ජිනීවාහි සිදු වන දේ

ජිනීවාහි සිදු වන දෙය පිළිබඳ සාමාන්‍ය නිරීක්ෂණයක් ඔස්සේ දැකිය හැකි තත්වයක් වන්නේ මේ වන විට සිදු වන ක්‍රියාවලිය පිළිබඳ ලංකාවේ ආණ්ඩුව මෙන් ම දෙමළ ඩයස්පෝරාවත් අතෘප්තිමත් බවයි. 

දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය ලංකාවේ ආණ්ඩුවට පමණක් එරෙහිව යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කර රජයේ හා හමුදාවේ නායකයන්ට එරෙහිව උපරිම පියවර ගන්නට ය. 

ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය නීතියෙන් බේරී සිටීමටයි. තමන් අතින් සිදු වූ වැරදි පිළිබඳ සොයා බලනවාට ලංකාව අකැමැති ය. 

එහෙත්, මේ දෙක ම සිදු වන්නේ නැත.

යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් සිදු වනවා නම් සිදු වන්නේ ආණ්ඩුවට මෙන් ම කොටි සංවිධානයට ද එරෙහිව ය. එසේ සිදු විය යුතු ය. 

එසේම, දෙමළ ඩයස්පෝ‍රාවට අවශ්‍ය අරාජික තත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ලංකාවේ නිර්මානය කර ගන්නට ද බැරි ය.

ජාත්‍යන්තර සංවිධාන කටයුතු කරන්නේ බලවත් රටවල උවමනාවන්ට පමණක් නො වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධ ක්‍රියාවලි තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, යහපාලනය, සංවර්ධනය, දිළිඳුකම දුරලීම, පරිසරය ආරක්ෂා කිරීම වැනි ලංකාව ද එකඟ වී තිබෙන ජාත්‍යන්තර සම්මුති රැසක් එහි තිබේ. එම සම්මුති හා බලවත් රාජ්‍යවල උවමනා එපාකම් අතර ගැටුම් තිබෙන බව සත්‍යයකි. එහෙත්, එහෙම වුණාය කියා අපටත් ඒවා උල්ලංඝනය කරන්නට අවසර තිබිය යුතු ය කියා ශිෂ්ට සමාජයක් විසින් ඉල්ලා සිටින්නේ නැත. 

රාජ්‍යයන්ගේ ක්‍රියාකාරිත්වයන් ජාත්‍යන්තරව පිළි ගත් සම්මුති අනුව සිදු විය යුතු ය.  

ජිනීවා සම්බන්ධයෙන් මැදිහත් වන රාජ්‍ය, රාජ්‍ය නො වන හා සිවිල් බලවේග සියල්ල මේ පිළිබඳ අවබෝධයකින් කටයුතු කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අනුන්ගේ වරදක් පෙන්වීම තම වරද සාධාරණීකරණය කිරීමට ක්‍රමයක් ලෙස සිතන මිනිසුන් සිටින තාක් කල් එය නම් ලේසි නැත.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. wachane...AAvedaneeya sathuta. hari watinawa oka.

      Delete
  2. සටන් පැවති කාලයේ වෙච්ච ස්ත්‍රී දූෂණ ගැනත් හොයලා නිසි දඬුවම් දෙන්න පුලුවන්නම් හොඳයි. මොකද ගැටුම්කාරී තත්වය වැරදි කරන්න හේතුව වෙන්න බෑ. ඒකත් මානව හිමිකම් හා කාන්තාඅ අයිතියට අයත්.

    ReplyDelete
    Replies
    1. මේ මොන විකාරයක්ද? සමාන්‍ය ජනතාව නන්දිකඩල්වල හිරවෙලා හිටපු වෙලාවෙ ඔව්ව කරන්න ගියෙ කවුද? අනික උන් නාලත් නෙමෙයි කාල ගානකින්. තමුසෙ දවල්ටත් බීලද ඉන්නෙ.

      Delete
    2. බස් එකක උනත් සෙනග ටිකක් වැඩි වෙනකොට ගෑනුන්ට හේත්තු වෙලා ආතල් ගන්න ජරා මිනිස්සු ඉන්න රටේ. යුද ගැටුමක් අස්සේ ගෑනුන්ට වෙන දේවල් අහන්න දෙයක්ද? නන්දිකඩවාල් කතාවම නෙවෙයි මම කියන්නේ.

      Delete
    3. ඔයානම් බීලා වෙන්න ඇති මේ කමෙන්ට් එක දැම්මේ ඇසට අසුවන මායිමේ

      Delete
    4. ඒ කාලේ වෙච්ච වෙන මොනවත් හොයන්නේ නැතුව උනත් ස්ත්‍රී දූෂණ ගැන හෙවුවොත් ඇතිවෙයිද? ඇත්තටම එහෙම වෙලා තිබුණනම් වනිතා හඬ මොකක්ද ඒකට යෝජනා කරන දඬුවම?

      Delete
  3. වඩේ දෙමලු තමයි ත්‍රස්තවාදීන් එක්ක ගියේ.. ගිහිල්ලා බෝම්බ බැදන් එකකොට උන්ව හුරතල් කොරන්න ඔය කියන එකෙක් වත් ගියා යෑ.. අර රායප්පු ජෝසප් කියන වල් කුරුස ත්‍රස්තවාදියා සිංහලයන්ට කොච්චර කරදර කරාද?

    ReplyDelete
    Replies
    1. ඇයි රායප්පු ජෝසප්ලට වගේ වෙනත් ජනකොටස් වලට අයිති මිනිස්සුන්ට වෛර කරන්නේ? ඒ මිනිස්සුත් මිනිස්සු.

      Delete
    2. මේක ජාතිවාදී කතාවක්. දෙමළ ජනතාවට වෙන්වීමේ අයිතිය තිබිය යුතුයි. ශ්‍රී ලංකා ඊළම් දෙරටේ සහයෝගීතාවය මතයි ජාතික සමඟිය ඇතිකළ හැක්කේ.

      Delete
    3. උඩ ඉන්න ජාතිවාදිය ආගමික නායකයන්ට ගරු කරන හැටිවත් දන්නෙ නෑ. උඹල දෙමළගෙ ප්‍රශ්නෙ තේරුම් ගන්න කම් මේ එකක්වත් ඉවර වෙන්නෙ නෑ. දෙමලගෙ පිපාසය ඊළම .ඒක දැන ගනිවු

      Delete
  4. පැරා... මාක්ස් නොදකින, ‘අපේ දැක්ම’ නොදකින, සත්‍යය මිනිස් ස්වභාවය කුමක් ද?

    ReplyDelete
    Replies
    1. පැහැදිලි නෑ
      -පැරා

      Delete
    2. පැහැදිලිත් නැහැ. දන්නෙත් නැහැ.

      Delete
  5. දීප්ති කියන්නෙ කවුද කියල දැනගන්නවට වඩා අහමු දකිමු කියන්නෙ කවුද කියල දැනගන්න එක වටිනවා. මොකද ඌ අපේ ව්‍යාකරන වත් හදනවනෙ

    ReplyDelete
    Replies
    1. Vammunta. (feltists) me yakawa nikan eheta giya welikatayak wage ne ban...wakkya 2.3. kata passe.. kohe hari mekaදීප්තිgena kiyanawa...anna e ei..? kiyala kauru ho pehedili karanawada..?sthuthi.

      Delete
  6. පැරා...ඔයාගේ ලිපිය නම් හරිම රසවත්. ඒ වගේම හරිම ගැඹුරුයි. මම දැක්ක උගත් බුද්ධිමත්ම හරවත්ම සංවාදය දැක්කේ ඔයාගේ මේ බ්ලොග් ලිපි මාලාව හරහා බව පවසන්නේ ඔයාව අනවශ්‍ය විදිහට මුරුංගා අත්තේ තියන්න නෙවෙයි.

    ReplyDelete
  7. පැරාට අනුව කාරණය හරිම සරලයි.මේ ජීනිවා කතාවේ ඉතිහාසය බැලුවොත් වසරින් වසර මේ කාරණ්යේ ගලා යෑමත් අනාගතයේ මේ කාරණය මේ ආකාරයෙන්ම පැවතියොත් කෙසේ වෙදැයි සංවාදයකට මුල පුරන්න.

    ReplyDelete
  8. "යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් සිදු වනවා නම් සිදු වන්නේ ආණ්ඩුවට මෙන් ම කොටි සංවිධානයට ද එරෙහිව ය"

    ආ ඈත්තද. දෑන්නේ දන්නේ.
    Thanks කිව්වට

    ReplyDelete
  9. අජිත්,

    අතපය බැඳලා ලිඳට දැම්මම ලිඳ බොරවෙන කතාව මම බැහැර කරන්නේ නැහැ. (කලින් ඔබේ පෝස්ටුවකට / කොමෙන්ටුවකට සම්බන්ධයි ) කෙනෙකුට එල්ටීටීය අරභයාත් මේ තර්කය නගන්න පුලුවන් නේද?

    අනික කැරලි නායකයකුට (= සිවිල් වැසියෙක් ) එරෙහිව යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුධ අධිකරනයට ගේන්න ප්‍රතිපාදන තියෙනවද? රාජ්‍ය නායකයෙක් / නිලධාරියෙකුට එරෙහිව මිස? එහෙම උදාහරන ලෝකයේ තියෙනවද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. අතපය බැඳල ළිදට දාන එක ගැන කතන්දරයක් මම කෑම කාල ඇවිත් දාන්නම්. වැඩි වෙලා යන්නෙ නෑ කැන්ටිමට ගියා කෑව ආව. බලාගෙන ඉඳපල්ල

      Delete
    2. මේ කතාව කියන්නෙ නිකම් රසවින්දනයට. අපේ ගමේ සිරිපාලයට වෙච්ච ඇබැද්දියක්. සිරිපාලය කියන්නෙ අණ්ඩපාලය. ඒ වගේම වාචාලය. කතා කරන්න ගියොත් ඉවරෙයක් නෑ කතා කරලම කෙනෙක් මරනව.ඔන්න සිරිපාලය ගෙයක් බිඳින්න ගිහින් පොලීසියට අතේ මාට්ටු. කවුරුත් හිතුවෙ දැන් නම් සිරිපාලයට කට උත්තර නැතිවෙයි කියල. ඔයින් මෙයින් පොලීසියයි ගමේ උනුයි අමතල දේශනයක් කරන්න සිරිපාලය පොට පාද ගත්තා.කවුරුත් උඩට ගත්ත හුස්ම පහලට හෙළුවේ නෑ.

      කාලය මා නිවැරදි කරාවි. සිරිපාලය කිව්ව. මේ පොලිස් ලොක්ක කියල තියෙනව හොරු තමයි ප්‍රධානම සතුරා ඒ නිසා හොරු හඹා ගොස් අත් අඩංගුවට ගත යුතු බව.ඒක මර්ධනයට සාක්ෂියක්.

      බලපුවම ඇත්ත නේ කවුරුත් කතා වුනා.

      එහා ගමේ කසිප්පු මාටිය පොලීසියෙන් මේ වන විට අත් අඩන්ගුවට අරගෙනයි තිබුනෙ. මම දැන ගත්ත ඊලඟට මාව අත් අඩංගුවට ගන්න බව. මේ සිරිපාලය හතර පෝයටම සිල් ගන්න උපාසකය බව කවුරුත් දන්නවා.

      මේ විදියට සිරිපාලය පැයක් විදියට දේශනය කළා. වාස්තවික තත්වයන් ව්‍යුත්පන්න කොට අපෝහනය කළ යුතු බවයි සිරිපාලයගෙ අදහස. ගෙවල් බින්දෙ සිරිපාලයය කියන එක සමාජය විසින් පටවල තිබෙන මිත්‍යාවක්.ඇත්තටම වෙලා තිබෙන්නෙ සිරිපාලය යම් යම් ක්‍රියාවලට සමාජය හා කාලය විසින් පොළඹවල.ඒක තේරුම් ගන්න හුඟක් පොත් කියවන්න වෙනව.

      මේ දේශනයට අනුව සිරිපාලයට කරන්න දෙයක් නෑ. ඌව අතපය බැඳල ළෛදට දාපු මිනිහෙක් වගේ. ඒ මිනිහ ළිද බොර කරන එකට ඒ මිනිහට බනල වැඩක් නෑ.

      වෙලා තුබ දේ දන්නවද? සිල් ගන්න හිතාගෙන නවගුනවැල අරන් පාරෙ ගිය සිරිපාලෙය පිටිපස්සෙ පොලීසිය එළවල. ඉතින් සිරිපාලෙය ට වෙන කරන්න දෙයක් නෑ. දුවගෙන ගිහින් ගෙවල් බිඳින උපකරන සපයාගෙන බිඳින්න ඔබින ගෙයක් හොයල ඔත්තු බලල හොඳ බයික් එකක් හොයාගෙන ගිණි අවි හොයාගෙන ඒ ගේ බිඳල වටිනා බඩු අරන් එළියට එන කොටම පොලීසියට මාට්ටු වුනා.

      මෙතන වැරැද්ද කාගෙද? පොලීසියට ආයුධ තියාගන්න හොඳ නම් සිරිපාලයට මොකද නරක.

      ඔන්න ඔහොම තර්ක කළාම සිරිපාලය නිවැරදිකාරය කියල හැමෝම දැනගත්තා.හැම පැත්තටම නැවෙන දිවක් සිරිපාලයට උරුම වෙලා තිබුනා.

      Delete
  10. පලි: අතපය බැඳලා ලිඳට දැම්මම ලිඳ බොරවෙන කතාව යනු ජවිපෙ විසින් භීශන සමය පිලිබඳව ඔවුන් නැවත මැතිවරන වලට ඉදිරිපත් වන සමයේ නිරතුරුව කල ප්‍රකාශයක්.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. A gollath oya kagenhari hoyagena thamai kiyanna

      Delete
  11. List A
    Adolf Hitler
    Heinrich Himmler
    Erwin Rommel
    Joseph Goebbels
    Hermann Göring
    Roland Freisler
    Albert Speer

    List B
    MR
    GR
    SF
    Keheli
    BR
    Mohan
    Dulla/Ranjit

    can you see the parallels

    ReplyDelete
    Replies
    1. මේ සේරටම වඩා අපරාධ කරපු දෙමළ නාසිවාදීන් ගෙ නම් එකක් වත් නැද්ද ? දෙමළ නාසිවාදීන්ට විරුද්ධ වුන අයවද උසාවි ගෙනයන්නෙ .මොන විකාරයක්ද මේ

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා