නංගියෙක් එක්ක දාපු සමාජවාදී චැට් එක

ඇත්තටම මේ සිස්ටම් එක වෙනස් කරලා හැමේකාටම සල්ලි බෙදිල යන දුප්පත්කම නැතිවෙන ක්‍රමක් හදතෑකි ද?

බැරි වුණොත් මිනිස් කසල නිසා ලෝකය විනාශ වේවි. මිනිස් කසල බවට පත් වෙන දුප්පතුන් නිසා ධනවතුන්ගේ ලෝකයත් විනාශ වේවි. දිළිඳුකමේ සාගර මැද්දේ හදාගන්නා සමෘද්ධිමත් පුංචි දූපත් පවා ය‍ට වේවි. 

ඉතින් ලෝකෙ විනාශ වේවි. ලෝකෙ හැමරටකම දුප්පත්කම තියෙනවා.

ඒ වුණාට ලෝකෙට දුප්පත්කම දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. 

අපේ රටේ ඒ ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනව ද? මට නම් හිතෙන්නෙ අඩු වෙනව කියලා.

විෂමතා වැඩි වෙනවා. තියෙන එකා තව තව හැදෙනවා. නැති එකා කුඩු විකුණනවා. කුඩු ගහනවා. ගංජා ගහලා, කසිප්පු ගහලා මැරෙනවා. 

ඒත් ඔයාත් කාර් එකක් ගත්තා.මම දන්න බොහෝ දෙනා ගත්තා.මධ්‍යම ප්‍රාන්තිකයො ගොඩකගේ ජීවිත අමාරුවෙන් හරි දැන් වෙනස් වෙලා. මැටි ගෙවල් නැති වෙලා. අපේ පැත්තෙ නම් ඇත්තටම තිබ්බ මැටි ගෙවල් දැන් නෑ. කුඩු ගහන එකා ඒක කොහොමත් කරනව නේ. සල්ලි හම්බෙන්න හම්බෙන්න කුඩු ගහනවා.

සමාජ සංවර්ධනයක් වෙනවා. සියලු මිනිසුන්ගේ භෞතික සංවර්ධනයක් වෙනවා. ඒත්, විෂමතා වැඩි වෙනවා. ධනවාදය විසින් ප්‍රවර්ධනය කරන්නේ පරිභෝජනවාදයයි. මිනිස්සු ලැබුණු දෙයින් තෘප්තිමත් නැහැ. ඒ නිසා ධනවාදය විසින් ප්‍රවර්ධනය කරනු ලබන නවීන අවශ්‍යතා පසුපස හඹා යනවා. ඒ වෙනුවෙන් බොහෝ දුක් විඳිනවා. එක රස්සාවක් කළ අය රස්සා දෙක තුනක් කරනවා. විවේකය, විනෝදය වගේ දේ ජීවිතෙන් ඉවත් වෙනවා. ඒක ඒ පුද්ගලයාගේ ජීවිතයට වගේ ම මුළු සමාජයටමත් බලපානවා. ඒ නිසා විෂමතා වැඩි වෙන්න වැඩි වෙන්න, සමාජ අසහනයත් වැඩි වෙනවා

එතකොට සමාජවාදය ආවොත් ඕක හරියයි ද? අනේ අප්පා මට මෙලෝ මඟුලක් තේරෙන්නෑ.

සමාජවාදය කියලා මම කියන්නේ ධනවාදය විසින් මිනිස් ජීවිතයේ ඇති කරන අර්බුදයට විකල්පයක් සෙවීම සඳහා අරගලය. මම කියන දෙය අර සෝවියට් දේශයේ තිබුණු ක්‍රමය ම නෙමෙයි. මම කියන්නේ සමාජවාදය කියන්නේ හුදෙක් රාජ්‍ය බලය අල්ලා ගැනීම පමණක් නොවෙයි. සමාජවාදය අපේ ජීවිතෙන් අද ම පටන් ගන්න පුළුවන් අරගලයක්.

ඒත් ඔයා දවසක් කීවා. අපේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන ස්ටයිල් එක දන්නෑ කියලා. ඔයා ඒ කියපු ලයිෆ්ස්ටයිල් එක මොකක් ද?

ඔව්. උදාහරණයකට ඔයා මීට කලින් මා ගැන කියපු දෙය ම ගනිමු. මට මරුති 800 කාර් එකක් තිබෙනවා. ඒක මි්‍ළ අඩු ම කාර්වලින් එකක්. අපේ ඥාති නීතිඥවරියක් දවසක් මට කිව්වා, ඒගොල්ලන්ගේ බොස් කියනවා ය කියලා මරුති තියෙන අයත් ඒකට කාර් එක ය කියනවා ය කියලා. මේකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් දෙයක් තිබෙනවා, මරුති ගැන තිබෙන සමාජ ආකල්පය ගැන. මම අමාරුවෙන් මරුතියක් ගත්තේ ලංකාවේ පොදු ප්‍රවාහනයේ තිබෙන ගැටලුවෙන් මගේ ජීවිතය පහසු කර ගන්න. එය විසින් පසුගිය කාලය තුළ මගේ ජීවිත කාලයෙන් සෑහෙන පැය ගණනක් මට ඵලදායී දෙයකට යොදවන්න ඉතිරි කර දී තිබෙනවා. ඒත්, මරුති 800 හෝ ටාටා නැනෝ හෝ ත්‍රීවීල් හෝ ඊනියා සමාජ තත්වය සමග අදාළ නැහැ. 

දැන්  මටත් පුළුවන් ඕනැ නම් මේ රැල්ලට අහුවෙලා මරුතියෙන් ජපන් කාර් එකකට මාරු වෙලා ජීවිතේ අමාරු කර ගන්න. ඒ සඳහා මම තව අවුරුදු පහක ණය බරකට නර ගහලා ඒක දරා ගන්න බැරිව දුක් විඳින්න මට පුළුවන්. ඒත්, මෙම තත්වය පිළිබඳ ඉහත කී විග්‍රහය කරගෙන මං තීරණය කළා පුළුවන් දවසක් එනකල් මේකෙන් සතුටු වෙන්න. මෙතන තිබෙන වැදගත් දේ කාර් එක නෙමෙයි. අර විග්‍රහය. අපට කර ගන්න අමාරු‍ වෙලා තිබෙන්නේ ඔය ජීවිත විග්‍රහයයි. 

මම කියන්නේ සමාජවාදය සමාජය වෙනස් කිරීමේ මහා ව්‍යාපෘතියක් විතරක් නෙමෙයි. අපේ ජීවිත ධනවාදී පාරිභෝජනවාදයෙන් ‍බේරා ගැනීමේ ක්ෂුද්‍ර ව්‍යාපෘතියත් සමාජවාදීයි.

සික් මේ වචන

වචන බර වෙන්න පුළුවන්. ඒත්, වැඩේ බරපතල නැහැනේ. දැන් මෙහෙම හිතන්න. මම අන්තිමට ලියපු ක්‍රිස් නෝනිස් කවිය. ඇයි හැමෝම එයාගේ සුදු ඉංගිරිසිය ගැන ඔච්චර උදම් අනන්නේ. මම කියන්නේ අපි අරගල කරන්න ඕනැ අපේ ඉංගිරිසියකටයි කියා. මම කියන්නේ ඒකත් සමාජවාදය සඳහා අරගලයේ ම කොටසක් තමයි. අපි මේ බ්ලොග් ලියමින් විකල්ප අදහස් පතුරුවන්නේත්, තවත් දේ කරමින් නව ජීවන විලාසිතාවක් අත්හදා බලන්නේත් ඒ අරගලයේ ම කොටසක් හැටියටයි.

හ්ම් ඒ සැරේ නම් තේරුනා.මේ ඉන්න ටිකේ ජීවිතේ විදලා මැරිල යනවා මිසක රට ලෝකෙ වෙනස් කරන්න මම හිතල නැහැ. එහෙම මෙච්චර කල් වෙනව මම දැකලත් නැහැ. කොහොම වුනත් ඔයාට ස්තූතියි පැරා. 


මම මේ චැට් එක බ්ලොග් එකේ දාන්නද ඔයාගේ බව නො කියා. 

හොදයි.මම කැමැතියි අනිත් අයගෙ අදහස් දැන ගන්න. මගෙ නම දාන්න එපා.මේකේ ඉන්න අයියල මට සරම උස්සන් ඒවි. 
යන්නම් අයියේ.......මට ආපහු අම්මගෙ බඩට රිංගන්න හිතුනු වාර අනන්තයි. ආයෙත් එහෙම හිතෙනවට මම කැමැති නැහැ. එනිවේ තැන්කිව්.
ok

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Oya nangilath ekka kiyawana dewal, ane manda

    ReplyDelete
  2. ඇති නැති පරතරය හා විශමතාවය වැඩි වෙන එකනම් කොහොමත් පීඩාවක්. ඒත් ඒකට මාක්ස්වාදය පදනම් වන බටහිර සමාජවාදයෙන් පිළිතුරක් හොයාගන්නත් බෑ. ඇත්තටම අපි සේරටම ඉස්සර වෙල අපේ රට, භූගෝලීය හා දේශගුණික සාධක, ස්වභාවික සම්පත් පිහිටීම වගේම සමාජ සංස්කෘතික පරිසරය ගැන අවබෝධයකින් මේ ප්‍රශ්න විසඳා ගතයුතුයි. මාක්ස්වාදය වගේ ඒවනම් ගෙඩි පිටින් අපට ආදේශ කරන්න කොහොමත් බෑ.

    ReplyDelete
  3. මට නම් කියන්න තියෙන්නේ, මරූටිය ගත්තට වඩා ඒ ගානට සෙකන්ඩ් හෑන්ඩ් ජපන් කාර් එකක් ගත්තනම් හොඳයි කියන් දේ විතරයි.. මොන ක්‍රමය තුලින් වත් එකවර නැගී සිටින්න බෑ.. සමාජවාදයෙන් ගොඩ ආපු කිසිම තැනක් නෑ. ධනවාදයේදී හරි මේ තියෙන ක්‍රමයෙදි හරි පුළුවන් එකා හරි සැප විඳිනවා.. නිකන් කන්න බලාගෙන ඉන්න උන් දුක් විඳිනවා.. ජපානය, ඇමරිකාව ගත්තත් මුල් කාලේ මිනිස්සු මේ වගේම දුක් විඳලා තියෙනවා.. ඒත් අද ඒ රටවල මිනිස්සු සියළු සැප පහසු කමක්ම විඳිනවා.. ඒ නිසා ධනවදය තුල කරන කැපකිරීම, සමාජවාදය තුල කරන කැප කිරීමට වඩා ලක්ෂ කෝටී ගානකින් සම්පතක්..

    ReplyDelete
    Replies
    1. "ධනවාදයේදී හරි මේ තියෙන ක්‍රමයෙදි හරි පුළුවන් එකා හරි සැප විඳිනවා.. නිකන් කන්න බලාගෙන ඉන්න උන් දුක් විඳිනවා"

      මේක බොරු කියලා ඔප්පු කරන්න අවශ්‍ය ඇස් ඇරලා බලන එක විතරයි. පාර්ලිමේන්තු, පළාත් සභා, රජයේ ඇතැම් ඉහළ තනතුරු, රාජ්‍ය නොවන සංවිධාන, නිවාස කුලියට දෙන අය ආදීන් අරගෙන බලන්න. නිකම් කන්න බලාගෙන ඉන්න අය දුක් විඳිනවාද? සැප විඳිනවා ද?

      පාට බැහැලා, කුඹුරකට ගිහින් වැඩපොළකට ගිහින් බලන්න මුළු දවසම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු කොච්චර දුක් විඳනවද කියලා.

      ජපානය, ඇමරිකාව ආදී රටවල මිනිස්සු දුක් වින්දේ මුල් කාලයේ විතරයි. අපේ මිනිසුන්ට මුල් කාලයේ ඉඳලාම කියන්නේ මේ දුක විඳින්න වෙලා තිබෙන්නේ ටික කාලයයි කියලායි.

      ඒ රටවල මිනිස්සු පරිභෝජනය කරන්නේ ලෝකය ම සූරා කෑමෙන් උපයන මුදලින් තමන්ට ලැබෙන පංගුව. මුළු ‍ලෝකයට ම මෙය කරන්න බැහැ. අප වගේ රටවලට කවදාවත් එතැනට එන්න බැහැ. අපේ අයට ඕනැ නම් සංවර්ධිත රටක පුරවැසිභාවය ලබා ගන්න පුළුවන්.

      අැමරිකානුවන් වගේ පරිභෝජනය කරන එක නෙමෙයි දියුණුව. ඒ විධියට චීනයත් පරිභෝජනය කරන්න ගත‍්තොත් මුළු ලෝකයේම ස්වාභාවික සම්පත් මදි වේවි.

      මේවා ගැන නො සිතා ඔය වගේ අදහස් කෙළ ගහනවා වගේ ලියන එක ඇත්තට ම සමාජයට කරන ලොකු හානියක්.

      Delete
    2. මෙහෙමයි පැරා.. මේ රටේ මිනිස්සුන්ගේ දුක් විඳීමට ආගමත් විශේෂයෙන් බලපානවා.. ගොවිතැන් කරන බහුතරය බෞද්ධ, උන් අමාරුවෙන් වවා ගන්න දේත් දළදා මාලිගාවට හරි, සිරි මහා බෝධියට හරි පූජා කරන්න ආගමෙන් පුරුදු කරලා, දුප්පතෙක් ලෙස ඉපදීම, පෙර කරුමයක් කියලා, බ්‍රේන් වොෂ් කරලා තියෙන්නේ, ඒ නිසා උන්ට දියුණු වෙන්න උවමනාවකුත් නෑ, වෙන්නත් බෑ කියන මානසිකත්වයේ ඉන්නේ. දැන් බලන්න පැරා මේ ක්‍රමය යටතේ මරූටියක් හරි අරගෙන ඉන්නවා. පැරාට පුළුවන් නොම්මර එකේ ඉන්ගිරිසි ටියුෂන් මාස්ටර් කෙනෙක් වෙන්න. ඔය රජයේ පත්වීම අත ඇරලා. ඒත් පැරා ඒකට බයයි. මොකෝඅ පැරාලාගේ එකම හීනය පැන්සොන් එක.. ඒ අනිත් කරුමේ, පෞදගලික අංශයේ ඕන තරම් රැකියාවල් තියෙද්දි.. ආන්ඩුවේ හිඔඟන පඩියටම යනවා, පැන්සොන් සරණං ගඡ්ඡාමී කියලා.. අපිත් එක්ක ළොකු පඩිවලට වැඩ කරපු හොඳ අනාගතයක් තිබුන උන්.. උපාධීධාරීන්ට ආන්ඩුවේ රස්සාවල් දෙනවා කිව්වාම මේ රස්සාව දාල ගිහින් අද ගස් යට වේලෙනවා. මෙළෝ දෙයක් නැතිව. ග්‍රැජුවට්ලා වෙච්ච උන්, පෞදගලික අංශයේ උන්නා නම්, අද කොම්පැනි වාහනයක් තියාගෙන, හොඳ පඩියකට, ඉහළ තනතුරක් කරනවා. මෙතන තියෙන ප්‍රශ්ණය උගත් උනත් තියෙන හීනමානය. ඊට පස්සේ ඕ ලෙවල් වත් නැති එකා, කාරවල යනවා කියලා, ධනවාදෙට බනිනවනා.. ඉතින් පැරා හිතලා බලන්න, මෙතන තියෙන්නේ ක්‍රමයේ වැරද්දක්ද...? එහෙම නැත්නම් චින්තනයේ වැරද්දක්ද කියලා.. ම්ම කියන්නේ පැරා බය නැතිව ඉන්ගිරිසි පන්තියක් පටන් ගන්න.. ඊට පස්සේ පැරාට තේරේවී.. ප්/රාද හරි... මාතලන්ද හරි කියලා...

      Delete
    3. කාලෙකින් දැක්ක වටිනා කියන කොමෙන්ටුවක්.

      Delete
    4. 1. දියුණු වෙනවා ය කියන දෙය විග්‍රහ කිරීම ඔය කියන තරම් සරළ නැහැ. දියුණු වෙනවා ය කියන්නේ ‍ලොකු මුදලක් උපයා වැඩියෙන් පරිභෝජනය කිරීම ය කියන එක මම පිළි ගන්නේ නැහැ. සල්ලි නැති වුණාට මම නම් හිතන්නේ මම දියුණු මිනිහෙක් කියලායි.

      2. පෞද්ගලික අංශයේ ඕන තරම් රැකියාවල් තියෙනවා ය කියන එක ඇත්ත යයි ඔප්පු කරන්න අමාරුයි. ලංකාවේ පෞද්ගලික ය කියන අංශයත් ඔය කියන තරම් පෞද්ගලික නැහැ. ඒවාත් එක්කෝ ආණ්ඩුවේ ම කොම්පැනි. නැතිනම් රාජපක්ෂ පවුලේ හා ගජමිතුරන්ගේ කොම්පැනි. ඒවාත් එක්ක තරගකාරීව පෙෘද්ගලික අංශයේ සෙසු අයට පවතින්න අමාරුයි. උදාහරණෙකට හමුදාව ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ගන්නකොට සෙසු කොන්ත්‍රාත්කරුවන් පත් වන තත්වය ගැන හිතන්න. ලංකාවේ පෞද්ගලික අංශයේ ඔය කියන තරම් ආතල් එකක් නැහැ. පෞද්ගලික අංශයේ වැඩ කරන අයට දැන් ඔබ කියන සමෘද්ධිමත් ජීවිතය ලැබිලා ඉවර ද? ඔය ගාමන්ට් ෆැක්ටරි වගේ ඒවත් පෞද්ගලික අංශය නේද? මට නම් පෙනෙන්නේ නැහැ ඒවායේ වැඩ කරන ගෑනු ළමයින්ට මහ ලොකු ජීවිතයක් ලැබෙනවා.

      3. ටියුෂන් කියන්නේ අධ්‍යාපනයට වඩා ලාභය අරමුණු කර ගත් දෙයක්. මම හිතන්නේ ඔබ වැනි අය බිහි වන්නේ ටියුෂන්වලින්.

      Delete
    5. 1. ආන්න ඒකම තමයි මමත් කියන්නේ පැරා.. ඔයා ඔය කියන කතාවම තමයි නිර්ධන පන්තියේ මිනිස්සුත් කියන කතාව. එක වේලක් කෑවත්, ඒ මිනිස්සු ඉන්නේ පුදුමාකාර ප්‍රීතියකින්, ඒක තමයි එයාලගෙ දියුණුව කියලා.. ඒකනේ මේ තර්ම් නිර්ධන මිනිස්සු ඉන්න රටක, මහින්ද වගේ ධනපතියෙක් රජ වෙලා ඉන්නේ. ඉතින් අර මිනිස්සු යටහත් පහත් පුරවැසියෝ හැටියට පුදුමාකාර මානසික දියුණුවකින්, ප්‍රීතියෙන් ඉන්නේ, හා... ඕන් බොරු නම් බලන්නකෝ 29 දා රෑ 12.00 ට විතර රූප පෙට්ටිය දාලා... ඒ නිසා ඒ නිර්ධන පන්තියත් එක්ක සමාජවාද ඇති කිරිම කවදාවත් එලි නොවනා ශිනයක්ම පමණයි..

      2. පෞද්ගලික අංශයේ රැකියාවල් තියෙනවද නැද්ද කියලා බලන්න, සති අන්තේ ඉන්ගිරිසි පත්තරයක් අරගෙන බලන්නකෝ. හින්ගල පත්තරවලත් වේකන්සීස් පිරිලා. ඇත්ත කොහෙත් ඔය සූරා කෑම තියෙනවා. රුසියාවේ, චීනේ පාලකයන් මොනවද කලේ කියලා පසු කාලිනව එලි උනානේ. කොහෙත් අසීමිත බලය, මිනිසා තිරිසන් කරනවා.. ඒක රජයද පෞදගලිකද, ධනවාධීද, සමාජවාදීද, බුද්ධාගමද, ක්‍රිස්තියානිද, දුප්පත්ද පොහොසත්ද කියලා නෑ.. ඒක ස්වභාව ධර්මයෙන් අපට ලැබුන දායාදයක්.

      ඇත්ත, සාපේක්ෂව බැලුවොත්, ඇඟලුම් කම්හල් සේවීකාවකගේ පඩිය බොහෝම පොඩියි තමයි. ඒත් ඒක ඔවුන්ට ළොකු වැටුපක්. දැන් බලන්න පිටරට ගෘග සේවීකාවකට මාසෙට කීයද ලැබෙන්නේ කියලා, විසිපන්දාහක් වැඩිම උනොත් 30,000 ක්. ඒත් ඒ අය ගමේ ඉන්නේ චන්ඩි වගේ.. මොකෝ ඒක ඒ අයට ළොකු ගනනක්. අනික මෙහේ පඩිය මදිනම්, පිරට ඕන තරම් ජොබ් තියෙනවා.. කරුමේ කියන්නේ අපේ උන්ගේ තියෙන කම්මැලි කම. ඔය පිරට ගියාම පාට් ටයිම් කරන්නේ ගිනි කසයෝ වගේ..

      3. ලාබය අරමුණු කර ගත්ත ළෝකයක් තමයි සමාජවාදෙත් තියෙන්නේ, නිශ්පාදනයෙන් හරි සේවාවෙන් හරි ලාබයක් නැත්නම් කොහෙමෙයි නිකන් කන්න බලාගෙන ඉන්න උන්ගේ බඩේ බත් දාන්නේ.. අධ්‍යාපනයත් අද එක සේවාවක් පමණයි.. ගුරු සේවා, තව දුරටත් ගරු සේවා නොවේ..

      Delete
    6. ටුවරිස්ට් ගයිඩ්ලා දේශපාලන විචාරකයන් වෙච්ච රටක නිවැරදි දේශපාලනය කතාකිරීම කොච්චර අමාරුද කියලා අජිත්ට දැන්වත් තේරුනාද

      Delete
    7. ටුවරිස්ට් ගයිඩ්ලගෙයි, ඉන්ගිරිසි ගුරාලගෙයි වෙන්සක් නෑ.. එකම වගේ රස්සාව.. මගේ එක ටිකක් අමාරුයි,, මම උගන්වන්නේ ඉන්ගිරිසි දන්න උන්ට.. පැරාගේ ජොබ ලේසියි එහෙම බැලුවම.. හැබයි දේශපාළන විජ්ජා උපාධිය ගත්ත උන් ගස් යට වේලේන බවත්, මෙළෝ හසරක් නොදන්න උන් දේශපාළණය මොකක්ද කියලා උන්ට උගන්වන බවත් අමතක කරන්න එපා..

      Delete
    8. ආයිත් කියන්න තියෙන්නේ ඒකම තමයි මාතලන් .ලන්කාවට කෙලවෙලා තියෙන්නේ ඔය හින්දම තමයි.මැජෝරිටිය මාතලන් වගේ මිනිස්සු

      Delete
    9. මාතලන් ඇනෝ කෙනෙක් එක්ක දේශපාලනය කතා කරන්න ගිහින් අම්බානක නෝන්ඩි උනා නේද? වචන මාරැ කර කර ජෝක් කතා ලිව්වට සමාජ වෙනසක් ගැන හිතන්න බෑ. අපේ ගම් වලත් ඉන්නව දේශපාලනේ මෙලෝ හසරක් නොදන්නව උනාට ඔයිට වඩා හොදට විහිලු කතා කියන අය..... බ්ලොගක් කර ගන්න විතරයි දන්නෙ නැත්තෙ.

      Delete
    10. ඇත්තෙයි.. ඔයාලා ඔයාලගේ තියරි වල ජීවත් වෙන්න.. ඒවා තියෙන්නේ පොත්ව්ල විතරයි.. ඒවා ක්‍රියාවේ යොදවන්න ගිය උනුත් හිඟා නොකා හිඟා කනවා.. ඔය පොත් මාත් කියවලා තියෙනවා.. නමුත් මචෝ ප්‍රායෝගිය ළෝකේ කියන්නේ වෙන දෙයක්.. ඒකේ සැබෑව තේරුම් ගත්ත එකා දිණුම්.. අනිත් උන් පොත පෙරලා පෙරලා හූල්ලනවා.. කාල් මාක්ස්ගේ, ලෙනින්ලගේ, ට්‍රොට්සිකලගේ මල්ලිලා වෙච්චි වාසුලා, බැටීලා, ඩීව්ලා, විමල්ලා අද ධනපතියන්ගේ කටු ලෙවනවා.. කටු කාලත් උන් දිණුම්.. උඹලා හැමදාම පොත් පෙරල පෙරල ඉඳහල්ලා.. ගුඩ් නයිට් සහෝදරවරුනි..

      Delete
    11. මාතලන් ඔයා හැමදාම කියන්නේ ඔය බයිලාවමනේ.තව පොඩි කෑල්ලක් අඩුයි.අපි ඒ කෑල්ල කියන්නම්.රජා හොදයි.අනිත් හැම එකාම නරකයි.

      Delete
    12. ලන්කාවට කෙලවිලාතියෙන හේතුව මාතලන් මෙතන ඔප්පු කරලම තියෙනවා.මොන ජිල්මාට් එකක් හරි කරලා සල්ලි පොඩ්ඩක් හොයා ගත්තනම් එයා හරි පොර.ප්‍රතිපත්ති වලට ගරුකරන කෙනා මෝඩ හිගන්නා.ඕක තමයි මාතලන්ලාගේ ජාතික ප්‍රතිපත්තිය.අනේ මාතලන් නොදන්නා මගුල් කතා නොකර හෝටලේ කරගෙන ඉන්නකියලා කලිනුත් කිව්වා නේද.

      Delete
    13. රජා හොඳම හොඳයි කියලා කවදාවත් මම කියලා නෑ.. ඒත් ඉන්න යක්කුන්ගෙන් රජා තමයි දෙයක් කරන්න පුළුවන් යකා. අපේ උන්ට බුදු හාමුදුරුවෝ බලේට ආවත් අවුල්. ඇත්තටම නිර්ධන පන්තිය දන්න දේශපාළණයක් නෑ. ඒකනේ ජනතාව බුද්ධිමත් කියන බයිලේ ධනවාදි, සමාජවාදී බේදයකින් තොරව අමු අමුවේ පට්ට ගහන්නේ. ඇත්තටම ජනතාව අමු හරක්. මම ආසයි මහින්දට වඩා රනිල් බලයේ ඉන්නවනම්. සම හරක් කැමතියි සජිත් ඉන්නවනම්. නිර්ධන පන්තියේ එකාට මොකා හිටියත් එකයි. ටික කාලෙකින් එපා වෙනවා. ඒකනේ බල්ලා මැරුණ හන්දියේ මැරුණයි කියලා, රතිඤ්ඤා පත්තු කරාපු එක්කෙනාගේ, මෙළෝ රහක් නැති පුතා ඉල්ලලා මැරෙන්න හදන්නේ. ආයෙත් සැටලයිට් බලේට ගේන්න වලි කන්නේ. දැන් පැරා උනත් කියලා තියෙන්නේ, තමන් හම්බ කර ගත්ත දෙයක් කාලා, වෙන දේ බලාගෙන ඉන්නවා කියලනේ. මෙතන ප්‍රශ්ණය තියෙන්නෙ මැද පන්තියට. ඒත් අපේ මැද පන්තියෙත්, අනු පන්තී කීපයක් තියෙනවා.. උන්ට තමයි මේ රටේ බලයේ ඉන්න ඕන කව්ද කියන ප්‍රශ්ණය තියෙන්නේ.. දැන් ඔය පැරාත් ඇවිත් මැද පන්තියේ අනු පන්තියකට අයිති කෙනෙක්. එයා උපරිම ට්‍රයි කරනවා ඊළඟ පන්තියට යන්න. ඒත් පොර බයයි. පැරා පැන්ෂන් යන්නත් ළඟයි නේ. ඊට පස්සෙවත්, මම හිතන්නේ, උඹලා අපිට නොකිව්වට, මේ පරිවර්ථන මළදාන නොකර, පැරා ඉන්ගිරිසි පන්තිය පටන් ගනීවී. ඊට පස්සේ, බන්දුල ගුණවර්ධන වගේ පොරක් වෙයි. ඕන් ඊට පස්සේ පැරා පාර්ලිමේන්තු ඇවිත්, බන්දුල අපි ඒ ලෙවල් කරන කාලේ අපිට උගන්වපු සමාජවාදය දැන් ක්‍රියාත්මක කරනවා වගේ, ක්‍රියාත්මක කරන්නත් සමහර වෙලාවට ඉඩ තියෙනවා..

      අනේ මේ නංගී මාත් එක්ක චැට් කොරයි කිය්ලා මම මේ බලාගෙන ඉන්නේ..

      Delete
    14. සමාජවාදයෙන් වෙන්නෙ ධනවාදෙන් වෙන දේමයි. දුප්පත් එකා බැරි එකා කොතනත් බැට කනවා.සමාජවාදෙදි මානව හිමිකම් ,ප්‍රජාතන්ත්‍රවාදය කැප කරන නිසා එතන මිනීමරු ආන්ඩුවක් බිහිවෙන එක වළක්වන්න බෑ.
      පෞද්ගලික අංශය ගැන මාතලන් කියන කතා කියන තරම් සුන්දර නැතත් සේවා සුරක්ෂිතතාව වගෙ ගැටළු තිබුනත් ඒවගෙ වැඩකරන අය සතුටින් ඉන්න බව පේනව.මෙතන පෞද්ගලික අංශය කීවට ලොකු කොම්පැනිවල වැඩකරන අයයි ගාමන්ට් කෙල්ලොයි කඩවල වැඩකරන අයයි ස්වයන් රැකියාවල යෙදෙන අයට අත් උදවු දෙන අයයි හතර ගොල්ලක්.

      ලන්කාවෙ මිනිස්සුන් බුද්ධාගම නිසා ඉහලට යන්න බැරිව ඉන්නව කියන මාතලන්ගෙ කතාව සහතික ඇත්ත.

      ධනවාදාය් තුල තිබෙන සැප සම්පත් ලබා ගන්න හැමටම බැහැ. ඉංග්‍රීසි දන්න ඔක්කොටම ඉංග්‍රීසි පන්ති කරන්න බැහැ. එතන වෙනම සිස්ටම් එකක් තිබෙනව.ඒකට දැනුමට වඩා නැමීමේ හැකියාව වටින්නෙ.

      ඔය තියරිකාරයො නම් මහ පිස්සු යක්කු.උන්ට ඕන අරක්කු බිබී රෑ එළිවෙනකල් මොනව හරි දොඩවන්න. උන් එඊක්න් මානසික සතුටක් ලබනව. තියරිය නොවෙයි ප්‍රැක්ටිකල් එකයි වටින්නෙ

      Delete
    15. මාතලන් ,ආයි කියන්න තියෙන්නේ කලින් කිව්ව එකම තමයි.දේශපාලනයට අදාලව මෙලෝ හසරක් නොදන්නා මිනිස්සු දේශපාලන විචාරකයන් වුනහම කරන්න වෙන්නේ ඔය වගේ පිස්සු කියවන එක තමයි.ඔය වගේ මිනිස්සුන්ගේ අන්තිම අරමුන මොන ජිල්මාට් එකක් හරි දාලා ගානක් හොයාගන්න එක.

      Delete
    16. මතුගම පැත්තෙ එවුන් ඉංග්‍රීසි නොදන්න නිසාම බේරිල ඉන්නවා.පුළුවන් නම් කොළඹ ඇවිත් ඉංග්‍රීසි පන්තියක් දාපන්කො අපිටත් ඉගෙන ගන්න. අනේ පලයන් යකෝ යන්න

      Delete
    17. මාතලන් නියමෙට උත්තර දීල. ඈ බන් සමාජවාදෙන් ලාභයක් නැත්නම් කොහොමද අසීමිත බලයක් භුක්තිවිදින නිළධාරී පැළැන්තිය නඩත්තු කරන්නෙ. කොහොමද අනාගත නිෂ්පාදනයන් සඳහා සැලසුම් හදන්නෙ.පර්යේශන,අලෙවි කටයුතු වගෙ දේවල් කළමනාකරනය කරන්නෙ.මෙතන තිබෙන්නෙ වචනෙ වෙනස් වෙන එක. ධනවාදය යටතෙ ලාභය ධනපතියන් ගන්නව සමාජවාදය යටතේ ලාභය නිළධාරීන් ගන්නව.

      Delete
    18. AnonymousMarch 17, 2014 at 9:46 AM
      //දුප්පත් එකා බැරි එකා කොතනත් බැට කනවා.//
      දැන් ඔයා අයිති මොන කොටසටද .දුප්පත් කොටසටද පොහොසත් කොටසද.
      //මෙතන පෞද්ගලික අංශය කීවට ලොකු කොම්පැනිවල වැඩකරන අයයි ගාමන්ට් කෙල්ලොයි කඩවල වැඩකරන අයයි ස්වයන් රැකියාවල යෙදෙන අයට අත් උදවු දෙන අයයි හතර ගොල්ලක්.//
      දැන් ඔයා අයිති මොන කොටසටද
      //ඔය තියරිකාරයො නම් මහ පිස්සු යක්කු.උන්ට ඕන අරක්කු බිබී රෑ එළිවෙනකල් මොනව හරි දොඩවන්න.//
      අරක්කු නොබොන ප්රැාක්ටිකල් මිනිහෙක් වන ඔයා කරන වැදගත් වැඩ මොනවද කියලා අපටත් කියන්නකෝ බලන්න

      Delete
    19. AnonymousMarch 17, 2014 at 9:50 AM
      AnonymousMarch 17, 2014 at 9:54 AM
      මාතලන්ගේ නියම උත්තරේ ඔය ගොල්ලො ගැනත් කියලා තියෙනවා මෙන්න මෙහෙම
      //ඇත්තටම ජනතාව අමු හරක්.//

      Delete
    20. ජනතාව නොවෙයි මැටි හරක්. ජනතාව මැටි හරක් නම් තුවක්කු ගත්ත මැරයන්ට බලයට එන්න ලේසි වෙනවනෙ. මැටි හරක් කියන්නෙ දෙලොවටම වැඩ නැති මනස්ගාත දොඩවන පිස්සො ටික. සමාජවාදය ජයක් ලැබුවනම් ඒ පසුගාමී සමාජ කොටස් වල පසුගාමී මානසිකත්වයන්ට බද්ධ වෙලා මිස වෙන කෙහෙල්මලකින් නොවෙයි.

      දක්ෂය ඉහලට යනව. බැරි එකාට ගොඩ ඒමක් නෑ. කරන්න තිබෙන හොඳම දේ සුබසාධන දේවල් ව්‍යාප්ත කිරීමයි. නැතිව මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරගෙන අන්තනෝමතික පාලන ක්‍රමයක් බිහි කරන්න කවුරුවත් කැමති නෑ.ලාභයක් නොලබන සමාජයක් නෑ.

      මම ඔය මොනම කොටසකටවත් අයත් නැති කෙනෙක්. මම මේ දේවල් බලා සිටිනවා. මගෙ පෞද්ගලික වැඩ කරනව.

      Delete
    21. AnonymousMarch 17, 2014 at 10:47 AM
      //ජනතාව නොවෙයි මැටි හරක්.//
      ඕක අපට කියල වැඩක් නැහැ මාතලන්ට කියන්න එයා තමයි කියන්නේ ඔයගොල්ලෝ ගොන්නු කියලා
      .// මැටි හරක් කියන්නෙ දෙලොවටම වැඩ නැති මනස්ගාත දොඩවන පිස්සො ටික.//
      ඉතින් ඔයාත් මාතලන්ට බනිනවානේ.
      //දක්ෂය ඉහලට යනව. බැරි එකාට ගොඩ ඒමක් නෑ.//
      දැන් ඔයා දක්ශයෙක්ද බැරි එකෙක්ද. පොඩි ප්රකශ්නයක් මර්විනුත් දක්ශයෙක් නේද
      //මම ඔය මොනම කොටසකටවත් අයත් නැති කෙනෙක්. මම මේ දේවල් බලා සිටිනවා. මගෙ පෞද්ගලික වැඩ කරනව//
      හැබැයි කියන කියන මෝඩ විදියට බදු ගෙවනවා.කොන්දන්ගෙන් පීචන් වෙවී බස්වල යනවා.ට්රුෆික් වල වාත වෙවී ජීවත් වෙනවා. එහෙම නේද.

      Delete
    22. ලංකාවෙ තියෙන ප්‍රශ්ණ ධනවාදයේ ප්‍රශ්න නෙවේ. ජනතාවගේ ගොන් කමේ ප්‍රශ්ණය. ලංකාවෙ මිනිස්සු තමන්ගෙ රටට ආදරේ නෑ. පක්ෂයට විතරයි ආදරේ කරන්නෙ. මොන හොරෙක් ඉදිරිපත් වුණත් රටට හෙන ගැහුවත් තමන්ගෙ පක්ෂෙට ඡන්දෙ දෙනවා.

      Delete
    23. දැන් මෙහෙම කතා කරන ඔයත් ලන්කාවේ ජනතාවට අයිති කෙනෙක්නේ.ඒකියන්නේ ඔයත් රටට ආදරේ නැති ගොනෙක්

      Delete
  4. ඇති නැති පරතරය වැඩි වීම ධනවාදයේ ලක්ෂණයක්. ධනවාදය පදනම් වන්නේ ලාභය මත වීම එයට මූලික හේතුවයි. ලාභය නිර්මානය වන්නේ සූරාකෑම මතයි. වැඩියෙන් ලාභ ලබන්න නම් වැඩියෙන් සූරාකන්න ඕනැ. මේ ක්‍රමයේදී සූරා කන්නා ළඟ ධනය රැස් වෙනවා. සූරා කෑමට ලක් වන්නාට එන්න එන්න ජීවිතය දුෂ්කර වෙනවා. විෂමතා වැඩි වන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. මේ සියළු දෙනා දේශපාලනයට ඇත්තේ මානුෂික ස්වභාවයක් බවත් එහි පදනම Ontological බවත් දන්නේ නැත. දේශපාලනය යනු අවසාන විග්‍රහයක දී සාමූහික ජීවිතයක් පිළිබද පරමාදර්ශයක් වෙනුවෙන් සතුරා-මිතුරා වශයෙන් භේද වී අරගල කිරීමයි. දේශපාලනයට ඇති මෙම අරගලකාරී විභවය නසන අය අමතක කරන්නේ බඩගින්නට,කීර්තියට,පවුල ගොඩදාන්නට යන අයට සැබෑ මිනිසුන් අනාගයේ දී හමුවන්නට නියමිත බවයි.

      Delete
  5. හිතන්නකෝ අයියේ
    දැන්වත් හැදෙන්නකෝ අයියේ

    දඟ ළමයින් නරකයි බොහෝ සැරයි
    හොඳ ළමයට කවුරුත් ආදරෙයි

    හිතන්නකෝ අයියේ - දැන්වත් හැදෙන්නකෝ අයියේ
    ඩිංගක් හිතන්නකෝ අයියේ

    සෙල්ලම ලෙල්ලම වෙනවාමයි
    ඒකෙන් ඇස් රතු වෙනවාමයි

    මැර - කොල්ලන් එක්කල හාදකම්
    උඩ - පැනලී නැටිලී නාඩගම්

    හොඳ නෑ කැතයි චී චී කැතයි - ලැජ්ජා නැද්දෝ


    එකටෙක නොකියා වාද වෙලා
    ගුරු දෙගුරුන් හට මෙල්ල වෙලා

    හැදුණේ නැත්නම් අයියා මගේ
    බලු වලිගේ වාගේමයි ඇදේ

    හොඳ නෑ කැතයි චී චී කැතයි ලැජ්ජා නැද්දෝ

    හිතන්නකෝ අයියේ - දැන්වත් හැදෙන්නකෝ - අයියේ
    ඩිංගක් හිතන්නකෝ අයියේ

    ReplyDelete
    Replies
    1. MEWA API DANNE NATHI KAI. CHOO, JEE, PADA, KARAYGEN MA THAMA AHAGANNA OONE.

      Delete
    2. ඉහත පද වැල්, සංවාදය පිළිබඳව කෙරුණු ඉතාම පළල් කියවීමක ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් වී ඇති මාතෘකාවට ඉතාම අදාල දායක වීමක් වන අතර මෙම සම්ප්‍රදානය නිසා සාකච්ඡාව ඒකාලෝක වී ඇත. එමෙන්ම කමෙන්ට්කරුවා කුශාග්‍ර බුද්ධිමතකු බව මැනවින් පිළිබිඹු කර ඇත. මෙතෙක් කල් අනුන් ගේ සාකච්ඡා අල කිරීමට "මගේ අංකල් කෙනෙක් හිටියා" ආදී වශයෙන් කමෙන්ට් පල කළ අයට ඉහත ගී පද වලින් පසු බඩ කපා ගෙන මිය යෑමට සිදු වී ඇත.

      Delete
  6. පැරා ඔබ මම අපි ජීවත්වෙන්නෙ ධනවාදී සමාජයක. මේකෙ තියොරිටිකල් මොකක් හරි සමාජවාදයක් තියෙන්න පුලුවන් වුනාට ඇත්තටම එහෙම එකක් නැහැ. එහෙම එකක් ගෙනාවොත් ඔක්කොන්ටම කලින් ඔය සමාජවාදී කියල අදහස් පතුරන ඔයා ඇතුලු බොහෝ දෙනා මුලින්ම ඒකට විරුද්ද වෙලා කියනවා මේක නෙමෙයි සමාජවාදාය වෙන එකක්ය කියලා..

    රටක් කියන්නෙ ඒකකයක්. මිනිස්සුන්ට හඹායන්න දෙයක් නැත්තං ඒ මිනිස්සු මහන්සි වෙන එකේ ‍ේතරුමක් නැහැ. රොබට් නොක්ස් ගේ කාලෙ මිනිස්සු මැටි ගෙව්ල වලට වෙලා කුඹුරු කොට කොට හිටියෙ ඒ මිනිස්සුන්ට එතනින් එහාට හිතන්න දෙයක් හෝ දර්ශනයක් නැති නිසා.

    නමුත් අද වෙනකොට තත්වය වෙනස්. හැම මනුස්සයෙකුටම අලුත් බලාපො‍ෙරොත්තුවක් තිබෙනවා.අලුත් හීනයක් තිබෙනවා. හැමෝම ඒ වෙනුවෙන් තම හැකි පමනින් කැප වෙනවා.

    මේ තරඟය ඇවිල්ල බටහිර පැත්තෙන් ඇවිල්ල අපි පස්සෙ දාගත්ත එකක්. හරියට පිටරටින් ගෙනල්ල මෙහෙ කොට් ඇන්දට දාඩිය දාල බිබිලි එනවා ව‍ේග ධනවාදය මෙහෙට එනකොට ආපු අමුතු රෝගලක්ෂන ටිකක් තිබෙනවා. ඒ නරක රෝගලක්ෂන ටික නිරීක්ෂණය කරලා සමහර සමාජවාදී ගිරවු කියනවා මේක ධනවාදයේ අවුලක් මේක ධනවාදය විසින් නිර්මාණය කරපු අවුලක් කියලා.

    දේශපාලනයේ පරම අරමුණු වැඩිමනක් මිනිස්සු ගානකට සන්තෝසේන ඉන්න සනීපෙන් ඉ්නන වාතාවරණය සැලසීම නම් ධනවාදය නිසි පරිදි ස්ථාපනය කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. ස්විට්සර්ලන්තෙ මරණ දඩුවම නැහැ. ඒත් මිනිමැරුම් මේ තරං ඇත්තේ නැහැ. ස්වි්ස පාර්ලිමේන්තු මන්ත්‍රින්ලට මේ තරං සැප නැහැ. ඒත් එහෙ පාලනයෙ අවුලක් නැහැ.

    හැමෝම ධනවාදය කිව්වම දකින්නෙ ඇමරිකාවෙ ‍ පෝන් ඉන්ඩස්ට්‍රිය. නැත්තං අවිආයුධ, එහෙම නැත්තං ලෝක පරිසර දූෂණය, නමුත් ඇමරිකාව හැර ධනවාදයෙක් ක්‍රියාත්මක මනුෂ්‍යයිනට ප්‍රබල ජීවන වටිනාකමක් තිබෙන රටවල් තිබෙනවා. ආන්න ඒ රටවල් බලලා අපි හැදෙන්න ඕන. එහමෙ නැතුව අපි අපිට ඕන බඩු ටික විතරක් කඩෙන් අරං නිකං ඉමු කියන්නෙ ටිකක් ග්‍රාම්‍ය සංකල්පයක්.

    ReplyDelete
    Replies
    1. අමිල චතුරංග, ඔයාගේ ධනවාදී රන් දෙවාල වන ස්විට්සර්ලන්තයේ සියදිවි නසාගැනීම් අනුපාතිකය ධනවාදයේ අපායක් වන සිම්බාබ්වේ රටටත් වඩා බෙහෙවින් වැඩි බව ඔබ දන්නවා ද?

      එහි ජීවිතය ඔය තරම් හොඳ නම් ඇයි ඔවුන් සිම්බාබ්වේ ජාතිකයන්ටත් වඩා සිය දිවි නසා ගන්නේ? මේක ධනවාදයේ ගැටලුවක් නොවෙයිද?

      මෑතක සිට ස්විට්සර්ලන්තයේ ඔඩු දුවමින් තිබෙන ජාතිවාදය ගැන දන්නවා ද? මේ ජාතිවාදයෙන් වැඩිපුරම බැට කන්නේ සමෘද්ධිමත් ජීවිතයක් සොයා විවිධ මාර්ගවලින් එහි රිංගා ගන්නා ලාංකිකයන් වැනි මිනිසුන් බව ඔබ දන්නවාද? මේ එළියට පනින්නේ ක්‍රමයේ අර්බුදය මිස වෙන මොකක්ද?

      මිනිස්සු හඹා යන්න ඕනැ ලාභය නොවෙයි. මිනිස්සු හඹා යන්න ඕනෑ සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත, සුවපහසු, ආතතියෙන් තොර, විවේකය, වි‍නෝදය, වින්දනය සහිත සමාජයක් ගොඩනැගීමේ අරමුණයි. තමා මෙන් ම අනෙක් මිනිසුනුත් සුවෙන්, සැපෙන් සිටීම දැකීමත් මිනිස් අරමුණක් විය යුතුයි.

      ධනවාදය ඔබට උගන්නන්නේ ආත්මාර්ථකාමිත්වයයි. ඒ නිසායි ඔබ කැමති අපි දියුණු වුණේ අපේ උන්නතිකාමය නිසා. අනෙක් අයට බැරි වුණේ කම්මැලිකම නිසා ය කියා සතුටු වෙමින් අනෙකාට ඔබගේ සමෘද්ධිය පෙන්නා ඊර්ෂ්‍යාව ලබා ගන්න.

      අනෙකාගේ ඊර්ෂ්‍යාවට ලක් වීමේ ආසාවත් ධනවාදය විසින් ප්‍රවර්ධනය කරන දෙයක්.

      Delete

    2. සම-සමාජයක් කියන්නෙ බොහොම හිත් ඇද ගන්නා සංකල්පයක්. ඒත් කොයිතරම් ප්‍රායෝගිකද? සමාජවාදී රජයන් පිහි‍ටුවාගත් සෑමතැනම ඒවා අසාර්ථක වූයේ ඇයි? යකඩ තිරයෙන් වසා තැබූ සමාජවාදී රටවල පාලිත-පාලක , වරප්‍රසාද ඇති-නැති පන්ති දෙකක් තිබ්බේ නැත්ද?

      සම-සමාජයක් යනු හුදු සංකල්පයක් පමණක් බවද, ධනවාදයේ "මුදල්" පසුපස හඹා යෑම, සමාජවාදයේදී "බලය" ස්මානුපාතික වන් බව කව්දෝ කීවබ මතකය.


      පූර්ණ සමාජවාදයට යායුත්තේ ධනවාදය හරහා බව කාල්මාක්ස් ලියා ඇති බව අසා ඇත්තෙමි. නවසිය තිස් ගණන්වල මහා අවපාතය කාලයේ කඩා වැටෙන්නට ගිය ධනවාදය බේරා ගත්තේ, සමහර සමාජවාදී ප්‍රතිපත්ති වලි මුක්කුගසා බවද අසා ඇත්තෙමි. අද ඇත්තේ කාල්මාක්ස් යුගයේ ධනවාදය නොවන බවත්, ධනවාදය පරිනාමය වෙනබවත් සමාජවාදය එකතැන පල්වෙන බවත් පෙනේ.

      දැනට, මා ප්‍රජාතන්ත්‍රවාදයට කැමතිය. එහි මන අඩුපාඩු තිබුනද, අපට ‍තෝරාගැනීමේ නිදහස ඇත.

      සමාජවාදයේ අකමැතිම ලක්ෂණ:
      1. තුවක්කුවෙන් බලය අල්ලා, සදාකාලිකව බලයේ සිටීමට ඇති කැමැත්ත.
      2. විනිවිදභාවයක් නැති කම, යකඩ තිරය සහ විවේචනය කරන්නන් " විප්ලවයේ ද්‍රෝහියන්' වීම

      Delete
    3. සමාජවාදය ගැන තර්ක කරන අයටත් කටක් ඇරලා අහවල් රටේ සමාජවාදය තිබුනා කියන්නට බැරිය. එය මනෝවිකාරයක් ලෙස ඉදිරිපත් කරන්නට නම් පුළුවන.අවශ්‍ය වන්නේ හැකිතාක් විශමතා අවම කිරීමයි.අපේ සමාජයේ ධනවතුන් සිටී,පූජකයන් සිටී,මාධ්‍ය වේදීන් සිටී,නීතිවේදීහු සිටී,පරිපාලන සේවයේ අය සිටී,විවිධ අධිවෘත්තිකයන් සිටී.වෘත්තීය සමිති ඇත,ඒ සියල්ල ඉක්මවා ජාත්‍යාන්තරයද ඇත. එහෙත් සමාජවාදයේ මේ මොකුත් නැතිව පාලකයන් හා පාලිතයන් යැයි දෙපිරිසක් ඇත. මෙය ඉතා නුසුදුසු සමාජයකි.

      අවශ්‍ය වන්නේ වැඩි පිරිසකට වගකීම් පුහුණුවක් ලබා දෙමින් වැඩි පිරිසකට ඉහලට යන්න ඉඩ ලබා දීමත් සැම දෙයකම විනිවිදභාවයත්ය.ප්‍රජාතන්ත්‍රවාදයේ සුළු සුළු ප්‍රශ්න පවා උලුප්පන සමාජවාදීන්ගේ ගේ ප්‍රතිකාරය නම් සයනයිඩ් හෝ ආසනික් දීම වැන්නකි

      Delete
    4. ආ මහින්ද අබේසුන්දර මෙහේ මොකද කරන්නේ

      Delete
  7. //ලාභය නිර්මානය වන්නේ සූරාකෑම මතයි. වැඩියෙන් ලාභ ලබන්න නම් වැඩියෙන් සූරාකන්න ඕනැ//
    Most modern economic theory!!! discovered by Hon. Para thuma

    ReplyDelete
    Replies
    1. ඒක බොරු. වැඩියෙන් සූරන්න ගියොත් ඒ වෙළදාම කෙරෙන්නෙ නෑ.

      Delete
    2. මොකද කෙරෙන්නෙ නැත්තෙ? දැන් කාර් එකකින් ආණ්ඩුව කීයක් බදු ගන්නවද? බදු කියන්නේ ධනපති ආණ්ඩුව අප සූරා කන විධිය. එතකොට වෙළඳාම කෙරෙන්නෙ නැද්ද?

      පෞද්ගලික සමාගම් ගත්තොත්, තරගකාරිත්වය අත හැරලා කොම්පැනි ටික එකතු වෙලා මේ වගේ අධික ලාභ ලබා ගන්නා භාණ්ඩ හා සේවා තව කොච්චර ප්‍රමාණයක් තිබෙනවා ද කියා සොයා බලන්න. අධික සූරාකෑම නිසා ඒ වෙළඳාම නතර වෙලා නැහැ.

      Delete
    3. Anonymous March 16, 2014 at 6:25 PM

      Do you say that profit is not exploitation? Then you explain how profit is produced.

      A society may tolerate some amount of profit.

      For example, take the mega development projects. The ruling family is said to be taking 15% commission. What is that profit? Pure usurping of the taxpayers of this country. Even you pay for that 15%.

      Delete
    4. මේ අසාධාරණ බද්ද නිසා වෙළදාම අඩුවෙලා.බදු නැත්නම් හුඟක් දෙනෙකුට කාර් ගන්න පුළුවන්.තම උපරිම හැකියාව යොදවල කෙනෙක් කාර් එකක් ගන්නෙ නෑනෙ.මේ හැම දෙයකටම සීමාවක් තිබෙනව. සීමාව ඉක්මවා ලාභ ගන්න බැහැ.

      Delete
  8. පැරා...ස්මා(ර්)ට් ෆෝන්ස් ගැන හිතන්නේ මොකද්ද? ඒක අවශ්‍යද නැද්ද? නැත්නම් 3310 එකක් වගේ විතරක් තිබුනොත් ඇද්ද?

    ReplyDelete
    Replies
    1. ඔබ එය මිළ දී ගත යුතු ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ඔබගේ ජීවිතය පහසු කරන්නට එය අවශ්‍ය ද නැද්ද යන්න මත මිස වෙළඳපොළට භාණ්ඩය පැමිණි නිසා නො වේ.

      ධනවාදය තුළ අවශ්‍යතාව නිර්මානය කරන්නේ භාණ්ඩය විසින් මිස අවශ්‍යතාව වෙනුවෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ.

      දැන් බලන්න තුන්වන ලෝකයට අවශ්‍යයි, මැලේරියාවට, ඩෙංගුවලට බෙහෙත්. ඒත් කෝ සමාගම් ඒවා නිපදවන්න තරග කරනවා දකින්න නැහැනේ.

      Delete
    2. Not really Para. Malaria vaccine is now in the final stages of clinical trials. Part of the study is funded by us, US tax payers. I am happy that one of the Sri Lankan scientist is also involved in the development process. When you look at the world through colored glasses, what you see may not the full spectrum.

      Delete
    3. It is a very slow progress, isn't it? Extremely slow compared to the computer and telecommunication progress.

      Yous study the history of ICT development. The major reason behind its rapidness was the free competition in the early stages. It caused the price decline.

      Capitalists understood that this must not be allowed in biochemical industry and you may see how a few multinational companies keep their control in the industry.

      I have read about this and will write an article later.

      Delete
    4. //ධනවාදය තුළ අවශ්‍යතාව නිර්මානය කරන්නේ භාණ්ඩය විසින් මිස අවශ්‍යතාව වෙනුවෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ නැහැ//

      දැන් ඒ යුගයත් පහුවෙලා පැරා. අද තියෙන්නේ අවශ්‍යතාවයත් ඔවුන්ම මුලින් නිර්මානය කරලා භාණ්ඩයත් ඔවුන්ම නිෂ්පාදනය කරන කාලපරිච්ඡේදයක්. ඒක ඔවුන් ලස්සනට මාධ්‍ය හරහා නිර්මාණාත්මක විදිහට සංකල්ප ගත කරනවා. හොලිවුඩ් චිත්‍රපටය හොඳ උදාහරනයක්. මේ ලිංක් එකට ගිහිල්ලා බලන්න. ඕක ඇත්තක් නම් ඒ සංකල්පය මුලින්ම කරලියට එන්නේ 'ට(ර්)මිනේටර්' කියන චිත්‍රපටය හරහායි.

      http://www.dailymail.co.uk/sciencetech/article-520429/Rise-machine-Terminator-style-robot-war-reality-10-years.html

      Delete
    5. If we had the same development rate we see in IT industry in the auto industry, today's cars should travel over 300 miles a gallon of gas. I am sure there is a valid competition. People even could reverse engineer mechanics. But my 2013 Town and Country still runs only 16-18 mpg. It is a darn good American vehicle. It is same with my 2009 MB E350. 18 mpg. It is a German car. My 1997 Acura runs 14 mpg in city and about 25 mpg in Highway. It is a Japanese car. What about Indian car? Any better? There are big companies behind them. It is the difficulties in technology. You can blame the oil companies - say they don't want to see higher gas mileage in cars. But when it comes to bio technology the story is different. You can't make things as fast as you would like to. There is politics in every thing. But with every new invention, somebody will make money. So there is no reason to hold anything back. Please don't trust every word you see/read about conspiracy theories.

      Delete
    6. "When you look at the world through colored glasses, what you see may not the full spectrum."

      "Please don't trust every word you see/read about conspiracy theories."

      These are non other than "the dogmas of faith."

      The basic principle behind the logic is what authorities say are facts and the alternative arguments are conspiracy.

      This is the actual conspiracy theory in its full sense.

      Delete
    7. යස අගේට සින්හලෙන් බ්ලොග් ලියන ප්‍රභාත් කියන පුද්ගලයා මෙතන ඉන්ග්‍රිසියෙන් කොමෙන්ට් දමන්නේ ඇයි.සින්හල බ්ලොග් එකක ඉන්ග්‍රීසියෙන් කොමෙන්ට් දැමීමෙන් ඔබ ලබන විනෝදය කුමක්ද

      Delete
    8. //my 2013 Town and Country still runs only 16-18 mpg. It is a darn good American vehicle. It is same with my 2009 MB E350. 18 mpg. It is a German car. My 1997 Acura runs 14 mpg in city and about 25 mpg in Highway//

      sssssssssssssss..........

      Delete
    9. It is a very slow progress, isn't it? Extremely slow compared to the computer and telecommunication progress. //

      Mr Parakum We should understand these facts regardless of whether the progress those have reached up to date because It field cannot be compared with malaria .It depends on how scientists are able to achieve goals of relevant subject.They are not successful in finding a remedy for HIV as well. In contrast with malaria a remedy for HIV is advantageous for so called capitalism.

      Delete
    10. AnonymousMarch 17, 2014 at 10:42 AM
      ඉංග්‍රීසියෙන් ලිව්වේ සිංහලෙන් ලියන්න වෙලාව නොතිබුන නිසා සහ ඉංග්‍රීසි ගුරුවරයෙකු වන පැරා මගේ කැඩුන ඉංග්‍රීසිය නිවැරදි කර තේරුම ගන්නට සමත් බව විශ්වාස කල නිසා.

      AnonymousMarch 17, 2014 at 11:33 AM
      ලොල්. නයෙක් නෙවෙයි ඇනෝ. සැබෑ ලෝකයේ සැබෑ දත්ත. http://www.fueleconomy.gov/ වලින් ඉලක්කම් ටිකක් අරන් ලියන්න තිබුණා. ඒත් ප්‍රයෝගිකව ඒ mileages ගන්න බැහැ.

      AnonymousMarch 17, 2014 at 2:05 PM
      Thank you. මැලේරියා වැක්සින් කියල ගූගල් කළානම් පැරාට ඕන තරම් විස්තර හොයා ගන්න තිබුණා. නමුත් මම සමාජවාදය නොදන්නවා වගේම biochemistry නොදැන rational drug discovery/design ගැනත් සමහර අයට තේරුම් ගන්න පුළුවන් ITN එකේ පතුරුවන ව්‍යාජ ඇමරිකන් විරෝධයේ දිග පළලින් පමණයි.

      Delete
  9. ooOHOMA YANG OHOMA YANG......

    ReplyDelete
  10. ඉස්සෙල්ලාම ස්තූතියි පැරාට මේ සංවාදය පටන් ගත්තාට.

    දේශපාලනේ කතාකරනවා කියන්නෙ මිනී මරාගන්න සෙල්ලමක්. ඒ නිසා අපහාස/ උපහාස නැතුව , වරදක් ඇතොත් පිලි අරගෙන, නොදන්න යමක් ඇතොත් ඉගෙන ගෙන මේක ඇදගෙන යන්න බලමු.

    දේශපාලනය කියන්නෙ මම අකමැතිම මාතෘකාවක් වුවත් අපි හැමෝගෙම ජීවිත වලට බලපාන දෙයක්. මට මහා ලොකු දේශපාලන දැණුමක්වත්, ඒ පිළිබඳ හුඟක් පොතපත් කියවලවත් නෑ. දැං ඔය සමහරු කියනවනෙ, උඹ අර පොත කියවල තියනවද, අරයගෙයි-මෙයාගෙයි අතර වෙනස දන්නවාද, උඹලත් එක්ක කතා කරල වැඩක් නෑ කියල? මෙන්න පලවෙනි ප්‍රශ්නය:

    1. අප වැනි හුදී ජනයාට දේශපාලනය ගැන කතා කිරීම අකැපද? එසේ නම්, එතැනම දන්නා -නොදන්නා පන්ති දෙකක් ඇති වෙනවා නේද? බරපතල වචන, බේගල් යොදා කොලේ වහන්නේ නැතිව, ඇත්ත ඇතිසැටියේ පෙන්වා , දේශපාලනය සරල බසින් සාමාන්‍ය ජනයා අතරට ගෙනයා නොහැකිද?

    තව දැණගන්න දේ තියනවා. පස්සෙ ලියන්නම්

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔයා ඔය අහන ප්‍රශ්න ය වෙන දේකට අදාලව අහමුකෝ.උදාහරනයක් විදියට ගනන් විශයට
      මම ගනන් දන්නේ නැහැ.ඒගැන පොත් කියවලත් නැහැ.මට ගනන් ගැන කතාකරන අය කියන්නේ ගනන් ඉගෙන ගන්න කියලා.මම වගේ අයටත් තේරෙන විදියට ඒ අයට ගනන් ගැන කතා කරන්න බැරි ඇයි.
      ඔබ ගනන් දන්නේ නැත්නම් ගනන් ගැන කතා කරන්නේ කොහොමද මොකටද

      Delete
  11. ඔබ ආරම්භ කරලා තිබෙන මේ සංවාදය වැදගත් එකක්. සමාජවාදය කීවාම ඒ වචනය සෝවියට් සංගමය සහ 20 වෙනි සියවසේ නැගෙනහිර යුරෝපා රාජ්‍ය පද්ධතිය සමග අනන්‍ය වී ඇත. එය ඉන් ගලවා ගෙන ඊට පුලුල් අර්ථනිරූපනයක් දීම ‍මේ යුගයේ තිබෙන වැදගත්ම කටයුත්තක්.

    ස්පෑම් කිරීමක් ලෙස නොසලකනු ඇතැයි සිතමි

    http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2014/03/blog-post_16.html

    ReplyDelete
  12. ඔයා චැට් එක දාපු නංගිගෙ නම අ-යන්නෙන් පටන් ගන්න එකක්ද?

    සමහර අය හිතාගෙන ඉන්නවනෙ සමාජවාදය කියන්නෙ සල්ලි බෙදන එක කියල. (උන් හිතන්නෙ රොබින්හුඩ්ල සමාජවාදියො කියල). සමාජවාදී රාජ්‍යයක් ගැන මෙවුන් කතා කරන්නෙ මාක්ස් රාජ්‍යය අහෝසි වීම ගැන කතා කරද්දි. සෝවියට් යුනියන් එකේ සමාජවාදයක් තිබුනෙ ලෙනින් ඉන්නකන් විතරයිනෙ.

    සමාජවාදය මෙතනින් මේ දැන් පටන්ගන්න පුළුවන් කියන කතාවට මාත් එකඟයි.

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. shame on you Mr Parakum .

      Delete
    2. පුද්ගලයන්ට අපහාස කරන අසභ්‍ය කමෙන්ට් දැමීමෙන් වළකින්න. ඉවත් කිරීමට ප්‍රමාද වීම ගැන සමාවෙන්න.

      Delete
  14. Mr Parakum You are playing havoc in your blog. Once you had said that we should enhance our own English. You do not know what you are talking . Your English is not so advanced as Mr Nonis's . My English is also as the same as you.but Mi Nonis enjoys English background due to his heritage .Do not compare your HADU English with those who are in a pinnacle of kingdom of language. They are gentlemen and scholars. You are a English Teacher in a remote area with rustics. Your fans are bloody fools like you. Do not be so foolish and careless to compare you with such great gentlemen .

    ReplyDelete
    Replies
    1. එළාර දුටුගැමුණු යුද්දෙවත් පටන් අරන්ද බොලේ .මෙච්චර කල් සිංහලෙන් කතා කරපු පැරයි මාතලනුයි කඩු අතට අරන්. කඩ්ඩෙන්ම දෙනව බැටේ. පැරා මාතලන් කඩු ෆයිට් දෙස ඉන්ගිරිස් නොදන්න අපි කට ඇරගෙන හයියයියෝ.

      Delete
    2. //They are gentlemen and scholars.//
      ඔය කියන මනුස්සයා ඔච්චර සිරා පොරක් නම් අහවලාට පීචන් විදියට කඩේ යයිද අයිසෙ.
      // Your fans are bloody fools like you.//
      උඩ බලාගෙන කෙල ගහ ගන්න එපා.අජිත්ගේ බ්ලොග් එක කියවන ව නම් ඔයාත් ඔය ගොඩටනේ අයිති

      Delete
    3. ඔබලා සුද්දගේ ඉංගිරිසිය වන්දනා කරන අය. අපි අපේ ඉංගිරිසියක් ගොඩ නගා ගන්න අරගල කරන අය.

      ඔබ ඔබේ ලොවේ. අප අපේ ලොවේ.

      Delete
    4. This is the English of this so called gentleman who is 'in a pinnacle of kingdom of language.'

      "Your allegations are such unmitigated and unsubstantiated rubbish that you make even gutter journalism appear to be Pulitzer Prize-winning professionalism."

      He lacks coherence. He first says the allegations are unmitigated and unsubstantiated rubbish. Then he says they make even gutter journalism appear to be Pulitzer Prize-winning professionalism.

      The pundit commented here can explain us HADDAS what this posh KALU SUDDA says.

      Delete
    5. //ඔබලා සුද්දගේ ඉංගිරිසිය වන්දනා කරන අය. අපි අපේ ඉංගිරිසියක් ගොඩ නගා ගන්න අරගල කරන අය. //
      ඔබ ඔබලාගේ ඉංග්‍රිසියක් ගොඩනගාගන්න එක හරිනම් මේ රටේ සිංහල දෑහිතකාමී පිරිස ලෝකයේ සිංහල නමින් ජාතියක් ඇත්තේ මේ රටේ පමණක් වන කාරණයත් සැලකිල්ලට ගෙන සිංහලයාට ආවේනික විදිහට හිතලා ජාතියේ අනන්‍යතාවය මත පිහිටා කටයුතු කරන්න යන එකේ වරද කුමක්ද?

      Delete
    6. මචන් ඇනෝ ඔය ඉංගිරිසි පැත්තක තියලා තේරෙන සිංහලෙන් කතා කරමුද මොකද අපටත් එතකොට අපේ අදහස් කියන්න පුලුවන්. උඹලා කඩ්ඩෙන් කොටාගත්තට අපටනම් ටිකක් තේරෙනවා මදි මේ ඉංගිරිසිය.

      Delete
    7. මචන් පැරා ඔය නංගි මාත් එක්කත් චැට් කළා දවසක්. එයා කිවුවා සමාජවාදීන්ගේ පොත්වල ලියවිලා තියෙන දේවල් ඇත්තට කරන්න ගිහිල්ලා අඩු ගානේ කැම්පස් එකේ උපාධියවත් ගන්න බැරි උනා කියලා.

      Delete
    8. පැරා, නොදන්න කමට අහන්නේ. නෝනිස් ගෙ ඉන්ගිරිසියෙ තියෙන වැරැද්ද මොකක්ද කියල සින්හලෙන් පැහැදිලි කරල දෙන්න බැරිද?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා