සුමතිපාල මානවඩු සහෝදරයාට අවසන් ගෞරව දක්වන්නට ගිය අජිත් කුමාර මන්ත්‍රීවරයාට පහර දීම

ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක, දුම්රිය වෘත්තීය සමිති නායක, දේශපාලන ක්‍රියාකාරික සුමතිපාල මානවඩු සහෝදරයා අපෙන් සමු ගත්තේ ය. 

ඔහු වෙනුවෙන් අපට කළ හැකි ආචාරය ලෙස මෙම සටහන සැලකිය හැකි ය. මන්ද, ඔහුගේ ජීවිතය ආශ්‍රය කරගෙන සමාජවාදී සංවාදය ‍පෝෂණය කිරීම වඩා වැදගත් යයි අපි සිතමු.

ඔහුට අවසන් ගෞරව දක්වන්නට පැමිණි පෙරටුගාමී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරට ජවිපෙ සාමාජිකයෝ පහර දුන් හ. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගේ ක්‍රියාකලාපය පෙන්නුම් කරන්නේ ඔහු එම ප්‍රහාරය අනුමත කරන බවයි. දැන් ඔහු කියන්නේ පොලිසියේ පැමිණිල්ලක් නැති බැවින් එවැනි සිද්ධියක් සිදු වී නොමැති බවයි. 

ජවිපෙ 1971දී රට පුරා පොලිස් ස්ථාන රැසකට පහර දෙමින් කැරැල්ලක් ආරම්භ කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් මිය ගිය හ. 1989දී ද එවැනි ම දෙයක් සිදු විය. ජවිපෙ විසින් මතු කරන නීති තර්ක මෙතැනදී අදාළ වන්නේ කෙසේ ද?

ජවි‍පෙ ඇතුළු ගතානුගතික වාම දේශපාලනය හා වෙනත් ක්‍රම විරෝධී අරගල තුළ සාමාන්‍ය මිනිස් ගුණධර්ම දක්නට නො ලැබීම ඇත්තෙන් ම බරපතල අර්බුදයකි. තමන් සමග කලක් එකට සිට මතවාදී හෝ ප්‍රායෝගික හේතු මත වෙන්ව ගිය මිනිසුන් දෙස දයලෙක්තික දෘෂ්ටියෙන් බලන්නට බැරිකම මාක්ස්වාදීන් යයි කියන මේ අයගේ සාමාන්‍ය ලක්ෂණයකි. 

ස්ටාලින් ට්‍රොස්කි‍ගේ ඔලුවට පොරෝ පාරක් එල්ල කරන්නේ ද, ජවිපෙ නායක රෝහණ විජේවීර කලක් තමන් සමග එකට සිටි නන්දන මාරසිංහ සහෝදරයා නීච අන්දමින් මරා දමන්නේ ද, විජිත හේරත්, අජිත් කුමාරට එරෙහිව පොලු ඔසවන්නේ ද එක ම දේශපාලන හේතුවක් මත ය. ඒ හේතුව වටහා ගැනීම වැදගත් ය.

හේතුව අන් යමක් නො ව ජීවිතය දෙස දයලෙක්තිකව බලන්නට බැරිකම ය. එච්චර ගැඹුරු න්‍යාය අවශ්‍ය නැත. මෙතැන තිබෙන්නේ සාමාන්‍ය මිනිස් ගුණධර්ම නැතිකම ය. මනුස්සකම නො දන්නාකම ය.

තමන්ගේ සතුරා විෂයෙහි මහත්මා වීම උතුම් මිනිස් ගුණයකි. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලකයන් ළඟ මේ ලක්ෂණය ඉතා විරල ය. මෙහිදී විශේෂයෙන් ම පරාජිතයා හමුවේ මහත්මා ලෙස හැසිරීමේ අවස්ථාවක් ජයග්‍රාහකයාට තිබේ. රන්ජන් විජේරත්නට, රෝහණ විජේවීර හමුවේ ප්‍රදර්ශනය කරන්නට බැරි වුණේත්, ගෝඨාභය රාජපක්ෂට, ප්‍රභාකරන් ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට බැරි වුණේත් මෙයයි. ලෙනින්ට සාර් රජ පවුල ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට බැරි වුණේත් මේ මිනිස්කම ම ය. ඔවුන්ට සිය සතුරා නීතිය ඉදිරිය‍ට ගෙන යාමට හෝ එඩිතරකමක් නො තිබි‍ණි. ඔවුන් ක්‍රියා කළ ආකාරයෙන් පෙන්නුම් කළේ සිය බියගුළුකම නො වේ ද?

ඉතින් විකල්ප ගොඩනැගීමට අරගල කරන විප්ලවවාදී යයි කියන ව්‍යාපාරවලටත් මිනිස්කම පිළිබඳ භාවිතාව ඇරඹිය නො හැකි නම්, වමට අනාගතයක් තිබේ ද?

අප යෝජනා කරන සමාජවාදය සඳහා අඛන්ඩ අරගලයේදී අප විසින් නැවත සොයා ගත යුතුව තිබෙන ප්‍රධාන දෙයකි, මිනිස්කම. මිනිස්කම තිබිය යුත්තේ හිත්වල, කවිවල, කතාවල නොව භාවිතාවේ ය. 

පෙරටුගාමී පක්ෂය විසින් පවත්වාගෙන යනු ලබන ජනරළ පුවත්පතේ අජිත් කුමාරට පහර දීමේ සිද්ධිය ගැන කිසිවක් වාර්තා නො කර, සුමතිපාල මානවඩු සහෝදරයාට ආචාරය පුද කරන සටහනක් පමණක් පළ කර තිබෙනු මම දුටිමි. ඒ භාවිතාව තුළ මිනිස් ගුණ ධර්ම වෙත තිබෙන නැඹුරුව අපි අගය කරමු. 

වාමාංශිකයන්, සමාජවාදීන් පළමු කොට ම උගත යුතුව තිබෙන දෙයක් වන්නේ තමන්ගේ ප්‍රධාන ප්‍රතිවිරෝධතාව තිබෙන්නේ සෙසු සමාජවාදීන් සමග නො වන බව ය. 

පළමුව සෙසු තරගකරුවන් පරාජයට පත් කර අරගලයේ නායකත්වය සියතට ගැනීම නම් මුග්ධ උපක්‍රමය ලොව කොතැනකවත් විකල්ප දේශපාලන අරගලවලදී සාර්ථක වී නැත. ඇත්තෙන් ම, මෙම උපාය මාර්ගය සේවය කරන්නේ ධනවාදයටයි. මන්ද, වාමාංශිකයන් විසින් ඉතිහාසයක් පුරා ම කරමින් සිටින්නේ තම තමන්ට ම එරෙහි සටනක් මිස ධනවාදයට එරෙහි අරගලයක් නො වන හෙයිනි. 

මේ දුබලකම් පරාජය කිරීම සමාජවාදය සඳහා අරගලයේ ආරම්භයයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පව්.... අනුන්ගෙ මගුල් විවේචනය කර කර ඉන්න කලින් තමන් හැදිලා හිටියනම් ඒක නේද අරගලයෙ ආරම්භය....

    එකෙක් වැරැද්දක් පෙන්නලා දුන්නාම හොරෙන්ම ඒක හදලා කොමෙන්ට් එකත් මකලා.... ඒක වැරද්යි කිව්වාම පෝස්ට් එකකුත් දාන තමුසෙ වගේ එවුන්ගෙ මොන සමාජවාදෙද හලෝ.......

    මහ ලොකු ස්ත්‍රී හිංසනය ගැන ලොරි ටෝක් දෙනගමන් කෙල්ලෙකුට දාපු කුණුහරුප කොමෙන්ට් එක මකන්නෙ නැතුව බ්ලොග් එකේ එල්ලන් ඉන්නෙ.... ගෑනුන්ට මේකෙ නටන්න බෑ කියල තර්ජනාත්මකව පෙන්වන්නද.... නැත්නම් ගෙදර ඉන්න වධක ගෑනිගෙන් වෙන කරදර වල ඇරියස් කවර් කරගන්නද?

    ඇත්තටම මේ පාර ජේ. වී. පී එකට චන්දෙ දෙන්න හිතන් හිටියත්... එකෙ ඉන්නෙත් තමුසෙ වගේ ගොබ්බයො නිසා හෙට චන්දෙ බල්ලට දාලා එනවා....

    ReplyDelete
    Replies
    1. "කෙල්ලෙකුට දාපු කුණුහරුප කොමෙන්ට් එක" කුමක්ද? පෙන්වා දෙන්න. අපි ඔය කුණුහරුප කියන වචනය එච්චර සලකන්නේ නැහැ. පෞද්ගලික අපහාසයක්, හිංසනයක් නම් ඉවත් කරන්නම්.

      නිර්නාමිකව ඇවිත් මගේ බ්ලොග් එකේ මට බනින්නට ඔබට දී තිබෙන අවකාශය ගැන හිතන්න. ඒ එකක්වත් මකලා නැහැ නේ ද?

      හැබැයි, දිගින් දිගට ම මෙවැනි වගකීම් විරහිත අන්දමින් අශිෂ්ට ලෙස බැන අඬ ගසන්නට සූදානම් වුණොත් කමෙන්ට් මොඩරේට් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.

      අදහස් පළ කිරීමේ නිදහස යනු පඳුරු අස්සේ හැංගී හෙවත් ඇනොනිමස් ලෙස අනුන්ට බැන අඬ ගැසීමට නිදහස දීම නො වේ.

      Delete
    2. ඇයි හිරුට වඳ වේසි කියල බැන්න එක අපහාසයක්, හිංසනයක් නෙවෙද මොට්ටපාල...

      බ්ලොග් කාරයො කිහිපදෙනෙක්ම ඇවිල්ල ඒක අයින් කරන්න කියද්දිත්.... වෙන පෝස්ට් වලත් ඒක පෙන්වද්දිත් ඇස් කන් පියන් ඉදල ඔහොම ප්‍රශ්න අහන එකට අපේ ගම වෙච්ච වරාපිටිය පැත්තෙ නම් කියන්නෙ "බබා හුකුං" කියලා..... මතුගම පැත්තෙ කියන්නෙ සමාජවාදෙ කියල වෙන්ඩ ඇති.......

      දාගන්නව අයිසෙ තමුසෙගෙ මොඩරේශන්.... අපිට පාන්ද... අපේ අදහස් අපිට දක්වන්න බැරි තැන්වලට අපි කොහොමත් එන්නෙත් නෑ...

      89 කරා වගේ.... තුවක්කුව පෙන්නලා බ්ලොග් කියවගන්නද හිතන් ඉන්නෙ....

      Delete
    3. අදාළ කමෙන්ටුව ඉවත් කරන ලදී. ඇත්තෙන් ම එය අප විසින් නිරීක්ෂණය නො කරන ලද එකකි. එය කමෙන්ට් මොඩරේට් නො කිරීමේදී ඇති වන ගැටලුවකි. නිතිපතා කමෙන්ට් පරීක්ෂා කිරීමට අවස්ථාව නො ලැබුණු විට මෙවැනි දේ සිදු විය හැකි ය.

      එය ද ඇනොනිමස් කමෙන්ටුවකි. ඔබට එය මෙතරම් මතක තිබීම ගැන ස්තුතියි.

      ඔබගේ වචන භාවිතාව ගැන නැවත අවධානය යොමු කරන්න. අපි කිසිවෙකුට මෙම බ්ලොගය බලන්නැයි බල කරන්නේ නැත. ඔබට කැමති නම් මෙහි පැමිණීමට හැකි ය.

      අශිෂ්ට බසින් ලියන නිර්නාමික ඔබ සමග සංවාදය මෙතැනින් අවසන් කරමි.

      Delete
    4. පව්... ඉවාන් පවුලූශාට බැන දැමූ කොමෙන්ටුව ඉවත් කිරීමට පැය කිහිපයකින් හැකිවූ ඔබට...... කිහිපදෙනෙක්ම ඉල්ලා තිබියදීත් එම කොමෙන්ටුව නොදැක්කා යැයි පැවසීම.....මහා හාස්‍යජනක පිළිතුරකි.....

      නුඹ වැනි වසලයෙක් සමග වාද කිරීමට මට අවශ්‍ය නැත..... සමාජවාදය... හා සමානාත්මතාවය ගැන බණ දෙසූ බ්ලොගයක්... දිනෙන් දින අන්තවාදය හා ඒකාධිපතිත්වය පිළිඹිබු කරමින්...... රචකයාගේ සැබෑ චින්තනය කරා පියනගන බැව් කාලයක් තිස්සේ නිරීක්ෂණ්ය කිරීමෙන් ඇතිවූ චෛතසිකය මත ඉහත කොමෙන්ටු පලකලෙමි....

      නුඹලා ඇතුලේ තවමත් ඇත්තේ භීෂණ මානසිකත්වයි...

      Delete
    5. ඇනෝ පැරකුම් මහතාට නිකරුණේ අපහාස නොකරන්න.ඔහුට වචනෙන් වචනෙ හරි වැරදි බලන්නට මේක ඔහුගෙ බඩ රස්සාව නොවේ.ඔහු මෙය කරන්නේ රැකියාවක් කරන අතරතුරේය. අනෙක් අතට ඇනෝලා ලෙස ඇවිත් පැරකුම් මහතාට අපහාස කරන්නට ඉඩ දී ඇත.
      අනෙක ඔය කියන වචනය අපහාසයක්ද ඇත්තක්ද හරියට අප දන්නවාද?
      ඉතින් ඒක ඇත්තක්නම් එතන වෙන්නෙ කාගෙ හරි අදහස් දැක්වීමේ අයිතියට හානියකි.

      Delete
    6. උඩ ඇනෝ හරි... අනේ පැරකුම් උතුමාණෙනි.... දහදහස් වාරයක් සමාවෙන්න... ඔබගේ සේවය තේරුනේ දැන් තමා...

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete

  2. ඈත්තටම මෙහෙම පහරදීමක් වෙලා තියනවා කියන්න මොකකහරි පිළිගතහෑකි සාක්ශියක් තියනවද?

    අජිත් කුමාර මහතා තමුන්ට කරපු පහරදීම ගෑන පොලිස් පෑමිනිල්ලක් දාලා තියනවාද?

    චාමර

    ReplyDelete
    Replies
    1. පොලිස් පොතේ පැමිණිලි නැති සියලු ‍දේ සිදු නො වූ දේ ද?

      Delete
    2. මට ගැහුවා යැයි කෙනෙක් කී පලියෙන්ම එය පිලිගත හැකිද ? පැමිණිල්ලක් නොදැමීමට ඔහුට හිතුනේ ඇයි ?

      Delete
  3. Think about it.. what he did for the society...Guys like Manawadu..are enormous rare characters.Comparison to the Mr:Ajith parakum jayasingha...he could maintain toyota allion,instead of that save every thing and choose a dusty and risky life in motorbike...

    I'm not going to say about much. about you. Mr.A.P.JAyasingha

    You are same like Primitive, none educated, rural woman over 65...
    YOU don't speak any word about what he did ...but you hurry to collect every piece shift. try to make bad smell around.

    What a kind of cynical guy R.. U....

    On the there hand...you are a totally ok..and correct.unless you had a left linkage.
    Otherwise you are perfect systemized guy,
    besides if you din't have link with left. then its ok...

    Finally your web became garbage...


    ReplyDelete
    Replies
    1. Don't be so angry man. Hope you were not one of the attacker.

      Delete
    2. Mr..Para eka wenama berumkaraganna ona...me maranaya eeta wada tragedy 1k neda..? Umata pilikulak ehema hithenn nedda..? ,ema accident 1n. penenne, api siyaluma denage. disorder of lives. discipline, Road ethics...

      .අජිත් කුමාර මන්ත්‍රීවරයාට පහර දීම eka wenama ganna...
      that is a side effect.

      ne maranaya tv 1n dakina hema kenekma..duk wena hama kenekma... eyalage politics walata adala katha karana Paukara weda karanna epa....Minee wikunannath epa.

      lium liya liya inne nethiva, gutikala....anukampawa dinaganna hadannethuwa. ekata

      they will take a action.....






      Delete
    3. Pera atharamediyak widiyata sulu labhayak thiyan thamai.me dewal alevi karanne. waradak kiyannath be ithin.

      Delete
  4. පැරා කෙසේ වෙතත්, මෙතන කොමෙන්ට්ස් දාන උන්ට, සමාජවාදී කාඩර් වරුන් දෙන පොලු පාරවල් ඕන තරම් බලා ගන්න පුළුවන්, පරන පෝස්ට් ටිකක් බැලුවාම. ඒවා මකන්නේ නැතිව එහමම තියලා තියෙන්නෙත්, පැරගේ ප්‍රජාතන්ත්‍රවාදයද, එහෙම නැත්නම් පෝරියල සමාජවාදයද කියලා දන්නෙත් ඒ ගොල්ලොම තමයි. කොහොම හරි ලංකීය දේශපාළණය ප්‍රචන්ඩ දේශපාළණයක් කලේ ජෙප්පොම තමයි. අපි ඒවා අමතක කරන්න උත්සාහ කරන කොට යලිත් මෙවන් දේ සිඳුවනවානම්. බොහෝම කනගාටුයි...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල.... මේ කොමෙන්ට් එක වෙනුවෙන් ඔයාට මම දාස් කැපිටාල් පොතක් අරන් දෙනව....

      Delete
    2. එපා අපේ පොඩි එකා ගාව හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කතා පුරවලා තියෙනවා.

      Delete
  5. Attention !!! to

    The All JVP ers. It is a neediness by the time now, to be on four wheels, instead of saving money and ride on two wheels.



    ReplyDelete
  6. /*අජිත් කුමාර මන්ත්‍රීවරයාට පහර දීම*/

    වපුරපු දෙවල් තමයි ඉතින් නෙලන්ඩ වෙන්නෙ

    -ප.ගෝ.

    ReplyDelete
  7. /// එනම් ප්‍රජාතන්තරගය වාදය සහ දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂ පිලිබඳ ගැටලූ එලෙස පහසුවෙන් මගහැරිය හැකි ඒවා නොවේ. මේ සාධක දෙක සම්බන්ධයෙන් තීරණාත්මක පරීක්ෂාවන්ට භාජනය වූ අවස්ථාවන්හිදී ජවිපෙ විසින් අත්පත්කරගෙන ඇති ප්‍රතිඵල ඍණ අගයක් ගනී. එහිදී විශේෂයෙන්ම වැදගත් වන්නේ තම විරුද්ධවාදීන්ට එරෙහි ව විවිධ මට්ටම් වලින් භෞතික ප්‍රචණ්ඩත්වය යෙදවීම සම්බන්ධයෙන් එහි ආරම්භයේ සිට මෑතකදී පක්ෂයේ ඇති වූ බෙදීමේදී ප්‍රතිවිරුද්ධ පාර්ශවයට ප්‍රතිචාර දැක්වූ ආකාරය දක්වා වූ නිශේධාත්මක අත්දැකීම් ය. මේ සම්බන්ධයෙන් ජවිපෙ වෙතින් පිළිගත හැකි පැහැදිළි කිරීමක් ඉදිරිපත් වී ඇත්තේ ද නැත.
    විශේෂයෙන්ම තමන්ට සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් රාජ්‍ය බලය හැසිරවීමට අවස්ථාව ලැබුණු විට, තම අභිලාෂ සහ තම විරුද්ධවාදීන්ගේ අභිලාෂ අතර තීරණාත්මක ආතතියක් ජනිත වූ කල්හී තම හැසිරීම කෙතරම් දුරට ප්‍රජාතන්තර්ගේවාදී ප්‍රතිමාන වලට අනුකූල වේද යන ප්‍රශ්නය මෙතෙක් ජවිපෙ විසින් බැරෑරුම් ලෙස අවධානයට ගනු ලැබ නැති බව මගේ අදහසයි. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජවිපෙ දෙස සානුකම්පිතව බැලීමට උත්සාහ කරන කෙනෙක් මගෙන් පෙරළා ප්‍රශ්න කිරීමට ඉඩ ඇත්තේ එවැනි දෙයක් මා අපේක්ෂා කරන මට්ටමින් සිදුකර ඇති දේශපාලන පක්ෂයක් ලංකාව තුළ තිබේද යන්නයි. එයට මගේ පිළිතුර වීමට ඉඩ ඇත්තේ ‘නැත’ යන්නයි. තව දුරටත් මා එහිදී ප්‍රකාශ කිරීමට ඉඩ ඇත්තේ බලය නැති විට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාව්‍යෝක්ති උච්ඡාරණය කොට බලය පරිහරණය කරණ විට ඊට ප්‍රතිවිරුද්ධ ලෙස හැසිරීම අපට තේරුම් ගත හැක්කේ මේ ගැටලූව බැරෑරුම් එකක් ලෙස සාකච්ඡාවට නොගැනීම හේතුකරගෙන බවයි. මගේ අදහස වන්නේ මේ සම්බන්ධයෙන් ජවිපෙ සමඟ විවේචනාත්මක අභිමුඛ වීමක් අවශ්‍ය බවයි. /// - නිර්මාල්

    ජෙප්පො අනුන්ට බන කීවට (මළ ගෙයක් වගේ හරි) තමන්ට පොඩ්ඩක් හරි බලේ වැඩි තැන විරුද්දවාදීන්ට සලකන්නෙ UNP/PA දෙකටම වඩා තිරිසන් විදියට කියන එක වටේ යන්න නිර්මාල් බබාට ගිහින් තියන බර වචන ගොඩ! කවුරු හරි එහෙනම් මේ "විවේචනාත්මක අභිමුඛ වීමක්" කරන්ඩ මෙයාලා අපිත් බලන් ඉන්න... එච්චරයි නෙ අඩු වෙලා තිබුනෙ.

    පැරාට මේ ටිකේ පෙරෙට්ටො එක්ක තියනව කියල පේන හාද කමත් මීට වෙනස් නෑ මට පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉහත ප්‍රකාශයෙන් ගම්‍ය වෙන්නෙ ආස්තිතික කවයන් තුල පරිභොජනවාදි අස්තිකයින් දියාරු ලෙස ආස්තනය වීමෙන් හට ගන්නා ඌණ පූරනයන් වෙනුවෙන් ප්‍රතිස්ථාපනය වන්නා වූ සරල වායූ ධාරාවන් ප්‍රකම්පනය වීමෙ අනුනාදයන් වාණිජ මූල ක්‍රමොපායින් වෙනුවෙන් අවකලණය කරන්නා වූ හුදු මානසික ව්‍යාධීන් කැටියක් පහරන විට ඇතිවන හැඟීමකි.

      තේරෙන්නෙ නැත්නම් ආයි අහපන්, මම කියන්නම්

      ප.ගෝ.

      Delete
    2. @ප.ගෝ.

      pattayi yako :) +++++++++

      Delete
    3. ජෙප්පො අනුන්ට බන කීවට (මළ ගෙයක් වගේ හරි) තමන්ට පොඩ්ඩක් හරි බලේ වැඩි තැන විරුද්දවාදීන්ට සලකන්නෙ UNP/PA දෙකටම වඩා තිරිසන් විදියට

      Unfortunately.... this is true.

      Delete
  8. අජිත් මේක නම් නියම සමාජවාදයක්. එහෙම නම් අපි මනුස්සකම තියෙන මිනිස්සු එකතු කර ගත්තනං හරිනේ. බලය බෙදනවට විරුද්ධ උනාට, යුද්ධයට සහ දෙමල සංහාරයට පක්ශ උනාට කමක් නැහැ!!??

    ඔවුන් සාපේක්ශව ඉතා කාර්යක්ශමව සහ සංවිධානශීලී ලෙස දූශනයට විරුද්ධව හඬ නගන බව ඇත්ත තමයි.

    යුද්ධය වෙනුවෙන් හෙල උරුමය සමග කරට කර සිටි (ඊට ඉදිරියෙන් නොවේ නම් ) කන්ඩායමක් ඔබ කියන දයලෙක්තික දෘෂ්ටියෙන් බලනු ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනවාද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. යුද්ධය වෙනුවෙන් හෙල උරුමය සමග කරට කර සිටි හා තවමත් සිටින අය අතරට කියුබාවත් ඇතුළත් කර ගන්නට පුළුවන. එහෙත්, සමාජවාදය සඳහා අරගලයේදී කියුබාව විසින් කර තිබෙන දායකත්වය පිළිබඳ සුබවාදී ඇසකින් බැලීමට එය බාධාවක් නො වේ.

      යුද්ධයේදී ගත් ස්ථාවරය අනුව සතුරු හා මිතුරු බලවේග විග්‍රහ කර ගන්නවා නම් අපට දේශපාලනය කරන්නට හැකි වන්නේ කුඩා වාමාංශික කණ්ඩායම් කීපයක් සමග පමණි.

      දේශපාලනයේදී සතුරු හා මිතුරු බලවේග වශයෙන් සාපේක්ෂ වර්ගීකරණයන් කර ගන්නට පුළුවන. එහෙත්, අප විසින් කළ යුතුව තිබෙන්නේ දේශපාලන මර්මස්ථානය සොයාගෙන එතැනට මැදිහත් වීමයි.

      වත්මන් දේශපාලන සංදර්භය තුළ සමාජවාදීන්ට කළ හැකි කාර්යය එයයි. එසේ නොමැතිව හුදු න්‍යායයන් ප්‍රකාශ කරමින් සිටීමෙන් සිදු වන දෙයක් නැත. න්‍යාය පරීක්ෂා වන්නේ ව්‍යවහාරයෙනි.

      ජවිපෙ සම්බන්ධයෙන් මැදිහත් වීමේදී අපගේ ප්‍රවේශය එයයි.

      Delete
  9. //වාමාංශිකයන්, සමාජවාදීන් පළමු කොට ම උගත යුතුව තිබෙන දෙයක් වන්නේ තමන්ගේ ප්‍රධාන ප්‍රතිවිරෝධතාව තිබෙන්නේ සෙසු සමාජවාදීන් සමග නො වන බව ය.//

    මේක ඇත්තටම මගෙත් හිතේ කැකෑරෙන ගැටළුවක්. ඕනැම වේදිකාවකදි ඔය වාමාංශිකයො බහුතරයක් බැන අඬගහන්නෙ තමන්ගෙ සහෝදර පක්ෂ වලටයි. 1983 ජවිපෙ තහනම් කළාට පස්සෙ මට මතකයි විකොස තමන්ගෙ කම්කරු මාවත පත්තරේ "ජවිපෙ තහනම ඉවත් කරනු" කියල සටන් පාඨයක් ගෙන ගියා, පසුකාලීනව ජවිපෙ අන්ඩර්ග්‍රවුන්ට් පොලිටික්ස් කරන්න ගිහිල්ලා දේ.ජ.ව්‍යා. හරහා මංමුලා වුනු කාලෙ වෙනකන්ම වගේ.

    ලෙනින් සාර් පවුලට සළකපු හැටි ගැන ඒ තරම් දුරට විස්තර මං දන්නෙ නැති නමුත් මාක්ස්වාදය මනුෂ්‍යත්වය අමතක කරපු ඉගැන්වීමක් කියල කියන්න කරුණු නැහැ නේද? ලෙනින් මාක්ස්වාදයෙන් පිට පැනපු අවස්ථා තියෙන්න පුළුවනි. කොහොම වුනත් මාක්ස්වාදය මනුෂ්‍යත්වයට ඉඩක් දීල නැතිනම් ඒක බරපතල වැරැද්දක් කියන එක මගෙත් පිළිගැනීමයි.

    ලෙනින්ම කියල තියනව නේද "වෙන්ව ගමන් කරනු. එක්ව පහර දෙනු" වගේ කාරණාවල්. "වෙන්ව ගමන් කරනු. එකිනෙකා කා කොටා ගනු" මූලධර්මය නිසා දැන් වෙලා තියෙන්නෙ අසමගියට පත් වටු රැළට වුනු දේ මයි. (මෙතනදි, මේ බ්ලොග් එක ඇතුළු බොහෝ තැන් වල අමන කොමෙන්ට් දමමින් සමාජවාදයට ගරහන අමනයන් ගැන අනුකම්පාවෙන් බලන්න. ඔවුන් එහෙම කරන්නෙ නොදැනුවත්කම නිසා මිසක් ඇත්තටම ද්‍රෝහී කම නිසා නෙවෙයි. අවසානයෙදි ඔවුන්ගෙ විමුක්තිය උදා කරල දෙන්න වෙන්නෙත් සමාජවාදියාටම තමයි.)

    ReplyDelete
    Replies
    1. මාක්ස්වාදය මනුෂ්‍යත්වයට කිසිම ඉඩක් ලබා දී නැහැ.එය ඉඩ ලබා දී ඇත්තේ පක්ෂයටයි. පක්ෂය යනු දේශපාලන මණ්ඩලයටයි.බලය යන්නේ ඉහල සිට පහලටයි.පහල සාමාජිකත්වය නිරන්තර දැනුවත් කිරීම් වලට ලක්වේ. අවශ්‍ය වන්නේ මාක්ස්වාදී නොවන සමාජවාදයකුයි

      Delete
    2. "වෙන්ව ගමන් කරනු. එකිනෙකා කා කොටා ගනු"

      ලංකාවේ සමාජවාදේ ඔහොම තමයි ඇනෝ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. @ ට්‍රැ

      /* 1983 ජවිපෙ තහනම් කළාට පස්සෙ මට මතකයි විකොස තමන්ගෙ කම්කරු මාවත පත්තරේ "ජවිපෙ තහනම ඉවත් කරනු" කියල සටන් පාඨයක් ගෙන ගියා, */

      එහෙම වෙන්න ඇති, නමුත් නව සමසමාජ පක්‍ෂයට, වාසු, බාහු සහ බැංකු සේවක සංගමයට පලු යන්න බැන්නා නේද? මොකද ජෙප්පො එක්ක ෂේප් වෙලා ඉන්න පුළුවන් වුනත් හතරවෙනි ජාත්‍යන්තරය බෙදා ගන්න තියෙනවානේ.

      සුචරිතව සරච්චන්ද්‍ර සිද්ධියෙන් පසු අයින් කළාම/ අයින් වුණාම ඔහු සමග විකොස/සසප සහයෝගයෙන් සිටියාද, නැතිනම් දෙඤ්ඤං බැටේ විවේචන කළාද?

      Delete
  10. ජෙප්පොන්ට / පෙරටුගාමීන්ට තියන මූලික ගැටලුව මේකයි. කුල ප්‍රශ්න , දුප්පත්කම නිසා මේ අය ජවිපෙට ඇදිලා එනවා. ඉරිසියාව , කුහකකම​, වයිරය , තව කෙනෙක් කාලා ඇන්දලා ඉන්නවා දකින්න බැරිකම , මේ අය ගාව පිරිලා. ඒ වගේම මේ අය දුප්පත්කම , කාලකන්නිකම සමාජයේ පැතිරෙනවට ආසයි. කර්මාන්ත අඩපන කරන්නේ, කර්මාන්ත වහන්නේ, විශ්ව විද්‍යාලා අධ්‍යාපනය අල කරලා දාන්නේ සමාජය කාලකන්නි කරන්න , එතකොට මිනිස්සු මේ අය වටා රොක් වෙයි කියලා හිතනවා. 1971/ 88 -89 කාලයේමේ අය තේ කර්මාන්තශාලා පිටින් පිච්චුවා. ඒ වගේම හැම දෙයක් ගැනම සැකයි. පක්ශේ කවුරුහරි කෙනෙක් ගේ නෑ කෙනෙක් ඇමරිකාවේ ගිහිල්ලා තියනවනම් ඌ සී.අයි.ඒ කියලා බය වෙනවා. කොපමන බටහිර විරෝධී උනත් මේ අය ගේ නායකයෝ පන බේර ගන්න කියුබාවට, උතුරු කොරියාවට , චීනයට යන්නෙ නැහ​ැ. යන්නෙම ඔසී, යූකේ, ඇමරිකා වගේ රටවලට. හැබැයි පිටරට ගිහිල්ලා ලෝකේ දකිනකොට තේරෙනවා තමන් හිටියේ මෝඩ මිත්‍යාවක කියලා. ඒ නිසා ජීවිතය එරියස් එක්ක විඳිනවා. නමුත් ලන්කාවේ ඉන්න මෝඩ පාක්ශිකයෝ ඒ නූගත් පසුගාමිත්වයේ තියා ගැනීම සඳහා බොරු බයිලා ගහනවා. මේ අයගේ බයිලා වලට වැඩියෙන්මෙ රැව​ෙටන්නේ ලෝකේ ගැන වැඩි අවබෝධයක් නැති හිත හොඳ නමුත් මෝඩ කොල්ලෝ. හැබැයි උන්ට මොලේ එනකොට උන් හිමීට අයින් වෙනවා. නමුත් අතීතයේ කරපු ගොන් වැඩ නිසා උන්ට මේ වියාපාරය විවේචනය කරන්න බැහැ. බලන්න 1971, 1988 හිටපු පාක්ශිකයෝ ඇටිකෙහෙල් කාපු එවුන් වගේ සයිලන්ස් එකේ ඉන්න හැටි. ඕකේ ඉන්න එවුන් ගේ මූනු බලන්න , වයිරය ඉරිසියාව පිරිලා. සිරියාවන්තකම මූනේ තියන එකෙක් ඉන්නවද ? ඒ කියන්නේ හීනමානය , වයිරය​, කෙනක් මරන්න තියන ආසාව තියන එවුන් එකට එකතුවී හදපු සංවිදානයක්. යූඑන්පී , ශ්‍රී ලන්කා කාරයන්ට තියෙන්න හොරකම් කරලා තමන් පොහොසත් වෙන්න හදන මානසිකත්වයක්. ජෙප්පොන්ට ඊට අමතරව ලේ දකින ආසාවකුත් තියනවා. ජවිපෙ වැඩ කරන්නේ වි වි සන්කල්පය මත​. ඒ කියන්නේ විවේචනය සහ විනාශ කිරීම කියන සන්කල්ප මත. මේ අයට කවදාවත් දෙයක් ගොඩ නගන්න බැහැ. ඒ නිසා තමයි අර ඇමතිකම් ගත්ත කාලේ මොකුත් වැඩක් කරවගන්න බැරුව අනා ගත්තේ. නමුත් ජෙප්පො 1-2 පාර්ලිමෙන්තුවේ ඉන්න ඕනේ , ශ්‍රී ලන්කා කාරයන් යූඑන්පී කාරයන් කරනහොරකම් ගැන අදින්න​. නමුත් මුන් ගේ බලය වැඩි උනොත් එතන තියෙන්නේ පොල්පොට් ක්‍රමයේ ගේමක්. එදාට ලන්කාවේ ජනතාවට දෙවි පිහිටයි. මොවුන් සමාජවාදය ගැන කතා කරත් සමාජගතවී නොමැත​.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඇත්තටම මේ ඔයාට තියෙන ප්‍රශ්න ටික ජවිපෙට ආදේස කරලා ලියලා නේද .ඔයාත් බොහොම දුප්පත් කෙනෙක් නේද.එදිනෙදා බොහොම අමාරුවෙන් ජීවත්වෙන කෙනෙක් නේද.

      Delete
    2. AnonymousMarch 29, 2014 at 3:45 AM
      ++++++++++++

      Delete
  11. Ja නතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාධරයෙකු වන සුමතිපාල මානවඩු සහෝදරයා හදිසියේ අප අතරින් සමුගත්තේය. මතවාදීව මොන ගැටළු තිබුනත් වාමාංශික දේශපාලනය වෙනුවෙන් ඔහු කළ කැප කිරීමට අප විප්ලවීය ආචාරය පුද කරන්නෙමු.දක්ෂිණාංශිකයන් සමාජයෙන් ත්‍රස්තවාදීන් ඉවත් කිරීමට උත්සහ දරණ පදිරිම අරගලකරුවන්ව නොව පාවා දෙන්නන්ව සමාජ අරගලයෙන් ඉවත් කළ යුතුය. ඒ අයට සංස්කෘතික අරගලය තුල පැවතීමට ඉඩ දිය යුතුය.
    ඔහුගේ මළ ගෙදරට සහභාගි වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විමල් කැටපේ ආරච්චිට සහ අජිත් කුමාර සහෝදරයාට මළ ගෙදර දී ජ.වි.පෙ සමාජිකයන් විසින් පහර දී ඇත.

    අප ජනතා විමුක්ති පෙරමුණේ ජාතිවාදී දේශපාලනය සමග සියයට සියයක්ම විරුද්ධය. ප්‍රසිද්ධියේ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින විමල් වීරවංශ සහ පාඨලී චම්පිකට වඩා ජනතා විමුක්ති පෙරමුණ අති භායානක ජාතිවාදීන් වශයෙන් අපි පිළිගන්නෙමු. මන්ද යත් ජ.වි.පෙ ජාතිවාදය අවිඥාණක අගතියකින් මෙහෙයෙවන නිසාය.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසුව ජාතිවාදයෙන් මිදී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නිසා අපි ජාතිවාදය සම්බන්ධ දේශපාලනයේ දී ඔවුන් සමග සියයට සියයක් එකගය.

    ජනතා විමුක්ති පෙරමුණ විසින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාධරයන් දෙදෙනෙකුට පහර දීම ගැන අප කල්පනා කරන්නේ කෙසේද? එම පහර දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපට ස්ථාවරයන් තුනක් ඇත

    01 මෙහිදී විමල් කැටපෙආරච්චි සහ අජිත් කුමාර යන පුද්ගල චරිත දෙකට මේ ආකාරයෙන් පහර දීම සම්බන්ධයෙන් අප අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ ඔවුන් ලංකාවේ දේශපාලන අරගලයේ කොටස්කරුවන් ලෙස සිය දායතක්වය ලබා දෙන බැවිනි.

    02 ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුන් විමල්ට සහ අජිත්ට පහර දෙන විට එය ඔවුන් කරන්නේ හොද මිනිසුන් වීමට නොව නිදහස් මිනිසුන් වීමටය. නිදහස් මිනිසා යනු පවතින දේශපාලන සදාචාරය අත් හිටුවන්නාය. එනම් දේශපාලනය යනු සදාචාරය අත් හිටුවීමයි.

    03 දේශපාලනයෙන් පසමිතුරුභාවය ඉවත් කළ විට ඉතිරි වන්නේ ඉවරයක් නොවන සම්භාෂක අනෙකෙකි. අප කළ යුත්තේ දේශපාලනයට පසමිතරුභාවය සහ අඥය හදුන්වාදීමයි. එය කළ හැක්කේ පද්ධතිය බිහිකර ඇති හිංසාව නම් තුවාලය හිසාවෙන්ම සුව කිරීමෙනි. පාවා දීම සහ විමතික අදහස් පළකිරීම යනු වැඩ දෙකකි. පාවා දෙන්නන්නට අප පහර දිය යුතුය. ධනේෂ්වර රාජ්‍යය ඊනියා ත්‍රස්තවාදීන්ව දේශපාලනයෙන් ඉවත් කරන පරිදිම අපද සදාචාරයට බිය නොවී පාවා දෙන්නන්ව දේශපාලනයෙන් ඉවත් කළ යුතුය. උදාහරණයක් වශයෙන් මධ්‍යම පාංතික ප්‍රතිගාමීන් වශයෙන් අපව හදුන්වා පියසීලී ගේ මළ ගෙදරින් අපව පන්වා දැමූ සමානතා පක්ෂයේ සහෝදරවරුන් ගේ එම ක්‍රියාව අපට අනුව දේශපාලනිකය. මන්ද යත් එමගින් ඔවුන් දේශපාලනයට පසමිතුරු භාවය හදුන්වා දෙන බැවිනි. මෙහි අනෙත් අන්තය වන දක්ෂිණාංශික ෆැසිස්ට්වාදීන් වන බොදු බල සේනාව විසින් රිෂාඩ් බදූර්දීන්ව ජාතිවාදීව විවේචනය කිරීමද දේශපාලනයට පසමිතුරුභාවය හදුන්වාදීමකි. දේශපාලනයෙන් පසමිතුරුභාවය ඉවත් කරන්නේ මාසික වැටුපකින් නඩත්තු වන මධ්‍යම පංතික ලිබරල්වාදී බුද්ධිමතුන්ය.

    එබැවින් අප සිටින්නේ දේශපාලනයේ වාමාංශික පසමිතුරුභාවය පැත්තේය. එහි උරුමයට අනුව විමල්ලාට අජිත්ලාට ඔහොම නොව රෝහල් ගත වන්නටම පහර දිය යුතුය.

    ReplyDelete
  12. තමන්ගෙන් වෙන්වූ අයට පහරදීම (මතවාදීව සහ අතින්, පයින්, පොළුවලින්) ජවිපෙ, වාමාංශික පක්‍ෂවල පමණක් නොව ජාතිවාදීන් තුලත් තියෙනවා නේද?

    සිහල/හෙල/මඑපෙ/නලින්ද/ගුණදාස/භූමිපුත්‍ර යනාදීන් එකතුවෙනවාට වඩා වෙන් වෙලා නේද ඉන්නේ?

    අර ගුනසේකරද කවුද කියන ලෝයර්ට පහර දුන්නා නේද මන්තිරිකමක් නිසා?

    මං දැක්කා නලින්දත් නොදත් දොස්තර කියලා ගුණදාස අමරසේකරටද බැනලා තියෙනවා දිවයින පත්තරේ!

    ReplyDelete
    Replies
    1. මෙන්න අමරසේකර (නො)දත් දොස්තර ගැන නලීන්ද සිලුවා කියා ඇති දේ.
      http://kathandara.blogspot.com/2014/03/yet-another-dream-comes-true.html?showComment=1395576022741#c6486307910149886059

      Delete
    2. නලින් නොදත් දොස්තර කියා බනින්නේ අමරසේකරට නොවේ. විද්‍යාව ගැන ලියන බුවෙකුට ය.

      අමරසේකර සමග ජාතික චින්තනය කියන එකේ ownership එක ගැන නලින්ට කොක්කක් ඇතත් ඒක නමින් ම ආඩාපාලි කීමකි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා