දෝෂාභියෝග සටනින් ආණ්ඩුව දිනුවාද?

ආණ්ඩුව දෝෂාභියෝගය සම්මත කරගත්තේය.

සාමාන්‍යයෙන් ගත් කල ආණ්ඩුවේ නායකයන් කරන දූෂණ සමග සන්සන්දනය කළ කල අගවිනිසුරුවරිය සම්බන්ධ වී තිබෙන දූෂණ ඉතා සුළු ඒවා බව ඕනෑම කෙනෙක් දනිති. 

නීතිය ඉදිරියේ කොයි දූෂණයත් දූෂණම වේ. රාජ්‍යය දැන් කරමින් ඉන්නේ තෝරාගත් දූෂණවලට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන්ම සතුරන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරමින් මිතුරන් නීතියෙන් මුක්ත කර තැබීම ආණ්ඩු‍වේ පිළිවෙත වී තිබේ.  මෙයද රාජ්‍ය බලය දූෂණය කිරීමකි.

සරත් ‍ෆොන්සේකාට හා ශිරානි බංඩාරනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ආකාරය මේ සඳහා නිදසුන් වේ. මර්වින් සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මිතුරන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ දසුනකි.

ආණ්ඩුවේ මූලධර්මය මෙයයි. ඔබ දූෂිත විය යුතු මෙන්ම දූෂිත ඔබ ආණ්ඩුව සමග සිටිය යුතුය. 

තමන් දූෂිත වෙමින් ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නට ගිය අය පහසුවෙන් ආණ්ඩුවේ උගුලේ පැටලුණහ. 

ආණ්ඩුව අගවිනිසුරුවරියට එරෙහි සටන මෙහෙයවූ ආකාරය අධ්‍යයනය කළ යුතුය. ඇය වටා සිවිල් සමාජය ගොනුවන ආකාරය දුටු ආණ්ඩුව එසවූ සටන් පාඨ වන්නේ මේ පසුපස විදේශීය කුමන්ත්‍රණයක් තිබේය යන කාරණයයි. මේ තර්කය කොයිතරම් පැරණිවුවත්, තැන ොතැන ොබලා පාවිච්චි කිරීමෙන් කෙතරම් කිචවී තිබුණත්, තවමත් එයට වලංගුභාවයක් තිබේ. ජාතිවාදයෙන් තෙම්පරාදු වී සිටින ලංකාවේ මහජනතාව සාමාන්‍යයෙන් මේ පෙත්ත ගිල දැමීමට ඕනෑ මොහොතක සූදානම්ය. එසේම ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද දේශපාලකයන් සිතන්නේ මහජනතාව බලමුළුගැන්වීම සඳහා තිබෙන හොඳම උපාය ජාතිවාදයය කියාය.

අද වනවිට පවතින තත්වය වන්නේ අවශ්‍යවිට උපරිමයෙන් ජාතිවාදය වැළඳගැනීමට සූදානම් ආණ්ඩුවක් සමග ජාතිවාදයෙන් සටන් කිරීමට කිසිවෙක් සමත් නොවීමයි. 

මහජනතාව වීදි බැස්සවීමෙන් ආණ්ඩුව පසුබැස්සවිය හැකියයි සිතන දේශපාලන ව්‍යාපාරවලටද දැන් මුහුණදීමට සිදුවී තිබෙන්නේ තියුණු අභියෝගයකටයි. ඕනෑම ජන බලවේගයකට එරෙහිව අයුතු ජනරාශි බලමුළුගැන්වීමේ හැකියාව තමන්ට තිබෙනබව ආණ්ඩුව දෝෂාභියෝගයට පක්ෂ උද්ඝෝෂණවලින් නැවතත් පෙන්වා දුන්නේය. ආණ්ඩුව සමග එක්වී විවිධ මට්ටම්වලදී සොරාකන දූෂිත ජනතාව සිය දූෂිත ජීවනෝපායන් ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුව විසින් කැඳවනු ලබන විට පාරට බසින්නට සූදානම්ය. තමන්ට පොලිස් ආරක්ෂාව ඇති බව ඔවුහු දනිති. අලුත්කඩේ යකා නැටුවේ මෙයින් වඩාත්ම ලුම්පන් කොටස්ය. ආණ්ඩුවට පක්ෂ උද්ඝෝෂණවල නායකත්වය ගන්නේ ඔවුහුය.  

මෙවැනි සංදර්භයකදී තිරසාර අරගලයක් සඳහා මහජන හොරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ගරිල්ලා ව්‍යාපාරයක්පිළිබඳ යෝජනාවක් අපි මීට පෙර ලිව්වෙමු.

මේ වටයෙන් ආණ්ඩුව ජයගෙන තිබේ. එහෙත් සටන අවසන් නැත. ආණ්ඩුව විසින්ම සිය දෙපා යටින් වල කපාගැනීම ආරම්භ කර තිබේ. ලංකාවේ පවතින දූෂිත ලාංකීය ධනවාදී ක්‍රමය ඇතුළතින්ම කුණුවෙමින් තිබේ. දැන් කුළල්කාගනිමින් ඉන්මෙම දූෂිත ක්‍රමේ නියාමක බලේගයි.


ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ඒ පිලිබඳ මගේ අදහස මෙයයි.....

    http://andhabinduwa.blogspot.com/2013/01/blog-post_8.html

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා