer Finance Survey and Census department Houshold Income Expenditure Survey


    පාවිච්චි කරල මම පෙන්නුව එහෙම විශෙශ බෙදි යාමක් නෑ සින්හල අය අතර වගේම හුන්ගක් පොහොසත් අයත් හුන්ගක් දුප්පත් අය ඉන්නව කියල. ඒකෙ මම මේ කියන ප්‍රස්නය ගෑනත් කතාකලා. එහෙම කලේ වෙන පුබ්ලිකෙශන් පේපර්ස් තුබුන සමහර ලෙක්චරලස්ල කරපු ඒවයෙ තිබුන ඔය කියන දෙයම. වෙරදි විදිහට ගනන් හදල. මම පෙන්නුව එහෙම වෙලා නෙහෙ කියල හරියට ගනනය කරල. මේ ස්ටඩී එක ඒකාලෙ හරියට සකච්චා වට භාජනය වුනා. එක ජ්නල් එකක පලවුනා. ඊට පස්සෙ Sunday Observer එකෙත් පලවුනා. මෙව්වගෙ දෙවල් ස්යිකල් එකක් වාගෙ කාලෙන් කලෙට එනව.මම ඉස්සර හිතුවෙ අපි නාකි වෙනකොට ජතිවඩෙ කියන එක නෙතිව යයි කියල. බලපුවාහම මේ තරුන බඩු තමයි මේ හනමිටි උස්සන් ඉන්නෙ. එද වගෙ අදත් ඉන්නව යමක් තේරුම් ගත්ත තරුනයො ටිකක්. එක සතුටක්.

    ReplyDelete
  12. සිකුරාදා හවසට ටවුමේ වහල තියෙන කඩවල් ගනණ බලන්න (මහනුවර නම් නගරය ම පාලුවට යනවා, ඉන්ටර්සිටි කෝච්චියේ ගමනක් යන්න, ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න යන්න, දකින මුස්ලිම් පවුල් වල ළමයි කොචච්චර ඉන්නව ද බලන්න,(මුස්ලිම් ජනතාව සංගනනයෙන් හැංගෙනවද මම දන්නේ නෑ)
    කලින් බෞද්ධ රටවල්ව තිබූ ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින ආදීරටවල් ස්ලාම් රටවල් බවට පත් වුනේ කොහොමද හිතන්න.

    ReplyDelete
    Replies
    1. ලංකාව,ජපානය,චීනය,තායිලන්තය,මියන්මාරය වගේ රටවල් බෞද්ධ වුන විදියටම ඒ රටවල් මුස්ලිම් වෙන්න ඇති

      Delete
  13. අදාල නැති ගැටලුවක් මේ,
    මෙවර නීතී ප්‍රවේශ විභාග ප්‍රතිපල අස්වාභාවික නැත්ද?

    ReplyDelete
  14. මේ පාර නීති ප්‍රවේශ විභාගයේදි ඇමතිතුමා තමන්ගෙ එවුන් දාගන්න ගිහින් මාට්ටු වුනා. මීට කළින් එහෙම මාට්ටු වුනේ නෑ. මාට්ටු නොවෙන්න හේතුව පැහැදිළියි. නම් වෙනස්.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා