හම්බන්තොටින් (විතරක් නෙමෙයි පළාත් දෙකෙන්ම) ආණ්ඩුව ඇත්තෙන් ම පරාදයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය ඉතා වැදගත් සංඥාවකි.

2009 පළාත් සභා මැතිවරණයට සාපේක්ෂව එහි ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය  10%කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී තිබේ. 

අවසන් වශයෙන් පැවැත්වුණු ප්‍රධානතම මැතිවරණය වූ 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුව දිස්ත්‍රික්කයේ ආසන හතෙන් පහක් ම දිනා ගත් අතර විපක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන දෙකක් පමණි. විපක්ෂයෙන් ආසන දිනා ගත්තේ එක්සත් ජාතික පක්ෂය පමණි. සරත් ෆොන්සේකාගේ පක්ෂය සමග සන්ධානගතව තරග කළ ජනතා විමුක්ති පෙරමුණට ආසනයක් දිනා ගැනීමටවත් බැරි විය.

මෙවර මැතිවරණයේදී ආණ්ඩුව සමස්ත ආසන සංඛ්‍යාව වන 14න් අටක් දිනා ගනිද්දී විපක්ෂය හයක් දිනාගෙන තිබේ.

2009 පළාත් සභා මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවතියේ ආසන 12ක් පමණි. ආණ්ඩුවට එයින් අටක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයට තුනක් ද ජනතා විමුක්ති පෙරමුණට එකක් ද හිමි විය. 

මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් සිය ඡන්ද ප්‍රතිශතයන් හා ආසන සංඛ්‍යාව වැඩි කරගෙන තිබේ. 

තැපැල් ඡන්ද ප්‍රතිඵලයත් සමස්ත ඡන්ද ප්‍රතිඵලයත් අතර වෙනසින් පෙන්නුම් කරන්නේ රජයේ සේවයේ යෙදී සිටින මධම පංතික කොටස් අතර ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී නොමැතිමුත්, සෙසු බලවේග අතර තත්වය වෙනස් බවයි.

මෙසේ සිදු වනනේ ආණ්ඩුවේ 'සංවර්ධන' වැඩසට‍හනේ නාභියෙහි ය. රාජපක්ෂ පවුලේ බලකොටුවෙහි ය. ඔටුන්න හිමි කුමාරයා වන නාමල් රාජපක්ෂගේ බල ප්‍රදේශයේ ය. 

මාතර දිස්ත්‍රික්කයේ ද සමස්ත ප්‍රතිඵලය සලකා බැලූ විට ආණ්ඩුවට ආසන දෙකක් අහිමි වී තිබේ. කලින් ආසන 18කින්12ක් හිමි කරගෙන සිටි ආණ්ඩුවට මෙවර හිමි වී තිබෙන්නේ ආසන 17කින් 10ක් පමණි. ඡන්ද ප්‍රතිශතය ද 9%කින් පමණ පල්ලම් බැස තිබේ. 

සියලු දිස්ත්‍රික්කවල මෙවැනි පල්ලම් බැසීමක් අපේක්ෂා කළ හැකි අතර කොළඹ දිස්ත්‍රික්කයේ කැපී පෙනෙන වෙනසක් දැකිය හැකි වනු ඇත. (Update: ආණ්ඩුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසන තුනක් ද, කලුතර දිස්ත්‍රික්කයෙන් තිබුණු ආසනයක් ද අහිමි වී තිබේ.එසේ වන්නේ කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත ආසන සංඛ්‍යාව දෙකකින් වැඩි වී තිබියදී ය. )

(Update: කොළඹ නගරයේ ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවට තරු පෙන්වන එකකි. සුළුතර දෙමළ ජනයා වැඩිපුර ජීවත් වන ප්‍රදේශවල ආණ්ඩුව තුන්වන තැනට වැටී ඇත.) 

(Update:  ගම්පහ දිස්ත්‍රික්කයේ මුළු ආසන සංඛ්‍යාව ආසනයකින් වැඩි වෙද්දී ආණ්ඩුවේ ආසන සංඛ්‍යාව 27 සිට 23 දක්වා අඩු වී තිබේ. ඡන්ද ප්‍රතිශතය 12%කින් පමණ අඩු වී තිබේ.)

(Update: කොළඹ දිස්ත්‍රික්කයේ මුළු ආසන සංඛ්‍යාව දෙකකින් අඩු වෙද්දී ආණ්ඩුවේ ආසන සංඛ්‍යාව හතකින් අඩු වී තිබේ. කොළඹ දිස්ත්‍රික්ක‍යෙන් ආණ්ඩුව ආසන 18ක් දිනා ගනිද්දී ‍විපක්ෂය ආසන 22ක් දිනාගෙන තිබේ. ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය බිඳ වැටීම 12%කට වැඩි ය.)

ආණ්ඩුව මෙම ප්‍රතිඵලය ලබන්නේ නිදහස්, ස්වාධීන මැතිවරණයකින් නො වීම ද විශේෂ ය. මේ ප්‍රතිඵලය ලැබෙන්නේ සමස්ත රාජ්‍ය යන්ත්‍රය ම සිය වාසිය වෙනුවෙන් යොදා ගැනීමෙන් අනතුරුව වීම සලකා බැලූ විට ඇත්තෙන් ම සමස්ත ප්‍රතිඵලයේදී ආණ්ඩුව පරාද බව පැහැදිලි ය. 

විපක්ෂය මෙම ප්‍රතිඵලයෙන් තේරුම් ගත යුතු කරුණක් වන්නේ අනාගත ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකුට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදවීම දුෂ්කර නො වන බවයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. හීන දැකීම යහපත්ය.

    ReplyDelete
  2. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. moka hari ewilla Mahindayawa gedara yawanawana e ethi...dennnam anthayatama epa welaa inne sakkiliyawai uge para puraiii......(Obama awath api uta den chande denawa)

      Delete
  3. පැරා කලින් කියපු "ආණ්ඩුවේ ජාත්‍යන්තර හුදකලාභාවය, දූෂිතභාවය, ජාතිවාදය, මානව හිමිකම් කෙරෙහි තිබෙන නො සැලකිල්ල, ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය හා ඒකාධිපති පවුල්වාදය" ගැන කතා කරනවට වඩා මිනිස්සුන්ට දැනෙන ප්‍රශ්න තියන බව හම්බන්තොට ප්‍රතිපලේනුත් පේනව. පවුල්වාදය අනුමත කරනව නම් හම්බන්තොට ඔහොම ප්‍රතිඵලයක් එන්න විදියක් නැහැ නෙ. අනික් කාරනා හම්බන්තොටට දැනෙන ඒව නෙවෙයි කළුතරට සාපේක්ෂව වත්.

    රේස් පැදල ඉන්දියන් බඩු එක්ක ජෝගි නටල චන්ද දිනන්න බෑ කියල ගොන් නාම්බ ඉගෙන ගත්තොත් ඇති.

    ReplyDelete
  4. බහින කලාව ඇරැඹී ඇත.

    ReplyDelete
  5. ආණ්ඩුවේ පැහැදිළි පසුබැසීමක්. විපක්ෂයේ පොදු අපේක්ෂකයකුගේ සම්ප්‍රාප්තියට සුදුසුම කාලය මෙයයි.

    ReplyDelete
  6. පලාත්සභා චන්දය දිහා බලලා මේ වගේ නිගමනයකට එන්න බෑ. මොකද මේ වගේ චන්දයකදී ගොඩක් අය චන්දේ පාවිච්චි කරන්නේ නෑ.

    ReplyDelete
  7. පක්ෂ තුනම එක් වූවත් තවමත් පොදු පෙරමුණට ගේමක් නැත. ආන්ඩුවට ජයග්‍රහණය කළ යුතුව ඇත්තේ සුළු ජනතාව ඔවුන් කෙරේ ඇති අප්‍රසාදය පමණි. ඒය කෙදිනවත් ජය ගන්නේද නැත. ඒ හැර බහුතරය තවමත් ආන්ඩුව සමගය. ෆොන්සේකාට් දුන් ඡන්දවලට සිඳුවන දෑ, මාස දෙක තුනක් තුල අපට බලා ගත හැක. එම පක්ෂයට ඡන්දය දුන් පොරවල්ට තරු පේන්නේ එදාටය.

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකාගෙ විතරක් නෙමේ UNP එකේත් ආණ්ඩුවට යන උන් ඉන්නව
      A.FErnando

      Delete
  8. ඡන්දය නොදී සිට ඇති අති විශාල ප්‍රතිශතයෙනුත් කොටසක් එකතු කරගෙන ඒකාබද්ධ විපක්ෂයක් විදිහට තරග කළොත් ආණ්ඩුව පරදිනවාමයි.

    ReplyDelete
  9. //....කොළඹ දිස්ත්‍රික්ක‍යෙන් ආණ්ඩුව බෝනස් ආසන ද ඇතුළුව ආසන.....//

    නිවැරදිකිරීමක්.. බෝනස් ආසන එකතු වන්නේ පලාත් සභාවකට (දෙක බැගින් ) ය; දිස්ත්‍රික්කයකට නොවේ.

    ReplyDelete
    Replies
    1. නිවැරදි කළා. ස්තුතියි.

      Delete
    2. නිවැරදි කළා. ස්තුතියි.
      So..formality and politeness....

      I...have..a.dreaaa...m....

      Happy to hear.

      Delete
  10. අවසන් පලාත් ප්‍රතිපලය (බෝනස් ආසන දෙකද ඇතුලත්ව );

    2014: ආන්ඩු පක්ශය - 56, විපක්ශය - 48 (මින් ශ්‍රිලමුකො-2 සහ රිශාඩ් බද්යුදින්ගේ පක්ශය-1 ආන්ඩුවටම ඇතුල් වෙනු ඇත )

    2009: ආන්ඩු පක්ශය - 68, විපක්ශය - 36 (ශ්‍රිලමුකො-2)

    ReplyDelete
  11. My3pala Srisena. ආණ්ඩුව ඇත්තෙන් ම පරාදයි

    BANGBUWA thamai.

    ReplyDelete
  12. හීන දැකීමෙන් වෘෂණ කෝෂ ලොකු වෙනවා ඇත

    ReplyDelete
  13. I have a dream, a song to sing
    To help me cope with anything
    If you see the wonder of a fairy tale
    You can take the future even if you fail
    I believe in angels
    Something good in everything I see
    I believe in angels
    When I know the time is right for me
    I'll cross the stream - I have a dream

    I have a dream, a fantasy
    To help me through reality
    And my destination makes it worth the while
    Pushing through the darkness still another mile
    I believe in angels
    Something good in everything I see
    I believe in angels
    When I know the time is right for me
    I'll cross the stream - I have a dream
    I'll cross the stream - I have a dream

    I have a dream, a song to sing
    To help me cope with anything
    If you see the wonder of a fairy tale
    You can take the future even if you fail
    I believe in angels
    Something good in everything I see
    I believe in angels
    When I know the time is right for me
    I'll cross the stream - I have a dream
    I'll cross the stream - I have a dream

    ReplyDelete
  14. හම්බන්තොට කිව්වට දියුණු ( ඒත් ඔඅය පාරවල් ටික තමයි ) ටවුම විතරනෙ. අනික් සේරම එහෙමමයි. අනික හම්බන්තොට වැඩ කරන්නෙ තංගල්ලෙ, බෙලි අත්තෙ මිනිස්සු. ඉතින් හම්බන්තොට උන්ට තවත් මල. ඒකයි ඔච්චර අඩු උනේ මම හිතන්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා