සුන්දර ඉංගිරිසි - 3: දුෂ්කර බන්ධන හා නෝනිසමේනියාව

ගිය සතියේ මම සිංග්ලිෂ් කවියක් ලිව්වා. ඒක ලිව්වේ සිංහල අකුරෙන්. සිංග්ලිෂ් කියන්නේ සිංහලයි ඉංග්ලිෂුයි කලවම් වුණ භාෂාවට. මේ විිධියට දෙමළයි ඉංග්ලිෂුයි කලවම් වුණ භාෂාවට කියන්නේ ටැංග්ලිෂ් කියලායි. පසුගිය දිනවල ජනප්‍රිය වී තිබුණු 'වයි දිස් කොලවරි, කොලවරි ඩී' සිංදුව ටැංග්ලිෂ්. කොලවරි කියන්නේ මා අසා ඇති විධියට අධික කෝපය යන තේරුම දෙන වචනයක්. මෙතැන ඩී කියන්නේ අඩී කියන එක.

මේකයි මම ලියපු කවිය:

ඩොක්ටර් ක්‍රිස් නෝනිස් ඉස් ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ශ්‍රී ලංකන් එක්ස්පැට්‍රියේට් ස්ටාර්
හී කැන් ස්පීක් ඉංග්ලිෂ් සෝ එලක්වන්ට්ලි ලයික් අ ඩයමන්ඩ් ඉන් ද ස්කයි.
අයි ඩෝන්ට් නෝ මේ ලෝකෙ දෙයක් එයාගේ වෙදකම් ගැන
බට් හී කැන් ස්පීක් ඉංග්ලිෂ් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ්

වෙන් හී ස්පීක්ස් ඉංග්ලිෂ් ලයික් ක්වීන්ස් එලකියුෂන් මාස්ටර්
අපේ ඇ මයිල් කෙළින් වෙනවා ය.
ආෆ්ටර් දැට් වී ස්පීක් අබවුට් හව් හී ස්පීක්ස්
අන්ටිල් වී ඉජකයුලේට්  හව් සොමි ඉට් ඉස්

නෝ ප්‍රොබ්ලම් දෝ වී ඩොන්ට් අන්ඩස්ටෑන්ඩ් මේ ලෝකෙ දෙයක්
ඇක්චුවලි හිස් වර්ඩ්ස් ආ පට්ට හිස්
ඒත්, හී ස්පීක්ස් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ්
යූ නෝ හී කැන් ඊවන් බ්ලේම් ඉන් ඉංග්ලිෂ්

ඉංග්ලන්ඩ් ඉස් ප්‍රෝ එල්ටීටී බට් යූ ‍නෝ ඉංග්ලිෂ් ඉස් වෙරි පොෂ්
දැට් කන්ට්‍රි ඉස් අයිඩියල් ටු මයිග්‍රේට් සම්හව් 
සේ යූ ආ ටෝචර්ඩ් බයි ශ්‍රී ලංකන් පොලිස්
ලැබෙනවා නම් වීසා කොහොම වුණත් මක්කෙයි

ඉංග්ලන්ඩ් ඉස් ද හෙවන් වන් ඩේ වී පුනරුත්පත්ති ආෆ්ටර් දිස් ආත්මෙ
ඉංග්ලිෂ් ඉස් ද ලැංවිජ් ද සුරංගනාවො ස්පීක්
දැට්ස් වයි වී ලව් ඉංග්ලිෂ් සෝ මච්
ඇන් හේට් ඉට් ටූ බිකස් වී කාන්ට් ස්පීක් දිස් ෆකිං ලැංවිජ් ලයික් සුද්දාස්

ඒක ලියන්න හේතු වුණේ පසුගිය දිනවල ලංකාවේ සිදු වුණ දෙයක්. දොස්තර ක්‍රිස් නෝනිස් කියන එංගලන්තයේ විදේශ සේවයේ සිටින ලාංකික මහත්තයාට සුද්දාට වඩා හොඳට ඉංගිරිසි කතා කරන්නට පුළුවන් ය කියා  ලංකාවේ ඇතැම් අය අදහස් පළ කරන්නට පටන් ගත්තා.

දොස්තර කෙනෙකු වන නෝනිස් මහත්තයා බරසාර ඉංගිරිසි වචන භාවිතා කරමින් ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන මානව හිමිකම් චෝදනා ගැන ආණ්ඩුවට පක්ෂව කළ අදහස් දැක්වීම්වලදී බොහෝ අය වර්ණනා කළේ ඒ මහත්තයාගේ ඉංගිරිසියයි.

මේ බර වචන ලිවිල්ල ලංකාවේ ඉංගිරිසි උගත් ඉහළ පංතියේ පිස්සුවක්. සාමාන්‍යයෙන් මේ පංතියේ ඉන්න අය යමක් ලියනකොට ම එය ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට නො තේරෙන ලෙස ලියන්නට ඔවුන්ට අවශ්‍යයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇත්තෙන්ම ඒ ලේඛන සුද්දන්ටත් නො තේරෙන විහිළු බවට පත් වෙනවා.

වැඩි දෙනෙකුට තේරෙන සරළ ආකාරයෙන් ලියන්න පුළුවන් දෙයක් සීමිත පිරිසකට තේරෙන දුෂ්කර බසකින් ලියන එක ඕනෑම භාෂාවක විිහිළුවක්. ලංකාවේ ඉංගිරිසි සාහිත්‍යය එතරම් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක් නො වන්නටත් මේ තත්වය හේතු වන්න ඇති. භාෂාව ගැන ඕනෑවට වඩා අවධානය යොමු කරන්න ගියාම නිර්මානයක තිබිය යුතු සෙසු වටිනාකම් ගිලිහෙනවා. .

නෝනිස‍මේනියාව ගැන උපහාසාත්මක කවිය ලියැවුණ මගේ බ්ලොගයේ අදහස් දක්වපු පාඨකයෙක් මෙහෙම කිව්වා. "මම හිතන්නෙ නෝනිස් මහත්තය හිතන් ඉන්නෙ දන්න ලොකුම බර වචන දාල ප්‍රතිවාදියට සැරෙන් බැන්නම, එයාගෙ පොයින්ට් එක ඔප්පු වෙනවා කියල ද කොහෙද.

"මේ 'බර කඩ්ඩ' හීනමානෙ තියන හැටේ දශකෙ මැන්ටල් අයින් කරලා, සුද්දො එක්ක ඇත්තට සාර්ථක බිස්නස් එකක් කරන බිස්නස් කාරයෙක්ට වගේ කියවල ලියව ගත්ත නම් උනත් මේ කතාවෙ මීට වඩා ඉම්පැක්ට් එකක් තියේවි. එහෙම උන් දන්නව සුද්දන්ට ඔය වික්ටෝරියන් කඩ්ඩ ලොකු නෑ, තමන්ගෙ අදහස කියවන එකාට පුලුවන් තරම් ලේසියෙන් යන්න ලියන එකයි වැදගත් කියලා."

මේ ඉංගිරිසි වන්දනාව වාමාංශිකයන් අතරත් බරපතල විධියට තිබෙනවා. වතාවක් අපට උවමනා වුණා දේශපාලන කණ්ඩායමක් ලෙස අප මුහුණ දීපු ප්‍රශ්නයක් ගැන තානාපති කාර්යාලවලට ලියුමක් ලියන්න. මං ඉතින් අදාළ කාරණය සරළව කෙටියෙන් සඳහන් කරලා ලියුමක් ලිව්වා. අපේ වාමාංශික නායකයා ලියුම ප්‍රතික්ෂේප කළා. එයාට හිටියා ඉංගිරිසියෙන් උගත් කොළඹ ඉහළ මධ්‍යම පංතික සගයෙක්. වාම නායකයාට ඕනැ වුණේ ඔහු ලවා බර වචනෙන් ලියුම ලියවා ගන්නයි. හැබැයි, ඒ ලියුම තාම ලියැවුණේ නැහැ.

ජනරළ වාමාංශිකයන් අතරට විහිදෙන පත්තරයක් නේ. ඉංගිරිසි ගැනත් වාම අදහසක් අපට තිබෙන්න ඕනැ. අපි ඉංගිරිසි භාවිතා කරන්නේ එය අ‍පත් ලෝකයත් අතර පාලම වන නිසායි. ඒ වගේම, මෑත කාලීනව ලැබුණු භාෂාවක් වුණත්, ඉංගිරිසිය දැන් අපේ සංස්කෘතික උරුමයක්. සියවස් දෙකකට වැඩි කාලයක් තිස්සේ අප ගොඩනගා ගත් අපේ ම ඉංගිරිසි උරුමයක් අපට තිබෙනවා. එය අපේ මුල් භාෂාවන් වන සිංහල හා දෙමළ සමගත් සම්බන්ධයි. මේ කොලමින් මම උත්සාහ කරන්නේ ඒ උරුමය හඳුනා ගන්නයි. ඒ වගේම අපේ ඉංගිරිසි උරුමයෙන් ලෝකයට දායක වන විධිය ගැනත් අපි අවධානය ‍යොමු කළ යුතුයි.

ඒ වෙනුවෙන් මුලින් ම කළ යුතුව තිබෙන දෙය තමයි, ඉංගිරිසිය වන්දනා කිරීම නවත්වන එක. ඒ අව් අස්සේ මෙන්න මෙහෙම දෙයකුත් වුණා.

ඉංගිරිසි ටියුෂන් මාස්ටර්ලා අතර තිබෙනවා, එක්තරා අපූරු පුරුද්දක්. ඒ තමයි, කොහෙන් හරි හොයා ගත් දුෂ්කර බන්ධනයක් ළමයින්ට උගන්වලා, එය පාසලට එවලා එමගින් ගුරුවරුන් අපහසුවට පත් කර තමන් පොර වීම.

පසුගිය දවසක ළමයෙක් had had had had had had කියා හය පාරක් යෙදෙන වාක්‍යයක් අරගෙන ඇවිත් එහි තේරුම ඇහුවා. ඇත්තෙන් ම එහි විරාම ලකුණු යොදා තිබුණේ නැති නිසාත්, තවත් ව්‍යාකරණ ගැටලුවක් නිසාත් එහි තේරුමක් තිබුණේ නැහැ.

මේ ගැන අන්තර්ජාලයෙන් සෙවීමේදී මට එවැනි වාක්‍යයක් ලැබුණා. James, while John had had "had", had had "had had"; "had had" had had a better effect on the teacher. 

මේ වාක්‍යයේ had වචනය නව වරක් යෙදෙනවා. එහි සාමාන්‍ය පරිවර්තනය මෙසේයි. ජෝන් හැඩ් කියා යොදා තිබුණු තැන ජේම්ස් හැඩ් හැඩ් කියා යොදා තිබුණා. හැඩ් හැඩ් කියා යෙදීම ගැන ගුරුවරයා තුළ වඩා හොඳ හැඟීමක් ඇති වුණා.

මේ ගැන වැඩිදුර සොයා බලද්දී තවත් මේ වගේ දුෂ්කර බන්ධනයක් ගැන දැන ගන්න පුළුවන් වුණා. ඒ අනුව  Buffalo buffalo Buffalo buffalo buffalo buffalo Buffalo buffalo කියන්නේ තේරුමක් තිබෙන ඇමරිකානු ඉංගිරිිසි වාක්‍යයක්.

ඒ කොහොමද? බෆලෝ කියන වචනයට තේරුම් තුනක් තිබෙනවා. එකක් අප කවුරුත් දන්න මී හරකා. බෆලෝ කියා නගරයක් ද ඇමරිකාවේ තිබෙනවා. ඒ වගේ ම ඇමරිකානු ඉංගිරිසියේ බෆලෝ කියා ක්‍රියාපදයක් ද තිබෙනවා. එහි තේරුම කාට හරි කරදර කිරීමයි. ඒ අනුව කල්පනා කර මේ වාක්‍යයේ තේරුම අපට ලියලා එවන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. වතාවක් එංගලන්තේ සුද්දෙක් මගෙන් අහනවා "
    ඇයි ලංකාවේ අය නිතරම ' දැට් බගර් දිස් බගර්', 'දැට් බගර් බ්ලැගාර්ඩඩ්' වගේ පරණ වචන පාවිච්චි කරන්නේ කියලා..
    මිනිහා කියනවා ඒව එංගලන්තේ ව්‍යවහාරයෙන් අයින් වෙලා සැහෙන කල්ලු...අනේ මන්ද නෝනිස් මහත්තයාටවත් බැරිවෙයිද මේ ගැන හොයලා බලලා කියලන්න!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. find what they need,
      understand what they find; and
      use what they find to meet their needs.

      Delete
  3. ඉතින් පැරා ඔයා හින්ගලෙන් කරන්නෙත් ඒකමනේ. ඔයා නෙමෙයි සමාජවාදී බ්ලොග් ලියන උනුයි, ඒ අදහස් තියෙන කොමෙන්ට්ස් දාන කාඩර් වරුයි දෙගොල්ලම කරන්නේ එකෙම දෙයක්. සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන මොකක්දෝ හින්ගල බාසාවකින් වනනවා. ඔහේලගේ ඔය පනිවිඩේ සාමාන්‍ය මිනිස්සුන් අතරට ගෙනියන්න තිබුනා. සාමාන්‍ය බස් වහරෙන් අදහස් උදහස් පොරකාස කොලා නම්.

    ReplyDelete
    Replies
    1. ඒයි මාතලන් ඇනෝ පාරක් දන්න ගිහින් මට්ටුයි නේද?
      මේ එක නෙමෙයි ඔයාට නොතේරෙන සමාජවාදීන් නිතර භාවිතා කරන වචන සෙට් එකක ලයිස්තුවක් දාන්නකෝ. එතකොට අපිට පුළුවන් ඔයාට ඒ වචන අතඇරලා බබාට වගේ කියල දෙන්න.

      Delete
    2. බුදු හාමුදුරුවොත් කියල තියෙනව,බුද්ධාගම ගැලපෙන්නෙ,බුද්ධිමත් අයට කියල.ඒ වගේ තමය් සමාජවාදයත් තේරුම් ගන්නෙ බුද්ධිමත් අය විතරය්.

      Delete
    3. පුක තමයි... පුක යනු කුණුහබ්බයක් නොවේ.. සංසාරයේදි ඇනෝ දමා නැත. ප්‍රෝෆයිල් ඇති උන් කොන්ද පණ නැති කමට ඇනෝ ආවාම හිතන්නේ. උන් සිතනා ආකාරයටමය. බුදු දහම අදන බුද්ධිමතුන් දැක ගන්න පුළුවන් පෝය දව්සක දවල් කෑමෙන් පස්සේ පන්සලක් පැත්තේ ගියාම. පඩ ඇර ඇර කපලා දොයි.. ටෙම්පරරි නිවන් ගිහින් වෙන්ඩ ඇති.

      Delete
    4. \\සමාජවාදයත් තේරුම් ගන්නෙ බුද්ධිමත් අය විතරය්.\\
      බොරු කියන්න එපා බන් ඒකේ අනෙක් පැත්ත වෙන්නේ.ඒ කියන්නේ සමාජවාදය තේරෙන්නේ මෝඩයන්ට විතරයි.

      Delete
    5. හා හා මාතලන්ට එක එක ඒවා කියන්න එපා එයා ඩාස් කැපිටාල් කියලා පොතකුත් කියවලා තියෙනවාලු .ඉන්ග්‍රීසිත් පුලුවන්ලු

      Delete
    6. අපොයි ඔව් මාතලන් අපි වගේ කසිප්පු බීලා පාරේ බස් වල ජැක් ගහගෙන යන හිගන්නෙක් නෙවෙයි සිරා පොරක් ඉහල පන්තියට ආදරය කරන පොරක්

      Delete
  4. වරක් අපට ලැබුණ පැවරුමක් වුනේ ප්‍රතිජීවක බෙහෙත් (Antibiotics) viral ආසාදන සඳහා භාවිතා නොකළ යුතු බවත්, ඒවා බැක්ටීරියා ආසාදන සඳහා පමණක් භාවිතා කල යුතු බවත්, නිසි පරිදි භාවිතා නොකිරීමෙන් ඇතිවන අනිසි ප්‍රතිපලත් ඇතුලත් පිටු දෙකක ලිපියක් ලිවීමයි. නමුත් සැබෑම ගැටලුව එය 6 වන ශ්‍රේණියේ කියවීමේ මට්ටමෙන් ලිවිය යුතු වීමයි.

    Microsoft Word reading grade මේ සඳහා උපයෝගී කරගත හැකියි. ඔබත් උත්සහ කර බලන්න.

    මෙන්න අධිරාජ්‍යවාදී ඇමරිකාවේ සරල ඉංග්‍රීසි ලිවීමේ නිතිය. කියවා නැත්නම් පැරාට වුනත් කියවා බැලීම වටීවි.
    http://www.plainlanguage.gov/howto/guidelines/bigdoc/fullbigdoc.pdf

    ReplyDelete
    Replies
    1. thanx. 4 the link. interesting

      Delete
    2. Read the paragraph below...
      and try to understand the meaning.
      Then look for the answer below. Test yourself first.


      'Two individuals proceeded towards the apex of a natural geologic protuberance, the purpose of their expedition being the procurement of a sample of fluid hydride of oxygen in a large vessel, the exact size of which was unspecified.

      'One member of the team precipitously descended, sustaining severe damage to the upper cranial portion of his anatomical structure; subsequently, the second member of the team performed self-rotational translation, orientated in the same direction taken by the first team member.'



      ANY GUESSES WHAT IT IS ALL ABOUT???



      Scroll down to understand :.......in simple English what does this translate to?


      'Jack and Jill went up the hill

      To fetch a pail of water

      Jack fell down and broke his crown

      And Jill came tumbling after!'

      Delete
  5. මේක මෙහෙම තියෙද්දිම පැහැදිලි කරගන්නවාට වඩා හුඟක් පහසුයි අපිට ගැලැපෙන හැටියට පොඩ්ඩක් හදාගත්තම,

    පැරා කියලම තියනවනෙ මෙතන තේරුම් තුනක් තියෙනව කියල. අපි ඒ තුනට සිංහල වචන දාගනිමු.

    බෆලෝ නගරය = එ.ජ.නි.ස

    බෆලෝ හරක් = අපේක්ෂකයින්

    බෆලෝ කරනවා = හිරිහැර කරනවා.

    දන් වාක්‍යයට විරාම ලකුණු දාගමු.

    Buffalo buffalo ,Buffalo buffalo buffalo, buffalo Buffalo buffalo

    ඉංගිලිසි සහ සිංහල වල ව්‍යාකරණ වෙනස් නිසා පරිවර්තනය වූ වචන එක පිලිවෙලය්ටම පිහිටන්නේ නැහැ.එම නිසා සිංහල වාක්‍යයේ විරාම ලකුණු පිහිටන්නේ වෙනත් තැන්වල.

    එ.ජ.නි.ස අපේක්ෂකයින් හිරිහැර කරන එ.ජ.නි.ස අපේක්ෂකයින් ,එ.ජ.නි.ස අපේක්ෂකයින්ට හිරිහැර කරනවා.

    Buffalo (1)buffalo (2),Buffalo (3) buffalo (4) buffalo (5), buffalo(6)Buffalo (7)buffalo (8)

    ඉන්ගිලිසි වාක්‍යයේ වචනයට ඉස්සරහින් තියෙන ඉලක්කමට අදාල වචනයේ පරිවර්තනය එන තැනට සිංහල වාක්‍යයේත් ඉලක්කමක් දැම්මොත්.

    [[ අනෙකුත් ]] එ.ජ.නි.ස (3) අපේක්ෂකයින් (4) [[විසින්]] හිරිහැර කරන(5) එ.ජ.නි.ස(1) අපේක්ෂකයින් (2)[[විසින්]] ,[[ මුලින් කී]] එ.ජ.නි.ස (7) අපේක්ෂකයින්ට (8) හිරිහැර කරනවා(6)

    ReplyDelete
    Replies
    1. Para's weight sometimes too heavy for himself. try to keep upper body straight :))

      Misspell
      Mis use
      Misunderstand &
      Mistakes

      Delete
  6. අපි සුද්දොන්ට සිංහල උගන්නමුද පැරා. මොකද ඒ අදහස ගැන කියන්නේ? ඔය ඉංගිරිසි ගැන පාරම්බාන වෙලේ එහෙම වැඩක් කරානම් නරකක් වෙයියෑ?

    ReplyDelete
  7. සහතික ඇත්ත පැරා. මම ඉන්න රටේ එවුන්ගෙ මව්බස ඉංග්‍රීසි හැබැයි no good කියල කියනව.අපි ඕක ලංකාවෙදි කිව්වොත් එහෙම අපිව මරංකයි ඔය ඉංග්‍රීසි වල අයිතිකාරයො

    ReplyDelete
  8. පැරා, ඔබේ ඊ මේල් ඇඩ්රසය කුමක්ද? එය කොහේහෝ එල්ලුවොත් හොදයි නේද?

    ReplyDelete
  9. Buffalo soldier මතක්වුනා මේක අස්සේ. බෆලෝ සෝල්ජර්ස්ලා කිව්වේ ඒ කාලේ ඇමරිකන් හමුදාවල කළු ජාතික රෙජිමන්ට්වල හිටිය සොල්දාදුවන්ට මගේ හිතේ. වැරදිනම් නිවැරදි කරන්න.

    ReplyDelete
  10. Buffalo buffalo Buffalo buffalo buffalo buffalo Buffalo buffalo කියන්නේ තේරුමක් තිබෙන ඇමරිකානු ඉංගිරිසි වාක්යbයක්.

    ඒ කොහොමද? බෆලෝ කියන වචනයට තේරුම් තුනක් තිබෙනවා. එකක් අප කවුරුත් දන්න මී හරකා. බෆලෝ කියා නගරයක් ද ඇමරිකාවේ තිබෙනවා. ඒ වගේ ම ඇමරිකානු ඉංගිරිසියේ බෆලෝ කියා ක්රිියාපදයක් ද තිබෙනවා. එහි තේරුම කාට හරි කරදර කිරීමයි.

    මෙය තේරුම් ගැනීම මේ විධියට පහසු කරන්න පුළුවන්.

    "Buffalo buffalo that Buffalo buffalo buffalo, buffalo Buffalo buffalo."

    තවත් පහසු කරනවා නම්, "Buffalo bison that other Buffalo bison bully, themselves bully Buffalo bison."

    තේරුම මෙවැන්නක්: බෆලෝ නග‍රයේ වෙනත් මීහරකකුට කරදර කරන බෆලෝ නග‍රයේ මීහරකෙක් කරන්නේ බෆලෝ නගරයේ මී හ‍රකෙකුට කරදර කිරීමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා