නව අගවිනිසුරු පදවිය කාට දුන්නොත් හොඳද?

ආණ්ඩුව අදත්, හෙටත් දෝෂාභියෝග විවාදය පවත්වා, හෙට එය සම්මත කරගෙන,  හෙට රෑම අග්‍රවිනිශ්චයකාරිය තනතුරෙන් පහකරන ලියුම නිකුත් කර, සඳුදා සිට නව අග්‍ර විනිශ්චයකාරයකු පත් කරන්නට සැලසුම් කර ඇති බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

අගවිනිසුරුකම බලාපොරොජත්තුවෙන් සරත් නන්ද සිල්වාද දැන් කඩේ යමින් සිටින අතර, ඔහුට එම තනතුර දුන්නොත් හොඳය. මන්ද, ලංකාවේ සිටින විශ්වාස කළ නොහැකිම පුද්ගලයන් අතරින් කෙනෙකු වන ඔහු ඉක්මණින්ම ආණ්ඩුවට ගේම දෙන්නට ඉඩ තිබේ. 

නැතිනම් කිසියම් හෙංචයියකු මේ තනතුරට පත් කරනු ඇත. කොපමණ දීනකම් කරන්නට සිදුවුණත් ආණ්ඩුව මේ තනතුර දෙන්නට යෝජනා කළොත් ඕනෑම කෙනෙකු එය භාරගන්නා තත්වයට ලංකාවේ සිවිල් සමාජය පිරිහිලාය. කොටින්ම අද දෝෂාභියෝගයට එරෙහිව සටන්වලට නායකත්වය දෙන නීතිඥයකු පවා හෙට මේ තනතුර දුන්නොත් භාරගන්නා තත්වයකි, සිවිල් සමාජයේ තිබෙන්නේ. 

අලුත් පත්වීමට සෙසු විනිශ්චයකාරවරුන් හා නීතිඥයන් විරුද්ධ වන නිසා සිය පැවැත්ම සඳහා නව අග්‍ර විනිශ්චයකාරවරයාට අනිවාර්යයෙන්ම කටයුතු කරන්න සිදුවනු ඇත්තේ හිටපු සංවිධායකයකු පහ කර පැරෂූට් එකෙන් ආසනයට පත් කරන ලද ආසන සංවිධායකවරයකු පරිද්දෙනි. 

එහෙත්, ආණ්ඩුව සිතන පරිදිම බත්බැලයන් නැටවීමට බැරිය. මන්ද, ශිරානි බංඩාරනායකට ගෙන එන ලද චෝදනා හේතුවෙන් ඉදිරි අගවිනිසුරුවරු වංචනික කටයුතු කිරීමේදී දැඩි ලෙස පරිස්සම් වනු ඇත. 

අග්‍ර විනිශ්චයකාර තනතුරට තිබෙන බලතල අනුව පාලකයන්ට බියෙන් හා සැකයෙන් අත්මිදීම සඳහානම් තිබෙන්නේ එකම එක විසඳුමකි. එක්කෝ ඒ බලතලත් ජනාධිපතිටම ලැබෙන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. නැතිනම් නාමල් පුතාව මේ තනතුරට පත් කිරීමයි. 

මොනවා කළත් ලොව කිසිදු දුෂ්ට හෝ ගුණගරුක පාලකයකුගේ පෙළපතක් සදාකාලිකව රාජ්‍ය පාලනය කර නැතිබව ඉතිහාසය පෙන්වා දෙයි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මල ගිය වාමාංසිකයාගේ අදෝනාව. ඒක නෙවෙයි පැරා පොඩි ගතමන්ට් එකක් එන වැඩක් තියෙනවා සෙට් කරන්නද?

    ReplyDelete
  2. වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ගුණදාස අමරසේකර, මහින්දානන්ද අළුත්ගම, පවිත්‍රා වන්නි ආරච්චි, රාජිත සේනාරත්න, අනුර ප්‍රියදර්ශන, මර්වින් සිල්වා, කඹුරුගමුවේ වජිර, ඩලස් අලහප්පෙරුම, තෙල් බාලා නොහොත් සුසිල් ප්‍රේමජයන්ත, පබා, ඔය හැමෝම බෑ කියනවනම්.... ජූලම්පිටියේ අමරේ උනත් අවුලක් නෑ...

    ReplyDelete
    Replies
    1. ජෝන් අමරතුංග, මල්ලිමාරච්චි, සිරිසේන කුරේ, සොත්ති උපාලි....

      Delete
  3. උඩ ෆොටෝ එකේ ඉන්න ඩයල් එක හොදයි.... අපේ ෆොනීත් හොදයි....රනිල් අයියා ලෝයර් නිසා එයත් හොදයි...පැරා උඹත් හොදයි.... මේ කොමෙන්ට් එක දාන මාත් හොදයි.....

    ගහන ගහන පදේට නටන්න වෙන නිසා හැමෝටම පුලුවන් වෙයි....

    ReplyDelete
  4. ලොව කිසිදු දුෂ්ට පාලකයෙක් මේවගේ බලි තොවිල් කරගෙන,වශීබෝල අතේ තියාගන රටවල් පාලනය කොලේ නැහැ නොවැ.කොහොමත් කැහි ගෑණිව එලවල හොටු ගෑණියෙක් වැඩ බාර ගනියි.

    ReplyDelete
    Replies
    1. "ලොව කිසිදු දුෂ්ට පාලකයෙක් මේවගේ බලි තොවිල් කරගෙන,xxxxxxxxxx රටවල් පාලනය කොලේ නැහැ "

      රණසිංහ ප්‍රේමදාස කෙනෙක් ගැන අසා තිබේද?

      Delete
  5. හකීම්ට දුන්න නං මොකද :D D

    ReplyDelete
  6. තවත් ශිරාණි කෙනෙක්ම එයිද?

    ReplyDelete
  7. කොතරම් දීන බත්බැලයෙකු පත් කලද.ඔහුට හෝ ඇයට දුෂිත වියහැකි සීමාවක් තිබේ.කෙසේ වුවද මේ ගමනක අවසානය ආරම්භය සිදුවන යුගයකි.

    ReplyDelete
  8. Replies
    1. පේරාද්ණියෙන් ආපු එකෙක්ද?

      Delete
  9. Hudson Samarasinghe, Mahinda Abeesundara, Sumanadasa

    ReplyDelete
  10. රාජපක්ෂලගේ සැලසුම සත්‍ය හෙට්ටිගේට එම තනතුර දීමටය .

    ReplyDelete
  11. අැයි විමල් වීරවංශ මහත්තය ? ඉස්සර නමි අපෙ අදෙමවිපියො කිවිවෙ අල්ලට සිගාවත් රස නැති කැවිලි කකා ඉගෙන ගනිල්ල කියල .දැන්නමි ඒයිට වඩා හොදයි අගවිනිසුරැ නිලනිවස ඉස්සරහ කඩදාසි බෙදන ඒක යන ඒන මිනිස්සුන්ට .මොන තරම දුකක් විදින්න අැත්ද ඉගෙනගන්න නීතීඥ වෘත්තිය දක්වා ඒන්න

    ReplyDelete
  12. මර්වින් හොටුගැමුණු හොඳය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා