සුන්දර ඉංගිරිසි - 2: ඉරේ රැස් හ‍ඳේ රැස් - අඬන බේබි බකල බුස්

ඉංගිරිසිය අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ උපන් දවසේ ඉඳලාමයි. අලුත උපන් බිිළිඳා මුලින්ම අහන වචන අතර බ්ලඩ්, ගෝස්, සූචස් වැනි ඉංග්‍රීසි වචන ඇති.

දැන් කාලෙ නම් සමාජයේ තිබෙන්නේ ඉංග්‍රීසි වන්දනාවක් නේ. ඒ නිසා සමහර සිංහල මව්පියෝ කැමතියි, දරුවන් සිංහල වෙනුවට ඉංග්‍රීසි කතා කරනවා නම්. ඒ නිසා දැන් දරුවන්ට බහ තෝරවන්නේත් ඉංගිරිසියෙන්.

නෝටි කියන්නේ සිංහල වෙච්ච ඉංග්‍රීසි වචනයක්. එය ළදරුවන් ඉන්න අම්මලාගේ හුරතල් භාෂාවේ සුලබව යෙදෙන වචනයක්. ළදරුවාට බබා කියන වදන භ‍ාවිතා වෙනවා. එය සිංහල ළදරු බසට ඇවිත් තිබෙන්නේ ඉංග්‍රීසියෙන්. බබා හෝ බාබා කියන්නේ මමා, පපා වගේ ළදරු කටින් උච්චාරණය කරන්න පහසු වදනක්.

නැපි නම් ඉංග්‍රීසි වදන ආරියවංශ රණවීර කවියා සිය කවියක යෙදුවේ මෙහෙමයි:

සුදු සුදු නැපි
ඇස හැපි හැපි
බිළිඳකු ඇති 
බව පවසති

ලංකාවේ පුද්ගල නාමකරනයේදීත් බබා යෙදෙනවා. බබානිස්, කිරිබබා, බබාහාමි, බබුන් වගේ ම බේබි, බේබිහාමි, බේබිනෝනා ව‍ගේ පුද්ගල නාමත් තිබෙනවා.

අරාබි නිසොල්ලාසය සිංහලට පරිවර්තනය කරද්දී බාබා යන අරාබි වචනය බබා කියා යෙදූ නිසා ලංකාවේ අලි බබා කියා චරිතයක් ඉන්නවා. පුංචි වගේ හිතන් ඉන්න ලොකු අයටත් අලි බබාලා කියනවා. හැබැයි 'බබා උක්කුං' යන යෙදුමෙන් බිඳී ආපු 'බබා හුකුං' කියන යෙදුම නම් තිබෙන්නේ හමුදාවල අය අතර භාවිතා වන මිලිටරි භාෂාවෙයි. 

බබාලා ලොකු වුණාම ඉස්කෝලෙ යනවා. ඉස්කෝලෙ හැදුනෙ ස්කූල් කියන ඉංග්‍රීසි වදනින්. හල් සයන්නෙන් පටන් ගන්න ඉංග්‍රීසි වචන සුඛෝච්චාරණය වෙනුවෙන් සිංහලයෝ ඉයන්නක් ඉස්සරහින් යෙදුවා. හැබැයි, ඉංගිරිසි වන්දනා කරන අය ඉස්කූල් කියලා උච්චාරණය කරන අය ගොඩයින් කියා හෙළා දකිනවා.

අපි පුංචි කාලෙ ඉස්කෝලෙ සම වයස් යහළුවන්ගෙන් ඉගෙන ගත්ත විහිළු කවි සිංදු අතර මේ වගේ ඒවාත් තිබුණා.

ඒබීසීඩී - මාළු කඩේදී
නැන්දට ගැහුවේ - පානදුරේදී

වන්සපෝන ටයිම් - සීය බිව්ව වයින්
ආච්චි ගැහුව පයින් - ඇඳ යට්ටම ගොයිං

අපේ පංතියේ හිටපු ගෑනු ළමයි මෙන්න මෙහෙම සිංදුවක් කියලා සෙල්ලමක් කළා.

වෝට බකට වෝට
පෙමයි ලේඩි වෝට
ඉරේ රැස් හ‍ඳේ රැස්
අඬන බේබි බකල බුස්

ළමයි මෙහෙම හදාගෙන තිබුණ මුල් සිංදුව මොකක්ද දන්නවාද?

Draw a bucket of water
For my lady's daughter
One in a rush and
Two in a rush and the
First old lady pops under

අපේ ළමයි වෝට බකට සිංදුව කිව්වේ ඉංග්‍රීසි තාලෙට නෙමෙයි. අපේම තාලෙකටයි.





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. දේශපාලනයට වඩා කොච්චර ලස්සන දේවල් තියෙ ද ලියන්න.

    ReplyDelete
    Replies
    1. දේශපාලනය යනු කසල ගොඩක් බව අමුතුවෙන් කියන්න ඕනැද?

      Delete
  2. ඒවී සුරවීරගේ කෙටිකතාවකත් මේ වගේ ඉංගිරිසි නර්සරි රයිම් එකක් වෙන ට්වින්කල්, ට්වින්කල් කවිය සිංහලෙන් ගායනාවක් ඝැන දැක්වෙන බව මතකයි.

    (ට්වින්කල්, ට්වින්කල් එකේ ඉන්දියානු ගයනා විලාශ රාශියකින් යුතු ක්ලිප් එකක් යූ ටියුබයේ තියෙනවා)

    ReplyDelete
  3. දේශපාලන ලිපි කියවා මෙතෙක් කලක් කතා නැතුව හොරෙන්ම ගියා. ඒ මම අකැමති මාතෘකාවක් නිසයි. මේ ලිපිය අගෙයි, රහයි. මෙවැනි ලිපිත් අතරින් පතර ලියනවානම් අපූරුයි.

    ReplyDelete
  4. 1.බොහෝ ගැහැණු ළමයි දේශපාලනය ට අකැමති ඇයි?
    2. කතන්දර කාරයා දේශපාලනය ට අකැමති කසල ගොඩක් නිසා යැයි ඉහත කියා ඇත ගැහැණු ළමයි දේශපාලනය ට අකැමතිත් ඒ නිසාමද?
    3. ගැහැනියක වන අරුණි ශපිරෝ දේශපාලන ලිපි ලිවීමට කියවීමට අකමැත්තක් නැත්තේ වුවද දේශපාලන ලිපි ලියන පැරා අරුණිට අකමැති ඇයි?
    4. දීප්ති අරුණි ගේ ලිපි ත්‍රිමාණ එකේ දාන්නේ ඇයි?.දීප්ති යනු දෙයක් නිසාද?//දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?//
    5. දේශපාලන විරුද්ධ මත දරණ කෙනෙක් දාන ඕනෑම කොමෙන්ට් එකකට ඇනෝ ඇවිත් Cyber-bullying කිරීම වාමාශික මිනිස් කම සොයා යාමේම උපක්‍රමයක්ද?
    6. දේශපාලනය යනු කසල ගොඩක් යැයි ක.කා කීවද කකාගේ බොහෝ ලිපි කක්කා චූ ගැන කියවෙන කසල ඝනයට අයත් බව කැපිටල් අකුරින් කොමෙන්ට් දාන ඇනෝ කෙනෙක් හැමදාම කියන්නේ ඇයි.
    7. දේශපාලනය ගෑවී නැති අහිංසක හුරතල් පෝස්ට් එකකට දේශපාලනය ගාවා ගත් නිසා බ්ලොග් බලන නංගිලා මාත් එක්ක තරහ වෙයිද?
    8.සයිලන්ට් සහන් කෝ......?
    9. යකා යනු කවුද?
    10. පැරා ජෙප්පන්ගේ "අපේ දැක්ම" ගැන ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. "5. දේශපාලන විරුද්ධ මත දරණ කෙනෙක් දාන ඕනෑම කොමෙන්ට් එකකට ඇනෝ ඇවිත් Cyber-bullying කිරීම වාමාශික මිනිස් කම සොයා යාමේම උපක්‍රමයක්ද?"

      මට අත්තටම මේ ගැන දුකයි. මොකද මම මේක කරන්නේ ම නැහැ. ඒක මගේ ප්‍රතිපත්තියක්. ඒත්, මට ඒක ඔප්පු කරන්න බැහැ.

      මේකට විසඳුම ඇනෝ කමෙන්ට් නවත්වන එකයි.

      Delete
    2. 4. I supposed Deepthi is The one who got certain amount of reachable access to the knowledge by the time now in the country.

      Delete
    3. 1. දේශපාලනය විහිළුවකි. එකෙක්වත් හරියට කරන්නේ නැත. ඒ නිසා ආදරය, අනාගතය, අරපිරිමැස්මෙන් ජීවිතය ඉදිරියට ගෙනයාම යෙහෙකි කියා ගෑණු ළමෝ සිතති.

      2. කතන්දර කාරයා යනු කසල ගොඩකි. තමනේ බ්ලොගය වේසාකමේ යොදවන කියවන්නන්න්ගේ පහත් අවලම් හැඟීම් කුප්පමින් තම හිට්ස් ගොඩ වර්ධනයවනු දකිමින් සතුටුවන කුප්පීදුවෙකි.

      3. අරුණි ශපිරෝ අද කාලයේ තමන්ගේ ෆැන්ටසියක හිරවී මගේ චූන් මටම චූන් යනුවෙන් කියමින් ඒ ආතල් එක කඩන අයට බනිමින් ඉන්න අම්මණ්ඩි කෙනෙකි. මෙලෝ රහක් නැත.

      4. දීප්ති කුමාර ගුණරත්න යනු පාරාජිකාවූ, පීචං වූ, කිසිදු දැක්මක්, හර පද්ධතියක්, සැලැස්මක් නැති ඔහේ පාවෙන බුවෙකි.

      5. ඇනෝ ලා මෝඩයින් නොවෙත්. අපහාස කරන ඇනොලා මෝඩ ආතල් ගන්නෝය.

      6. කකා ඉපදී තියෙන්නේ කක්කා පිටවන මාර්ගයෙන්. අනෙක් ස්වභාවික මාර්ගයෙන් නෙවෙයි. ඒ නිසා කකාගේ තියෙන්නේ කක්කා ගති. කකා කියන්නෙත් කාවා කියන්නෙත් එකෙක්.

      7. එවැනි නංගිලා ස්වයංවින්දනය සඳහායි ඉඳහිට බොරු තරහ ගන්නේ. උන් කැමතියි කකාගේ පඩ චූ ජංගි කතා ලෙවකන්න.

      8. සයිලන්ට් සහන් යනු උසස් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන මනෝ ලෝකයක අතරමංව අද මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු තත්වයේ ඉන්න මෝඩ අහංකාර බුවෙකි.

      9. යකා යනු මං පොර ලෙඩේ උපරිමයට තියන උගේ මෝඩ මත වලට අකමැති අයට ඉඩ නොදෙන කාලකන්නි බුවෙකි.

      10. පැරාගෙන්ම අහගන්න.

      Delete
    4. Ano aiiye Shapiro ge article 1 ka,content 1 te gamak denna balamuko....content1ta critique parak demuko.. man hoyanawa mate ahuwenne ne...

      Delete
    5. ඔයාට වැරදිලා සයිලන්ට් සහන් ගේ අලුත්ම අවතාරය යකා .දෙන්නටම ලූස් .දෙන්නම ලැජ්ජා නහර කපාගෙන.

      Delete
    6. මේකයි මල්ලී.... අපි අංශක 180කින් වෙනස් උනත්... දේශපාලන විරුද්ධ මත දරණ කෙනෙක් දාන ඕනෑම කොමෙන්ට් එකකට ඇනෝ ඇවිත් Cyber-bullying කිරීම වාමාශික මිනිස් කම සොයා යාමේම උපක්‍රමයක් කියලා තමයි හිතෙන්නේ....

      කකාගෙ ලිපි ත්‍රිමාන එකේ යන්නෙ නැති නිසා කකා පොරක් නෙවෙයි...... ත්‍රිමාන එකේ කාගෙ හරි ලිපි යනව නම් එයා තමයි පොර.....

      සුද්දගෙ පුක ලෙවකාගෙන වරායෙ මළකඩ කඩලා ඒකෙන් එන ඇඟේ අමාරුව යන්න කාලක් ක්‍රියා කරගෙන.... හිතේ අමාරුව යන්න ලංකාවෙ ඉන්න එවුන් දෙතුන් දෙනෙකුට බැන්නාම මට පට්ට සැපක් තියෙන්නෙ...... 180ව කැලේ...

      Delete
    7. සහන් සහ යකා එකෙක් යැයි සිතීම මුලාවකි. මේ දෙදෙනාගේ සමානකම්වලට වඩා වෙනසකම් බොහෝය.

      Delete
    8. @ උදිත
      මා දේශපාලනයට අකමැති බව මෙහි කියා නැත.

      ඔබ මෙහි ඇනෝ ඇවිත් කමෙන්ට් කරනවා යැයි පැරකුම්ට වක්‍රව චෝදනාවක් කර ඇති බවත් එයට පැරකුම් දී ඇති පිළිතුරත් දැක්කා.

      මෙවැනි කතාවක් විටින් විට ඇනෝවෙක් මගේ බ්ලොගයේද ලියනවා. එනම් එක්කෝ මට යම් කිසි ආකාරයක හොඳක් කියන කමෙන්ටු හෝ මට බණින ඇනෝලාට විරුද්ධව වැටෙන ඇනෝ කමෙන්ටු හෝ මවිසින්ම දානවා යැයි අදහසක් ඒ ඇනෝවා ඉස්මතු කරනවා.

      අය සාවද්‍ය බව අමුතඔවෙන් කිව යුතු නෑ.

      නමුත් මගේ ප්‍රශ්නය නම් මෙලෙසෙ ඔබට හිතුණේ ඇයිද යන්නයි?

      ඇත්තටම ඔබ එසේ කරන නිසාද? නැතිනම් එලෙස කළ යුතු යැයි සිතී ඇති නිසාද?

      Delete
    9. @කතන්දර කාරයා
      ක.කා ඔබ දේශපාලනයට අකමැති බව මෙහි කියා නැත ඔබ කියා ඇත්තේ දේශපාලනය යනු කසල ගොඩක් බව අමුතුවෙන් කියන්න ඕනැද? යනුවෙනුයි. ඉතින් ඔබට දේශපාලනය යනු කසල ගොඩක් නම් කසල ගොඩවල් වලට කැමති කවුද?
      //ඔබ මෙහි ඇනෝ ඇවිත් කමෙන්ට් කරනවා යැයි පැරකුම්ට වක්‍රව චෝදනාවක් කර ඇති බවත්//
      නැත මා වක්‍රව පැරකුම් එසේ කරනවා යැයි කියා නැත. ඒ පැරකුම් කියා මම කියන්නේ නැත.දීප්තිගේ x කණ්ඩායමෙන් 2004 කැඩී ගොස් සිටින නඩයේ දැන් පැරකුම් හේත්තු වී සිටින පිරිසෙන් කෙනෙකු මට කරන Cyber-bullying වලට සම්බන්ධයැයි මම සිතමි.
      උදාහරණයකට //AnonymousMarch 10, 2014 at 9:11 AM
      ඉහත ඇනෝ සුද්දගෙ පුක ලෙවකාගෙන වරායෙ මළකඩ කඩලා ඒකෙන් එන ඇඟේ අමාරුව යන්න කාලක් ක්‍රියා කරගෙන.... හිතේ අමාරුව යන්න ලංකාවෙ ඉන්න එවුන් දෙතුන් දෙනෙකුට බැන්නාම මට පට්ට සැපක් තියෙන්නෙ...... 180ව කැලේ..//

      මේවා මට අනුව Cyber-bullying පැරා ට මේ අභාෂය හුරු නෑ කියල මම දන්නවා මම ඔබ කියන අයුරින් පරකුම සැක කරන්නේ නැත.
      //ඇත්තටම ඔබ එසේ කරන නිසාද? නැතිනම් එලෙස කළ යුතු යැයි සිතී ඇති නිසාද?//
      මම කිසිම දිනක Ano කොමෙන්ට් කර නොමැති අතර මට ව්‍යාජ නම් වලින් profile ද නොමැති බවද වගකීමෙන් කියමි.

      Delete
    10. ස්තුතියි උදිත. දැන් පැහැදිලියි!

      Delete
  5. work while you work
    play while you play
    and that's the way
    to be happy and gay

    ඒ කවියේ අන්තිම පදය ඉස්කෝලෙන් පිටතදී අපි මෙහෙමයි කිව්වේ.

    'ගිහිල්ලා හැපියන් ගෑනියෙක්ගේ ඇඟේ'

    row row row your boat - gently down the stream
    merrily merrily merrily merrily - life is what a dream

    මේ කවිය මගේ ලොකු දුව අවුරුතු තුනේ හතරේ කාලයේ කිව්වේ මෙහෙම

    රෝය රෝය බෝට් - ජෙල්ලි දඩා ටීම්
    මෙල්ලි මෙල්ලි මෙල්ලි මෙල්ලි - ලයිපි බටා ඩීම්

    ReplyDelete
    Replies
    1. ඔය work while you work පොයම් එක හරිනම් තහනම් කරන්න ඕනේ මොකද ඒක සමලිංගිකත්වය ගැන කියවෙන එකක් හින්ද...!

      Delete
  6. අලි බාබ කියල අරාබියෙන් කියන්නෙ අලි නම් වූ ගෘහ මූලික පිරිමියට. ඒ අලි බාබ සිංහලේදි අලි බබා වෙලා පොඩි උන්ගෙ හුරතලෙක් වෙනව. අරාබියෙදි අලිබාබ කියනව වංචාකාරයන්ටත්. ඒත් එතනදි වංචාකාරයෙක් නොවුන අහිංසක අලිබාබගෙ නම තමයි හම යන්නෙ.

    කේරලේ අදටත් "බේබි" කියන නම ගෑණු පිරිමි දෙගොල්ලන්ටම පාවිච්චි කරනව.

    කම් කම් බූරු යෙස් සිඥ්ඥෝරේ පස්සෙ වෙනස් වෙලා තීන හැටි පේනවනෙ.

    මේ ලිපි දැක්කමනම් හිතෙනව පැරා ජනප්‍රිය සහ ආදරණීය ගුරුවරයෙක් වෙන්න ඇති කියල හිතනව ළමයි අතරෙ.

    ReplyDelete
  7. ඔබගේ බ්ලොග් එකේ හොඳ ලිපි පලවී තියෙනවා. වැරැද්දක්, නිවැරදි කරන්න හිතුවා. සිංහල භාෂාවට පෘතුගීසි සහ ලන්දේසි භාෂාවලින් වචන එකතුවී තියෙනවා. ඉස්කෝලෙ යන වචනය එකතු වන්නෙ පෘතුගීසි භාෂාවෙ escola යන වචනය සිංහල ඌරුවට. ඕනෙනම් Google translate වලින් මෙහි හරි වැරැද්ද සොයා ගන්න පුලුවන්. තවත් මෙවැනි වචන තමයි සපත්තු (sapato), අල්මාරිය (armário)

    ReplyDelete
    Replies
    1. ඇයි කලිසම්, කමිස ,කුස්සිය ,හෝරාව ,පාන් අපි ඉංග්‍රීසි වලට වඩා වැඩිහරියක් භාවිතාකරන්නේ පෘතුගීසි සහ ලන්දේසි

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා