පෙරටුගාමී සමාවාදී පක්ෂයේ ඓතිහාසික වයර් මාරුවීම

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. එයට හේතුව සෙවීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ ලංකා වීව්ස් වෙබ් අඩවියේ සිය ප්‍රතිවාදී ජවිපෙ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වීම විවේචනය කරමින් ඇයි මේ ජවිපෙ 19 වෙනුවෙන් මරාගෙන මැරෙන සටනක? මැයෙන් ලියන ලද ලිපියෙහි මෙසේ දක්වා තිබිණි. ධනවාදය පවතින්නේ විධායකය, පාර්ලිමේන්තුව මේ ඔක්කොම හවුල් වෙලා. දැන් ඒකට කොමිෂන් ටිකකුත් එනවා. මේ හැම එකක්ම කරන්නේ, සිස්ටම් එක පවත්වාගෙන යන එක. සිස්ටම් එකට ඕන තීන්දු තමයි මේවා ගන්නේ සිස්ටම් එක මේවා ගොඩනගන්නේ ඒකට. මාක්ස් කිසියම් යුගයක රජයන අදහස් වනාහි පාලක පන්තියේ අදහස් කියලා කිව්වේ මේකට. අපට නව ලිබරල් ආර්ථිකයෙන් නිදහස් වෙන්නේ නැතුව අරගෙන එන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ ආර්ථික උවමනා එපාකම් වෙනුවෙන් මේ ආයතන වැඩකරනවා. පාලකයන්ගේ කැමැත්ත තමයි ඒක. දහනමය කියන්නේ සමාජවාදී ප්‍රතිසංස්කරණයක් නෙමෙයි. එය සිදු වන්නේ ධනේශ්වර ප්‍රතිසංස්කරණයක් ලෙසයි. එහෙත් එය ලංකාවේ පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධී විධායක ජනාධිපති ක්‍රමය පරාජය කර ප්...