W3Lanka විසිලක්ෂයේ සන්ධිස්ථානය
අපේ බ්ලොගය පිටු වෙත පිවිසීම විසිලක්ෂයේ සීමාව පසු කරන්නට ආසන්න ය. (දකුණු පැත්තේ කොලමේ තිබෙන හිට්ස් කවුන්ටරය බලන්න) එය මහා මංගල්‍යයක් නො වුණත් අපට සතුටකි. අප මෙම බ්ලොගය ආරම්භ කළේ දේශපාලන වශයෙන් අවිනිශ්චිත වකවානුවක අපගේ මැදිහත්වීම පවත්වාගෙන යාම සඳහා ය. අපි සිදු වෙමින් පවතින දේ ප්‍රශ්න කිරීම ද, විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම ද, හොඳ දේ අගය කිරීම ද කළෙමු. අපි මෙම බ්ලොගය සමග ගොඩනැගුණු සංවාද ඔස්සේ වෙනස් වෙමින් ගමන් කළෙමු. මෙම බ්ලොගය වැඩිපුර ලියන්නේ අජිත් පැරකුම් ජයසිංහ වන මා බව සැබෑ ය. එහෙත්, මෙහි තිබෙන සියලු අදහස් මගේ තනි අයිතියට ගත නො හැක. ඒ වෙනුවෙන් දැනුවත්වත්, නො දැනුවත්වත් තවත් බොහෝ අය සම්බන්ධ වී තිබේ. මම, මා යන යෙදුම් වෙනුවට අපි, අප යන යෙදුම් මෙහි භාවිතා වන්නේ ඒ නිසා ය. අප මුලින් ම මෙම බ්ලොගය ආරම්භ කළේ අප විසින් 2009 පෙබරවාරියේදී දියත් කරන ලද w3lanka.com නම් පුවත්, විශ්ලේෂ්‍ණ හා තොරතුරු වෙබ් අඩවියට සම්බන්ධව එහි ප්‍රවර්ධක බ්ලොගයක් ලෙසයි. එහෙත් පසුකාලීනව අප එම වෙබ් අඩවිය නවතා දැමුවෙමු. බ්ලොග්කරණයේ සුවිශේෂතා ගැන අවධානය යොමු කරමින් මෙම බ්ලොගය සංවර්ධනය කළෙමු. ම...