ජිනීවාහිදී ප්‍රශ්නයට මුහුණ දීම හැර අන් විසඳුමක් තිබේ ද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ජිනීවා සමුළුව අද ඇරඹේ.

එහිදී යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ආණ්ඩුවටත්, කොටි සංවිධානයටත් එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත ය.

ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික ර‍ටකි. ලංකාව එහි ජාත්‍යන්තර සම්මුතීන්ට අත්සන් තබා බොහෝ ඒවා ක්‍රියාත්මක කර තිබේ. එබැවින් ලංකාව ලෝක සම්මතයන්ට හා නීති රීතිවලට අනුගත රටකි. පාලකයන්ට හා කොටි සංවිධානයට එරෙහිව යුද අපරාධ පිළිබඳ චෝදනා තිබේ නම්, සාධාරණ විභාගයක් ඔස්සේ ඒවාට මුහුණ දී තමන්ගේ නිවැරදිබව ඔප්පු කිරීම හැර ‍අන් මගක් නැත. වැරදි සිදු වී තිබේ නම් වගකීම භාර ගන්නට ද සිදු වේ. ඒවා සිදු වූ යුදමය සංදර්භය මත සාධාරණ සමාවක් ඉල්ලා සිටින්නට ද පුළුවන.

මේ රටේ ජනතාව යුද අපරාධ කරන්නට හෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ආණ්ඩුවට ජන වරමක් දුන්නේ නැත. එහෙයින් අදාළ චෝදනාවට පිළිතුරු දිය යුත්තේ ආණ්ඩුව මිස ජනතාව නො වේ. ආණ්ඩුව පසුගිය කාලයේ ගන්නා ලද කිසිදු ක්‍රියාමාර්ගයකට ජනතාවගේ අනුමැතිය ඉල්ලා සිටියේ නැත. නිදසුනක් ලෙස, හම්බන්තොට වරායක් හා ගුවන් තොටුපළක් හදන්නට හෝ පරම්පරා ගණනාවක් උගසට තබමින් ගත් ණය වැය කළේ අඩු තරමේ පාර්ලිමේන්තුවේ හෝ අනුමැතියක් සහිතව ද? 

ජනතාව විසින් ඉල්ලා නො සිටින ලද ක්‍රියා කර ‍චෝදනාවලට ලක් වූ කල පමණක් තමන් බේරා ගත්තේ නැත්නම් රට හුදකලා වෙන්නට හරිනවා ය කියා ජනතාව ප්‍රාණ ඇපයට ගන්නට ද ආණ්ඩුවට අයිතියක් නැත. 

අනෙක් පැත්තෙන්, නීති විරෝධී අන්දමින් ක්‍රියා කළේ ආණ්ඩුව තර්ක කරන පරිදි පොදු යහපත වෙනුවෙන් නම්, එය කියන්නට බය නැතිකමක් හා එඩිතරකමක් ද තිබිය යුතු ය. 

ඉතිහාසය විසින් පවරන කාර්යයක් කරන්නට සිදු වුණා නම් ඒ ‍ගැන ආඩම්බර විය යුතු ය. වීරත්වය වන්නේ ඒ වෙනුවෙන් එන ඕනෑම අභියෝගයකට මුහුණ දීමයි. මං මෙච්චර කළා, ඒ නිසා දැන් ඉතින් මං ගැන බලා ගන්නැයි කියමින් සමාජයෙන් ඇරියස් ඉල්ලන්නට යාම ද තේරුමක් නැත. 

මෙහිදී සමාජයට ද වගකීමක් තිබේ. ආණ්ඩුව මෙවැනි තැනකට තල්ලු වීමට උපකාර කළ යුදවාදීන් සියලු දෙනා ම ද මෙහි වගකීම සාමූහිකව 
භාර ගත යුතු ය.  එසේ භාර ගන්නා ක්‍රමවේදය ගැන නම් මම කිසිවක් නො දනිමි. ඒ ගැන සිතා බැලීම යුදවාදීන්ගේ කාර්යයයි. අපි නම් එදා පටන් ම ආණ්ඩුවේ මෙන් ම කොටින්ගේත් යුද්ධයට ‍එරෙහි වීමු.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත යන කණ්ඩායම නියෝජනය කරන ඇමති ජී.එල්. පීරිස් හා මහින්ද සමරසිංහ එකිනෙකාගේ මුහුණු නො බලන තත්වයක සිටින බව වාර්තා වේ. මහින්ද සමරසිංහ ජිනීවා යන්නේ පීරිස් ජිනීවාවෙන් පිටත් වූ පසුව ය. මෙවැනි කචල් මණ්ඩලයකට මෙම අභි‍යෝගයට මුහුණ දෙන්නට පුළුවන් ද යන්න සැක සහිත ය.

අන්න යවනවා නම් යැවිය යුත්තේ ඇමති විමල් වීරවංශව ය. ඔහු යැව්වා නම්, ලෝක සම්මුතීන් හා ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමේ සම අයිතිය වෙනුවෙන් ඇමරිකාව සමග සටන් කරනවා ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මේ ජිනීවාකාරයොන්ට සහ ද්‍රවිඩ ඩයස්පෝරාවට කරන්න පුළුවන් දෙයක් නෑ.උතුරේ ස්ත්‍රීන් දුෂණය කොට, දෙමළුන් සහ ළමා ළපටින් සමුල ඝාතනය කරනකන් ඔහේ ප්‍රකාශ නිකුත් කරා ඇරෙන්න මොකක්ද කරේ?

    ඉන්දියාවත්,ඇමරිකාවත් උතුරේ සිදුවූ සමුල ඝාතනයට වක්‍රව උදව් කළා. සිදුවූ මහා විනාශයෙන් පසු දැන්වත් දෙමළා තේරුම් ගන්න ඕනි මේ රටවල් තමුන්ව රැවට්ටුවා කියලා. උතුරේ දෙමලාට මේ කිසිවකුගේ පිළිසරණක් නැත.

    ඇත්තටම දැන් කරන්න ඕනි ඒ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙනඑක.

    ReplyDelete
    Replies
    1. බස් පුපුරවන විට ,කිරි දරුවන් පොලේ ගසා මරන විට ගස් වල ගසා මරන විට( ඩොලර් ෆාම්,කෙන්ට් ෆාම් )ආගමික කටයුතු වලට ගිය උපාසකම්මලා මරන විට, හාමුදුරුවරු මරන විට,ගම්මාන වලට පැන දෙමළ නට්සිවාදයේ නාමයෙන් සිංහල මුස්ලිම් ගම්මාන සමූලඝාතනය කරන විට ( මෙම සමූලඝාතන අතිශය ම්ලේච්ඡ විය )ඔය බටහිර රටවල් කළේ ප්‍රකාශ නිකුත් කිරීම පමනි.ඔවුහු මෙහිදීත් එසේම කරනු ඇත.ඔවුහු දෙමළාට මෙන්ම සිංහලයාටද ඔවුන්ගෙන් සරණක් නැත.නමුත් තක්කඩි මාක්ස්වදියා තමන්ට ළැබෙන ආර්ථික ප්‍රතිලාභ වෙනුවෙන් දෙමල ත්‍රස්තවාදය අනුමත කරයි.මාස්ක්වාදීහු කොළඹැ බස් පිපිරවීඅටද කොටින්ට උදවු කර අත් අඩංගුවට පත් විය.නැගෙනහිර සිංහල ගම්මාන සමූලගාතනයට කොටින්ට පාර පෙන්නුවේත් මාක්ස්වාදීන්ය. ගෝනගල ගමේ එක් ගෙදරක විශාල පිරිසක් කපා කොටා මරන ලදී. මේ ගෙදර දානෙ ගෙයක් තිබෙන බව කොටින්ට කීවේ මාක්ස්වාදියෙකි (හිටපු ජේවීපී කාරයෙක් )කිරි දරුවන් ,අත දරුවන් ආබාධිතයන් වයසක මිනිසුන් සිටින නිවෙස් කපා පෙති ගැසුවේ නීච මාක්ස්වාදීන්ගේ වීරයන් වන කොටින්ය.මාක්ස්වාදීහු උතුරට ගොස් කපිල් අම්මාන් යටතේ යුධ පුහුණුවද ලබූහ.අද ජිනීවා යන්නේද පැරනි මාක්ස්වාදී ජඩයෝය.

      Delete
    2. මාක්ස්වාදීන්ට කොන්දක් කියා දෙයක් තිබේනම් මම මගේ බ්ලොග් එකේ ජාතික ප්‍රශ්නය සම්බන්ධ සංවාදයට අවශ්‍ය කුඩා ප්‍රවේශයක් සකස් කළෙමි.එසේ කළේ කොමෙන්ට් හරහා සංවාදය ඉදිරියට ගෙන යාමටය.ඇනෝනිමස් මාක්ස්වාදීන්ට ඉදිරියට එන්නට දිරියක් ඇත් නම් ඔන්න ඉඩ.

      හැබැයි අදාල පෝස්ටුවේ මිස තැන් තැන්වල අරක මේක කුරුටු නොගානු මැනවි

      http://nawadakmakapelahara.wordpress.com/

      Delete
    3. Some of the former LTTE cadres carried out those missions and some of the financed them are now partners with the govt. Please don’t forget the facts.

      Delete
    4. පාඩුවේ ඉන්න දීල විතරක් මදි. උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල සියලුම ජන කොටස් නැවත පදිංචි කරවන්නත් ඕනේ. එහෙම කරලා ඊලාම්වාදය මතවාදීවම පරද්දන්නත් ඕනේ.

      Delete
    5. යකා මහත්මයා, ප්‍රොෆයිල් කීපයක් හදා ගෙන කොමෙන්ට් කොට කොට කාලය නාස්ති කරනවාට වඩා නරකද, කලට වෙලාවට බෙහෙත් ටික ගත්තොත්?

      ප.ලි

      නොවරදවාම ඊලග සයනයටත් සහභාගී වන්න.

      Delete
    6. මම මේ සංවාද දිහා බලාගෙන හිටියා.ඇත්තෙන්ම යකා මහතා හොඳ දැනුමක් ඇතිව සංවාදෙට පිවිස තිබුනත් ඔහු සංවාදය මෙහෙයවපු ආකාරයෙ දුර්වලකමක් මම දුටුවා.ඒ ඔහුගෙ අවංක කම වෙන්නත් පුළුවන්.ඇනෝල ලෙස පෙනී සිටි පුද්ගලයා නම් විකාර දොඩවමින් සිටියා.එසේම මාක්ස්වාදීන් අන්‍ය මත නො ඉවසන බව ත් නින්දාවෙන් ප්‍රතිවාදියා නිහඩ කිරීමට උත්සාහ දරන බවත් පේනවා.මම මෙහෙම කියන්නෙ මේ අයට කෙළින් එන්න පෞර්ෂයක් නැති නිසයි.යකා වැනි අය මෙලෙස ලිපි ලිවීම වැදගත් වෙන්නෙ අපිට එහෙම කරන්න කාලය නැති නිසයි.මගෙ බ්ලොග් එකේ එක ලිපියකට වඩා දමන්න තවම බැරි වෙලා තිබෙනවා.

      එසේම සංවාද වලට එලබෙන මාක්ස්වාදී පාර්ශ්වයේ පුද්ගලයා ඇනෝ එමින් ෆේක් එමින් කපටිකම් නොකර කෙළින්ම ආවනම් නම්බුකාරයි නේද?
      මට නම්

      Delete
    7. හොර වැඩ කර පුරුදු පරන ජේවීපී කාරයන්ටය.උන් අනෙක් අයද තමන්ගෙ මිම්මෙන් මනිති.මට සහායට ආ බ්ලොග් කරුවන්ගේ ප්‍රොෆයිල් වලට ගොස් බැලුවෙමි.ඒවා කිසිවක් ෆේක් ඒවා නොවේ. එසේම ඒවා පටන් ගෙන ඇත්තේ බොහෝ කලකට පෙරය.දුලන්ත බ්ලොග් එක 2010 වසරේ පටන් ගෙන ඇති අතර එය සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ලිපි පළ කරන වැඩි වශයෙන් පාරිසරික ලිපි පළකරන එකකි. ප්‍රතිවාදියා බ්ලොග් එක 2012 පටන් ගත් එකකි. එසේම අහමු දකිමු බ්ලොග් එකද වෙනස්ම එකකි.

      මේ බ්ලොග් වල භාෂා විලාසය ,සැකැස්ම එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. මේ සංවාදයට සහභාගි වීමට 2010 දි බ්ලොග් හදන්නෙ කෙසේද? මෙතන හොර වැඩේ කළේ ඇනෝ සහ මේ මොහොතකට පෙර කොමෙන්ට් එකක් දැමීමටම ෆේක් එකක් හැදූ එක්කාය.

      මෙවැනි නීච වැඩ හුරු මුදල් සදහා එන්ජීඕ වලට ඔත්තු දෙන පාදඩයෙකුට මිස වෙන කෙනෙකුට නොවේ. මගේ සංවාද හුදකලා ඒවා නොවන බව මෙසේ බුද්ධිමත් බ්ලොග්කරුවන් මට සහාය දීමෙන් පෙනේ.මට සහායට කොමෙන්ට් දැමුවේ නැතත් තව විශාල පිරිසක් මගේ අදහස් අනුමත කල බව මම දනිමි.

      Delete
    8. හරි මචන්, දැන් නිදාගනින්

      Delete
    9. බළලා මල්ලෙන් එලියට පැන්නද මන්ද?

      Delete
    10. මින් පසු මෙම අඩවියේ ඇනෝ කොමෙන්ට් කිසිවකට මම උත්තර නොදෙමි

      Delete
    11. හා මචං

      Delete
    12. දිගටම බෙහෙත් බොන්න. ඉක්මනට සනීප වෙයි.

      යකාගේ දොස්තර

      Delete
    13. බළල මල්ලෙන් එළියට ආවෙ හුඟක් ඉස්සර බන්.ඇනෝ විදියට එන්නෙ මේක කරන එන්ජීඕ කාර ඉංග්‍රීසි ගුරාම බව ඕන එකෙක් දන්නව.ඌට උගෙන් අහන ප්‍රශ්න වලට කෙළින් උත්තර දෙන්න කොන්දක් නෑ.

      Delete
    14. මොකක්ද බන් මේ පටලැවිල්ල. මාතෘකාව ජිනීවා මගුලක් නේද?

      Delete
    15. This comment has been removed by the author.

      Delete
    16. යකාම කියනව ඌට පක්ෂ පාට නෑලු, හැබයි උගෙ එකම වැඩේ JVP එකට මඩ ගහන එක.
      ඔහොම නම් බෑ යකෝ උබේ බ්ලොග් එක බලන්න මිනිස්සු එකතු කර ගන්න. උබ යම් දැනුමක් තියෙන එකෙක් කියල හිතුනට, උබ නලින්ද සිල්ව, ගුණදාස අමරසේකරලගෙ ගෝලයෙක්ද කොහෙද?..... උබගෙ දැනුම උබටම හොදයි අපිට නම් මෙලෝ රහක් නෑ. මිනිසුසුන්ව බලෙන් අල්ලගන්න බෑ බන්, උබ බල කරනවනෙ මිනිස්සුන්ට.

      Delete
    17. හපෝයි..., සමන්ත උන්නැහේ මොකද්ද මේ කොලේ, දැන් අර යකාගේ හවස් වරුවම ඉවරයි නොවැ.
      බෙහෙත් බොන එකකුත් නැද්ද මන්ද

      යකාගේ දොස්තර

      Delete
  2. ලන්කාවෙ නීතිය ඉදිරියේ,රෙද්ද උස්සගෙන කෑගහන,මෝල්ලුන්ට මේව හොඳ පාඩම්.ලන්කාවට සම්භාදක පනවන එක විය යුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් ජනතාවගෙ වෛරය මාක්ස්වාදීන් වෙත එල්ල වේවි.පැරණි මාක්ස්වාදීන්ට රටට සතුරුව ඉන්නෙ.මාක්ස්වාදිය කියන වචනෙ ඇහෙන කොටත් දත් මිටිකන මට්ටමකට මිනිස්සු පත් වේවි.

      Delete
    2. මචන් යකා ,නොදන්න කමට අහන්නෙ ,මාක්ස්වාදය කියන්නෙ මොකකටද?

      Delete
    3. ඇයි මම කියල දුන්නෙ. තේරුනේ නැද්ද? හා මම කෙටියෙන් කියන්නම් .උබල වගෙ මෝඩයො සෙක්කුවෙ බදින්න දාපු නාස්ලනුවට කියන තනි වචනෙ තමයි මාක්ස්වාදය

      Delete
    4. මොකක්ද නාස්ලනුව කියන්නේ,මොකක්ද සෙක්කුව කියන්නේ මොකක්ද තනිවචනෙ කියන්නෙ

      Delete
    5. සම්බාධක වැටෙන එකේ එක හොඳ පැත්තක් තියෙනවා ඒ වෙන මොකක්වත් නෙවෙයි අපේ රටේ කම්මැලි අතක් පයක් හොල්ලන්න අකමැති එවුන්ට එතකොට ටිකක් මහන්සි වෙන්න වෙනවා. අනෙක දේසපාලුවන්ට හොරාකන්න තියෙන ප්‍රමානයත් අඩු වෙනවා. එතකොට රටට ගැලපෙන අදහස් ඇති එවුන් ඉස්සරහට ඇවිල්ල රට හදයි. ඒ තැනට තල්ලු වෙලා ගියොත් ඒක නරකක් නෙවෙයි.

      Delete
    6. සම්බාධක වලට කවුද බය? ඇයි උන් අපට සම්බාධක දානව ඇරෙන්න වෙන මොනවකරන්නද? අපිව මරන්නද?

      Delete
    7. යකා මචන් මාක්ස්වාදීන් ජිනීවා ප්‍රශ්නේදී ඉන්නේ ඊලාම්වාදයට පක්ෂවයි. අර වික්‍රමබාහු වාසු වගේ එවුන් දැන්ම රටේ ජාතිකත්ව විරෝධී වැඩපිළිවෙලවල් වලට සූදානම් වෙනවා.

      Delete
    8. යකා මහත්මයා, ප්‍රොෆයිල් කීපයක් හදා ගෙන කොමෙන්ට් කොට කොට කාලය නාස්ති කරනවාට වඩා නරකද, කලට වෙලාවට බෙහෙත් ටික ගත්තොත්?

      ප.ලි

      නොවරදවාම ඊලග සයනයටත් සහභාගී වන්න.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. හොර වැඩ කර පුරුදු පරන ජේවීපී කාරයන්ටය.උන් අනෙක් අයද තමන්ගෙ මිම්මෙන් මනිති.මට සහායට ආ බ්ලොග් කරුවන්ගේ ප්‍රොෆයිල් වලට ගොස් බැලුවෙමි.ඒවා කිසිවක් ෆේක් ඒවා නොවේ. එසේම ඒවා පටන් ගෙන ඇත්තේ බොහෝ කලකට පෙරය.දුලන්ත බ්ලොග් එක 2010 වසරේ පටන් ගෙන ඇති අතර එය සිංහල ඉංග්‍රීසි දෙබසින්ම ලිපි පළ කරන වැඩි වශයෙන් පාරිසරික ලිපි පළකරන එකකි. ප්‍රතිවාදියා බ්ලොග් එක 2012 පටන් ගත් එකකි. එසේම අහමු දකිමු බ්ලොග් එකද වෙනස්ම එකකි.

      මේ බ්ලොග් වල භාෂා විලාසය ,සැකැස්ම එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. මේ සංවාදයට සහභාගි වීමට 2010 දි බ්ලොග් හදන්නෙ කෙසේද? මෙතන හොර වැඩේ කළේ ඇනෝ සහ මේ මොහොතකට පෙර කොමෙන්ට් එකක් දැමීමටම ෆේක් එකක් හැදූ එක්කාය.

      මෙවැනි නීච වැඩ හුරු මුදල් සදහා එන්ජීඕ වලට ඔත්තු දෙන පාදඩයෙකුට මිස වෙන කෙනෙකුට නොවේ. මගේ සංවාද හුදකලා ඒවා නොවන බව මෙසේ බුද්ධිමත් බ්ලොග්කරුවන් මට සහාය දීමෙන් පෙනේ.මට සහායට කොමෙන්ට් දැමුවේ නැතත් තව විශාල පිරිසක් මගේ අදහස් අනුමත කල බව මම දනිමි.

      Delete
    11. හරි මචන්, දැන් නිදාගනින්

      Delete
    12. කුණුහරපයක්, නින්දාවක් එහෙම නෙමෙයි, මට පොඩි සැකයක් තියෙනව යකාට මොකද මේ තරම් මාක්ස්වාදියො එක්ක තරහක් තියෙන්නෙ කියල? මාක්ස්වාදියෙක් පුකේවත් ඇරියද?

      Delete
  3. ආන්ඩුවේත් කොටින්ගේත් යුද්ධයට එරෙහිවුනා කියන එක වංචාවක්.ඒකෙ අවසාන වාසිය කොටින්ටයි.රටේ හැම කෙනෙක්ම එහෙම හිතුව නම් අදත් බෝම්බ පුපුරනවා.ඔබ කියන පරිදිම රටේ හැම කෙනෙක්ම මෙහි වගකීම භාරගනීවි.එවිට දැනට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයවත් ඉතිරිවෙන එකක් නෑ.

    මාක්ස්වාදීන් හත්පොලේ ගා ගන්නා ජාතික ප්‍රශ්නය ගැන ලිපියක් මා දන් පළ කරනවා

    ReplyDelete
    Replies
    1. යකා, උඹේ ලැජ්ජා නහරේ උපදිනකොටම තිබ්බේ නැද්ද? නැත්තනම් ලගදි අහක්කරාද ?

      Delete
    2. මචන් යකා, උඹ වෘත්තියමය මට්ටමෙන් කොමෙන්ට් කොටන්නෙක්ද? කොහොමද වැඩේට සෙට් උනේ ? උඹ කොහෙටද මුලින්ම ඇප්ලයි කලේ?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඇයි මොකක්ද ඇත්ත කියන්න ලැජ්ජවෙන්නෙ?

      මචන් යකා, උඹ වෘත්තියමය මට්ටමෙන් කොමෙන්ට් කොටන්නෙක්ද? //
      ඇයි එහෙම ඇහුවෙ ?

      Delete
    5. යකෝ

      මෙන්න මේකට උත්තරයක් දෙනවද
      දෙමල මිනිස්සු උඹටම ගියදෙන් සිංහල මිනිස්සුන්ටවත් මානව හිමිකම් තියනවද ?
      ලංකාවෙ නීතිය හැමෝටම හමානව ක්‍රියාවේ යෙදනවද?

      Delete
    6. මචන් යකා මොකක්ද මචන් ජාතික ප්‍රශ්නේ කියන්නේ.අලුත් ටෙලි නාට්යක්ද

      Delete
    7. යකා අර උඹ කියලතියෙන්නේ හත් පොලේ ගාගන්නවා කියලා හත්පොල කියෙන්නේ කොහේ ද කියල පොඩ්ඩක් කියපන්කෝ.තරහා ගන්න එපා.නොදන්නාකමටයි ඇහුවේ

      Delete
    8. යකෝ මාක්ස්වාදය කවුදබන් ගනන් ගන්නේ. ඔය මගුල ගැන කියවනවට වඩා හොඳයි වෙන වැඩක් බලාගත්තනම්

      Delete
    9. AnonymousMarch 4, 2014 at 12:15 PM @

      මේවා අනුමත කරනවානොවේ.ඔවැනි දේ සිදු නොවෙන්නේ මොන රටේද?

      Delete
  4. මාක්ස්වාදය හ ලිබරල්වාදයට පමනක් නොව තවත් සමාජ අගතීන්ට එරෙහිව ලිවීමට බ්ලොග් එකක් ආරම්භ කළෙමි.ඕනෑම මතවාදියෙකුට අභියෝග කෙරේ.අපහාස තර්ජන එපා.මේ සඳහා පමනක් නොව සියළුම සංවාද හා විවාදාත්මක කරුණු නව දැක්මක පෙළහර බ්ලොග් එකේ පළකෙරේ.

    http://nawadakmakapelahara.wordpress.com/

    ReplyDelete
    Replies
    1. මචන් ඕක කැලනියේ පෙරහැර වගේ එකක්ද.දාතු වඩම්මන්න කිට්ටුවෙනකොට කියහන්කෝ

      Delete
    2. "සමාජ අගතීන්ට එරෙහිව ලිවීමට බ්ලොග් එකක් ආරම්භ කළෙමි"

      බ්ලොග් එකේ මුලම ලිපිය

      "ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්." ඊමේල් කට් ඇන්ඩ් පේස්ට් ...


      Delete
    3. මේ රටේ තියෙන ගිරා පෝතක අධ්‍යාපනයේ අතුරු ප්‍රතිපල තමයි මේ "යකා" වගේ උදවිය.තව මේ වගේම සෙට් එකක් ඉන්නව මානවක මහසෝන් පිල්ලිය සයිලන්ට් සහන් අරක මේක නම් දාගෙන. විභාග මුලික අධ්‍යාපනය නිසා ඔලුව කුරුවල් වෙච්ච මේ සෙට් එක කොම්පියුටරේ ඉස්සරහින් නැගිට්ට ගමන් නිකම්ම නිකම් හාල් කෑලි විතරයි. අනුන්ට තියා තමුන්ටත් නොතේරෙන යාන් හෑලි ටිකක් පැය විසිහතරෙම තැන් තැන් වල කොටමින් තමුන්ට සැබෑ ජීවිතේ කවදාවත් නොලැබෙන පොරක් වීමේ ෆැන්ටසිය සයිබර් ලෝකෙදි හරි ඉටු කර ගන්න බලන මේ වගේ මානසික රෝගීන් නිසා වන එකම හොඳ බ්ලොග් ලියන උන්ට හිට්ස් ටිකක් වැඩි වන එක විතරයි!

      Delete
    4. අපි ලැබුවෙ ගිරා පෝතක අධ්‍යාපනය කියන්නෙ උඹ ලැබුවෙ කදවුරු අධ්‍යාපනයක්ද? ඒකෙ පන්ති පහෙන් ලෝකෙම ඉගෙන ගත්තද?උවිජේවීර රුසියාවෙදි ඉගෙනගත්ත සයිකොලොජි දාල උබේ ඔලුව කුරුවල් කෙරුවට වෙන කාගෙවත් එහෙම වෙලා නෑ.උබ ඒ කියපුව ඇත්ත කියල මොන ජල්ලියක් ඇල්ලුවද කියල උබම හිතපන්.

      පැරා කියන්නෙ යහපත් සුන්දර මනුස්සයෙක්.එයාගෙ බ්ලොග් එකට හිට්ස් වැඩිවුනා නම් ඒකත් මට සතුටක්.ඇත්තටම මායි පැරයි එකම දෙයක් කරන්නෙ.

      Delete
    5. AnonymousMarch 4, 2014 at 1:56 PM @

      ඒක වුනේ මේකයි බන්.මගෙ පරන බ්ලොග් එකක් මම මේ වැඩේට පාවිච්චි කළා.කට් පේස්ට් ලිපිය දැම්මෙ ටෙස්ට් කරන්න.

      Delete
    6. මොකද එතනට එන්නෙ නැත්තෙ.පුළුවන්නම් කොමෙන්ට් කරපල්ල
      http://nawadakmakapelahara.wordpress.com

      Delete
    7. ඔය මං කිව්වෙ බොරුද ? විවේචනයකට මූණ දෙන්න තරම් වත් ආත්ම ශක්තියක් මේ සයිබර් හාල්කෑලි වලට නැහැ.යකා පඬිතුමනි මම නිතරම සයිබරය තුල ඔබ කොටනා පල් හෑලි වලට උත්තර ලියමින් ඔබව මඩෝන "සමාජවාදියෙක් " නොවෙමි.කොටින්ම මම දන්නා සමාජවාදයක් වත් ඒ පිලිබද කැමත්තක් වත් නැහැ. මම මේ සයිබරයේ යන එන තැන වල ඔබ හලනා පල් හෑලි ගැන මට හිතුනු අදහසයි මම කීවෙ. ඔබ ලස්සනට ඇඳ ගන්නවා නොවැ! පැරාත් ඔබත් දැන් එක මට්ටමේ හා...! අපොයි ඔබ කෙතරම් විහිලු කාරයෙක්ද? සමාවෙලා චුට්ටක් හිතන්න ඔය කොම්පියුටරේ ඕෆ් කල පසු සමාජයේ පැරා සිටින තැනත් ඔබ සිටින තැනත්!අවුලක් නැහැ ඔබෙ සිහිනය ඔබ දකින්න!

      Delete
    8. @යකාMarch 4, 2014 at 3:40 PM

      පිස්සන් කොටු මාකට් කිරීමේ කිසිම උවමනාවක් අපට නැත.

      Delete
    9. SEEMS LIKE YAKA BECAME A JOKA!!!

      Delete
    10. අනේ කවුරුහරි ගිහිල්ල යකා එක්ක සන්වාදයක් කරහල්ලකො.පව්නේ.නැත්නම් ඕකා වහ බිව්වොත් තව මල ඉලව්වක්.බ්ලොග් නිසා කෙනෙකමියයයි කියලා බ්ලොග් තවනම් කරන්නත් ඉඩ තියෙනවා.

      Delete
    11. පැරාත් ඔබත් දැන් එක මට්ටමේ හා...! අපොයි ඔබ කෙතරම් විහිලු කාරයෙක්ද? සමාවෙලා චුට්ටක් හිතන්න ඔය කොම්පියුටරේ ඕෆ් කල පසු සමාජයේ පැරා සිටින තැනත් ඔබ සිටින තැනත්!අවුලක් නැහැ ඔබෙ සිහිනය ඔබ දකින්න!//

      පැරායි මායි සමානයැයි මා කිසි තැනක කියා නැහැ.ඔබ වලිගෙ පාගගෙන ඒක හප හප ඉන්නව වගේ.අනේ අනිච්චන්. මම කිව්වෙ පැරායි මමයි එකම කර්තව්‍ය කරනවා ඒනිසා දෙන්නම කරන්නෙ එකම වැඩේ . ඒ නිසා ඒ කාර්යය සමානයි කියලා.

      මම ඔබට තව කතාවක් කියන්නම් .ඒක පැරාම දාපු පෝස්ට් එකක්.මම පොඩි මිනිහෙක්මි.එහෙත් මට කිසිවෙක් ලොකු නැත. පැරා නොවෙයි ඊට වැඩි කෙනෙක් ( එහෙම කෙනෙක් ඉන්නවානම් ඔබට අනුව ) ඒත් මම කියන්න ඕන දේ කියන කෙනෙක්. නමුත් පැරා මේ සංවාදයට කිසි ලෙසකින්වත් සම්බන්ධ වුනේ නෑ.

      අනික මට මා ගැන කිසි හීනමානයක් නැති බවත් කියන්න ඕන

      Delete
    12. AnonymousMarch 4, 2014 at 4:02 PM @

      මම නම් පිස්සන් කොටු වලට යමි.එයින්ද යමක් ඉගෙන ගත හැක.පිස්සන් කොටුවලට ගොස් පිස්සන් සමඟ රන්ඩුද කර ගනිමි.පිස්සෝ උන්ට කියන දේ නොතේරෙන නිසාත් උන් මතවාදීන් නොව වැදනමස්කාර කරන්නන් නිසාත් සංවාද ගොඩ නැගීම අසීරු වුනත් එකම රාමුවක සිතීම නිසා පිස්සු හැදී සිටින පිස්සප්පුලාට වෙනත් මත යනු ඉසකුඩිච්චියක්ම වේවායි පතමින් කතා බහට එක් වෙමි.

      Delete
    13. සමාජයේ පැරා සිටින තැනත් ඔබ සිටින තැනත්// අම්මෝ පැරා මහ ලොකු මිනිහෙක් නේ. අම්මෝ බයේ බෑ. හුඟක් ලොකු තැනකද ඉන්නෙ බලාගෙන පහලට වැටෙයි

      Delete
    14. අනේ ඉංග්‍රීසි ගුරෝ උඹත් ලොක්කෙක්ද බන්.උඹ මොන ඇට රිලවෙක්ද බන් . උඹත් රජෙකි උබෙ පුංචි ලොවේ

      Delete
  5. පැරා කලින් දවසක වෙනුෂා ඉමන්දී දැරිය මියයාම ගැන ලියු ලිපියක ප්‍රශ්න කරනවා පාසල් වල කළුවර කාමර තියෙන්නේ කොහොමද කියලා.
    පැරා ඒක සටහන් කරන්නේ පහත පරිදි.

    'නිදසුනක් ලෙස විදුහල්පතිවරයා ඇයට කළුවර කාමරයක දමා පහර දුන් බව ද මාධ්‍ය වාර්තාවල කියවේ. පාසල්වල කළුවර කාම‍ර කොයින් ද? '

    එතකොට අද ලක්බිම පුවත්පතේ තියෙනවා මේ ප්‍රවෘත්තිය.

    වෙනූශාගේ පාසැලේ ඇඳ ඇතිරිලි දැමූ අබිරහස් කාමරයක්
    සිසුන් පැය ගනන් සිරකර තියනවාලු

    ෆේස් බුක් සිද්ධියක් මුල්කරගෙන සිසුවියක් සියදිවි හානි කරගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවලවිදුහ‍ලේ විදුහල්පති කාර්යාලයේ ඇති අභිරහස් කාමරයක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භකර තිබේ.
    එම කාමරය සම්බන්ධයෙන් තොරතුරු පාස‍ලේ සිසුන්ගෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබි ඇත. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් එම කාමරය සඳුදා (03) පරීක්ෂාවට ලක්කර තිබේ.
    ඇතිරිලි දැමූ ඇඳකින් සමන්විත එම කාමරයේ ජනේල් පවා නැති බවත් එය අදුරු කාමරයයක් බවත් එහිදී ජාතික ළමා ආරක්ෂක අධීකාරියේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
    කළුවර කාමරයට දමන බව සඳහන් කරමින් විදුහල්පතිවරයා විසින් පාස‍ලේ ළමුන්ව එම කාමරයට දමා පැය ගණනක් රඳවා තැබෙන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට ළමුන් පවසා තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළෙය.
    එම කාමරය ළමුන්ට දඩුවම් දෙන්නට තැනූවක් නම් කොට්ට මෙට්ට දැමූ ඇදක් එහි ඇත්තේ කුමකට දැයි ගැටළුවක් බවට මේ වන විට පත්ව තිබේ.
    විදුහල්පති නිල කාර්යාලයේ ඇති ඒ කාමරය රහස් කාමරයක් ලෙස භාවිතා කරන්නක් බව දැනට කෙරී ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වයඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් තොරතුරු විමසා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

    Lakbima

    ReplyDelete
    Replies
    1. මේක ඒකවත් දන්නෙ නෑ.මූ ඉස්කෝලෙට ඇවිත් උගන්වනවට වඩාකරන්නෙ බ්ලොග් ලියන එකනෙ.
      -ප්‍රින්සිපල්

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා