W3Lanka විසිලක්ෂයේ සන්ධිස්ථානය

අපේ බ්ලොගය පිටු වෙත පිවිසීම විසිලක්ෂයේ සීමාව පසු කරන්නට ආසන්න ය. (දකුණු පැත්තේ කොලමේ තිබෙන හිට්ස් කවුන්ටරය බලන්න)

එය මහා මංගල්‍යයක් ‍නො වුණත් අපට සතුටකි. අප මෙම බ්ලොගය ආරම්භ කළේ දේශපාලන වශයෙන් අවිනිශ්චිත වකවානුවක අපගේ මැදිහත්වීම පවත්වාගෙන යාම සඳහා ය. අපි සිදු වෙමින් පවතින දේ ප්‍රශ්න කිරීම ද, විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම ද, හොඳ දේ අගය කිරීම  ද කළෙමු. අපි මෙම ‍බ්ලොගය සමග ගොඩනැගුණු සංවාද ඔස්සේ වෙනස් වෙමින් ගමන් කළෙමු. 

මෙම බ්ලොගය වැඩිපුර ලියන්නේ අජිත් පැරකුම් ජයසිංහ වන මා බව සැබෑ ය. එහෙත්, මෙහි තිබෙන සියලු අදහස් මගේ  තනි අයිතියට ගත නො හැක. ඒ වෙනුවෙන් දැනුවත්වත්, නො දැනුවත්වත් තවත් බොහෝ අය සම්බන්ධ වී තිබේ. මම, මා යන යෙදුම් වෙනුවට අපි, අප යන යෙදුම් මෙහි භාවිතා වන්නේ ඒ නිසා ය. 

අප මුලින් ම මෙම ‍බ්ලොගය ආරම්භ කළේ අප විසින් 2009 පෙබරවාරියේදී දියත් කරන ලද w3lanka.com නම් පුවත්, වි‍ශ්ලේෂ්‍ණ හා තොරතුරු වෙබ් අඩවියට සම්බන්ධව එහි ප්‍රවර්ධක බ්ලොගයක් ලෙසයි. එහෙත් පසුකාලීනව අප එම වෙබ් අඩවිය නවතා දැමුවෙමු. බ්ලොග්කරණයේ සුවිශේෂතා ගැන අවධානය යොමු කරමින් මෙම බ්ලොගය සංවර්ධනය කළෙමු. මේ ලියමින් තිබෙන්නේ බ්ලොගයේ 2775වන සටහනයි. දිනපතා ම එය යාවත්කාලීන කිරීමටත්, හැකි සෑම අවස්ථාවකදී ම හොඳ ලිපියක් ලිවීමටත් අපි උත්සාහ කළෙමු. මෙ වන විට16,000කට වැඩි පාඨක අදහස් දැක්වීම් මෙම බ්ලොගයේ පළ වී තිබේ. 

අපට තිබෙන්නේ වාමාංශික දේශපාලන සම්භවයකි. ‍එහෙත්, ගතානුගතික වාමාංශිකයන්ගෙන් අප වෙනස් යයි අප සිතන හේතු කීපයක් තිබේ. ඒවා මෙසේයි:


  • අපි දැඩි ස්ථාවරවල ප්‍රකාශකයෝ නො වෙමු. ඒ වෙනුවට අපි අදහස්වලට  හා සංවාදයන්ට විවෘත වන්නෙමු.
  • අපි වෙනස් වන්නට කැමති ය. වෙනස් නො වී සිටීම අපට වීරත්වයක් නො වේ. එසේම වෙනස් වීම අපට ලජ්ජාවට කරුණක් නො වේ. 
  • අපට සමාජයේ දකින්නට අවශ්‍ය වෙනස, අප තුළ ම නිර්මානය කර ගැනීමට අපි උත්සාහ කරන්නෙමු. 
  • සමාජවාදය යනු කුමන අන්දමකින් හෝ බලය ලබා ‍ගැනීමෙන් පසු ආරම්භ කළ යුතු දෙයක් නො ව අද පටන් අපගේ ජීවිත හා සමාජයන් තුළ භාවිතා කළ යුතු දෙයක්, කළ යුතු අරගලයක් ලෙස සලකමු. 
  • සමාජවාදය සටන් පාඨයක් නොව ජීවිතයේ අංගයක් ලෙස සලකමු. ඒ අනුව ජීවත් වෙමු. 
  • අපි සියලු ආකාරයේ ස්වෝත්තමවාදයන්ට එරෙහි වන්නෙමු. ජාති පමණක් නොව, කුල, පුරුෂ, ලිංගික ආධිපත්‍යයන්ට ද එරෙහිව අරගල කරන්නෙමු. 

සමාජවාදය සඳහා අරගලය දෙපා මුලින් ආරම්භ කළ යුතු බව අපි විශ්වාස කරමු. සමාජවාදීන් ලෙස පෙනී සිටින බොහෝ මිනිසුන්ගේ ජීවිතවල අන්ත ප්‍රතිගාමී ලක්ෂණ අපගේ විවේචනයට ලක් වී තිබේ. අප තවමත් අප දන්නා බොහෝ දේ හෙළිදරව් කර නැත. එහෙත්, සමාජවාදීන් ලෙස පෙනී සිටින මිනිසුන්ගේ ප්‍රතිගාමිත්වය අද දවසේ සමාජවාදය භාවිතාවට ගැනීම සඳහා තිබෙන ප්‍රධාන ගැටලුව ලෙස අපි දකිමු. එබැවින් ධනවාදය සමග මෙන් ම ගතානුගතික සමාජවාදීන් සමග ද සමාජවාදය වෙනුවෙන් අරගලයක් අපට තිබේ. 

සමාජවාදය යනු ධනවාදයට විකල්ප සෙවීමේ අරගලයයි. අපි එහි නියැලී සිටිමු.


පිටු විසිලක්ෂයක් කියැවීම නම් සන්ධිස්ථානය අසලදී අපගේ බ්ලොගය ගැන ඔබගේ අදහස් දක්වන්නැයි අපි ඔබට ආරාධනා කරන්නෙමු. 

බ්ලොග් ලෝකයෙන් පිටතට අපට විහිදෙන්නට උපකාර කරන්නේ නම් කෘතඥ වෙමු. එසේ කරන්නේ කෙසේදැයි අසන අයගෙන් අපි මෙම ඉල්ලීම කරමු. මෙම බ්ලොගය ප්‍රවර්ධනය කිරීම සඳහා මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක අප පිළිබඳ හඳුන්වා දීමක් කරන්නට ඔබට පුළුවන. ඔබගේ මිතුරන්ට අප පිළිබඳව කියන්නට ඔබට පුළුවන. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ඇනෝ කමෙන්ට් වහන්නෙ නැතුව, පොලිටිකල් බ්ලොග් එකක් පවත්වාගෙන යාම ලේසි කාරියක් නොවේ. ඔබ ඒ කාර්‍යය සාර්ථකව කරනව. ඒ ගැන අපේ ගෞරවය ඔබට හිමි වෙනව. මගේ සුභ පැතුම්.

    හැබැයි පැරා, අපි ‍රැම්බෝ වගේ ඔබව පූජ්නීය තත්ත්වයේ තියන්නෙ නෑ. ඔබත් සාමාන්‍ය මනුස්සයෙක්, බොහෝ වාමාංශිකයන් තුල තියෙන, සමාජවාදය ඇදහීමේ අඩුපාඩුව, ඔබතුලත් අඩු, වැඩි වශයෙන් තියනව. ඒක පේන්නෙ, පෙරහැරේ යන ඔබට නෙමෙයි, නරඹන අපටයි. ඒත්, බොහෝ වාමාංශිකයන්ට වඩා නම් , සාපේක්ෂව ඔබ මැදහත් පුද්ගලයෙක්.

    ඒත් වැරද්දක් දැක්කොත් අපි නෙලනව, අර කෙමෙන්ට් කපාපු පෝස්ට් එකේ වගේ. අපි කැත වචන කියන්නෙ නැ, හැබැයි නෙලනව. ඒ වගේම අවශය වෙලාවට, අපේ සහයෝගයත් ඔබට ලැබෙයි


    ReplyDelete
    Replies
    1. ලිබරල් වාමංශිඛMarch 23, 2014 at 9:06 PM

      පැරා,
      ඔබට කලුතර බෝසමිදු පිහිටෙන් ඉදිරියේදි බ්ලොගයෙ පිටු වෙත පිවිසීම 33න්කෝටියේ සීමාව පසු කිරිමට මෙ ආත්මභාවයේදිම හැකියාව ලැබෙවා !

      Delete
  2. හදවතින්ම සුභපැතුම් සහෝ! දිගටම ලියන්න.

    ''You may say I'm a dreamer
    But I'm not the only one
    I hope someday you'll join us
    And the world will be as one''

    JOHN LENNON
    "Imagine"

    //Imagine there's no heaven
    It's easy if you try
    No hell below us
    Above us only sky
    Imagine all the people
    Living for today...

    Imagine there's no countries
    It isn't hard to do
    Nothing to kill or die for
    And no religion too
    Imagine all the people
    Living life in peace...

    You may say I'm a dreamer
    But I'm not the only one
    I hope someday you'll join us
    And the world will be as one
    Imagine no possessions

    I wonder if you can
    No need for greed or hunger
    A brotherhood of man
    Imagine all the people
    Sharing all the world...

    You may say I'm a dreamer
    But I'm not the only one
    I hope someday you'll join us
    And the world will live as one//

    ReplyDelete
  3. සුභ පැතුම් පැරා....!!!

    මතවාදීව කුමන අදහසක් දැරුවත්, සිංහල බ්ලොග් කලාව තුල තම මතය වෙනුවෙන් පෙනී සිටීමත්, විශේෂයෙන්... පාඨක අදහස් දැක්වීම නිදහස්ව තැබීමත්, අවශ්‍ය අවස්ථාවන්වලදි ඊට ඔබේ ප්‍රතිචාර දැක්වීමත්, නවතම ජනමාධ්‍ය ක්ෂේත්‍රයක් වන, පුරවැසි මාධ්‍යකරණය තුල කිහිප අවස්ථාවකදි සම්මානයට පාත්‍ර වීමත්, අනෙකුත් බ්ලොග් කරුවන්ටත්, අළුතෙන් මේ මාධ්‍ය හා එකතුවන්නන්ටත් ආදර්ශමත්ව කටයුතු කිරීමත් ඉහලින්ම අගය කරමි.

    සුබ අනාගතයක් පැරා.....!!! :)

    ReplyDelete
    Replies
    1. දවසේ කතාව !!

      " සුබ අනාගතයක් පැරා ... !! "

      Delete
    2. //දවසේ කතාව !!// ????????

      අනේ ද කියන්නේ ......!

      Delete
  4. කොහොම වුනත් ඔයත් හිට්ස් ප්‍රේමියෙක් කියන එක තේරුණා.

    ReplyDelete
    Replies
    1. බල්ලන් මරා හෝ හිටිස් ගැනීම අප‍ගේ අරමුණ නො වේ.

      එහෙත්, බ්ලොගය ජනප්‍රිය කර ගන්නට අපි උපරිම උත්සාහ ගන්නෙමු. මන්ද, අප වෙහෙස වන්නේ අපගේ සංවාදය වැඩි පිරිසක් වෙත ගෙන යාමට ය.

      Delete
  5. 2 Million is a big number. Great.
    To asking visit to visit yo web site friends, relatives..nabours.
    will be more and more visitors..3Mi..4m...and so on....But the society out there where v r living..becomes day by day a muddy path...Meanwhile .U do sexting with yo numbering of visitors as millions.... How do V understand you as a Left PO.activist ? Where do u access as a activist in Praxis..or conceptually.. cos' the Path will be terrible muddy....

    You believe that more you collected visitors.... More you are........
    What a kind of left is it...? that is more interesting...
    GO>>>>Para.....GGooooo
    Go.........Para.....Goooo.........F..a..aaaaar...ster..................another...18mil......more.........faster...........Co..........moooooo..ne.

    u no vat i meen. )):

    ReplyDelete
  6. සුභ පැතුම් !!!
    අරමුණ නොවෙනස්ව දිගු ගමනකට...

    ජය වේවා!!!

    ReplyDelete
  7. බුදු අම්මෝ හිට්ස් නේද?
    මරුටියට පැස්ටෝල් වෙනුවට දාන්න වුනත් පුළුවන් නේ!

    ජෝක් කෙසේ වෙතත් මගේත් සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. EE RISI YA DA

      Delete
    2. කතන්දර තමන්ගේ හිට්ස් ගැන මෙහෙම කැල්කුලේට් කරනවා,

      //අදවන විට ඇති හිට්ස් සංඛ්‍යාව = 1,868,000
      ඔබේ ඉලක්කය = 2,000,000
      ඉලක්කයට දුර = 132,000
      දවසකට ලැබනෙ හිට්ස් සංඛ්‍යාව 1,000 යැයි සිතමු.
      ඉලක්කටය දුර = දින 132 = මාස 4.4 යි//

      (කතන්දර කාරයා,12 March 2014 11:10)

      තමාට සතුටක් දැණු බවත් කියනවා.

      සති කීපයක පස්සේ කතන්දරම තවකෙකුගේ බ්ලොගයට ඇවිත් හිට්ස් වලින් මරුතියට පැට්ට්‍රෝල් ගහගන්නා ලෙස කියනවා.

      බලන්න මහත්වරුනේ ලංකාවේ ආශ්චර්යය ඔස්ට්‍රේලියාවටත් හිගින් තියන ලස්සන! කුජීතයි නේද මහත්වරුනේ.

      Delete
    3. 'කාර් එක' නොකියා 'මරුතිය' කියවුනේම හීන් ඉරිසියාවක් තමංගෙ සමාජ තත්ත්ව සංසන්දනේ කොරලා වත් සමනය කොර ගන්න හදන නිසාදෝ කියා මටත් සිතිනි.

      හිතේ අමාරු ඇතැම් විටකදි කටින් එලියට එන්නෙ කියන්නාද නොදැනී.....

      Delete
    4. ඔන්න පැරා ඇවිල්ලා ඇනෝ කොමෙන්ට් එකක් දාලා....

      Delete
    5. ඇයි ඔයා කතන්දරද ?

      Delete
    6. අර කැල්කියුලේෂම කලේ ගුඩ් ඇනෝවෙකු ගේ ඉල්ලීමක් නිසාය.

      මරුටිය කියා ලීවේ එය මේ බ්ලොග් එකේ නිතර කියවෙන වදනක් නිසා ජෝකාකාරයෙනි.

      ස්තුතියි.

      Delete
    7. ''ජෝකාකාරයෙනි'' මේ සිංහල වල ඕස්ට්‍රේලියන් වර්ෂන් එකේ වචනයක්ද?

      Delete
    8. එය අළුතින් වාත්තු කළ වදනකි. තාමත් උණු උණුය. අල්ලන්න එපා, දිය පට්ටා එයි!

      කෙසේ වෙතත් ඔබට අදහස තේරුණා නේද?

      එයයි භාෂාවකින් වචනවලින් වෙන්නට අවශ්‍ය.

      වහරනු සෙරෙන් සපයා!!!

      Delete
  8. 2.million paninawath ekkama, hondata pressure karala dura vidapang..manala, shakyatha warthawak ganin, watinawa idiriyata...)).

    ReplyDelete
  9. දකුනෙන් ඕවටේක් කරාට කාරි නෑ පැරා මැද ලයින් එකේ යං .!! ජයවේවා !!

    ReplyDelete
  10. ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
    ෴3Lanka විසිලක්ෂයේ සන්ධිස්ථානය෴
    ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

    ජොලි හලෝ !


















    ReplyDelete
  11. දිප්ති ගැන ලිපි ටිකෙන් වැඩෙ ඉක්මන් උනා නෙව, නැත්තං 2015 තමයි

    ReplyDelete
  12. Comparison to the Pitiduuve Siridamma. you are nothing man.
    but to abandon is too old....

    ReplyDelete
  13. This is my comment. about you.

    Your ignorance is nonethical
    You understand only what you need.
    Your writings mostly express in negative form.
    Your pattern of thinking is..some times too cynical.(but in particular things it's ok. but yours are beyond that amount.

    අපි වෙනස් වන්නට කැමති ය. වෙනස් නො වී සිටීම අපට වීරත්වයක් නො වේ. එසේම වෙනස් වීම අපට ලජ්ජාවට කරුණක් නො වේ.

    How many million visitors you need to break this....අප තවමත් අප දන්නා බොහෝ දේ හෙළිදරව් කර නැත ( to reveal ) do you speak about you knowledge..????? or something like that.

    don't try to protect yo virginity..so long, when ur mature enough let it happen....first time would be..bit curious.& bit painfull. but then is going on...come on..

    Get well Soon.




    ReplyDelete
  14. Here is a little song I wrote
    You might want to sing it note for note
    Don't worry be happy
    In every life we have some trouble
    When you worry you make it double
    Don't worry, be happy......

    Ain't got no place to lay your head
    Somebody came and took your bed
    Don't worry, be happy
    The land lord say your rent is late
    He may have to litigate
    Don't worry, be happy
    Lood at me I am happy
    Don't worry, be happy
    Here I give you my phone number
    When you worry call me
    I make you happy
    Don't worry, be happy
    Ain't got no cash, ain't got no style
    Ain't got not girl to make you smile
    But don't worry be happy
    Cause when you worry
    Your face will frown
    And that will bring everybody down
    So don't worry, be happy (now).....

    There is this little song I wrote
    I hope you learn it note for note
    Like good little children
    Don't worry, be happy
    Listen to what I say
    In your life expect some trouble
    But when you worry
    You make it double
    Don't worry, be happy......
    Don't worry don't do it, be happy
    Put a smile on your face
    Don't bring everybody down like this
    Don't worry, it will soon past
    Whatever it is
    Don't worry, be happy

    ReplyDelete
  15. What does it mean by W3 ...?.

    wish u kind enough to reply.

    ReplyDelete
    Replies
    1. W3Lanka means Lanka in World Wide Web

      Delete
    2. Naive question walata vitharai umba chandiya wage photo1th, ekkama answer karanne neda...? .

      Delete
    3. @AnonymousMarch 24, 2014 at 12:26 PM
      ඇයි උඹට අවුල්ද ? නැත්නම් පෙත්ත ගත්තේ නැද්ද?

      Delete
    4. @AnonymousMarch 24, 2014 at 12:26 PM
      එයි උඹට ඉංග්‍රීසියි සිංහලයි දෙකම හරියට බෑ නේද?

      Delete
    5. mata aulak ne... api ahna ewatath monahari kiyapang.

      Man Pls.. name a just singe one...ONLY...A ONE......who can deal with both

      without Para....

      Delete
    6. What's wrong with you? What do you mean by //Man Pls.. name a just singe one...ONLY...A ONE......who can deal with both// It seems you really need some medical attention. Get well soon

      Delete
    7. Don't ask this question from your visitors. because of course, THEY ARE. otherwise millions of web sites...more to visit.
      Cool.

      Delete
    8. Look beyond what you see….. Of course, there are millions of websites. So then happy journey :-)

      Delete
    9. That is correct.There, where you are not Cynical, So..come on..ahead...Misspelling, Grammer and then through content....Sounds good.

      Delete
    10. ''That is correct.There, where you are not Cynical, So..come on..ahead...Misspelling, Grammer and then through content....Sounds good''
      වඳුරු කුණුහරුප කියන්නේ මේවට වෙන්න ඕන

      Delete
  16. ශුභ පැතුම්!

    ReplyDelete
  17. සුබ පැතුම්

    ReplyDelete
  18. උඩ දාලා තියන ෆොටෝ එක පැරකුම් හිට්ස් කවුන්ටරේ දිහා බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙන මොහොතේ ගත් උඩුකය චායාරූපයක් නේද?

    ReplyDelete
    Replies
    1. සතෙක් වගේ හැසිරෙන්නේ නැතුව මොලයක් ඇතුව කොමෙන්ට් කරපන් බන්

      Delete
    2. හා මචං...

      Delete
    3. ඒ ඡායාරූපය දුටු විට මට නම් හිතුණේ එය තමන්ගේ දරුවෙක් වඩාගෙන ඉන්නා විට ගත් එකක්ය කියායි!

      Delete
    4. කතන්දර හරි. නියම සෙන්ස් එක.

      Delete
    5. එයින් හැඟෙන්නේ මොන මොන වෙනස්කම් තිබුණත් අප දෙදෙනාම තාත්තලා බවයි!

      Delete
  19. පෑරා සුභ පෑතුම්. ගිය සතියේ පෑරාව දෑක්කනෙ මම, para full busy, big match එකට. කතාකරන්න ගියේ නෑ ඒකනිසා.

    මතුගම කොල්ලෙක්

    ReplyDelete
  20. මම 2009 පැරා W3lanka පටන් ගත්ත දවස් වල ඉදල කියවනව, මට W3 ගැන කිව්වෙ පැරගෙ මිත්‍රයෙක්, "W3lanka කියල බ්ලොගක් පටන් ගන්නව ඒක කියවපන්, යාළුවන්ටත් ලින්ක් එක දියන් කිව්ව" මම එදා ඉදල තාම W3 කියවනව, මගේ කාර්යාලයෙ මිත්‍රයො නම් මේ වගේ පොලිටිකල් දේවල් කියවන්න කැමති අය නෙවෙයි. ඒත් මම දන්න අයට මේ ගැන කිව්ව.
    යහපත් වූ දියුණු සමජයක් ගොඩ නැගීම උදෙසා පැරා ගනු ලබන උතසාහය මම අගය කරනව.
    සුභ පැතුම්!

    ReplyDelete
  21. Congratulations.....!!!
    Socialism is not just seeking alternatives for capitalism.

    ReplyDelete
  22. උදුරා ගනිව් නායකත්වය
    උගනිව්
    සරලම දේ උගනිව්
    තොප යුගය එළඹ ඇත
    උගැනුමට පමා නැත!
    උගනිව් අ-යනු ආ-යනු
    ඒ මදි බව සැබවි
    එහෙත් උගනිව්
    හෝඩිය!

    අධෛර්යවත් නො වව්
    දියත් කරව් නැණ නැව
    කරව් තරණය
    විදු සයුර අපරිමිත
    උදුරා ගනිව්
    නායකත්වය
    අනාථය, හදාරව
    අනාථාගාරයෙහි!
    සිරකරුව, හදාරව
    බන්ධනාගාරයෙහි!
    ගෘහණියනි, හදාරව
    කුස්සියෙහි!
    හැට පිරුණත් හදාරව!
    ඉහට වහලක් නැතත්
    සොයා යව් විදුහල!
    ගත වෙවුලන සීතලෙන්
    මොළවව් ඥාණ අග්නිය
    සා පිපාසා පහරත
    ගනිව් පොත සුරතට
    එය යි තොප ආයුධය
    උදුරා ගනිව්
    නායකත්වය
    නො බා විමසව් සොයුරනි!
    නො විකිණෙව් උන්ට.
    බලා තමා දෙස
    නොදත් බව දැන ගනිව්
    හොය හොයා නො දත් දේ
    රැස් කරව් ඥාන ධන
    උදුරා ගනිව්
    නායකත්වය

    ReplyDelete
  23. හතවතින්ම ඔබට මගේ සුබ පැතුම් මිත්‍රයා..

    ReplyDelete
  24. වැඩි වැඩියෙන් ලියන්න වාසනාව උදාවේවා !.

    ReplyDelete
  25. පැරා මම ඔබගේ බ්ලොගය කියවන කමෙන්ට් දාන කෙනෙක්. ඔබ හිතන විදිය භාශා විලාසය තර්කාන්විත බව අපූරුයි. ඔබට ජය

    ReplyDelete
  26. කියෙව්වට අද තමයි මතක විදිහට කමෙන්ටුවක් දාන්නෙ ,සුභ පැතුම් මේ කඩ ඉමට
    ජයවේවා!!!

    ReplyDelete
  27. ''''''''''''''''''''''''''''''''''suba pathum para'''''''''''''''''''''''''''''''''''''''''''''''

    mata nam me rate inna bayagullo athare umba porak

    indika

    ReplyDelete
  28. සුබ පැතුම් පැරා...

    ReplyDelete
  29. මම සම්බන්ධ මොකක් හරි සමාජ වැඩක් ගැන දෙයක් ප්‍රසිද්ධ කර ගන්න ඕන උනොත් මම ඉස්සෙල්ලම කියන්නේ අජිත් ට. ඔබ අන්තර්ජාලය තුල අපට සිටිනා 'රාවය' වේ! සුභ පැතුම්!
    වංගීස

    ReplyDelete
  30. තමන් දරන මතවාදය වෙනුවෙන් නිර්භයව පෙනී සිටීම උදෙසා සහ සියලුම ගැරහුම් අපවාද , අගයකිරීම වැනි ගල් සහ මල් සමසිතින් උපේක්ෂා සහගතව දරාසිටීම උදෙසාත් පිරි නැමුණු මේ ජනතා (පාඨක ) සම්මානයට උණුසුම් සුබපැතුම් පැරා මහතාණෙනි

    ReplyDelete
  31. වැඩේ දිගටම ඇදගෙන යන්න අපෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  32. කතිකාවේ ජීවය දිගටම දිනපතාම පවත්වා ගැනීමට සුබ පතමි

    ReplyDelete
  33. සොරි පැරා. හැම තිස්සෙම සයිට් එක ෆෝන් එකෙන් බලනව. කොමෙන්ට් කොටන්න බෑ. මාත් කියන්න හිටියෙ වන්ගීස කියපු අදහසමයි. අන්තර්ජාලෙ 'රාවය' විදියට තමයි මාත් w3lanka දකින්නෙ. ඊටත් වඩා තනියම විකල්ප ජීවන විලාසයක් ප්‍රොමෝට් කරන්න හදන සටනක්. දිගටම ලියපන්. ජයවේවා!
    නිශාන්ත

    ReplyDelete
  34. සුබ පැතුම් මචන් ....... !!

    උදිත

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා