පාසල මිලිටරිකරණයෙන් ගලවා ගත යුත්තේ ඇයි?

රට පුරා සිදු වෙමින් තිබෙන මිලිටරිකරණය පාසල් වෙත විහිදෙමින් තිබෙන ආකාර කීපයක් තිබේ. 

එක් ආකාරයක් වන්නේ විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව ලබා දීමයි. විදුහල්පතිවරුන්ට අවශ්‍ය පරිපාලන, කළමනාකරණ හා අධ්‍යාපනවේදී පුහුණුව ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යව තිබියදී ඒ වෙනුවට හඳුන්වා දී තිබෙන්නේ මිලිටර‍ි පුහුුණුවීම් හා බොරු තරු ය. 

අනෙක් ආකාරය වන්නේ පාසල්වල ශිෂ්‍ය භට අනුඛන්ඩයි.එහෙත් එය අලුත් දෙයක් නො වේ. අනාගතයේ ආරක්ෂක අංශයේ රැකියා සඳහා පිවිසීමට ඇල්මක් දක්වන පිරිස් වෙනුවෙන් පාසල්වල ශිෂ්‍ය භට අනුඛන්ඩ පවත්වාගෙන යාම නරක දෙයක් නො වේ. 

මෙම ශිෂ්‍ය භට අනුඛන්ඩවල ගුණාත්මකභාවය පිරිහීමට මූලික හේතුව නිසි ක්‍රමවේදයකින් තොරව අයෝග්‍ය පුද්ගලයන්ට ශිෂ්‍ය භට බලකායේ නිලධාරි තනතුරු පිරිනැමීමයි. මා කියන මේ දෙය සත්‍ය ද අසත්‍ය ද යන්න ඉතා පහසුවෙන් අධ්‍යයනයක් ඔස්සේ හඳුනා ගත හැකි ය. මා ඉදිරිපත් කරන තර්කය මෙයයි. පසුගිය කාලයේ ශිෂ්‍ය භට නිලධාරීන් බවට පත් වූ ගුරුවරුන් බහුතරය එම කාර්යය සඳහා යෝග්‍ය අය නො වේ. 

ගුරු වෘත්තියේ සිටින ඇතැමුන්ට ශිෂ්‍ය භට බලකාය යනු සිය හීනමානයන්ට පිළියමකි. ශිෂ්‍ය භට බලකායක් පවත්වාගෙන යාමේ අරමුණ අවබෝධ කර නො ගත් මෙම පිරිස් විසින් සිසුන්ටත්, සමස්තයක් ලෙස අධ්‍යාපනයටත් කරන්නේ මහත් හානියකි. මිලිටරිය හෝ අධ්‍යාපනය හෝ යන දෙකෙන් එකක්වත් හරියට නො දත් මෙම පිරිස හමුදා සංස්කෘතිය මුග්ධ ලෙස අනුකරණය කරමින් පාසල්වල විහිළු නිර්මානය කරන ආකාරය සුලබව දැකිය හැකිය. සිසුන්ට කණට ගැසීම, හමුදා වධ බන්ධන පැනවීම, රළු පරළු භාෂාවෙන් ආමන්ත්‍රණය කිරීම ආදිය හරහා පරපීඩක කාමුකත්වය මුදා හරින කේන්ද්‍රයක් බවට පාසල් ශිෂ්‍ය භට අනුඛන්ඩ පත් වී තිබේ.

ගම්පහ බංඩාරනායක විද්‍යාලයේ සිදුවීම මෙම තත්වය ප්‍රකාශමාන වූ අවස්ථාවක් පමණි. හමුදා පුහුණුව ලැබූ කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් සිසුන්ට දඬුවම් කිරීම පිණිස කළුවර කාමරයක් ද පවත්වාගෙන ගොස් තිබෙන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. එය කෙතරම් අස්වාභාවික තත්වයක් ද යත් මම නම් මුලදී එය පිළි ගන්නට ද මැලිකමක් දැක්වීමි.

මුළු මහත් සමාජය පුරාමත් යම් මිලිටරිකරණයක් සිදු වෙමින් තිබේ. එය සිදු වන්නේ එක පැත්තකින් පසුගිය සමයේ රට පුරා ව්‍යාප්ත වූ හමුදා රැකියා හරහා ඇති වූ බලපෑම ඔස්සේ ය. පශ්චාත් යුද සේවාවෙන් පසු සිවිල් රැකියාවලට සම්බන්ධ වූ පිරිස් විසින් හමුදා සංස්කෘතිය ජන ජීවිතය වෙත පතුරවමින් තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකි ය. 

අනෙක් පැත්තෙන් මුළු මහත් සමාජය ම ප්‍රජාතන්ත්‍රවාදයෙන් විතැන් වෙමින් ඒකාධිපතිවාදය කරා ගමන් කිරීම තුළ සමාජය මිලිටරිකරණය වෙත නැඹුරු වීමක් සිදු වෙමින් තිබේ. වත්මන් සමාජය වසා පැතිර යමින් තිබෙන ප්‍රචණ්ඩත්වයේ හා පරපීඩන කාමුකත්වයේ සැබෑ හේතු තිබෙන්නේ සමාජයේ ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳ ගැටලුව තුළ ය.

මෙම තත්වයට විසඳුම තිබෙන්නේ සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, පරිසරය ආදී සාධක පිළිබඳ අධ්‍යාපනයක් ලබා දීම තුළයි. 

පාසලින් සිදු විය යුත්තේ මිලිටරි විනය පුහුණු කිරීම ‍නො වේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, පුරවැසිභාවය, අනෙකාට හා තමන්ටම ගරු කිරීම, සාමූහිකත්වය, කණ්ඩායම් ක්‍රියාකාරිත්වය ආදිය පුහුණු කිරීමයි. 

අද පවතින අධ්‍යාපනයෙන් එවැන්නක් සිදු වේ ද? එය එක පැත්තකින් නිර්දය ලෙස අනෙකා මැඩගෙන ඉදිරියට යන උන්නතිකාමයක් හා මමංකාරයක් ප්‍රවර්ධනය කරන්නකි. අනෙක් පැත්තෙන් එහි අරමුණ වන්නේ සීමාන්තික පාරිභෝජනවාදය සඳහා ඉඩ ප්‍රස්ථා විවර කර ගැනීමයි.

පාසලට යළි ආදරය, කරුණාව හා මිනිස්කම ගෙන ආ යුතු ය. ඒවා පැවතිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයකයි. එබැවින් මිලිටරිකරණය පිටුදැකීම එහි ආරම්භක කොන්දේසියකි. ගුරුවරයා සිසුවාට ආදරය කරන්නෙක් විය යුතු ය. ඔහු විසින් කළ යුුතුව තිබෙන්නේ ළමයා ශික්ෂණය කිරීම මිස මර්දනය කර මිලිටරි විනයකට අනුගත කිරීම නො වේ. සිසුවාගේ නිර්මානශීලී විභවයන් අවදි කරවා ගත හැක්කේ අප කියන ආකාරයේ අධ්‍යාපනයකින් පමණි. 

වත්මන් පාලකයන් අධ්‍යාපනයට කරන විනය තේරුම් ගත හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුව ඔස්සේ ය. ප්‍රතිගාමී ඒකාධිපතියෝ පිරිසක් සිය පැවැත්ම වෙනුවෙන් ජන මනස වහල්භාවයට ඇද දැමීමේ ක්‍රියාවලියක යෙදී සිටිති. පාසලේ සිදු වන්නේ එහි නරක ම ‍පාර්ශ්වයයි. මේ විකෘති කරමින් තිබෙන්නේ අනාගත පරම්පරාවේ මනසයි. ඔබ එය වැළැක්වීම ගැන සිතා තිබේ ද?



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. සම්පූර්ණයෙන්ම ඵකඟයි පැරා. මට අද වගේ මතකයි මගේ පළවෙනි ප්‍රජචාර පාඩම "යුතුකම් හා අයිතිවාසිකම්" ඒ පනස් නමයෙ නැත්නම් අටේ විතර.  ඒ ඒකාලේ.
    චන්දරේ නොහොත් ඉන්දරේ

    ReplyDelete
    Replies
    1. දීප්ති ලොක්කා පැරාට කින්ඩියක් දාලා. පැරා නිවෙසේ තල දර්පන නැති ප්‍රාදේශීය ගුරුවරයෙක්ලු.

      'පසු සටහන

      වදින්නම් මේ ලිපිය ගැන දාර්ශණිකයන්,විශ්ව විද්‍යාල ආචර්යවරුන්, නිවෙස් වල තල දර්පන නැති ප්‍රාදේශීය ගුරුවරුන් සයිකෝසිකයන්, විපරිතයන්, මැදිහත් වන්න නම් එපා. තවමත් ජාතික ගැටලුව සහ ධනවාදය ගැන කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ ජනතා විමුක්ති පෙරමුනේ හිටපු සහ ඉන්න සමාජිකයන්ට මේ ගැන සංවාදයකට එළබෙන්නට පුලුවන.'

      Delete
    2. @AnonymousMarch 5, 2014 at 9:30 PM
      මොකද්ද බන් මිනිස්සු දෙන්නෙක් කොටවල උඹ ගන්න කාලකන්ණි ෆන් එක. අර උඩ 'විපරීතයන්' කියල තියෙන්නේ උඹ වගේ ඩයල් වලට වෙන්න ඇති.

      Delete
    3. @ AnonymousMarch 5, 2014 at 10:11 PM

      උබේ පුක කසනවද ඉතිං? ඒක පැරායි දිප්තියි බලාගනියි. උඹ පැත්තක ඉදං දෙන්න එපා පොන්ස්.


      (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා)

      Delete
    4. @AnonymousMarch 6, 2014 at 7:10 AM
      උඹ කියපු ටික ගැලපෙන්නේ උඹටම තමා

      'උබේ පුක කසනවද ඉතිං? ඒක පැරායි දිප්තියි බලාගනියි. උඹ පැත්තක ඉදං දෙන්න එපා පොන්ස්.


      (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා)'

      Delete
    5. දීප්ති ගැන කිව යුතු දේ අප කියා ඇත. දීප්ති අප සමග සංවාදයට බිය බව පෙනේ. එවැනි පොඩි ළමයින් බිය වැද්දීම නරක වැඩක් නිසා නිහඬ වෙමු.

      Delete
  2. මිල්ටරිකරණය යනු මිලේච්ජත්වය නොවේ..... මිල්ටරිකරණය සංකල්පයකි.... මිලේච්ජත්වය ක්‍රියාවකි....

    ReplyDelete
  3. මේ ලිපියෙ හැම දෙයකටම එකඟ වෙන්න පුළුවන් . ඇත්තටම මම නම් පැරාට මේ තරම් ගරු කරන්නෙ අපි කියන්න ඕන දේ අපට වඩා හොඳට ලස්සනට කියන නිසා.ඔහුත් එක්ක එකඟ වෙන්න බැරි තැනුත් බොහොමයි. මට නම් ඉස්කෝලෙ ගුරුවරය කියන්නෙ බියසැක ඇති කළ චරිතයක්.අපි ඉස්කෝලෙ යන කාලෙ මේ මිලිටරි කතා මොකුත් නෑ.ඒත් ඒ කාලෙ ගුරුවරු ගැන මට ඇතිවුන අප්‍රසාදය කොතරම්ද කියනවනම් මට ගෙවල් ලඟ ඉස්කෝලෙකට උපාධිගුරු පත්වීමක් ලැබිල බාර ගත්තෙත් නෑ.ඒකට වෙන හේතුත් තිබුනා.

    පැරා කලින් ලිපියක ලියල තිබුන දෙයක් මට මතක් වෙනව.අපේ පාසල්වල ගුරුවරු නැත.ඉන්නේ ගුරු පියවරු හා ගුරු මවුවරුය.මමත් කියන්නෙ අපට ගුරු වෘත්තිකයන් හිටියම ඇති කියල.මට නම් අනවශ්‍ය ගෞරවය හිරිහරයක්.මම කාලයක් පන්ති කලා එක් නගරෙක.ඒ පැත්තෙ යන්නත් මහ මොකද වගෙ මට.බස් වල සීට් දෙනව.සමහරු දන ගහල වදිනව.මට නම් ඒක කරදරයක්.පාසල්වලට ආදරය කරුණාව ගෙන ආයුතුයි .හැබැයි අර සිස්ටම් එක නම් ඕනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //මේ ලිපියෙ හැම දෙයකටම එකඟ වෙන්න පුළුවන් //

      //එකඟ වෙන්න බැරි තැනුත් බොහොමයි//

      Delete
    2. "මම කාලයක් පන්ති කලා එක් නගරෙක.ඒ පැත්තෙ යන්නත් මහ මොකද වගෙ මට.බස් වල සීට් දෙනව.සමහරු දන ගහල වදිනව."

      මූ මේ කියල තියන විදියට මූට ඒ ටවුන් එක පලාතෙ යන්න බෑ වගේ නෙ දනගහල වඳින උන් බස් එකේ සීට් දෙන උන් නිසා.... පැරාත් මගෙ හිතේ ටියුෂන් කරනව (නැතත් ඉස්කෝලෙක උගන්නනව නෙ). මෙතන තව ඇති ටියුෂන් කරල තියන උන් .... කවුරුවත් ටියුෂන් ගුරෙක්ට මෙහෙම ප්‍රශ්නයක් තිබුන කියල අහල තියද?

      Delete
    3. හo........ හo....... යකා පරේ යනකොට ගෝලයො දනගහලා වදිනවලු.!!!!!!!!!!!!!!!!!!!!!!!!
      මෙන්න මුගෙ මානසික තත්වය.

      Delete
    4. ඇනෝ @ යකා කියල තියෙන්නෙ මේ ලිපියෙ හැම දෙයකටම එකඟ වෙන්න පුළුවන් ඒත් පැරාගෙ අදහස් වල එකඟ වෙන්න බැරි තැන් බොහොමයි කියලයි.
      පාසල් ගුරුවරුන්ට නම් ඒ තත්වය තිබෙනව.දන ගහල වදිනව කියන්නෙ පාර මැද්දෙ නොවෙයි මෝඩයො. මුන්ට එකින් එක කියල දෙන්න ඕන නෙ.පාසල් ගුරුවරු කියන්නෙ උගන්වන එක හරියට නොකර වෙන වැඩ කරන ගන්න පඩියටත් එක්ක උගෙ දරුවන්ටත් හෙන ගහන එවුන්ට නොවෙයි.හොඳ ගුරුවරුන්ට.

      Delete
    5. යකා කියන්නෙ සයිලන්ට් සහන් කියන අසහන කාරයගෙ අවතාරයක්....

      Delete
    6. කිවුවත් වගේ දෙන්නගේ සමානකම් නම් බොහොමයි. නමුත් යකා සයිලන්ට් හාදයට වඩා වයසින් බාලයි වගේ. ( සයිලන්ට් හාදය අවුරුදු 12 ක පොඩි බබෙක් වගේ, මු අවුරුදු 8ක බබෙක් වගේ)

      Delete
  4. නිතරම මර්ධනය එන්නෙ විනය පිටුපසින්. අපි මෙහෙම කියමු "විනය තම වලිගය වන මර්ධනය සඟවා ගෙන සිටියි" ඉතින් මම දවසක් දැක්කා දෙකට නමල පිටට මිටින් ගහන දර්ශනයක්.මෙවැනි දඩුවම් පාසල් වලට ගැලපෙන්නෙ නෑ.ඒ වගේම හමුදාවෙ දඩුවම් ක්‍රම පාසල් වලට එන එක භයානකයි.ඒක හමුදාවට හරි.අපේ විචාරක තුමා දවසක් කොමෙන්ට් එකක කීව අනේ වෙඩි තියන්නකෝ මොනාද අනේ" ඔය වගෙ ක්‍රම වලට හමුදාව මේන් ටේන් කරන්න බෑ කියල. ඇත්ත.මේක සාපේක්ෂයි .අර දරදඩු සිස්ටම් එක හමුදාවට හරි.ඇත්තටම අපි හැමෝම කැමති යුධ ජයග්‍රහනය ලබන්නත් බෑ ඒ වගෙ දරදඩු සිස්ටම් එකක් නොතිබුනා නම්.ඒ කාලෙ ආමි එකේ කොල්ලො අතර කතාවක් තිබුනෙ ඉස්සරහට ගියොත් ජොනීට (ජොනී බට්ටා )පස්සට ආවොත් ෆොනීට කියල.එහෙම නැතිව එතනට බෑ.

    හැබැයි ඉස්කෝලවලට නම් ඒ ක්‍රමය හරි නෑ.හිතන කොටත් බයයි.

    ReplyDelete
  5. ඔබේ අදහසට මේ ටිකත් එකතු කරන්න කැමතියි. අද ගුරුපත්වීම් ලැබෙන්නේ දේශපාලකයන්ගේ ලැයිස්තු වලින්නේ. ශිෂ්‍යභට බලකායේ නිළධාරීන් ලෙස පුහුණුවට යන්නෙත් ඒ අයයි. මොවුන්ගෙන් බහුතරය මැතිවරණ ප්‍රචාරයේ යෙදුන අය. ඒ කාලයේදී ඔවුන් ඉගෙනගන්න පාඩමක් තමයි හොඳින් හෝ නරකින් ඡන්දය දිනීම. ඉතින් මේගොල්ලෝ ඉස්කෝලේ උගන්නනෙත් ශිෂ්‍යභට බලකායෙන් ලැබෙන නිළය කියන අං තට්ටුව ගන්නෙත් මමයි රජා සංකල්පය හිතේ තියාගෙන. මේ ගුරුවරු මොන වැරැද්ද කලත් මාරු කරන්නවත් බැහැ. අර දේසපාලුවා මොවුන්ව ආරක්‍ෂා කරනවා.

    පාසල් ශිෂ්‍යභට ඛණ්ඩ වලට සිසුන් ගන්නෙත් අමාරුවෙන්. දැන් තියන විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමය නිසා. ඊළඟට ශිෂ්‍යභටයන්ගේ ඔලුව ඉදිමීම වලක්වාගත යුතුයි 'අපි ඉස්කෝලේ සුපිරි වැඩකාරයෝ' යන හැඟීම ඇතිවීම නිසා.

    විදුහල්පතිවරුන්ට දුන් හමුදා තනතුරු නමැති අංතට්ටුවේ සැඟවුණු අදහස මෙයයි. සදාකාලිකවම එක්සත් ජනතා නිදහස් සංධානය බලයේ තබාගැනීම සඳහා, බලය යොදවා ළමයි ඒ පැත්තට නම්මපියවූ කියන එක. ඉතින් ඒ මෝඩ වහන්සේලා ඒ නිළය ඕනෙම පාහර වැඩක් කරන්න පාවිච්චි කරනවා. උන් සතුව හමුදා දැණුමක් නැහැ. (යුධ න්‍යාය හෝ අනෙකුත් න්‍යායාත්මක හමුදා දැණුම) ඉතින් උන් පිස්සෝ, බම්මන්නෝ, බහුබූතයෝ, කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පුරෝහිතයෝ වගේ හැසිරෙනවා.

    ReplyDelete
    Replies
    1. "අද ගුරුපත්වීම් ලැබෙන්නේ දේශපාලකයන්ගේ ලැයිස්තු වලින්නේ."

      මේක වෙන්නෙ මෙහෙමද පැරා? මම නම් දන්න හැටියට දේශපාලකයන්ට ගුරු පත්වීම් දෙන්න බෑ ....

      Delete
    2. ඒ උනාට විචාරක වගේ උදවිය ඒකාධිපති,උද්දච්ච,මිනීමරු පොන්සේකාව කරේ තියං ගියානේද ජනාධිපතිකරන්න? හදිසියේ වත් පොර ජනාධිපති උනානං බලාගන්න තිබ්බා මිලිටරිකරණයේ රඟ.

      Delete
    3. @Ano March 6, 2014 at 7:12 AM ඔයා මොන NGO එකෙන්ද පඩි ලබන්නේ? කෙලින් වැඩකරන මිනිස්සුන්ට පුස්සෝ කවදත් බයයි.

      Delete
    4. ගනන් ගන්න එපා විචාරක. ඔය කෙළින් එන්න බැරි එන්ජීඕ නරියෙක්. ඌට ගෙවන තරමට තමයි වැඩ.

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. මේ බ්‍රේවේ කර්නල්ලා නිසා ලංකාවේ පාසල් පද්ධතියට සිදුවන විනම්බෑසියේ පෙර නිමිත්තක් පසුගිය සතියේ රාවය වාර්තා කළේය. කොළඹ, පාමංකඩ තිබෙන ජාතික ශිෂ්‍ය භට බලකා මූලස්ථානයේ (මෙය පිහිටුවා ඇත්තේද ඊට පෙර පාමංකඩ සංඝමිත්තා විද්‍යාලය නමින් තිබූ කුඩා පාසලක් සඳහා රජයෙන් නිමවූ අලූත් ගොඩනැගිලි අත්පත්කරගෙනය. දැන් ඒ කුඩා පාසල ජරාජීර්ණ ගොඩනැගිල්ලක අපහසු වෙන් පවත්වාගෙන යයි.) ඉදිකිරීමට යෝජිත නව ශ‍්‍රවණාගාරයක් සඳහා ලංකාවේ ශිෂ්‍යභට ඛණ්ඩ ඇති සියලූම විදුහල්වල ශිෂ්‍ය භටයන් එකකු රුපියල් 2500ක වටිනාකමක් ඇති එකක් රුපියල් 100 බැගින්වූ ලොතරැයි ටිකට්පත් විකුණා දිය යුතු බවට ශිෂ්‍ය භට මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ජීබීඩබ්ලිව් ජයසුන්දර දන්වා යවා තිබේ. ලොතරැයි විකුණන්නේ එම මූලස්ථානයේ සේවා වනිතා ඒකකය විසිනි. එහි සභාපතිනිය අධ්‍යක්‍ෂ ජෙනරාල් ජයසුන්දරගේ බිරිඳයි. වාර්තාවන අන්දමට ලංකාවේ පාසල්වල ශිෂ්‍යභට ඛණ්ඩ 1600ක් පමණ තිබේ. එක් ඛණ්ඩයක සිසුන් 25කි. ඊට අමතරව ශිෂ්‍යභට තූර්යවාදන ඛණ්ඩද තිබේ. මේ පසුබිම මත එකතුකරගත හැකි මුදල රුපියල් කෝටියක් පමණ වෙයි. පාසල් දරුවන්ගෙන් මුදල් එකතු කරන්නට එපායැ’යි හතරඅතේ පළිගහන අධ්‍යාපන ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක්දැ’යි පැහැදිලි නැත. අනෙක් අතට ස්ථිර පිරිස් බලයක් නැති, විශාල කාඩරයක් නැති ජාතික ශිෂ්‍ය භට බලකායට ස්ථිර ශ‍්‍රවණාගාරයක් කුමටද?

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. නීතිමය කරණා හේතුවෙන්, පුද්ගලයන්ගේ නම් සඳහන් කරමින් කරනු ලබන අදහස් දැක්වීම් ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  13. එහෙම නීතියක් තියෙන්නෙ කොහෙද?

    ReplyDelete
    Replies
    1. නීතිය කියන්නෙ ඉතින් කෑලෑ නීතිය තමා.... නීතිමය කාරණා කියලා පැරා අදහස් කරේ පිහියට තියන බය......

      Delete
    2. මෙම කමෙන්ටුවල සඳහන් කර තිබුණු චෝදනා ඔප්පු කිරීමට මා අත සාක්කි නැත. එම කමෙන්ටු දමා තිබුණේ ද නිර්නාමිකව ය. ඒ පිළිබඳ අදාළ ආයතනවලට පැමිණිලි කිරීමට පුළුවන.

      Delete
    3. ඔය කොපි පේස්ට් කරලා තිබුනේ රාවයේ ගිය ලිපියක් මම හිතන්නේ.
      මිලිටරි පදයට නටන අපේ දිසාපාමොක්ලා

      Delete
  14. ලංකාවේ මිනිස්සු මිලිටරිකරණයට අවින්ඥනකව හා සවින්ඥනකව එකගයි. ක්‍රමයේ තියෙන අපිළිවෙල හමුදා විනයක් මගින් ක්‍රමවත් වේයැයි ඔවුන් ෆැන්ටසියක ඉන්නවා. පාසල්, විශ්වවිද්‍යයල මිලිටරි කරණයට ඔවුන් අත් දෙකම ඔසවනවා. නිදහස කියන දෙය ලංකාවේ සිංහලුන්ට හිතාගන්න බැරි දෙයක් වෙලා. ඔවුනට ඕන අණදෙන්න රජෙක්, තරු ගොඩාක් තියන ජෙනරාල් කෙනෙක්. ඔවුන් ගේ ආශාව ඔවුනට ලැබී තියෙනවා. පාසල් ඇතුලේ හමුදා අනුකණ්ඩ පිහිටෙවුවත් ලංකාවේ මිනිස්සු මීක් කියන්නේ නැ.

    ඉදිරි පරම් පරාවල් හෝ නිවැරදි කිරීමයි කල යුත්තේ. එකයි අපිට මනස නිදහස් 'ගුරුවරුන්' ගොඩක් වටින්නේ, අපි ඔවුනට ගරු කරන්නේ.

    ReplyDelete
  15. ධර්මරත්නMarch 7, 2014 at 8:47 PM

    සාමාන්‍ය පාසල් මිලිටරි කරනය කරනවා වෙනුවට රට පුරා ඝෘජු මිලිටරි පාසල් 'මහින්ද චින්තනයට' වඩාත් සුදුසු බව අපගේ හැඟිමයි.මොකෝ මහින්දගේ වැඩ සටහනේ අවසානය මිලිටරිකරණය වු රටක් නිසා ඒ වෙනුවෙන් රටේ වෘෂභ ජනතාව පෙල ගැසීම හෝ පෙල ගැස්සවිම වඩා උචිතය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා