සුමතිපාල මානවඩු සහෝදරයාට අවසන් ගෞරව දක්වන්නට ගිය අජිත් කුමාර මන්ත්‍රීවරයාට පහර දීම
ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක, දුම්රිය වෘත්තීය සමිති නායක, දේශපාලන ක්‍රියාකාරික සුමතිපාල මානවඩු සහෝදරයා අපෙන් සමු ගත්තේ ය. ඔහු වෙනුවෙන් අපට කළ හැකි ආචාරය ලෙස මෙම සටහන සැලකිය හැකි ය. මන්ද, ඔහුගේ ජීවිතය ආශ්‍රය කරගෙන සමාජවාදී සංවාදය පෝෂණය කිරීම වඩා වැදගත් යයි අපි සිතමු. ඔහුට අවසන් ගෞරව දක්වන්නට පැමිණි පෙරටුගාමී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරට ජවිපෙ සාමාජිකයෝ පහර දුන් හ. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගේ ක්‍රියාකලාපය පෙන්නුම් කරන්නේ ඔහු එම ප්‍රහාරය අනුමත කරන බවයි. දැන් ඔහු කියන්නේ පොලිසියේ පැමිණිල්ලක් නැති බැවින් එවැනි සිද්ධියක් සිදු වී නොමැති බවයි. ජවිපෙ 1971දී රට පුරා පොලිස් ස්ථාන රැසකට පහර දෙමින් කැරැල්ලක් ආරම්භ කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් මිය ගිය හ. 1989දී ද එවැනි ම දෙයක් සිදු විය. ජවිපෙ විසින් මතු කරන නීති තර්ක මෙතැනදී අදාළ වන්නේ කෙසේ ද? ජවිපෙ ඇතුළු ගතානුගතික වාම දේශපාලනය හා වෙනත් ක්‍රම විරෝධී අරගල තුළ සාමාන්‍ය මිනිස් ගුණධර්ම දක්නට නො ලැබීම ඇත්තෙන් ම බරපතල අර්බුදයකි. තමන් සමග කලක් එකට සිට මතවාදී හෝ ප්‍රායෝගික...