අධිකරණයේ නව යුගයක්. ජාතියේ වාසනාව කෙබඳුද?

දැන් ඉතින් කාදර් නීතිපති කරමු.
ලංකාවේ බුද්ධිමතුන්ය කියා හැඳින්වෙන වෘත්තිකයෝ පිරිස වනාහි ඇඳ ගැනීමට ලෙඩා මැරෙනකල් බලා සිටින පෙරේතයෝ පිරිසක් බව ශිරානි බංඩාරනායක සිද්ධියේදී නැවත, නැවතත් ඔප්පු කරන ලදී. 

සටන් අවසන්ය. නීති වෘත්තිකයෝ නැවත වතාවක්  කළු කෝට් ඇඳගෙන මහජනතාවගේ සාක්කු පල්ල සුද්ද කිරීමේ කාර්යයට බැස්සහ. 

දැන් ඇරඹී තිබෙන්නේ අලුත් අගවිනිසුරු සමග යාලුකම් තහවුරු කරගැනීමේ අවධියයි. ඔව්නු පසුපස ගෑටූ ක්‍රියාධරයන්ට දැන් පස්සෙන් යාමට ොකු වෘෂණ ෝෂ දෙකක් ඇති අලුත් එළුවකු ොයා ගැනීමට සිදු වනු ත. 

හැබැයි, මේ උදාවන්අධිකරණයේ අලුත්ම යුගයක. අධිකරණය මෙතරම් දේශපාලනීකරණය වූ යුගයක් හෝ එේ වූ නවීන රාජ්‍යයක් ගැන අපනම් අසා නැත.


සරත් එන්. සිල්වා අගවිනිසුරු පදවියට පත්වීමවත් මෙතරම් විකෘතියක් වූේ නැත.

සමෘද්ධිලාභී දිළින්දන්ට බෙදාදීමට තිබුණු හාල් ගෝනි 700ක් වංචා කළ හිටපු ඇමති අබ්දූල් කාදර් එක්සත් ජනතා නිදහස් සන්ධානයට කරනම් ගසා සතියකින් අත්‍යවශ්‍ය ලිපි වගයක් නැතිවෙලාය, ප්‍රධාන සාක්කිකරු රට ගිහින්ය කියා කාදර්ට එරෙහි නඩුව අත්හැර දමා කාදර් නිදහස් කළ නීතිපති අගවිනිසුරු වී තිබේ. 

විත්තිකාරිය නඩුව ඉදිරියට ගෙන යන්නට අකැමැතිබව කියා දුමින්ද සිල්වා බාල වයස්කාර දැරියක දූෂණය කිරී නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීමට උපදෙස් දුන් නීතිපති අගවිනිසුරු වී තිබේ.

ජාතියේ වාසනාව කෙබඳුද? 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. මුන් ඔක්කෝම හොරු..... ලංකාවට අබ සරණයි.....

    ReplyDelete
    Replies
    1. පිස්සු කෙලින්න එපා මාතලන් ගොයියො.. ඔයාගෙ තියරියට අනුව ජනාධිපති හොඳායි, එතුමට ඔනැ දේ එතුමා කරනවා. එහෙමනේ. ඉතිං ඇයි දැන් මේ ඔක්කොම හොරු, අබ සරණ කතා. අනික ඉතිං මැරවින් සිල්වටත් දේවත්වයෙන් සලකන ඔයාට මොහාන් පීරිස් නරක් වෙන්න හේතුවක් නෑනේ නේද?

      Delete
    2. සම හරක්ට නම් එහෙම පේනවා ඇති. ඒත් මොලයක් තියෙන අයට නම් තේරෙනවා ඇති මොකක්ද කියන්නේ කියලා... වාරණ දාන පෙර ස්වයං වාරණය අපිම දාගන්න එක හොඳාආයි.......

      Delete
    3. ස්වයං වාරණය කියන්නේ කුණු හෝදන එකද?

      Delete
  2. කිරිබත් ලුණුමිරිස් සමඟ කෑ අයට හෙට අනිද්දාට තනිකර ලුනුමිරිස්ම කෑමට හැකිවෙනු ඇත.සුභ අනාගතයක්!

    ReplyDelete
  3. මේ රජය පිහිටුවීමට විශාල මෙහෙවරක් කරපු කාල් ලාන්ත ඇතුළු ජවිපෙ සහෝදරවරු රනිල්ට බැන බැන තවමත් කරන්නෙ ලොක්කට කඩේ යන එක.කොහොමත් පිරිස් ලොක්ක සදුදා ඉදන් වැඩ අල්ලයි,දුමී සුදු පුතාගේ ෆයිල් එකෙන්ම.ඔය කඩේ යන කාට කාටත් ----ට දුම් දාන්න ගන්නෙ ලබන සතියෙ ඉදල හරිය!!!

    ReplyDelete
  4. ලඟදි රටේ කොටස් වෙළඳපොළ අධිරාජ්‍යවාදී විදේශ බලවේග වලින් බේරාගත්තා.
    දැන් අධිකරණය අධිරාජ්‍යවාදී විදේශ බලවේග වලින් බේරාගත්තා.
    තව මොනවද බේරගන්න ඉතිරිවෙලා තියෙන්නේ?
    මීළඟට අපි වෙනුවෙන් අධිරාජ්‍යවාදී විදේශ බලවේග වලින් බේරා දෙන දෙය කුමක්ද? තම්බින්ගෙන් රිසානව බේරගන්න බැරි උනාට අධිරාජ්‍යවාදීන් එක්ක ඕනෑ ගේමකට අපි ඔට්ටුයි හරිද...

    ReplyDelete
  5. නීතිපති තනතුරට ලංකාවෙ දැනට ඉන්න නියම සුදුස්සා විමලෙ ඇර වෙන කව්ද?එයා ඊයෙ කක්ක බර හැදිලා නිතිය සහ ලංකාවෙ අනාගත දේශපාලනය ගැන කරපු කතාව ඇහැව්වම CJ කමටත් නරකම නැහැ කියල හිතුන.උගතුන්ව අයින් කරල කෙබර කෙලින එව්වන්ව පුටුවල ඉන්දන කාලේ නොවැ.

    ReplyDelete
  6. මොනවා උනත් මේ දක්වා මේ ආණ්ඩුවට එරෙහි වී සටනක් කොට පොළොවට සමතලා වෙන්නට පරාජය නොවුයේ නිර්මාල් රංජිත් දේවසිරි පමණි. ප්‍රභාකරන් , සරත් ෆොන්සේකා ගේ සිට ශිරාණි බණ්ඩාරනායක වැනි ලොකු සිවිල් පොරවල් වලට බැරිවුණ සටනක් නිර්මාල් කෙසේ හෝ කොන්ද කෙලින් තබා ගෙන කරන ලදී.
    වාමාංශික විද්වතෙකු වන සල්වෝජ් ශිජැක් ට අනුව මේ යුගයේ අපිට දිනා ගත හැක්කේ පොඩි පොඩි කුඩා ඉල්ලීම් පමණි. මස් රාත්තලම ඉල්ලන සටන් දිනාගත නොහැක මස් රාත්තලම ඉල්ලුවොත් මස් කෑල්ලක් වත් නොලැබී යයි. නමුත් පොඩි මස් කෑල්ලක් ඉල්ලන සටනකට(මෙහිදී ආචාර්යවරුන් ගේ වැටුප) ජනතාව පොදුවේ සංවිධානය කල නොහැක ඒ සඳහා හැමෝටම දිනාගත යුතු දෙයක් එනම් මස් රාත්තලම ඉල්ලිය යුතුය. මේ පරස්පරය නිර්මාල් කපටි සුත්තරයක් යොදා විසඳා ගන්නා ලදී එනම් තම වැටුප නම් පොඩි මස් කෑල්ල දිනා ගැනීමට නිර්මාල් අධ්යාපනයට %6 නම් මස් රාත්තල ඉල්ලනවා යැයි කියා ජනතාව සංවිධානය කරන ලදී,
    ප්‍රභාකරන් ගේ සිට කළු කෝට් කාරයින් දක්වා පරාජය වුනේ මෙය නොදැන සිටීමයි. ප්‍රභාකරන් වෙනම රාජ්‍යය නම් මස් රාත්තලම ඉල්ලන්න විය.කොටි සාමාජිකයින් සංවිදානය වටා දෙමල ජනතාව සංවිධානය කිරීමට මෙම ඉල්ලීම හොඳ උවද ආණ්ඩුව සමග ඊට වඩා අඩු මස් කෑල්ලක් පමණක් ඇති දේශපාලන විසඳුමකට ගියානම් අද ප්‍රභාකරන්ටත් නිර්මාල්ට මෙන්ම සිය වැටුප අමතක වෙන්නට ඉඩ හැර ජිවත් වෙන්න තිබුණි.
    ශිරාණි බණ්ඩාරනායකගේ අගවිනිසුරු තනතුර(මස් කෑල්ල) වෙනුවෙන් සටන් වැදී කලුකොට් නීති වෘත්තිකයෝ වටා පොදු ජනතාවට එකතුවීමට කිසිදු පොදු ඉල්ලීමක් (%6 වැනි මස් රාත්තලක් )නොමැත එබැවින් මේ සටන මෙලෙස අවසාන විමට නියමිතව තිබුණි.

    ReplyDelete
    Replies
    1. @ උදිත; ඒ කතාව නම් 100% හරි.

      Delete
  7. @ උදිත; මීලගට කලයුත්තේ රනිල්ට අගමැතිකම දීල එක එකා කියන කඩප්පුලි කතාවලින් ඒ මනුස්පයව බේරාගැනීමයි.අධිරාජ්‍ය විරෝධවාදින්ටත් එපා වෙලාලු රනිල්ට වියදම්ම් කොරොල.ගත්තට පාඩු නැහැ වැඩ කොරන්නෙ එයාගෙ ප්ලෑන්වලට නොවැයි.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි ඒ වැඩේනම් මරු මම ඒකට කැමතියි. රනිල්ට අගමැතිකම එළකිරි අයිඩියා එක.

      Delete
  8. @Uditha, පරාජය නොවුයේ නිර්මාල් රංජිත් දේවසිරි පමණි

    What? He won????????

    ReplyDelete
    Replies
    1. පොළොවට සමතලා වෙන්නට පරාජය නොවුයේ

      Delete
  9. " හැමදාමත් නඩුකාරයා කියන්නෙ හොරෙක් . ඔන්න මේ පාර ඒ සම්ප්‍රදාය තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල හොරෙක් නඩුකාරයෙක් උනා...……'' අසඩක් - විනිසුරුවරයකු වූ සොර දෙටුවා - හුණු වටයේ කතාව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා